Posts

Showing posts from October, 2011

ඊනියා ඒකිකෘත ප්‍රවාදය

Image
බටහිර භෞතික විද්‍යාවට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහ නව වැනි සියවස අගභාගයේ දී නම් 1990 පමණ වන තෙක්‌ එය ජයකෙහෙළි නැංවී යෑයි කීම පරස්‌පර යෑයි සිතන පඬියෝ මෙරට සිටිති. කණකොකා හැඬීම ආරම්භ වීමත් සමඟ බටහිර භෞතික විද්‍යාව කඩා වැටීම ආරම්භ විණි යෑයි සිතන්නන්ට නම් ඉහත සඳහන් ප්‍රකාශ දෙකෙහි පරස්‌පරයක්‌ දැකිය හැකි ය. කණකොකා හැඬීම ආරම්භ වූයේ ම ප්ලෑන්ක්‌ නම් විද්‍යාඥයා ආලෝකයට අංශුවල ගුණ ඇති බවත් ආලෝකය තරංග වශයෙන් පමණක්‌ නො ව ක්‌වොන්ටා (Quanta) හෙවත් පොදි (පැකැට්‌ටු) වශයෙන් ද ගමන් කරන බවත් ප්‍රකාශ කිරීම සමඟ ය. වත්මන් ක්‌වොන්ටම් භෞතිකයේ ආරම්භය එසේ සිදු විණි. ක්‌වොන්ටම් භෞතිකය ගැන නො දන්නවුන් නො දැන සිටිය ද ක්‌වොන්ටම් භෞතිකය බටහිර භෞතික විද්‍යාවෙහි සංස්‌කෘතියට හා චින්තනයට එරෙහි ව යයි. එය බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට පටහැනි වෙයි. එහි න්‍යාය ඇරිස්‌ටෝටලීය නො වන බව දන්නේ පිටරට සිටින බටහිර භෞතික විද්‍යාඥයන් හා දාර්ශනිකයන් කිහිප දෙනකු පමණ ය. ජනප්‍රිය පොත් කියවා (ඇතැමුන් කියවා ඇත්තේ සෝවියට්‌ රුසියාව පැවැති කාලයේ රුසියන් බසින් නිකුත් කර පසුව ඉංගිරිසියට පෙරළු ජනප්‍රිය පොත් කිහිපයක්‌ පමණකි) බටහිර විද්

ප්‍රේක්‍ෂකයා මායාව හා යථාර්ථය අතර අතරමං කරන දෘශ්‍ය මාධ්‍ය ප්‍රවෘත්

Image
රූපවාහිනි වැඩසටහනක්‌ විකාශය කිරීමට පෙර සංවේදී පිරිස්‌ හා ළමයින් තිරය ඉදිරිපසින් ඉවත් කරන ලෙස පැවසීමේ මාධ්‍ය සම්ප්‍රදාය අප විසින් අත්විඳිනු ලැබුවේ, යකුන් ගස්‌ බඩගාන ජාමයේ විකාශනය වූ චැනල් 4 නාළිකා වැඩසටහන් තුළිනි. කෙසේ වෙතත් කූප්‍රකට චැනල් 4 වැඩසටහන් පිළිබඳව බ්‍රිතාන්‍ය ප්‍රේක්‍ෂකයන් ඉන් අනතුරුව දැක්‌වූ ප්‍රතිචාරයන් මෙරට බොහෝ පිරිස්‌ නො දන්නා තවත් එක්‌ කතාන්දරයකි. ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයන්, ජනමාධ්‍ය හරහා සෘජුව ම ප්‍රකාශ කර සිටියේ, ප්‍රේක්‍ෂකයා අපහසුතාවට පත් කරන එවන් වැඩසටහන් විකාශය බ්‍රිතාන්‍ය බහුජන මාධ්‍ය සම්ප්‍රදායට ඉඳුරා ම පටහැනි බවකි. ඔවුන් තවදුරටත් පවසා සිටියේ "බඩ දඟලවන" එකී වැඩසටහන් මගින් මූලික ප්‍රේක්‍ෂක අයිතිවාසිකම් ද උල්ලංඝනය වූ බවකි. එකී ප්‍රතිචාරයන් මඟින් සංකේතවත් වන්නේ නිරන්තරයෙන් ආඥාදායකත්වයක්‌ පතුරුවා හරින රූපවාහිනි මාධ්‍ය ක්‍රියාකාරීත්වයන් කෙරෙහි කිසියම් බලපෑමක්‌ ඇති කරලීමටත් එයට එරෙහි ව යැමටත් හැකියාවක්‌ සහිත සංවේදී බ්‍රිතාන්‍ය රූපවාහිනි ප්‍රේක්‍ෂකාගාරයක පැවැත්ම ය. ඔරිජිනල් සුද්දන්, තමන් ගේ ම චැනල් 4 වැඩසටහන් කෙරෙහි දැක්‌වූ එකී දෘඪ ප්‍රතිචාරයන්, රූපවාහිනිය ජ

විවිධ ලෝක

Image
න්‍යqට්‍රීනෝව පිළිබඳ එසේත් නැත්නම් න්‍යqටීනෝවෙහි වේගය පිළිබඳව සෑහීමකට පත් විය හැකි කතාවක්‌ ගොඩනඟා ගැනීමට බටහිර විද්‍යාඥයන් අසමත් වී ඇත. න්‍යqට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව බටහිර විද්‍යාඥයන්ට දැනගන්නට ලැබී දැනට වසර කිහිපයකි. ඔවුන් එකල ඒ ගැන එතරම් උනන්දුවක්‌ නො දැක්‌වුව ද, පසුගිය දා සිදු කළ සර්න් පරීක්‍ෂණවලින් පසුව බටහිර විද්‍යාඥයන්ට න්‍යqට්‍රීනෝවේ වේගය පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ දැක්‌වීමට සිදු වී ඇත. න්‍යqට්‍රීනෝවේ ස්‌කන්ධය පිළිබඳව තවමත් හරිහමන් කතාවක්‌ ගොතා ගැනීමට නොහැකි වී සිටින බටහිර විද්‍යාඥයන්ට දැන් තවත් ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කතාවක්‌ ගෙතීමට සිදු වී ඇත. කලින් සඳහන් කර ඇති පරිදි දැනට බටහිර භෞතික විද්‍යාඥයන්ට න්‍යqට්‍රීනෝ වර්ග තුනක්‌ දැනගැනීමට හැකි වී ඇත. ඒ වර්ග බටහිර විද්‍යාඥයන් විසින් රස (flovours) ලෙස හඳුන්වනු ලැබෙයි. මේ න්‍යqට්‍රීනෝ වර්ගීකරණය වෙනත් අංශු මත පදනම් වෙයි. උදාහරණයක්‌ ලෙස ගත හොත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි පරීක්‍ෂණවලට භාජන වී ඇත්තේ මුවෝන් (muon) නම් වර්ගයට අයත් න්‍යqට්‍රීනෝ අංශු ය. මුවෝන් ද අංශු වර්ගයක්‌ වන අතර එහි වේගය ආලෝකයේ වේගයට අඩු වෙයි. බටහ

බාහිර ලෝකය හා අමනුෂ්‍යයෝ

Image
කාලය පිළිබඳව අප කී කරුණු ගැන බටහිරයන් තව ම හිතා වත් නැත. ඔවුන් ගෙන් කිහිප දෙනකු කාලය යනු මායාවක්‌ දැයි ප්‍රශ්න කරන බව සැබෑ ය. එහෙත් එය බටහිර ලෝකයේ සම්මතය නො වේ. පොදුවේ ගත් කල බටහිර ලෝකයට කාලය යනු භෞතික පදනමක්‌ ඇති සංකල්පයකි. බටහිර භෞතික විද්‍යාඥයන් ඊනියා කාල හීයක්‌ ගැන කියන්නේ ඔවුන්ට අවකාශයෙහි මෙන් නො ව කාලයෙහි එක්‌ පැත්තකට පමණක්‌ ගමන් කරන්නට හැකි වී ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නය ඇති බැවිනි. ඔවුන් බොහෝ දෙනකුට කාලය යන්න ප්‍රත්‍යක්‍ෂයක්‌ බව පැහැදිලි ය. එහෙත් සිංහල බෞද්ධයනට, හදවතින් මෙන් ම බුද්ධියෙන් ද සිංහල බෞද්ධයනට, කාලය යනු පඤ්ඤත්තියක්‌ පමණකි. ප්‍රත්‍යක්‍ෂය යන්නෙන් බටහිරයන් හා සිංහල බෞද්ධයන් එක ම දෙයක්‌ අදහස්‌ නො කරන බව පැහැදිලි කර ගත යුතු ය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කර වදාළ ප්‍රථම ධර්මදේශනය චුල්ලහත්ථිපදෝපම සූත්‍රය පදනම් කර ගත්තක්‌ විය. ඉන් මිහිදු හිමියන් සිංහලයන්ට දේශනා කෙළේ ප්‍රත්‍යක්‍ෂයෙන් තොර ව යමක්‌ නො පිළිගන්නා ලෙස ය. හස්‌තියා දැක මිස මග සලකුණුවලින් හස්‌තියකු ඇති බව නිගමනය කිරීම නිවැරැදි නො වන බව උන්වහන්සේ අපට කියා දුන් හ. මෙහි දී ප්‍රශ්න රාශියක්‌ පැන නඟීS. පළමුව ඇසිය හැක්‌කේ, දැ

රතු පාට මල

Image
පසුගිය සතියේ සඳහන් වූ වෙබ් පිටු කියවීමට නම් ප්‍රථමයෙන් ම arXiv.org වෙබ් අඩවියට ගොස්‌ 1008.4213 හා 1006.4712 පිටු ලබාගත යුතු ය. මෙරට සිටින බටහිර විද්‍යාඥයෝ ඒ ලිපි ගැන කිසි ම සැලකිල්ලක්‌ නො දක්‌වති. ඔවුනට අනුව ඒ වැරැදි ය. එහෙත් ඒ බවක්‌ ඔවුහු ප්‍රසිද්ධියේ නො කියති. එයට හේතුව ඔවුන් ඒ කියවා නො තිබීම ය. ඒ නො කියවා ඔවුහු ඒ වැරැදි බව තීරණය කරති. පිටරට සිටින බටහිර විද්‍යාඥයෝ ද සාමාන්‍යයෙන් එවැනි ලිපි නො කියවති. ඔවුන් ගේ උපකල්පනය අනුව අප වැනි රටවලින් නව අදහස්‌, විශේෂයෙන් ම බටහිර විද්‍යාවේ සම්මත මත අභියෝගයට ලක්‌ කරන අදහස්‌ ඉදිරිපත් වේ නම් ඒ වැරැදි ය. ඉඳහිට බටහිර එක්‌ අයෙක්‌ දෙදෙනක්‌ පමණක්‌ එවැනි ලිපිවලට ප්‍රතිචාර දක්‌වති. එහෙත් ඔවුහු ද බටහිර විද්‍යාවේ දැවැන්තයෝ නො වෙති. බටහිර විද්‍යාවේ සිදු වන්නේ යමක්‌ ඇත්ත දැයි දැනගැනීම නො ව යමක්‌ වැරැදි බව දැනගැනීම යෑයි පසුගිය සතියේ ලිපියේ සඳහන් කෙරිණි. මේ ප්‍රකාශය ඇතැමුන් වැරැදියට තේරුම් ගැනීමට ඉඩ ඇත. එයට හේතුව බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ කාල් පොපර් විද්වතා ද එවැන්නක්‌ කියා තිබීම ය. එහෙත් ඒ එකක්‌ නො ව දෙකකි. මෙය තවදුරටත් පැහැදිලි කළ යුතු ය. පොපර් මහතා කි

වස්‌තු මනසෙහි පැවතීම

Image
මන්දාකිණියක්‌ පමණක්‌ නො ව පුටුවක්‌, මේසයක්‌, ගසක්‌ වැනි වෙනත් ඕනෑ ම වස්‌තුවක්‌ වුව ද මනසෙන් ඈත පිහිටියේ නො වේ. ඒ වස්‌තුවලට ද මනසේ සිට ඇති දුර ශුන්‍ය වෙයි. නැවතත් අවධාරණය කළ යුත්තේ මෙහි දුර යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ අවකාශයේ ඇති දුර හෝ සාපේක්‍ෂතාවාදයේ කියෑවෙන අවකාශ- කාලයෙහි ඇති අවකාශ කාල ප්‍රාන්තරය හෝ නො වන බව ය. සාපේක්‍ෂතාවාදයට අනුව ෆොaටෝනයක සිද්ධි දෙකක්‌ අතර ඇති අවකාශ කාල ප්‍රාන්තරය නම් ශුන්‍ය වෙයි. මනසෙහි යම් වස්‌තුවක්‌ පවතින්නේ ඒ ගැන සිතන අවස්‌ථාවෙහි පමණ ය. අනෙක්‌ අවස්‌ථාවල ඒ අදාළ වස්‌තුව මනසෙහි නො පවතියි. උදාහරණයක්‌ වශයෙන් අපට දැන් රුවන්වැලි සෑය ගැන සිතිය හැකි ය. එවිට රුවන්වැලි සෑය අප ගේ මනස්‌වලට ගෝචර වෙයි. එහෙත් ඊළඟ මොහොතෙහි අප පරාක්‍රම සමුද්‍රය ගැන සිතුව හොත් අපේ මනස්‌වල ඇත්තේ පරාක්‍රම සමුද්‍රය මිස රුවන්වැලි සෑය නො වේ. මෙයින් කියෑවෙන්නේ රුවන්වැලි සෑය හෝ පරාක්‍රම සමුද්‍රය හෝ අපට සාපේක්‍ෂව පවතින්නේ ඒ ගැන සිතන සුළු කාල ප්‍රාන්තරවල දී පමණක්‌ බව ද? අප එලෙස ගැනීමෙන් වළක්‌වන්නේ අපේ මතකය විසිනි. මනසේ එක්‌ ප්‍රධාන කාරණයක්‌ වන්නේත් මනස මනසක්‌ වන්නේත් මේ මතකය නිසා ය. එසේ නැත හොත් අපට ඇත්තේ

මොළයෙන් ස්‌වායත්ත වූ පඬියෝ

Image
මෙරට සිටින පඬියන් අමතක කරන කරුණ නම් තමන් ඉගෙන ගෙන ඇත්තේ මූලික වශයෙන් ම බටහිර සංකල්ප හා ප්‍රවාද බවත් ඒ අප මත බලෙන් පටවා ඇති බවත් එහි දැනුම් ආධිපත්‍යයක්‌ ඇති බවත් බෞද්ධ යෑයි කියන පාසල්වල ඉගැන්වූ අයටත් ඉගෙන ගත් අයටත් ඒ ආධිපත්‍යයෙන් මිදීමට නොහැකි වූ බවත් මේ ආධිපත්‍යය බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙහි ම එක්‌ කොටසක්‌ පමණක්‌ බවත් ය. ඊනියා අධිරාජ්‍ය විරෝධීහු ද බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදයෙහි එක්‌ සංරචකයක්‌ වූ සංස්‌කෘතික යටත්විජිතවාදයටත් එහි කොටසක්‌ වූ දැනුම් ආධිපත්‍යයටත් යට වෙති. එයට එක්‌ හේතුවක්‌ වනුයේ එවැනි බොහෝ දෙනා තම ඊනියා අධිරාජ්‍ය විරෝධීභාවය ලබාගන්නේ බටහිර දැනුමෙන් වීම ය. තවත් හේතුවක්‌ නම් බටහිරයන් තම දැනුම විශේෂයෙන් ම බටහිර විද්‍යාව ලෙස හැඳින්වෙන දැනුම ඊනියා වාස්‌තවික දැනුම යෑයි අපට කීම ය. අප අභියෝග කරන්නේ මේ ඊනියා වාස්‌තවික යෑයි කියන දැනුමට ය. අප කියා සිටින්නේ ඊනියා වාස්‌තවිකයක්‌, යථාර්ථයක්‌, නිරීක්‍ෂකයාගෙන් තොර දැනුමක්‌ නොමැති බවත් සියලු දැනුම් පද්ධතීන් ඒ ඒ සංස්‌කෘතියෙහි නිරීක්‍ෂකයන් විසින් මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව හා සංස්‌කෘතියට සාපේක්‍ෂව නිර්මාණය (සංස්‌ක

නැනෝ තාක්‌ෂණයේ පරිසර බලපෑම

Image
නැනෝ තාක්‌ෂණය මේ වන විට ලෝකයේ දැඩි අවධානයකට ලක්‌ව ඇති නූතන විද්‍යාවේ නවත ම අංශයකි. එය ඉතා කුඩා පරිමාණයේ අංශු (නැනෝ මීටර් 1-100 අතර ප්‍රමාණයේ - එනම් මීටරයකින් බිලියනයකින් පංගු 1-100 අතර) ආශ්‍රිතව ක්‍රියාත්මක වන තාක්‌ෂණයක්‌ ලෙස හැඳින්විය හැකි ය. නැනෝ තාක්‌ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන විවිධ ද්‍රව්‍ය මේ වන විට වෙළෙඳපොළට එක්‌ වී තිබේ. රෝගාබාධ සම්බන්ධව ප්‍රතිකාර කිරීමේ දී ද කෘෂිකර්මයේ දී ද නැනෝ තාක්‌ෂණයේ ඇති ප්‍රයෝජන අති විශාල ය. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් නැනෝ තාක්‌ෂණය භාවිතය ප්‍රවර්ධනය පිළිබඳව උනන්දුව දක්‌වන බව පෙනේ. අනාගත ලෝකය නැනෝ තාක්‌ෂණය මත රැඳුණු ලෝකයක්‌ ලෙස හඳුන්වන අවස්‌ථා ද දැකිය හැකි ය. කෙසේ වෙතත් අනෙක්‌ සෑම විද්‍යාවක්‌ හෝ තාක්‌ෂණයක්‌ හෝ මෙන් ම නැනෝ තාක්‌ෂණයේ ද හානිකර බලපෑම් තිබිය හැකි ය. එවැනි හානිකර බලපෑම් අතර නැනෝ දූෂණය හෙවත් නැනෝ පරිසර දූෂණය (Nanopollution) පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. මෙවැනි පරිසර දූෂණයක්‌ ඇති වන්නේ නැනෝ පරිමාණයේ අංශුවලින් යුක්‌ත ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී, භාවිතයේ දී හා ඉවතලීමේ දී ය. මේ පිළිබඳව සාකච්ඡා කරනු ලබන විෂයය නැනෝ පරිසර විෂ විද්‍යාව (Nanoecot

නිරීක්‍ෂකයා හා ඔහු නො සිටි අතීතය

Image
කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රියානුභූතවාදය මත පදනම් වන්නක්‌ බවත් නිරීක්‍ෂකයකු ගේ පැවතීම යන්න එහි දී වැදගත් ම අදහසක්‌ වන බවත් අපි කියා ඇත්තෙමු. බටහිර යථාර්ථවාදයට නිරීක්‍ෂකයා යන්න අවශ්‍ය කරුණක්‌ නො වේ. එහි නිරීක්‍ෂකයකු ඇතත් නැතත් ලෝකය පවතින අතර එහි විවිධ දෑ සිදු වෙයි. ඒ සිදුවීම් සඳහා නිරීක්‍ෂකයකු ගේ පැවැත්ම අනිවාර්ය නො වේ. එහෙත් කෝපන්හේගන් විවරණයට අනුව නිරීක්‍ෂකයකු සිටිය ද නිරීක්‍ෂණය කළ නො හැකි දෑ ගැන කතා කිරීම අර්ථයක්‌ නැති දෙයකි. ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි යම් ගුණයක අගය දත් විට එහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය දත හැකි නො වේ. එනම් ප්‍රතිබද්ධ ගුණයෙහි අගය නිරීක්‍ෂණය නො වේ. ඒ නිරීක්‍ෂණය කිරීමට නම් උපකරණයක්‌ යොදා ගැනීමෙන් ඒ කළ යුතු වෙයි. (මෙහි දී උපකරණයක්‌ යන්නෙන් ඉන්ද්‍රියක්‌ වුව ද අදහස්‌ කෙරෙයි.) එවිට පමණක්‌ ප්‍රතිබද්ධ අගය මැනගත හැකි වන අතර එසේ මැනගන්නා තුරු ඒ අගය ගැන කිසිවක්‌ කිව නො හැකිවා පමණක්‌ නො ව එවැනි අගයක්‌ නොමැති ය යන ස්‌ථාවරයෙහි කෝපන්හේගන් විවරණය පිහිටයි. ප්‍රතිබද්ධ ගුණයට අගයක්‌ ලැබෙන්නේ ඒ ගුණය නිරීක්‍ෂකයකු විසින් මැනගනු ලැබීමෙන් ය කීමෙන් පමණකින් නො නවතින කෝපන්හේගන් විවරණය ඒ අගය ල

අපේ අය අණ්‌වීක්‌ෂය නිපදවා තිබෙන්නේ ජාන්සන්ට බොහෝ කලින්

Image
ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශය තුළ විද්‍යාව අනිවාර්ය විෂයකි. එහෙයින් යටත්පිරිසෙයින් හය ශ්‍රෝණිය දක්‌වා වත් උගත් සැවොම විද්‍යාව ඉගෙනගෙන ඇත. එනිසා ශ්‍රී ලංකාවේ විශාල පිරිසක්‌ සංඛ්‍යාත්මකව විද්‍යා අධ්‍යාපනයේ "අ"යන්න හෝ කියූවෝ වෙති. දැනට බොහෝ කාලයකට පෙර පටන් මෙලෙස විද්‍යාව විෂය පාසල තුළ උගන්වන හෙයින් පරම්පරා තුනක්‌, හතරක්‌ පමණ වත්, පාසල් විද්‍යා අධ්‍යාපනය ලබා ඇත. එහෙයින් විද්‍යාව ශ්‍රී ලාංකිකයන්ට සමීප විෂයයකි. කෙතරම් සමීප විෂයයක්‌ වුවත් විද්‍යාව බටහිරට අයත් විෂය පථයක්‌ ලෙස තවමත් අපට අවිඥානිකව ම හැඟී යයි. මේ විද්‍යාව සමග එකට ගැටගැසී ඇතැයි අවිඥානිකව හැඟී යන තවත් මාතෘකා කිහිපයක්‌ ද බටහිරයන්ට අයත් මාතෘකා සේ පොදුවේ පිළිගැනීමක්‌ පවතී. විද්‍යාව සමග කොතෙක්‌ සම්බන්ධ දැයි ප්‍රමාණාත්මකව ගැනිය නොහැකි වුවත් ඒ සමග සිහිපත් වන එකී මාතෘකා නම් තාක්‌ෂණය, නූතනත්වය හා ඉංග්‍රීසි භාෂාවයි. විද්‍යාව බටහිරයන්ට පමණක්‌ අයත් වූවක්‌ නො ව එය ඒ ඒ සංස්‌කෘතීන් තුළ විවිධාකාරයෙන් පවතින්නක්‌ බව විදුසර පාඨකයෝ මැනැවින් දනිති. ඒ අනුව යුරෝපයේ බටහිර විද්‍යාව බිහි වී වැඩුණු අතර අතීතයේ ශ්‍රී ලංකාව තුළ සිංහල විද්‍යාවක්

ගැලීලියෝ ගේ ඒත්තු ගැන්වීම

Image
පෞද්ගලික අත්දැකීම් හා නිරපේක්‍ෂ වාස්‌තවිකත්වය අතර ඇත්තේ පරස්‌පරයකි. පෞද්ගලික අත්දැකීම් ඒ ඒ පුද්ගලයා ගේ අත්දැකීම් විය. ඒ අත්දැකීම් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ විය. එහෙත් නිරපේක්‍ෂ වාස්‌තවිකත්වය ඒ ඒ පුද්ගලයා ගේ පෞද්ගලික අත්දැකීම්වලින් ස්‌වායත්ත විය. පුද්ගලයන් සිටියත් නැතත් නිරපේක්‍ෂ වාස්‌තවිකත්වය විය. ගැලීලියෝ ගේ අදහස වූයේ සියලු පුද්ගලයන්ට එක ම අත්දැකීමක්‌ ලැබෙන්නේ නම් එය නිරපේක්‍ෂ වූවක්‌ බව ය. එක ම උසකින් එක ම විටක දී නිසලතාවෙන් අත්හරිනු ලැබූ වස්‌තු එක ම විටක දී (රික්‌තයක දී) පොළොවට වැටෙන බව රික්‌තයක්‌ නොමැති ව එකල විසූ උගතුන්ට ඒත්තු ගැන්වීමට ගැලීලියෝ සමත් විය. එමගින් ඔහු සහ ඔහු ගෙන් පසුව බටහිර යාන්ත්‍රිකය වර්ධනය කළ අය, කිසිවකු නො සිටියත්, එනම් කිසි ම නිරීක්‍ෂකයකු නො සිටියත්, එවැනි වස්‌තු එක විට පොළොවට වැටෙන බව ද සමාජයට ඒත්තු ගැන්වූ හ. එහෙත් මෙහි දී තවත් ප්‍රශ්නයක්‌ පැන නැඟිණි. පොළොව සූර්යයා වටා ගමන් කරන බව ගැලීලියෝට හා කොපර්නිකස්‌ට පෙර භාරතීයයන් දැන සිටි බවට සාක්‍ෂි වෙයි. ඒ ධ්‍යාන වැඩීමෙන් හෝ එසේ ධ්‍යාන වැඩීමෙන් සිත දියුණු කරගත් අය දෙවියන් ගෙන් හෝ ලබාගත් දැනුමක්‌ විය යුතු ය. සිංහලයන්ට

බිලියන හතේ අභියෝගය

Image
http://www.7billionactions.org   Everyone has an opportunity and a responsibility to make a world of 7 billion a better place for all of us. We are collecting stories of individuals making a difference in their communities – and globally. Stories that can inspire other to take action. To date, 134people have shared their stories. මේ වර්ෂයේ දී ලෝක ජනගහනය බිලියන 7 ක්‌ ඉක්‌මවන බව අපේක්‌ෂා කරනු ලැබේ. ඒ සඳහා ද දිනයක්‌ පුරෝකථනය කර ඇති අතර ඊට අනුව ගතවන ඔක්‌තෝබර් මාසයේ 31 වන දින වන විට ලෝක ජනගහනය බිලියන 7 ඉක්‌මවනු ඇත. මානව කේන්ද්‍රීය දෘෂ්ටියකින් බලන විට එය මානව ඉතිහාසයේ සන්ධිස්‌ථානයක්‌ සේ සැලකිය හැකි ය. මිනිසුන් ලෝකයේ ප්‍රමුඛතම ජීවී විශේෂය වන නිසා නම් මේ සිදුවීම වැදගත් සිදුවීමක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත.  එහෙත් මේ දිනය වැදගත් වන්නේ හුදෙක්‌ ඉහත හේතු නිසා ද?කිසිසේත් නැත. මානව ජනගහනය ඉහළ යැම නිසා ඇති වී තිබෙන බලපෑම් පිළිබඳව පුළුල් ලෙස සැලකුවහොත් මේ දිනය සතුටු වීමට හෝ සව්දිය පිරීමට හැකි දිනයක්‌ ද යන්න ගැටලූවකි.  ලෝක ජනගහනය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ලෝක ජනගහනය බිලියන 6 ඉක්‌මවූයේ 1999 වර