Posts

Showing posts from February, 2013

හිපොක්‍රටෙස්‌ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා නො වේ

හිපොක්‍රටෙස්‌ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා නො වේ මෙවර අපේ ප්‍රවාද වෙන් වන්නේ වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් පසුගිය සතියේ විදුසර පුවත්පතෙහි පළ කරන ලද හිපොක්‍රටීස්‌ හා ග්‍රීක දෙවියෝ යන ලිපියට ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ය. ලිපිය ලිවීම පිළිබඳ ව අප බටහිර වෛද්‍යවරයකු ලෙස පුහුණුවක්‌ ලබා ඇති චන්න ජයසුමන මහතාට ස්‌තුතිවන්න විය යුතු ය. ඒ මහතා ලොව පිළිගත් ඉහළ ම පෙළේ ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයකු යෑයි කියන්නකු මුණගැසී සාකච්ඡා කර ඇතැයි කියයි. ඒ වෛද්‍යවරයා ගේ නම සඳහන් කිරීමෙහි යම් බාධාවක්‌ ඇත් දැයි අපි නො දනිමු. ඊශ්‍රායල් ජාතික වෛද්‍යවරයා කියා ඇතැයි සඳහන් වන බොහෝ දේ අසංගත ය. ඒ ගැන කීමට පෙර අපට මූලික හැඳින්වීමක්‌ කිරීමට සිදු වී ඇත්තේ සිංහල වෛද්‍යවරයා ගේ ලිපියට කරන ඌන පූරණයක්‌ ලෙස ය. අප විසින් විශේෂයෙන් ම පසුගිය අවුරුදු පහක පමණ කාලයක්‌ තිස්‌සේ ලියන ලද ලිපිවල අඩංගු ප්‍රධාන කරුණක්‌ වූයේ දෙවියන් ගෙන් (භූතයන් ගෙන්) දැනුම ලබාගැනීම පිළිබඳ ව ය. වෙන කා හටත් වඩා හොඳින් චන්න ජයසුමන මහතා ඒ බව දනියි. රජරට හා ලංකාවේ වෙනත් පෙදෙස්‌වල නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ (එයට කුඹුරු පස

උල්කාෂ්මයක්‌ නො වන බවට සාධක මොනවා ද?

Image
උල්කාෂ්මයක්‌ නො වන බවට සාධක මොනවා ද? පේරාදෙනිය සරසවියේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා අරලගංවිල උල්කාෂ්ම සිද්ධිය පරීක්‌ෂා කළ භූවිද්‍යාඥයන් කණ්‌ඩායම නියෝජනය කළ භූ විද්‍යාඥයෙකි. පහත පළ වන්නේ ලේකා ප්‍රියන්ති මැණිකේ නවරත්න ඒ මහතා සමග මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි. මහාචාර්ය වික්‍රමසිංහ ගේ කණ්‌ඩායම සඳහන් කරන ආකාරයට ඔවුන් ඩයටම සොයාගෙන තිබෙන්නේ එහි සෙන්ටිමීටර 2-3ක්‌ පමණ අභ්‍යන්තරයෙන්. පෘථිවියේ තිබූ ඩයටම එකතු වූවා නම් එතරම් ඇතුළට යනන්ට බැරි බව ඔවුන් පවසා තිබුණා. මෙය උල්කාෂ්මයක්‌ නො ව යම්කිසි අධික උෂ්ණත්වයකට ලක්‌ වීමෙන් පසුව උණු වී හැදුණු පාෂාණයක්‌ බව පවසන්නේ එහි පාෂාණීභූත වූ වී ඇට, පිදුරු කෑලි සහ ඒවා තිබූ තැන්වලින් වාෂ්ප වී ගිය පසු ඉතිරි ව තිබූ අවකාශ පවා තිබුණු බව අප නිරීක්‌ෂණය කළ නිසයි. ඒවා අප ඡායාරූපගත කොට තිබෙනවා. එයින් පැහැ ලි වන්නේ පොළොවේ තිබූ පස්‌ උණු වීමකට ලක්‌ වී පාෂාණයක්‌ හැදුණු බවයි. එම පාෂාණය තුළ වී ඇට සහ වෙනත් ජීවී ද්‍රව්‍ය තිබී දැවී වාෂ්ප වී ගිය බවට සාක්‌ෂි තිබුණා. එම පාෂාණ කොටස සෙ.මී. 4ක්‌ 5ක්‌ යටට කැපූ පසුව එහි විවර දැකගත හැකි වීමෙන

පොක්‍රටීස්‌ සහ ග්‍රීක දෙවියෝ

Image
පොක්‍රටීස්‌ සහ ග්‍රීක දෙවියෝ පසුගිය දිනක ලොව පිළිගත් ඉහළ ම පෙළේ ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයකු මුණ ගැසීමේ අවස්‌ථාව මට හිමි විය. එහි දී විවිධ මාතෘකා සම්බන්ධයෙන් අප අදහස්‌ හුවමාරු කර ගත් අතර රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව ද සාකච්ඡා විය. එහි දී මා පැවසුයේ රෝගයට හේතු කාරකය අප දන්නා බවත් එය අප දැන ගත්තේ බෞද්ධ දෙවි කෙනකු හරහා බවත් ය. තව ද ආසනික්‌ පිළිබඳ හෙළිදරව්ව කළ පසු මෙරටේ විද්‍යාඥයන් යෑයි කියාගත් අය අපට පහර පිට පහර ගැසු අයුරු ද මම ඔහුට පැවසුවෙමි. අප රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ (සහ කිවුල් ජලය) බව පවසන විට (2010 ජනවාරි) ආසනික්‌ නිසා නිදන්ගත වකුගඩු රෝග මිනිසුන්ට ඇති වන බවට දැනුමක්‌ බටහිර වෙදකමේ නො වී ය. අපට පහර ගැසූ බොහෝ දෙනා කළේ ආසනික්‌ නිසා වකුගඩු රෝග වැළඳෙනවා ද යන්න අන්තර්ජලයේ සොයාබලා එවැන්නක්‌ නොමැති නිසා අප බොරුවක්‌ කරන බව පැවසීමයි. එහෙත් දැන් අප ගේ හෙළි කිරීමෙන් වසර 2කට පමණ පසුව මේ ගැන සොයා බැලීම් කළ ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක්‌ පවසන්නේ ආසනික්‌ නිසා නිදන්ගත වකුගඩු රෝගය වැළඳෙන බවට සාධක ලැබෙමින් පවතින බවයි. ඒ ගැන විස්‌තරයක්‌ වකුගඩු රෝග පි

ක්‌වොන්ටම් කාසි

ක්‌වොන්ටම් කාසි මේ ලිපිවල ඇතැම් විට අංශුවෙහි ප්‍රවේගය, පිහිටීම ආදී වශයෙන් ව්‍යවහාර වනු දැකිය හැකි ය. එහෙත් ඒ සැම අවස්‌ථාවක ම ඉන් කියෑවෙන්නේ වෙනත් අංශුවකට හෝ වස්‌තුවකට හෝ සාපේක්‍ෂව යම්කිසි රාමුවක්‌ විෂයයෙහි අංශුවෙහි ප්‍රවේගය හෝ පිහිටීම හෝ බව වටහාගත යුතු ය. අංශුවකට හෝ වස්‌තුවකට හෝ නිරපේක්‍ෂ පිහිටීමක්‌ හෝ ප්‍රවේගයක්‌ හෝ නැත. එබැවිත් යම්කිසි අතපසු වීමක්‌ නිසා සාපේක්‍ෂතාව සඳහන් වී නොමැති නම් කියෑවීමෙහි දී එහි සාපේක්‍ෂතාව සහිතව කියවීමට පුරුදු වීම වැදගත් වෙයි. උඩ දමන ලද කාසියක්‌ ආපසු පොළොවට වැටීමෙන් පසු කාසිය උඩ දැමූ අයට හෝ වෙනත් නිරීක්‍ෂකයකුට හෝ සාපේක්‍ෂව පිහිටුම් දෙකකින් එකක්‌ පමණක්‌ ගන්නා බව අපි සඳහන් කළෙමු. එහි දී කාසියේ රූපය ඇති පැත්ත එක්‌කෝ උඩු අත් සිරස අතට හැරී තිබිය යුතු ය. නැත හොත් ඒ පැත්ත යටි අත් සිරස අතට හැරී තිබිය යුතු ය. වෙනත් අයුරකින් කියන්නේ නම් රූපය ඇති පැත්තට ලම්බව කාසියෙන් ඉවතට ඇඳි රේඛාව උඩු අත් සිරස සමග සාදන කෝණය එක්‌කෝ ශූන්‍ය වෙයි. නැත්නම් ච වෙයි. එහෙත් කාසිය පොළොවෙන් උඩට චලනය වන අවස්‌ථාවක දී හෝ ආපසු පොළොවට ඇදී එන අවස්‌ථාවක දී හෝ කාසියේ රූ

විද්‍යා ප්‍රබන්ධයේ සමාජ මෙහෙවර

විද්‍යා ප්‍රබන්ධයේ සමාජ මෙහෙවර අනාගතයේ දිනයක මිනිසුන් අභ්‍යවකාශ යානාවල නැ`ගී ඈත මන්දාකිණිවල ඇති ග්‍රහලෝකයන්හි සැරිසරා ඒවායේ වසන බුද්ධිමත් ජීවීන් හමු වීමෙන් සිදු වන අනපේක්‌ෂිත සිදුවීම හෝ කාල යානයක නැඟී අතීතයට ගොස්‌ අතීතයේ සිටි යෝධ උරගයන් ගෙන් මිදී නැවත පැමිණි කාල යාත්‍රිකයකු ගේ ත්‍රාසජනක අත්දැකීම් හෝ යම් විද්‍යාඥයකු ගේ අත්වැරැදීමකින් අනපේක්‌ෂිත ලෙස බිහි වන අත්භූත සත්ත්වයකු ගේ භයංකර හැසිරීම පිළිබඳව හෝ ලියෑවුණු රසවත් විද්‍යා ප්‍රබන්ධයක්‌ කියවන ඔබ එහි ඇති සාහිත්‍ය රසයට අමතරව වෙනත් සාහිත්‍ය කෘතීන්හි නැති අපූරු රසයක්‌ විඳින බව ඔබට වැටහී තිබේ ද? විද්‍යා ප්‍රබන්ධයක්‌ වෙනත් මායා කතාවකින් (Fantacy) වෙනස්‌ වන්නේ මේ කරුණ නිසා ය. පාඨකයකු ලෙස විද්‍යා ප්‍රබන්ධ රස විඳින ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබන මේ විද්‍යාත්මක අත්දැකීම පිළිබඳව හා විද්‍යා ප්‍රබන්ධ රචකයන් ගේ සමාජ වගකීම පිළිබඳව අදහස්‌ කිහිපයක්‌ ගොනු කිරීම මේ ලිපියේ අරමුණ වේ. විද්‍යා ප්‍රබන්ධයක්‌ යනු කුමක්‌ ද? කෙටි කථාව හා නව කථාව ආදී සාහිත්‍යාංග පිළිබඳවනම් පොදුවේ පිළිගත් අර්ථ දැක්‌වීම් හා නිර්ණායකයන් ඇත. එහෙත් විද්‍යා