Posts

Showing posts from September, 2013

සතුටු ලැයිස්‌තුවේ නිර්ණායක

අප මෙතරම් පැවැත්ම ගැන සඳහන් කරන්නේ ඊනියා යථාර්ථවාදය, ඊනියා විද්‍යාත්මක යථාර්ථවාදය, වාස්‌තවිකත්වය ආදිය බටහිර විද්‍යාවට ප්‍රධාන බටහිර දැනුමට ඉතා වැදගත් වන බැවිනි. ක්‌වොන්ටම් භෞතිකය ම`ගින් මේ සංකල්ප අභියෝගයකට ලක්‌ කෙරුණ ද, අවුරුදු විසි පහකට වැඩි කාලයක්‌ අප මේ පිළිබඳ ව පළමුව සිංහලෙන් හා පසුව ඉංගිරිසියෙන් කතා කර තිබුණ ද, ඊනියා යථාර්ථය යනු ව්‍යාජයක්‌ බව කියා තිබුණ ද, මෙරට උගතුන් යෑයි කියාගන්නා අය ඒ නො සලකා සිටිය හ. එයට ප්‍රධාන ම හේතුව මෙරට උගතුන්ට සිතන්නට, කල්පනා කිරීමට නොහැකි වීම ය. ඔවුහු එක්‌කෝ තුන්වැනි සංගායනාවේ මත ආධානග්‍රාහී ව පිළිගනිති. එසේත් නැත හොත් බටහිර මත කිසි ම වගවිභාගයකින් තොර ව පුනරුච්චාරණය කරති. පසුගිය අගෝස්‌තු 29 වැනි දින "දි අයිලන්ඩ්" පුවත්පතෙහි පළ වූ ලිපියක කාලෝ ෆොන්සේකා මහතා තමා ඊනියා යථාර්ථය පිළිබඳ ව මෙතෙක්‌ දැරූ මතයෙන් වෙනස්‌ වීමට උත්සාහයක්‌ ගෙන තිබිණි. කාලාම සූත්‍රය තරමකට වුවත් තේරුම් ගැනීමට අවුරුදු විසි පහකට අධික කාලයක්‌ ගත් ඒ මහතාට මේ සියල්ල තේරුම් ගැනීමට තවත් බොහෝ කාලයක්‌ යනු ඇත. එහෙත් අවාසනාවකට කාලෝ ගේ කාලය අවසන් වෙමින් පවතියි. ඔහුට ඉගෙනීමට දැන් කාලයක්‌ න