Posts

Showing posts from 2012

වෙනස්‌වීම පිළිබඳ ප්‍රවාද

Image
පසුගිය සතියේ ක්‌වොන්ටම් අංශු සම්බන්ධයෙන් සඳහන් කරන විට අප කියා සිටියේ අංශු විවෘත ව තිබුණත් සංවෘත ව තිබුණත් අංශුව නිරීක්‍ෂණයට පසු ඇත්තේ නිරීක්‍ෂණය කිරීමට පෙර පැවැති අංශුව නො වන බව ය. එහෙත් මෙය වලංගු වන්නේ යම් අවශ්‍යතා යටතේ ය. ක්‌වොන්ටම් භෞතිකයට අනුව පළමුවෙන් ම අංශුව සම්බන්ධයෙන් ඒ නිරීක්‍ෂණය ම කලින් කර ඇත්නම් හා ඉන්පසු වෙනත් නිරීක්‍ෂණයක්‌ කෙරී නැත්නම් එවිට නිරීක්‍ෂණයෙන් පසුව ඇත්තේ පෙර පැවැති අංශුව ම ය. අංශුව වෙනස්‌ වන්නේ යම් නිරීක්‍ෂණයකට පෙර වෙනත් නිරීක්‍ෂණයක්‌ කෙරී ඇත්නම් හා ඉන්පසු ව පළමු වරට කෙරෙන්නේ අදාළ නිරීක්‍ෂණය නම් ය. දෙවනුව සිංහල බෞද්ධ ක්‍රමයට නම් නිරීක්‍ෂණයට පසුව නිරීක්‍ෂකයා යම් අංශුවක්‌ නිර්මාණය කරයි. නිරීක්‍ෂණයෙන් නිරීක්‍ෂණයට අංශු නිර්මාණය කෙරෙනු මිස අංශුවක වෙනස්‌ වීමක්‌ සිදු නො වේ. අංශුවක්‌ යනුවෙන් වාස්‌තවික වූවක්‌ නො පවතියි. නිරීක්‍ෂකයා විසින් අංශු නිර්මාණය කෙරෙයි. එසේ ම නිරීක්‍ෂකයා ද දිගින් දිගට ම නිර්මාණය කෙරෙයි. එසේ වන්නේ අංශු නිර්මාණය කෙරෙන්නේ මනසට සාපේක්‍ෂව බැවින් හා මනස ද මනසට සාපේක්‍ෂව නිර්මාණය කෙරෙන්නක්‌ බැවිනි. මිනිසකුට ගඟකට බැසීමට හැකි වන්නේ එක්‌ අවස්‌ථාවකට පමණකි ය

ආසනික්‌ තවමත් දිරවගන්න බැරි ද?

රජරට වකුගඩු රෝගයට හේතුකාරක අනාවරණය කර ගැනීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කිහිපයක්‌ පුරා සිදු කළ පර්යේෂණයක තොරතුරු සමුදායක්‌ පසුගිය සතියක එළිදැක්‌විණි. එහි දී හෙළි වූයේ රෝගය හට ගැනීමට ආසනික්‌, කැඩ්මියම් සහ ඊයම් වැනි බැර ලෝහවල සබඳතාවක්‌ තිබිය හැකි බවයි. රෝගයට හේතුව ආසනික්‌ සහ කිවුල් ජලය බවට සාධක පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ මෙරට ස්‌වාධීන පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසිනි. එම අදහස්‌ නිසා රටේ මහත් ආන්දොලනයක්‌ මතු විය. එම පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු වන රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ අළලා ප්‍රශ්න -පිළිතුරු ස්‌වරූපයෙන් දක්‌වන අදහස්‌ සමූහයක්‌ මේ ලිපියට ඇතුළත් වෙයි. ප්‍රශ්නය : යටපත් ව ගිය ආසනික්‌ පිළිබඳ සංවාදය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණයත් සම`ග නැවත ඉස්‌මතු වී තිබෙනවා. ඒ ගැන අදහස කුමක්‌ ද? පිළිතුර : සත්‍යය කවර දා වත් යටපත් කරන්න බැහැ. එය වතුරේ ඔබපු රබර් බෝලයක්‌ වගෙයි. කොයි වෙලාවේ හරි ඉස්‌මතු වෙනවා. මේකත් ඒ වගේ අවස්‌ථාවක්‌. යටපත් කරන්න තද කරලා, ඔබා ගෙන හිටපු රබර් බෝලය ටිකක්‌ උඩට ආවා. හැබැයි ඉතිං මේ අනාවරණය හරි හමන් එකක්‌ නො වෙයි. නැහැයි කියන්න බැරි නිසා බොහෝ ම අකැමැත

ප්‍රවාද මගින් තේරුම් නො ගැනීම

ප්‍රවාද මගින් තේරුම් නො ගැනීම සම්භාව්‍ය භෞතිකයෙහි වස්‌තුවක්‌ හෝ අංශුවක්‌ හෝ එක්‌ තැනක සිට තවත් තැනකට යැම යනු කුමක්‌ දැයි තේරුම් ගැනීමට අපි උත්සාහ කරමින් සිටින්නෙමු. මෙතැන තිබූ වස්‌තුවක්‌ හෝ අංශුවක්‌ හෝ එතැන තිබෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම එතරම් පහසු දෙයක්‌ නො වේ. එතැන තිබෙන්නේත් මෙතැන තිබූ වස්‌තුව හෝ අංශුව හෝ නො වේ. ඒ වෙනත් වස්‌තුවක්‌ හෝ අංශුවක්‌ හෝ ද නො වේ. එහෙත් එතැන තිබෙන්නේත් මෙතැන තිබූ අංශුව ම යෑයි අපි සිතමු. එය මායාවක්‌ පමණි. එසේ ඒ වස්‌තුවත් මේ වස්‌තුවත් එක ම යෑයි අප සිතන්නේ අපේ අවිද්‍යාව හේතු කොටගෙන ය. එපමණක්‌ නො ව එසේ එක ම වස්‌තුවක්‌ ඇතැයි සිතන මා නම් නිරීක්‍ෂකයා ද පවතින්නේ යෑයි සිතන්නේ ද අවිද්‍යාව හේතුවෙනි. මේ සියල්ල මා නම් නිරීක්‍ෂකයා ගේ අවිද්‍යාව නිසා හටගැනෙයි. මා නම් නිරීක්‍ෂකයා හා අනෙක්‌ වස්‌තුව පවතින්නේ යෑයි ගැනීම ආත්මවාදී යෑයි කිව හැකි ය. ආත්මවාදී යෑයි කීව ද මෙහි වාදයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නැත. වාද, ප්‍රවාද ආදිය අපේ අනුමාන වෙයි. අප වාදයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නිර්මාණය කරන්නේ යම් සංසිද්ධියක්‌ තේරුම් ගැනීමට ය. සංසිද්ධි ද අපේ නිර්මාණ වෙයි. ඒවා අපේ ප්‍රත්‍යක්‍ෂ විය හැකි ය

වසර 37000ක අතීතයට විවර වූ ඓතිහාසික දොරටුව

Image
වසර 37000ක අතීතයට විවර වූ ඓතිහාසික දොරටුව කළුතර දිස්‌ත්‍රික්‌කයේ බුලත්සිංහල, යටගම්පිටිය ගම්පියස, පිළියන්දල සිට හොරණ පාරේ කිලෝ මීටර් 40ක්‌ පමණ දුරින් සහ කෙළඹ සිට කිලෝමීටර් 60ක්‌ වැනි දුරකින් පිහිටි සුන්දර ගම්මානයකි. මේ සුන්දර ගම් පියස එදත් අදත් ගොවිතැන් බතින් දිවි ගෙවන පරිසර දූෂණය නො කරන ගැමියන් ගේ ජනාවාසවලින් යුක්‌ත ය. මුහුදු මට්‌ටමේ සිට මීටර් 400ක්‌ පමණ උසින් පිහිටි පාහියන්ගල ගල් ලෙන පිහිටා ඇත්තේ මේ සොඳුරු ගම් පියසේ ය. ක්‍රි.පූ. 5 වැනි සියවසේ ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් නම් චීන භික්‍ෂුව මේ ගල් ලෙනේ නවාතැන් ගත් බවට ජනප්‍රවාදයේ ඇති බැවින් මේ ගල් ලෙන පාහියන්ගල යනුවෙන් හැඳින්වුවත් එවන් කරුණක්‌ සනාථ කිරීමට ප්‍රමාණවත් සාධකයක්‌ මෙතෙක්‌ හමු වී නැත. එහෙත් පැරැණි තොරතුරු අනුව පාහියන්ගල, පාහිංගල යනුවෙන් නිවැරැදි විය යුතු බවත් බොහෝ විද්වතුන් ගේ මතයයි.  මුහුදු මට්‌ටමේ සිට මීටර් 400ක්‌ පමණ උසින් පිහිටි මේ ගල් ලෙන උසින් අඩි 150කි. පළල අඩි 175කි. ගැඹුර හෙවත් ගල්ලෙනේ විවරයේ සිට ඇතුළත බිත්තිය දක්‌වා ඇති දුර අඩි 300කි. මේ දත්ත අනුව පාහියන්ගල ගල් ලෙන ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ හමු වී ඇති ගල් ලෙන් අතරින් ව

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

Image
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ වන අයුරු ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හෙවත් මොහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ටාචාරය ආසියානු කලාපයේ මානව ඉතිහාසයේ වැදගත් ශිෂ්ටාචාරයකි. මේ ශිෂ්ටාචාර නාගරික ලක්‌ෂණ තිබූ ශිෂ්ටාචාර අතර වැදගත් එකක්‌ වේ. එය පොදු වර්ෂ පූර්ව 3200 පමණ සිට 1000 පමණ දක්‌වා පැවැති බව මෙතෙක්‌ හෙළි වී ඇති කරුණු අනුව පැහැදිලි ය. අදින් වසර 3,900කට පමණ පෙර (එනම් පොදු වර්ෂ පූර්ව 1900 දී පමණ) මේ ශිෂ්ටාචාරයේ අවනතිය ආරම්භ වී තිබේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්නේ ආසියාවේ මෝසම් වැසි වැටෙන සීමාවේ මායිමේ හා ඉන් ඔබ්බෙන් පිහිටා ඇති ශුෂ්ක කලාපයේ ය. මේ ප්‍රදේශය හරහා ගමන් කරන ඉන්දු නදියේ නිම්නය ඔස්‌සේ මේ ශිෂ්ටාචාරය පැතිර තිබිණි. මේ වන විට කරුණු අනාවරණය වී ඇති ආකාරයට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශය සමකාලීන ඊජිප්තුවේ හා මෙසපොතේමියාවේ සමස්‌ත ජනාවාස පැතිර තිබූ ප්‍රදේශයට වඩා විශාල ය. එය වර්ග කිලෝමීටර් මිලියනයකටත් වැඩි ප්‍රදේශයක්‌ පුරා පැතිර තිබිණි. එහි සමෘද්ධිමත් ම අවධියේ ජනගහනය මිලියන පහකට අධික වූ බව සැලකේ. වර්තමාන පාකිස්‌තානය, ඊසානදිග ඉන්දියාව හා ඇෆ්ඝනිස්‌තානයෙන් කොටසක්‌ පුරා

වෙනස්‌ වන වස්‌තු

Image
සම්භාව්‍ය භෞතිකයෙහි චලිතය පිළිබඳ සාකච්ඡාවෙහි දී අපි දැනටමත් සංකල්ප කිහිපයක්‌ යොදාගෙන ඇත්තෙමු. අවකාශය, සන්තතිකත්වය, ප්‍රවේගය, ලක්ෂ්‍ය, පිහිටුම, අංශුව, අංශුවක්‌ ලක්ෂ්‍යකින් තවත් ලක්ෂ්‍යකට මාරු වීම හෙවත් විස්‌ථාපනය, කාලය, වෙනස්‌ වීම, වෙනස්‌ වීමේ ශීඝ්‍රතාව ආදී වශයෙන් මේ සංකල්ප සකස්‌ කරගත හැකි ය. චලිතය දැනගැනීම සඳහා මෙතරම් සංකල්ප සංඛ්‍යාවක්‌ අවශ්‍ය ද යන්න පවා සිතාගත නො හැකි ය. එහෙත් ඒ සංකල්ප නොමැති ව අපට සම්භාව්‍ය භෞතිකයේ අංශුවල චලිතය පිළිබඳ සාකච්ඡාවක්‌ කළ හැකි නො වේ. අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා වස්‌තුවල චලිත නො ව මිනිසුන් ගේ, රථවල, සතුන් ගේ ඇවිදීම්, පැනීම්, යැම් ඊම් ආදිය ය. මේ සියල්ල එකතු කර සාධාරණීකරණයට ලක්‌ කර වස්‌තුව, චලිතය ආදී සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මිනිසුන් විසිනි. එවැනි සාධාරණීකරණයකින් තොර ව බටහිර විද්‍යාවක්‌ පමණක්‌ නො ව සම්භාව්‍ය භෞතිකයක්‌ ද නැත. එහෙත් මෙයින් අදහස්‌ වන්නේ මිනිසා, ඇවිදීම ආදී සංකල්ප මිනිසුන් ගේ නො වන බව නො වේ. ඒ සංකල්ප ද මිනිසුන් ගේ නිර්මාණ වෙයි. එහෙත් ඒවා සංයුක්‌ත සංකල්ප වෙයි. අප අත්දකින්නේ මිනිසකු එක්‌ තැනක සිට තවත් තැනකට ඇවිදින බව ය. ඒ තැන් දෙක අතර ඇවිදින්න

නිලාවැලි මුහුදු වෙරළට දිස්‌ වූ සිකුරු සංක්‍රාන්තිය

Image
නිලාවැලි මුහුදු වෙරළට දිස්‌ වූ සිකුරු සංක්‍රාන්තිය නැඟෙනහිර පිහිටි නිලාවැලි යනු ශ්‍රී ලංකාවේ වෙරළ තීර අතරින් දර්ශනීය වෙරළ තීරයකි. ඈත ක්‍ෂිතිජයෙන් නැඟෙන හිරු සාගර රළ අතරේ වරින් වර සැඟවෙන ආකාරය ද, දැකුම්කලු ය. දිනපතා සිදු වන මේ සිදු වීම දෙස විමසිලිමත් ව බලන්නේ ප්‍රදේශයට ආගන්තුකයකු පමණි. ප්‍රදේශවාසීන්ට මෙය සාමාන්‍ය සිදු වීමකි. එහෙත් වෙන දා බලන ආකාරයට වඩා කුතුහලයකින් යුතු ව හිරු දෙස නො ඉවසිල්ලෙන් ප්‍රදේශවාසීන් මෙන්ම, පාසල් සිසුන් ද බැලූ 2012 ජුනි 06 වැනි දින ඵෙතිහාසික දිනයක්‌ වශයෙන් සනිටුහන් වන්නේ අවකාශයේ කලාතුරකින් සිදු වූ සංසිද්ධියක්‌ නිසාවෙනි. සියවසක්‌ තුළ දෙවරක්‌ පමණක්‌ සිදු වන මේ සංසිද්ධිය සිකුරු සංක්‍රාන්තිය හෙවත් සිකුරු ගේ පිරිබැමිය යනුවෙන් හැඳින්වෙයි. ඉංග්‍රීසියෙන් මෙය Venus Transit යනුවෙන් හැඳින්වෙයි. කිසියම් ග්‍රහලොවක්‌ හිරු ගේ මුහුණත හරහා හෙවත් මුහුණත ඉදිරියෙන් ගමන් කිරීමේ ආකාරයක්‌ පෙන්නුම් කරන්නේ නම් එය අදාළ ග්‍රහ ලොවේ සංක්‍රාන්තිය (Transit) නම් වෙයි. මෙදින උදෑසන වෙන දාට වඩා පාසල් දරුවන් ගුරුවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් නිලාවැලි වෙරළ තීරයට එක්‌ වූයේ හිරු ගේ මුහුණත හරහා සිකුරු

බෞද්ධ පඬිවරු හා පරිසිද්ධි

ද්‍රව්‍යවාදීන්ට හා වෙනත් බොහෝ දෙනාට අනුව නිරීක්‍ෂකයා ගෙන් තොර ව ලෝකයක්‌ පවතීග එය වාස්‌තවික යෑයි ඔවුහු කියතිග ඒ නිරපේක්‍ෂ වූ ද වාස්‌තවික වූ ද ලෝකය බොහෝ විට යථාර්ථය නමින් ද හැඳින්වෙයිග ලොවෙහි මිනිසුන් සිටියත් නැතත් එවැනි ලෝකයක්‌ පවතින්නේ යෑයි සාමාන්‍යයෙන් බටහිරයෝ විශ්වාස කරතිග එය බටහිර ලෝකයේ අධිපතිවාදී මතය ද වෙයිග බටහිරයන් තම දේශපාලන බලය යොදා ගනිමින් ඔවුන් ඒ ඒ රටවල පිහිටුවා ඇති පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති ඔස්‌සේ එය ලෝකයේ අධිපතිවාදී මතය බවට ද පත් කර ඇතග පෙරදිග ලෝකයේ ද ඈත අතීතයේ ද්‍රව්‍යවාදීහු සිටිය හග ඒ අතර පෙරදිග මෙන් ම බටහිර ද විඤ්ඤාණවාදීන් ද වාසය කර ඇතග විඤ්ඤාණවාදීන්ට අනුව ලෝකය යනු මනසේ නිර්මාණයක්‌ වෙයිග මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් ද්‍රව්‍යවාදයේ මෙන් ම විඤ්ඤාණවාදයේ ද විවිධ ප්‍රභේද ඇති බව යග බෞද්ධයන් අතර ද විවිධ ගුරුකුල තිබූ බවත් ඇතැමුන් විඤ්ඤාණවාදීන් වූ බවත් තවත් සමහරුන් ද්‍රව්‍යවාදීන් වූ බවත් පැහැදිලි යග මේ අතර ක්‍ෂණයකට බාහිර ලෝකයක්‌ තිබෙන බව පිළිගත් අය ද සිටිය හග අද ද මේ ඇතැම් ගුරුකුල පවතින බව පැහැදිලි යග ථෙරවාද බෞද්ධයන් නමින් තමන් හඳුන්වාගන්නවුන් අතර ද විවිධ කරුණු ප්‍රශ්න සම

ශාන්තිකර්මවල මනෝ විද්‍යාත්මක පදනම

"ඉතිං සෙත් ශාන්තියක්‌  වත් කර ගත්තෙ නැද්ද?" ඒ අසනීපයක්‌ ගැන කතා බහ කරන අතරතුර අසන්නට ලැබෙන සුලබ ප්‍රශ්නයකි. යම් අසනීපයකට දිගින් දිගට ම බටහිර හෝ ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් සුවයක්‌ නො ලද තැන සැලකිය යුතු පිරිසක්‌ ගුප්ත ප්‍රතිකාරවලට යොමු වෙති. මේ ගුප්ත ප්‍රතිකාර සමන්විත වන්නේ සෙත් ශාන්ති, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි දෙයිනි. විද්‍යාත්මක චින්තනය ප්‍රමුඛ වූ අද වැනි යුගයක මෙවැනි ගුප්ත ක්‍රමවේද ගැන උනන්දු වීම මුග්ධ ක්‍රියාවකැයි ඇතැමකු පවසන්නට ඉඩ තිබේ. එහෙත් මේ ගුප්ත ක්‍රමවේද තුළ කිසිදු විද්‍යාත්මක පදනමක්‌ නොමැති යෑයි කීමට තරම් අප සැහැසි විය යුතු ද? අනෙක්‌ අතට විද්‍යාත්මක ක්‍රමවේද හිසින් දරා ගත් අය පවා තමන්ට උපද්‍රව පැමිණි අවස්‌ථාවල මේ ගුප්ත ක්‍රමවල පිහිට පැතීම සුලබ දෙයකි. මෙවැනි සිද්ධිවලින් පෙනී යන්නේ කුමක්‌ ද? අප කෙතරම් විද්‍යාත්මක වුවත් අප ගේ හදවතෙහි ඇතුළු කොනක කුඩා ඉඩක්‌ මේ ගුප්ත විශ්වාස හා ක්‍රියාකාරකම් සඳහා වෙන් ව පවතින බවයි. මේ ඉඩෙහි ප්‍රමාණය පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ශාන්තිකර්ම නම් වූ ගුප්ත පිළිවෙත් පිළිබඳව හා එමඟින් රෝග සමනයට යම්