Posts

Showing posts from July, 2012

ආසනික්‌ තවමත් දිරවගන්න බැරි ද?

රජරට වකුගඩු රෝගයට හේතුකාරක අනාවරණය කර ගැනීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කිහිපයක්‌ පුරා සිදු කළ පර්යේෂණයක තොරතුරු සමුදායක්‌ පසුගිය සතියක එළිදැක්‌විණි. එහි දී හෙළි වූයේ රෝගය හට ගැනීමට ආසනික්‌, කැඩ්මියම් සහ ඊයම් වැනි බැර ලෝහවල සබඳතාවක්‌ තිබිය හැකි බවයි. රෝගයට හේතුව ආසනික්‌ සහ කිවුල් ජලය බවට සාධක පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ මෙරට ස්‌වාධීන පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසිනි. එම අදහස්‌ නිසා රටේ මහත් ආන්දොලනයක්‌ මතු විය. එම පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු වන රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ අළලා ප්‍රශ්න -පිළිතුරු ස්‌වරූපයෙන් දක්‌වන අදහස්‌ සමූහයක්‌ මේ ලිපියට ඇතුළත් වෙයි. ප්‍රශ්නය : යටපත් ව ගිය ආසනික්‌ පිළිබඳ සංවාදය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණයත් සම`ග නැවත ඉස්‌මතු වී තිබෙනවා. ඒ ගැන අදහස කුමක්‌ ද? පිළිතුර : සත්‍යය කවර දා වත් යටපත් කරන්න බැහැ. එය වතුරේ ඔබපු රබර් බෝලයක්‌ වගෙයි. කොයි වෙලාවේ හරි ඉස්‌මතු වෙනවා. මේකත් ඒ වගේ අවස්‌ථාවක්‌. යටපත් කරන්න තද කරලා, ඔබා ගෙන හිටපු රබර් බෝලය ටිකක්‌ උඩට ආවා. හැබැයි ඉතිං මේ අනාවරණය හරි හමන් එකක්‌ නො වෙයි. නැහැයි කියන්න බැරි නිසා බොහෝ ම අකැමැත