Posts

Showing posts from January, 2012

බෞද්ධ පඬිවරු හා පරිසිද්ධි

ද්‍රව්‍යවාදීන්ට හා වෙනත් බොහෝ දෙනාට අනුව නිරීක්‍ෂකයා ගෙන් තොර ව ලෝකයක්‌ පවතීග එය වාස්‌තවික යෑයි ඔවුහු කියතිග ඒ නිරපේක්‍ෂ වූ ද වාස්‌තවික වූ ද ලෝකය බොහෝ විට යථාර්ථය නමින් ද හැඳින්වෙයිග ලොවෙහි මිනිසුන් සිටියත් නැතත් එවැනි ලෝකයක්‌ පවතින්නේ යෑයි සාමාන්‍යයෙන් බටහිරයෝ විශ්වාස කරතිග එය බටහිර ලෝකයේ අධිපතිවාදී මතය ද වෙයිග බටහිරයන් තම දේශපාලන බලය යොදා ගනිමින් ඔවුන් ඒ ඒ රටවල පිහිටුවා ඇති පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති ඔස්‌සේ එය ලෝකයේ අධිපතිවාදී මතය බවට ද පත් කර ඇතග පෙරදිග ලෝකයේ ද ඈත අතීතයේ ද්‍රව්‍යවාදීහු සිටිය හග ඒ අතර පෙරදිග මෙන් ම බටහිර ද විඤ්ඤාණවාදීන් ද වාසය කර ඇතග විඤ්ඤාණවාදීන්ට අනුව ලෝකය යනු මනසේ නිර්මාණයක්‌ වෙයිග මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් ද්‍රව්‍යවාදයේ මෙන් ම විඤ්ඤාණවාදයේ ද විවිධ ප්‍රභේද ඇති බව යග බෞද්ධයන් අතර ද විවිධ ගුරුකුල තිබූ බවත් ඇතැමුන් විඤ්ඤාණවාදීන් වූ බවත් තවත් සමහරුන් ද්‍රව්‍යවාදීන් වූ බවත් පැහැදිලි යග මේ අතර ක්‍ෂණයකට බාහිර ලෝකයක්‌ තිබෙන බව පිළිගත් අය ද සිටිය හග අද ද මේ ඇතැම් ගුරුකුල පවතින බව පැහැදිලි යග ථෙරවාද බෞද්ධයන් නමින් තමන් හඳුන්වාගන්නවුන් අතර ද විවිධ කරුණු ප්‍රශ්න සම

ශාන්තිකර්මවල මනෝ විද්‍යාත්මක පදනම

"ඉතිං සෙත් ශාන්තියක්‌  වත් කර ගත්තෙ නැද්ද?" ඒ අසනීපයක්‌ ගැන කතා බහ කරන අතරතුර අසන්නට ලැබෙන සුලබ ප්‍රශ්නයකි. යම් අසනීපයකට දිගින් දිගට ම බටහිර හෝ ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් සුවයක්‌ නො ලද තැන සැලකිය යුතු පිරිසක්‌ ගුප්ත ප්‍රතිකාරවලට යොමු වෙති. මේ ගුප්ත ප්‍රතිකාර සමන්විත වන්නේ සෙත් ශාන්ති, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි දෙයිනි. විද්‍යාත්මක චින්තනය ප්‍රමුඛ වූ අද වැනි යුගයක මෙවැනි ගුප්ත ක්‍රමවේද ගැන උනන්දු වීම මුග්ධ ක්‍රියාවකැයි ඇතැමකු පවසන්නට ඉඩ තිබේ. එහෙත් මේ ගුප්ත ක්‍රමවේද තුළ කිසිදු විද්‍යාත්මක පදනමක්‌ නොමැති යෑයි කීමට තරම් අප සැහැසි විය යුතු ද? අනෙක්‌ අතට විද්‍යාත්මක ක්‍රමවේද හිසින් දරා ගත් අය පවා තමන්ට උපද්‍රව පැමිණි අවස්‌ථාවල මේ ගුප්ත ක්‍රමවල පිහිට පැතීම සුලබ දෙයකි. මෙවැනි සිද්ධිවලින් පෙනී යන්නේ කුමක්‌ ද? අප කෙතරම් විද්‍යාත්මක වුවත් අප ගේ හදවතෙහි ඇතුළු කොනක කුඩා ඉඩක්‌ මේ ගුප්ත විශ්වාස හා ක්‍රියාකාරකම් සඳහා වෙන් ව පවතින බවයි. මේ ඉඩෙහි ප්‍රමාණය පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ශාන්තිකර්ම නම් වූ ගුප්ත පිළිවෙත් පිළිබඳව හා එමඟින් රෝග සමනයට යම්

වෙනස්‌ වීම

Image
වාස්‌තවිකත්වය යනු හුදෙක්‌ සාධාරණීකරණයක්‌ වන්නේ කෙසේ ද යන්න තවත් පැහැදිලි කළ යුතු ය. අපට ලෝකය යනු මූලික වශයෙන් මිනිසුන් විසිsන් දකිනු ලබන ලෝකය ය. විවිධ සතුන් දකින ලෝකවලින් ලෝකය දැනගැනීමට හැකි යෑයි අපි නො සිතමු. එයට ප්‍රධාන හේතුව අධිපතිවාදී බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මෑතක්‌ වන තුරු ම සතුන්ට මනස්‌ ඇතැයි නො පිළිගැනීම ය. අද වුවත් සතුන්ට මනස්‌ ඇතැයි පිළිගන්නා බටහිරයන් ඇත්තේ ස්‌වල්ප දෙනකු පමණ ය. දෙවියන් දකින ලෝක, බඹුන් දකින ලෝක ගැන කතා කිරීම මෙහි දී අනවශ්‍ය වන්නේ දෙවියන් බඹුන් ඇතැයි සිතීමට පවා අධිපතිවාදී යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය විරුද්ධ වන බැවිනි. එහෙත් ඒ සංස්‌කෘතියෙහි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනකු ගැන ඉගැන්වෙයි. ඒ දෙවියන් වහන්සේට රූපයක්‌ පවා නැත. ඒ එතරම් ම වියුක්‌ත සංකල්පයකි. එහෙත් එකී දෙවියන් වහන්සේට හැරෙන්නට වෙනත් දෙවි කෙනකුට ඒ සංස්‌කෘතියෙහි ඉඩක්‌ නැත. මිනිසුන් සියලු දෙනාට ම ඇත්තේ සාධාරණ වශයෙන් ගත් කල එක ම ආකාරයේ ඉන්ද්‍රිය ය. අපට මල් පෙනෙයි. ගස්‌ පෙනෙයි. මේස ස්‌පර්ශ කළ හැකි ය. එක ම ආකාරයේ ඉන්ද්‍රිය ඇති බැවින් අප සියලු දෙනාට ම එක ම දේ පෙනෙන්නේ යෑයි එසේත් නැත්නම්

දැනුම දිනා ගැනීමට නම් පර්යේෂණ අත්‍යවශ්‍යයි

Image
දැනුම දිනා ගැනීමට නම් පර්යේෂණ අත්‍යවශ්‍යයි මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ පර්යේෂණ යනු ඕනෑ ම විෂය ක්‍ෂෙත්‍රයක ප්‍රගමනය සඳහා අත්‍යවශ්‍ය ම සාධකයකි. එහෙත් අපේ රටේ ඵලදායි පර්යේෂණ සිදු වන්නේ ද යන ප්‍රශ්නය මතු වේ. අතීතයේ දී සාර්ථක පර්යේෂණයන්හි තෝතැන්න වූයේ විශ්වවිද්‍යාලයයි. අද අපේ විශ්වවිද්‍යාල ඇදුරන්ට එරෙහි ව නැඟෙන ප්‍රධාන චෝදනාවක්‌ වන්නේ ඔවුන් ප්‍රාමාණික පර්යේෂණවල නියෑළෙන්නේ නැති බවයි. මේ චෝදනාවට නිදහසට කාරණා සපයමින් ඇතමුන් පවසන්නේ දේශන පැවැත්වීමට කාලය යොමු කළ විට පර්යේෂණ සඳහා කාලය ඉතිරි නො වන බවයි. එහෙත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ මහතා පසුගිය දා පර්යේෂණ නිබන්ධයක්‌ ඇතුළු ග්‍රන්ථ තුනක්‌ පළ කරමින් පෙන්වා දුන්නේ පර්යේෂණ සඳහා කාලය ගැටලුවක්‌ නො වන බවයි.              උපකුලපතිවරයකු මෙවැනි පර්යේෂණ කාර්යය සඳහා යොමු වන බව ශ්‍රවණය කරන්නට ලැබීම ද සතුටකි. මීට වසර 2350කට පමණ පෙර ලයිසියම් විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය තනතුර හෙබවූ ඇරිස්‌ටෝටල් පඬිවරයා නම් පරිපාලන කටයුතු දේශන පැවැත්වීම ග්‍රන්ථ සම්පාදනය යන දේට අමතරව විවිධ ශාස්‌ත්‍රීය පර්යේෂණයන්හි නියෑළුණේ ය. එහෙත් වර

සාධාරණීකරණයක්‌ පමණක්‌ වූ වාස්‌තවිකත්වය

අපට බොහෝ විට වස්‌තුවක්‌ එක්‌ ඉන්ද්‍රියකට වඩා ගෝචර වෙයි. අප ඉදිරියේ ඇති පොතක්‌ අපට ස්‌පර්ශ කළ හැකි ය. එය අපේ ඇස්‌වලට ද ගෝචර වෙයි. අවශ්‍ය නම් එහි ගඳ සුවඳ රස ආදිය ද දැනගත හැකි ය. එයින් පිට වන ශබ්දයක්‌ අපට නො දැනුණ ද, පොත අඩු තරමෙන් මනස සමඟ එකතු වූ ඉන්ද්‍රිය හතරකට දැනෙයි. ඒ ඉන්ද්‍රිය හතරට ම ගෝචර වන්නේ එක ම එක පොතකි. එපමණක්‌ නො ව බටහිර දැනුම අනුව පොතෙන් නිකුත් වන ඊනියා සංජානන, ඉන්ද්‍රිය හතරකට ගෝචර වෙයි. බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි පොත අපෙන් තොර ව ඇති බවත් එයින් අපට යම් සංජානන ලැබෙන බවත් කියෑවෙයි. ඒ සංජානන සියල්ල එක ම පොතකින් ලැබෙන බව අපට බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි ඉගැන්වෙයි. එහෙත් ඒ සංජානන සියල්ල එක්‌ වර ලැබිය යුතු යෑයි බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි නො කියෑවෙයි. අපට ආසන්නයෙහි ඇති විට නිතර ම පොත පෙනෙන නමුත් අපට එය ස්‌පර්ශ නො වෙයි. අප පොත ස්‌පර්ශ කිරීමෙන් පමණක්‌ අපට ස්‌පර්ශය ඔස්‌සේ පොත ඇති බව, එනම් පවතින බව, දැනගත හැකි ය. ආලෝකය ඇත්නම් අපට සමගාමී ව පොත දැකගත හැකි ය. එහෙත් අඳුරෙහි අපට පොත නො පෙනුණත් පොත ස්‌පර්ශ කළ හැකි ය. එපරිදි ම පොතෙහි ගඳ සුවඳ රස ආදිය දැන ගැනීම සමගාමීව විය යුතු නො වේ. එසේ ස

ඉසෙඩ් ලකුණ ගැන කාටත් වැටහෙන පැහැදිලි කිරීමක්‌

Image
අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු BSc.(Eng), EDBA සරත් හා ගාමිණී ව්‍යාපාරිකයෝ වෙති. 2011 දෙසැම්බර් 31 වැනි දින සරත් ගේ හා ගාමිණී ගේ වාහන වෙළෙඳසල්වල වාහන 4 බැගින් ඉතිරි වී තිබිණි. මේ වාහන හැරුණු විට දෙදෙනාට කිසි ම වත්කමක්‌ නොමැති යෑයි සිතමු. සරත් හා ගාමිණී දෙදෙනා ගෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ කාට ද? දෙදෙනාට ම වාහන 4 බැගින් හිමි නිසා දෙදෙනා ගේ වත්කම් සමාන යෑයි සිතිය හැකි ය. වාහන සම්බන්ධව අන් කිසි තොරතුරක්‌ නො දන්නේ නම් වත්කම් සමාන යෑයි සිතීමට යමකු පෙලඹිය හැකි ය. එහෙත් දෙදෙනා ගේ වත්කම් පිළිබඳ වඩා නිවැරැදි නිගමනයකට පැමිණීමට වාහන වර්ග, ඒවායේ අලුත් හෝ පැරැණි ස්‌වභාවය සැලකිල්ලට ගත යුතු ය. කොටින් ම දෙදෙනා ගේ වාහනවල වටිනාකම් පිළිබඳව රුපියල් ශතවලින් නිවැරැදි හෝ පිළිගත හැකි ඇස්‌තමේන්තුවක්‌ ලබාගෙන ඒ අනුව වාහනවල වටිනාකම් පොදු සාධාරණ ඒකකයකට ගෙන ආ යුතු ය. දැන් එම වටිනාකම් එකතු කර බැලීමෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ සරත්ට ද, නැත හොත් ගාමිණීට දැයි වඩා නිවරැදිව නිගමනය කළ හැකි ය. අපි තවත් උදාහරණයක්‌ ගමු. කාන්ති හා ශීලා පිටරට රැකියා කර එක ම දිනයක ලංකාවට පැමිණෙන්නේ යෑයි සිතමු. ඔවුන් ගෙදර රැගෙ