Posts

Showing posts from April, 2013

චින්තනය හා ජාතික චින්තනය

චින්තනය හා ජාතික චින්තනය මාක්‌ස්‌වාදය මෙරට මුල් බැස නො ගත්තේ ඇයි යන ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු දී ඇත. එහෙත් මේ ප්‍රශ්නය එයට වඩා පළල් ව ඇසිය යුතු ය. මාක්‌ස්‌වාදය කිsසි ම රටක මුල් බැසගෙන නැත. බටහිර යුරෝපයේ එය කිසි දිනෙක මුල් බැස ගත්තේ නැත. අද ඇමෙරිකාව ලෝකයේ දියුණු ම රට ලෙස පිළිගනු ලැබුණ ද, මාක්‌ස්‌වාදය බිහි වූ කාලයේ ද, ඉන්පසු ඊනියා දෙවැනි ලෝක යුද්ධය තෙක්‌ ම බටහිර යුරෝපය හා ඉන්දු එංගලන්තය ලෝකයේ දියුණු ම රටවල් (රට) ලෙස හැඳින්විණි. මාක්‌ස්‌වාදයට අනුව ලෝකයේ පළමු කම්කරු පංතික විප්ලවය සිදු විය යුතු ව තිබුණේ ඒ දියුණු ම රටවල ය. එහෙත් එය එසේ සිදු නො විණි. ඒ වෙනුවට ඊනියා කම්කරු පංතික විප්ලවය කෙසේ වෙතත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයක්‌ බලයට පත් වූයේ රුසියාවේ ය. රුසියාව එකී පෙරැළිය සිදු වන කාලයෙහි දී ඉතා අඩු දියුණු රටක්‌ විය. එහි පැවතියේ සාර් (රජු) ගේ රාජාණ්‌ඩුවකි. එහි අඩු ම තරමෙන් මාක්‌ස්‌වාදී භාෂාවෙන් කියන්නේ නම් ධනේශ්වර රාජ්‍යයක්‌වත් නො වී ය. එය එසේ සිදු වූයේ ඇයි ද යන්න තේරුම් ගැනීමට කෘති රාශියක්‌ පළ වී ඇත. ඒ කෘති මාක්‌ස්‌වාදී දෘෂ්ටි කෝණවලින් මෙන් ම වෙනත්

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය

Image
මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉහළ මානව සංවර්ධනයක්‌ ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව එක්‌ ව ඇති බව මේ මාසයේ මුල් සතියේ පමණ වාර්තා විය. ඒ සඳහා පදනම් ව තිබුණේ එක්‌සත් ජාතීන් ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන 'මානව සංවර්ධන වාර්තාවේ' නවතම වාර්තාව ය. 2012 වර්ෂය සඳහා වූ මානව සංවර්ධන දර්ශකයට අනුව ලෝකයේ රටවල් 187ක්‌ අතරින් ශ්‍රී ලංකාවට 92 වැනි ස්‌ථානය හිමි වී තිබිණි. අපේ රටට මානව සංවර්ධන දර්ශකයේ ලැබී තිබුණු අගය 0.715ක්‌ වූ අතර ලෝකයේ සාමාන්‍යය වූයේ 0.694කි. කෙසේ වෙතත් අපේ රට සෙසු දකුණු ආසියාතික රටවල් සියල්ලටම ට වඩා ඉදිරියෙන් පසු විය. අපේ රටේ සංවර්ධනය පිළිබඳව සිදු කරන සාකච්ඡා රැසක්‌ අපට දිනපතා අසන්නට කියවන්නට ලැබේ. මේ ඇතැම් දේ හුදෙක්‌ අපේ භෞතික සංවර්ධනය පිළිබඳව ය. නිදසුනක්‌ ලෙස මාර්ග, ගොඩනැ`ගිලි ආදි යටිතල පහසුකම් හා සම්බන්ධව ඇති වන සංවර්ධනය හා ආර්ථික සංවර්ධනය දැක්‌විය හැකි ය. මේ ඇතැම් සංවර්ධන කටයුතු පිළිබඳව අපට බරපතළ ගැටලු පවතී. ඒ අදාළ භෞතික සංවර්ධනය අත්පත් කරගැනීමට යැමේ දී අපේ රටේ කෙතරම් සම්පත් අහිමි කරගන්නේ ද යන්න පිළිබඳව ය. නිදසුනක්‌ ලෙ

වෙනත් ඉන්ද්‍රියවලට ගෝචර ලෝක

වෙනත් ඉන්ද්‍රියවලට ගෝචර ලෝක බටහිර විද්‍යාව කතා කරන්නේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි ගැන ය. මෙයින් අදහස්‌ කෙරෙන්නේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ යෑයි කියන සංසිද්ධි ය. ඉර නැ`ගීම, සඳ බැස යැම, කාන්දම් කෑලි එකිනෙක ආකර්ෂණය කිරීම හෝ විකර්ෂණය කිරීම හෝ ආදිය එවැනි ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. බටහිර විද්‍යාවට අනුව දැනුම ආරම්භ වන්නේ ද අවසාන වන්නේ ද පංචෙන්ද්‍රියවලට ගෝචර සංසිද්ධීන් ගෙනි. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද පංචෙන්ද්‍රිය විශ්වාස කළ හැකි නො වේ. මේ හතර බීරි කතාවක්‌ නො වේ නම් වෙන කුමක්‌ ද? අපි ඒ ගැන තවදුරටත් කතා කිරීමට පෙර බටහිර විද්‍යාවේ දී නො සලකා හැරෙන්නක්‌ කෙටියෙන් නමුත් සඳහන් කර ගනිමු. එනම් අපට ඉන්ද්‍රිය පහක්‌ පමණක්‌ තිබීම ය. මේ ඉන්ද්‍රියවල ඇති අඩුපාඩුකම් ගැන බටහිර විද්‍යාව දනියි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන කරුණක්‌ නම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය හා අවයව අතර වෙනස නො දැනීම ය. බටහිර විද්‍යාවෙහි සඳහන් වන්නේ අවයවවල අඩුපාඩුකම් හා ඒ අවයව විශ්වාස කිරීමට නොහැකි වීම පිළිබඳ කරුණ ය. සිංහල බෞද්ධයන්ට අනුව අපට ඉන්ද්‍රිය හයක්‌ වේ. බටහිර විද්‍යාවෙහි මනෙන්ද්‍රිය ඉන්

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!

Image
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ! Terence Arachchi තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත. ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අත

පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත අත්දැකීමක්!

Image
පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත අත්දැකීමක්! පෘථිවිය වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් හමු වී ඇතැයි අභ්‍යවකාශ ගවේෂණ යානාවලින් හෙළිදරවු වී තිබෙනවා. එයින් විද්‍යාඥයන්ට ඉඩ ප‍්‍රස්තාව පැදිලා තියෙනවා, සූර්ය සුළං අපේ පෘථිවියට ව්‍යසන ඇති කරන්නේ කෙසේද? කුමන අවස්ථාවන්හිදී ද? යන පැනවලට පිළිතුරු සොයා ගන්නට. වැන් ඇලන් විකිරණ පට (Van Allen radiation belt) කියන්නේ අපේ පෘථිවිය වටා අභ්‍යවකාශයේ විහිදී ඇති මුදු හැඩැති විකිරණ වළලූ විශේෂයක්. අපේ ග‍්‍රහයා ආවරණය කර ගෙන මෙවැනි වළලූ දෙකක් ඇතැයි මෙතෙක් සොයා ගෙන තිබුණා. ඒවා සොයා ගනු ලැබුවේ 1958 දී ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වූ ජේම්ස් ඇල්ෆ‍්‍රඞ් වැන් ඇලන් විසින්. ‘එක්ස්ෆ්ලෝරර් -1’ චන්ද්‍රිකාව මගින් ඉහළට යැවූ විශේෂ උපකරණවලින් තමයි, වැන් ඇලන් විසින් ඒ විකිරණ වළලූ සොයා ගනු ලැබුවේ. ආරෝපිත අංශුවලින් පිරි එවැනි කලාප දෙකක් පෘථිවියට ඉහළින් ඇති අවකාශයේ චුම්බකගෝලය වටා විහිදී ඇති බව ඔහු පෙන්වා දුන්නා. ඒවා වැන් ඇලන් පටි නමින් හැඳින්වෙන්නේ ඔහුට ගෞරවයක් වශයෙනුයි. දැන් අලූතින් තුන්වැනි විකිරණ කලාපයකුත් ඇති වූ බව

උල්හිටිය ජලාශය සහ ඇල්ගි

Image

නිර්මාණය කෙරෙන බොරු

නිර්මාණය කෙරෙන බොරු වියුක්‌ත දැනුම ඉන්ද්‍රිය ගෝචර නො වේ. සරල රේඛාවක්‌ යනු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක්‌ නො වේ. දිගක්‌ පමණක්‌ ඇති පළලක්‌ හෝ ඝනකමක්‌ හෝ නොමැති ජ්‍යාමිතික සංකල්ප පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සාධාරණීකරණයට ලක්‌ වූ සංකල්ප එකක්‌ වත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සියලු බල්ලන් සාධාරණීකරණයෙන් ලබාගන්නා වූ බල්ලා සංකල්පය අහවල් බල්ලා හෝ බල්ලකු හෝ මෙන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සාධාරණ බල්ලා යන සංකල්පය සිතෙන් මවාගත හැකි වත් නො වේ. එය සිතෙන් පනවා ගත යුත්තකි. එය පඤ්ඤත්තියකි. ප්‍රශ්නය වනුයේ බටහිර විද්‍යාවේ බොහෝ ප්‍රවාද එවැනි සිතෙන් මවාගත නොහැකි සංකල්පවලින් ප්‍රකාශ කිරීම ය. ඕනෑ ම අංශු දෙකක්‌ අතර ගුරුත්වාකර්ෂණ බලය මේ යෑයි කියන විට ඕනෑ ම අංශු ගැන කියෑවෙන්නේ සාධාරණ වියුක්‌ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති ලෙස ය. එපමණක්‌ නො ව ගුරුත්වාකර්ෂණ බලය යන්න ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන සංකල්පයකි. එහි තේරුම නම් ඕනෑ ම අංශු දෙකක්‌ අතර ගුරුත්වාකර්ෂණ බලය යන්න පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන්නක්‌ වීම ය. එහෙත් බටහිර විද්‍යාව මහත් ආඩම්බරයෙන් කියන්නේ එහි දී ඉන්ද්‍රිය ගෝචර සංජානන ගැන හද

නලින් ද සිල්වා නූතන වීර කැප්පෙටිපොලද -මහචාර්‍ය් සුචරිත ගම්ලත් ගුණ සමර-

Image
නලින් ද සිල්වා නූතන වීර කැප්පෙටිපොලද -මහචාර්‍ය් සුචරිත ගම්ලත් ගුණ සමර- දයල් බතී,  මහ ඇදුරු සුචරිත ගම්ලත් ගැන නොලීවොත් එය දයල් බතී  සිය දෙමාපියන් අමතක කිරීම හා සමය, මන්ද දයල් බතී  අභාශයන් ලැබූ පුද්ගලයින් අතර එතුමා ප්‍රධාන ස්තානයක් ගන්නා බැවිනි. අවුරුදු 78 ආයු වලඳා අපෙන් සමුගත් සුචරිත ගම්ලත් මහ ඇදුරු තුමාට  කල හැකි උත්තම ගෞරවය ලෙස දයල් බතී හිතන්නේ එතුමා අපට කියා දුන් පෙන්වා දුන් අදීනත්වය ඉදිරියට ගෙන යාමට හැකි තරමින් දායක වීමයි.  එතුමා ගැන පලමුව දැන ගත්තේ 84 -85 කාලයේ විප්ලව වාදී කොමියුනිස්ට් සංගමය විසින් සංවිධානය කල දේශන අදියට සහභාගී වීමෙනි. එමෙන්ම ඔවුන්ගේ පුවත් පත් කියවීමෙනි. සුචරිත ජනතාව අතර ප්‍රසිද්ධ දෙඤ්ඤං බැටේ විචාරය දෙන මහචාර්‍ය වරයා ලෙසය. එතුමා සහභාගී වන සම්මන්ත්‍රණ වැඩ මුලු රැස්වීම් වලදී එතුමාගේ වාරය එනතුරු අප බලා සිටියේ නොඉවසිල්ලෙනි.  ඒ ජාතිවාදීනට පහර දෙන සැටි අසා සතුටු වන්නටය. බඩගෝස්තරයට ප්‍රසිද්ධියට ජාතිය විකුණාගෙන කන ගී ගැයූ සමහර කෝකිලාවියන් වේදිකාව මත කඳුලු වගුරවන්නට ජාතිවාදීන් පතුරු හැරිය  ඒ විචාර වාග් ප්‍රහාර සමත් විය. බඩගෝස්තරය උදෙසා ඒ විචාර නොකල බැ