Posts

Showing posts from January, 2013

ඉන්ද්‍රිය ගෝචර ලෝකය

ඉන්ද්‍රිය ගෝචර ලෝකය සම්භාව්‍ය භෞතිකයේ දී අප කතා කරන්නේ අංශූ (වස්‌තු) හා තරංග ගැන ය. අංශු හා වස්‌තු සන්තතික මෙන් ම අසන්තතික චලනයෙහි යෙදෙයි. එහි කෙටි විස්‌තරයක්‌ පසුගිය කලාපයෙහි අපේ ප්‍රවාද යටතේ පළ විය. අංශු, අංශු ලෙස ගත හොත් අසන්තතික වෙයි. දෘඪ වස්‌තු නිර්මාණය වී ඇත්තේ අංශුවලින් ය. දෘඪ වස්‌තුවක්‌ ද තරලයක්‌ මෙන් ම අදාළ ප්‍රදේශයෙහි සන්තතික ලෙස සැලකිය හැකි ය. එහෙත් දෘඪ වස්‌තුවක පරිමාව වෙනස්‌ නො වේ. මෙහි දී උෂ්ණත්වය සමග වස්‌තුවේ පරිමාව වෙනස්‌ වීම සලකා නො බැලෙන බව නැවතත් කිව යුතු ය. දෙන ලද ස්‌කන්ධයක්‌ ඇති දෘඪ වස්‌තුවක පරිමාව වෙනස්‌ නො වේ. එනම් එහි ඝනත්වය වෙනස්‌ නො වේ. එහෙත් තරලයක එසේ නො වේ. එක ම උෂ්ණත්වයක දී වුව ද දෙන ලද ස්‌කන්ධයක්‌ ඇති තරලයක චලනයත් සමග පරිමාව හා ඝනත්වය වෙනස්‌ විය හැකි ය. තරංගයක්‌ යනු කුමක්‌ ද? දෙපැත්ත ගැටගසන ලද තන්තුවක්‌, එනම් දෙකෙළවර ගැට ගසන ලද තන්තුවක්‌ එහි වෙනත් ලCෂ්‍යයකින් ඇද නිදහස්‌ කළ හොත් වස්‌තුව කම්පනය වනු අපට දැකගත හැකි ය. අපට ඒ කම්පන තරංග අයුරින් දැකගත හැකි ය. මෙහි දී සිදු වන්නේ ඒ ඒ ලCෂ්‍යය එහි යම් කිසි මධ්‍යන්‍යයක්‌ වටා යම් දෝලන ඇති කිර

2050 දී ලෝකය කෙබඳු වේ වි ද?

අද රාත්‍රියේ නින්දට යන ඔබ හෙට උදැසන අවුරුදු 40ක්‌ ඉදිරි අනාගතයට අයත් ලෝකයට එක්‌වර ම පා තැබුව හොත් ඔබට ඇති විය හැක්‌කේ කෙබඳු හැ`ගීමක්‌ ද? විඳිනු ඇත්තේ කෙබඳු අත්දැකීමක්‌ ද? දිගු නින්දකින් පසු උදැසන අවදි වූ විට මුළු පරිසරය ම ඉතා නිස්‌කලංක වීම ඔබට නුපුරුදු අත්දැකීමක්‌ වනු ඇත. තවදුරටත් ඔබේ සවනට එන්ජින්වල අප්‍රසන්න ගෙරවිලි හ`ඩවලින් සහ යන්ත්‍රවලින් නිකුත් වන රළු ඝෝෂාවන් ගෙන් බාධා වන්නේ නැත. ඔබ පෙර දින ජීවත් වූ ලෝකයේ ම තවදුරටත් ජීවත් වුවත්, ඔබට එය වෙනස්‌ ම ආකාරයේ අත්දැකීමක්‌ වනු ඇත. ඊයේ වාහනවලින් නිකුත් වන ඝෝෂාව නිසා අප්‍රසන්න ව පැවැති පරිසරය අද ඉතා නිස්‌කලංක ස්‌වභාවයක්‌ උසුලයි. හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ (ජලය මගින්) ශක්‌තිය ලබා දීම නිසා ඊයේ අප භාවිත කළ උපකරණ බොහොමයක්‌ නවීකරණය වී ඇත. මේ කෝෂ තුළ දී හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් එකිනෙක සම`ග ප්‍රතික්‍රියා කිරීම සඳහා එක ස්‌ථානයකට මුදාහරිනු ලැබේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජලය නිෂ්පාදනය වේ. මෙය ඉතා පිරිසිදු ශක්‌ති ප්‍රභවයකි. මිලෙන් ද අඩු ය. පෙර දා රාත්‍රියේ ෆොසිල ඉන්ධන දහනයෙන් නිකුත් වන අමිහිරි ශබ්දයත් සම`ග ඔබ සුවසේ නිදාගත්තේ කෙසේ ද යන්න

ජීවය ඇති වූ ආකාරය ගැන උල්කාෂ්මයකින් ලැබෙන සාක්‌ෂි

Image

රසදිය පාලනය සඳහා වූ 'මිනමාටා සම්මුතියට' එකඟතාව

රසදිය පාලනය සඳහා වූ 'මිනමාටා සම්මුතියට' එකඟතාව රිසරයට රසදිය විමෝචන හා මුදාහැරීම වැළැක්‌වීම සඳහා වූ නිසි ජගත් මට්‌ටමේ නෛතික වගකීමක්‌ ඇති සම්මුතියකට එළැඹීමට ලෝකයේ රටවල් 140කට අධික ප්‍රමාණයක්‌ සිය එකඟතාව පළ කර තිබේ. මේ එකඟතාවට එළැඹී ඇත්තේ පසුගිය දා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නගරයේ දී අවසන් වූ එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන ම`ගින් සංවිධානය කළ සමුළුවක දී ය. මේ සමුළුවේ අවසන් දිනයේ රාත්‍රිය පුරා ඇදී ගිය සාකච්ඡාවලින් පසුව මේ එකඟතාව ඇති වී තිබේ. 2009 වර්ෂයේ දී එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහනේ සමුළුවක දී ගත් තීරණයක්‌ මත වසර හතරක පමණ කාලයක්‌ තිස්‌සේ කළ සාකච්ඡාවලින් පසුව මේ එකඟතාවට එළැඹී ඇත. මේ නව සම්මුතිය 'රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය' (ඵසබ්ප්ඒ ඤබඩැබඑසදබ දබ පැරජමරහ) ලෙස හැඳින්වේ. ඒ, ලෝකයේ මෙතෙක්‌ ඇති වී තිබෙන බරපතළ ම පරිසර විනාශයක්‌ සේ සැලකෙන මිනමාටා ෙ€දවාචකය සිහිපත් කරමිනි. ජපානයේ පිහිටා ඇති නගරයක්‌ වන මිනමාටා ප්‍රදේශයේ 1950 දශකයේ දී නිරාවරණය වූ රසදිය දූෂණයකින් මිනිසුන්ට විශාල ආකාරයේ සෞඛ්‍ය බලපෑම් ඇති විය. එය රසදිය නිසා ඇති වන ගැටලු පිළිබඳව අවධ

සන්තතික ද අසන්තතික ද

මනසක්‌ නැතැයි අප කියන්නේ වාස්‌තවික හා නිරපේක්‍ෂ අර්ථයකින් මිස සාපේක්‍ෂ අර්ථයකින් නො වේ. එය පුටුවක්‌ නැතැයි කීමෙන් වෙනස්‌ නො වේ. සාපේක්‍ෂ අර්ථයකින් පුටු ඇත. එහෙත් නිරපේක්‍ෂ අර්ථයකින් පුටු නැත. පුටුව යන්න අපේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්‌කෘතියට සාපේක්‍ෂ ය. පුටුව යන්න අනෙක්‌ ඉන්ද්‍රියයන් ගේ ද සහාය ඇති ව මනස විසින් නිර්මාණය කෙරී ඇති තවත් සංකල්පයක්‌ පමණකි. එය සංකල්පීය ලෝකයට අයත් වූවකි. සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්‌ඛ ය, අනාත්ම ය, ශුන්‍ය ය. සංකල්පීය ලෝකය අපේ නිර්මාණයකි. අප එය නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසා ය. අවිඡ්ජා පච්චයා සංඛාරා යන්නෙන් කියෑවෙන්නේ අවිද්‍යාව හේතු කොටගෙන සංස්‌කාර ඇති වන බව ය. එනම් අවිද්‍යාව හේතුවෙන් සංකල්පීය ලෝකය සංස්‌කරණය කෙරෙයි. අවිද්‍යාව යනු අන් කිසිවක්‌ නො ව සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම, ශුන්‍ය බව නො දැනීම ය. මෙහි චක්‍රීය බවක්‌ දැකිය හැකි නම් එය පුදුමයට කරුණක්‌ නො වේ. අපට ඇත්තේ ඒක රේ‚ය චින්තනයක්‌ නො ව චක්‍රීය චින්තනයකි. චක්‍රීයත්වය පටිච්චසමුප්පාදය පුරා ම දැකිය හැකි ය. නිවන් අවබෝධය යනු එක්‌ අතෙකින් ගත් කල මේ චක්‍රීයත්වය නැති කි

වැරැදි තොරතුරු පැතිරවීමට එරෙහි ව සටන් කිරීමේ කලාව

පියාඹන පීරිසියක්‌ කඩා වැටුණු බව, පිටසක්‌වළ ජීවීන් දෙතුන් දෙනකු තුරු වදුළක්‌ තුළින් මතු වනවා දුටු බව, තව මාස දෙකකින් ලෝකය විනාශ වන බව ආදි කතා පැතිර යන්නේ හරි පුදුම වේගයකිනි. මෙවැනි වැරැදි තොරතුරු සහිත කතා ඇතැම් විට භීතිකාව වැනි විශාල ගැටලුවලට මුලපුරන්නක්‌ විය හැකි ය. ඊට හේතුව ඇතැමුන් මේවා ගැන විමර්ශනය නො කොට විශ්වාස කරන්නට පෙලඹීමයි. එනිසා වැරැදි තොරතුරු ජනතාව අතර ව්‍යාප්ත වන්නේ කෙලෙස ද යන්න මෙන්ම ඒවා පාලනය කළ යුතු වන්නේ කෙලෙස ද යන්න ගැනත් දැන සිටීම වැදගත් ය. බටහිර ඕස්‌ටේ්‍රලියා විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්‌ටීවන් ලෙවන්ඩොව්ස්‌කි පසුගියදා, මිනිසුන් වෙත වැරැදි තොරතුරු ළ`ගා වන්නේ කෙලෙස ද? ඒවාට මිනිසුන් ප්‍රතිචාර දක්‌වන්නේ කෙසේ ද? ආදී කරුණු ගැන අධ්‍යයනයක්‌ සිදු කළේ ය. එහි දී දේශපාලනික තොරතුරුවලට වැරැදි අර්ථකථන ලැබීම ගැන මෙන්ම වෛද්‍යමය හා වෙනත් තොරතුරුවලට වැරැදි අර්ථකථන සන්නිවේදනය වීම ගැන ද ඔහු අධ්‍යයන කළේ ය. ඉරාක යුද්ධය ගැන වැරැදි තොරතුරු ව්‍යාප්ත වූයේ කෙලෙස ද යන්න ගැන ද ඔහු දීර්ඝව අධ්‍යයනය කළේ ය. එසේ ම සාවද්‍ය තොරතුරු සම්ප්‍රේෂණයට එරෙහි ව ග

ද්‍රව්‍යවාදී හෝ විඥානවාදී හෝ නොවීම

ද්‍රව්‍යවාදී හෝ විඥානවාදී හෝ නොවීම   ඇතැමුන්ට අනුව මම බෞද්ධයෙක්‌ නො වෙමි. ඔවුන් එසේ කියන්නේ මනසෙහි ඊනියා වාස්‌තවික පැවැත්මක්‌ මා ප්‍රතික්‍ෂෙප කරන බැවිනි. මම සාපේක්‍ෂතාව පිළිගනිමි. අවශ්‍ය නම් අයකුට මා සාපේක්‍ෂතාවාදියකු යෑයි කිව හැකි ය. තවත් දුර ගොස්‌ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු යෑයි කිව හැකි ය. ඒ දාර්ශනිකව ය. එසේ වුවත් තමන් බෞද්ධයන් යෑයි කියාගන්නා අය මෙන් ම මම ද මතු දිනයක නිවන් අවබෝධ කරගැනීමට උත්සාහ කරමි. මා නිවන් අවබෝධ කරගත් දිනයක මගේ මනසට කුමක්‌ සිදු වේ ද? නිවන් අවබෝධයෙන් කලක්‌ ගත වී පිරිනිවන් පානා අවස්‌ථාවේ දී මනසට කුමක්‌ සිදු වේ ද? නිවන් අවබෝධයෙන් පසු මා යන්නෙන් කෙනකු ගැන කිව හැකි ද? මනසක්‌ පවතින්නේ යෑයි කී විට එය නිරපේක්‍ෂව පවතින්නේ ද නැත් ද යන ප්‍රශ්නයට ද පිළිතුරු දිය යුතු ය. මනස නිරපේක්‍ෂව වාස්‌තවිකව පවතින්නේ යෑයි කියන්නෝ ද්‍රව්‍යවාදී විඥානවාදියෝ වෙති. පසුගිය සතියේ අපේ ප්‍රවාද ලිපියෙහි මාතෘකාව විඥානවාදී ද්‍රව්‍යවාදීහු ලෙස සඳහන් වී තිබුණේ මුද්‍රණ දෝෂයකිනි. එය ද්‍රව්‍යවාදී විඥානවාදියෝ යනුවෙන් නිවැරැදි විය යුතු ය. මා දන්නා තරමට බෞද්ධයෝ ද්‍රව්‍යවාදී

ග්‍රහක, උල්කාපාත හා උල්කාෂ්ම

Image
ග්‍රහක, උල්කාපාත හා උල්කාෂ්ම අභ්‍යවකාශය ඉතා විශාල ලෙස දූවිලි හා පාෂාණ කැබැලිවලින් පිරී පවතී. මේ පාෂාණ කැබැලි අභ්‍යවකාශයේ පවතින විට ඒවා ග්‍රහක (Asteroids) ලෙස අපි හඳුන්වමු. මෙලෙස තනිකර ම ග්‍රහකවලින් සමන්විත කලාප පවතී. අඟහරුත් බ්‍රහස්‌පතිත් අතර ඇති ග්‍රහක පටිය මේ සඳහා උදාහරණයකි. එපමණ නො වුණත් අප පෘථිවිය අවට ඇති අභ්‍යවකාශයේ ද විශාල ලෙස ග්‍රහක පවතී. පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමේ දී මේ ග්‍රහක හරහා ගමන් කිරීමට සිදු වෙයි. එවිට මේවා පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසු වී වේගයෙන් පෘථිවිය කරා පැමිණේ. මේ ගමනේ දී මේවා පෘථිවියේ වායුගෝලය හා ගැටීමෙන් ඉතා අධික ලෙස රත් වෙයි. මේ ග්‍රහක සෙල්සියස්‌ අංශක 3000ක පමණ අධික උෂ්ණත්වයට පවා රත් වෙයි. පහළ වායුගෝලයට පැමිණීමේ දී මේවා වායුගෝලයේ ඇති ඔක්‌සිජන් සමග මුසු වී විවිධ වර්ණයන් ගෙන් යුතු ආලෝකයන් පිට කරමින් දැවී යයි. මේ වස්‌තූන් වායුගෝලය තුළ දී දැවීමට භාජන වන විට අපට පියවි ඇසින් දැකිය හැකි ය. "කඩා හැළෙන තාරකා" ලෙස දිස්‌ වන මේවා (වායුගෝලය තුළ දී) උල්කාපාත ලෙස හඳුන්වනු ලැබේ. (උල්කාෂ්ම ලෙස හඳුන්වන්නේ පොළොවට පතිත වූ පසු ය). රෑ අහස න

විඥානවාදී ද්‍රව්‍යවාදීහු

විඥානවාදී ද්‍රව්‍යවාදීහු ඊනියා භෞතිකවාදීන් විඥනවාදීන් වනුයේ ඔවුන් මනසේ පැවැත්ම පිළිගන්නා නිසා පමණක්‌ නො වේ. ඔවුන්ට ද මනසින් තොර ව කිසිවක්‌ කිරීමට නො හැකි ය. ඒ අරුතින් ගත් කල ඔවුන්ට ද මනස ප්‍රධාන ය. එහෙත් ඔවුහු ඒ බව නො පිළිගනිති. ඔවුන් පිළිගන්නේ ඇස්‌ කන් නාසාදී පංචෙන්ද්‍රිය ප්‍රධාන බව ය. පංචෙන්ද්‍රිය නොමැති ව ඊනියා බාහිර ලෝකයක්‌ නොමැති බව ඔවුන් ගේ දැනුමේ වෙයි. වෙනත් අයුරකින් කිව හොත් ඔවුහු ඒ බව උපකල්පනය කරති. පංචෙන්ද්‍රිය තිබුණ ද මනස නැත්නම් ඊනියා බාහිර ලෝකයක්‌ ඔවුන්ට නොමැති බව ඔවුහු නො පිළිගනිති. එහෙත් කැමරා, විවිධ උපකරණ ආදිය කොතෙකුත් තිබුණ ද, ඒ උපකරණවලට ඊනියා බාහිර ලෝකයක්‌ නැත්තේ ඒවාට මනස්‌ නොමැති බැවිනි. ඊනියා භෞතිකවාදීන්ට මනස නොමැති ව කිසි ම සංකල්පයක්‌ තනාගත නො හැකි බව අපි කීප වතාවක්‌ ම කියා ඇත්තෙමු. සංජානනයන් පංචෙන්ද්‍රිය සමග පමණක්‌ නො ව මනස ඔස්‌සේ සංකල්ප සමග ද බැ`දී ඇත. එහෙත් ඊනියා භෞතිකවාදීහු ඒ බව ද නො පිළිගනිති. මෙහි දී ඊනියා යන වචනය යොදා ගැනෙන්නේ එසේ හැඳින්වුව ද එසේ නො වන යන අරුතින් ය. භෞතිකවාදීන් තමන් භෞතිකවාදීන් යෑයි කියා ගත්ත ද, ඔවුහු එසේ නො වෙත

මාතලේ ගිලා බැස්ම ගැන භූ විද්‍යාත්මක පරීක්ෂණය

Image

ශ්‍රී ලංකාවෙන් හමු වූ උස ම ගොයම් ගස ගැන වැඩිදුර විද්‍යාත්මක පර්යේෂණ කළ යුතු ව තිබෙනවා

Image
ශ්‍රී ලංකාවෙන් හමු වූ උස ම ගොයම් ගස ගැන වැඩිදුර විද්‍යාත්මක පර්යේෂණ කළ යුතු ව තිබෙනවා වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගා කෙරෙන ගොයම් විශේෂ සම`ග සැසඳීමේ දී ඊට වඩා වෙනස්‌ ආකාරයක ගොයම් ගසක්‌ සබරගමුව විශ්වවිද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. අයි. යාපා මහතාට හමු වූ පුවතට ඉකුත් දිනවල ජනමාධ්‍යවලින් විශාල ප්‍රසිද්ධියක්‌ ලැබිණි. මේ එම සොයාගැනීම සම්බන්ධයෙන් ආචාර්ය යාපා මහතා විදුසර වෙත කළ කරුණු දැක්‌වීමකි. "ක්‍ෂේත්‍ර චාරිකාවක්‌ සඳහා තන්තිරිමලේ ප්‍රදේශයට ගිය අවස්‌ථාවක දී තමයි මේ වී බීජ මට ලැබුණේ. මේ වී බීජ මට ලබා දුන්නේ තන්තිරිමලේ රේණුකා රත්නගේ කියන ගොවි මහත්මියයි. ඇය මේ ගොයම් ගස්‌ වගා කර තිබෙනවා. මම මෙයින් වී බීජ කීපයක්‌ ගෙනැවිත් සබරගමු විශ්වවිද්‍යාලයයේ වගා කළා. ක්‍රමයෙන් සරුවට වැඩුණා. මේ වන විට ගසේ උස අඩි 12ක්‌ පමණ වෙනවා. කරල් පැහිලා පීදිලා පහළට නැමුණු විට ගසේ උස අඩි 11ක්‌ පමණ වෙනවා. පත්‍රයක්‌ අඩි දෙක හමාරක්‌ පමණ දිගයි. අ`ගල් දෙක හමාරක්‌ පමණ පළලින් යුක්‌තයි. බ`ඩ ඉරි`ගු ගසේ පත්‍රවලට බෙහෙවින් සමානයි. මේ ගොයම් ශ්‍රී ලංකාවට ආවේනික විශේෂයක්‌

රතු වැස්‌සේ වූ ජීවීන් පෘථිවියෙන් බැහැරක සිට ආ බවට ඇති මතය පහසුවෙන් බැහැර කරන්නට බැහැ

Image
රතු වැස්‌සේ වූ ජීවීන් පෘථිවියෙන් බැහැරක සිට ආ බවට ඇති මතය පහසුවෙන් බැහැර කරන්නට බැහැ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ පොද වැසි, මල් වැසි, මොරසූරන වැසි ආදී නානාප්‍රකාර වූ වැසි පිළිබඳ අත්දැකීම් ඇති ව සිටිය ද, "රතු වැස්‌සක්‌" පිළිබඳ ශ්‍රී ලංකාවේ ජනතාවට අසන්නට දකින්නට ලැබුණේ පසුගිය නොවැම්බර් මැද දී ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) හා කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) ඇතුළු පර්යේෂණ ආයතන කීපයක්‌ ම ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට කටයුතු කළේ ය. රතු වැසි පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ඇති මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ පැවැත්වීමේ සුවිශේෂී අවස්‌ථාව විදුසරට උදා වූයේ මේ අතර ය. එය නොවැම්බර් 28 වැනි දා විදුසරහි පළ විය. එදා මෙදාතුර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම රතු වැසි ගණනාවක්‌ ම වාර්තා වුණු අතර මේ කාලවකවානුවේ ම ගෝලාකර වූ දීප්තිමත් ආලෝක බෝල නැතිනම් ගිනි බෝල (fire balls) ආකාරයේ ආකාශ වස්‌තූන් නිරීක්‍ෂණය කිරීමේ අවස්‌ථාව ද ශ්‍රී ලාංකික ජනතාවට හිමි විය. එසේ ම එයට සමගාමීව දිවයිනේ නන් දෙසින් උල්කාෂ්මවල සුන්බුන් හමු වූ බවට

විඥානවාදී ද්‍රව්‍යවාදියෝ

Image