Posts

Showing posts from December, 2013

බටහිර විද්‍යාවෙහි උපන්ගෙහි දෝෂය

ඩීඑස්‌ සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය එන්. ඒ. ද. එස්‌. අමරතුංග මහතාට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව දැනගැනීමට හදිසියක්‌ ඇත. එය පට්‌ටපල් බොරුවක්‌ නම් ඒ බව, ඔප්පු කරන මෙන් ඒ මහතා ඉල්ලා සිටියි. එහෙත් මා ඒ බව දැනටමත් පෙන්වා දී ඇත. සමහර විට ඒ මහතා ඔප්පු කිරීම යන්නෙන් වෙනත් දෙයක්‌ අදහස්‌ කරන්නේ දැයි නො දන්නෙමි. අප ඔප්පු (සාධනය) කිරීම හොඳින් ම සිදු වන්නේ යෑයි සිතන බටහිර ගණිතයේ කිසිවක්‌ ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්‍රස්‌තුත කිහිපයක්‌ සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟ ව තර්ක කර තවත් ප්‍රස්‌තුත ලබාගැනීම පමණ ය. වියුක්‌ත ප්‍රකාශයක්‌ වූ එය එතරම් වියුක්‌ත නො වූ දන්ත වෛද්‍ය විද්‍යා මහාචාර්ය අමරතුංග මහතාට වැටහෙන්නේ දැයි නො දනිමි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව ඔප්පු කිරීම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි අමරතුංග මහතා කියන්නේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව මා කියන්නේ පළමුවෙන් ම එවැනි දැනුම් පද්ධතියක්‌ ඇති බව පිළිගනිමිනි. එහෙත් අමරතුංග මහතා බටහිර විද්‍යාව චීනයේ හෝ ඉන්දියාවේ (භාරතයේ යෑයි කියමු) හෝ වෙනත් රටක හෝ තිබූ විද්‍යාවකින් වෙනස

මුල් පෙළේ විද්‍යා ජර්නල යළිත් අර්බුදයක

සයන්ස්‌, නේචර්, සෙල් වැනි ජර්නල සැලකෙන්නේ විද්‍යාවේ දේව මන්දිර ලෙසිනි. විද්‍යාවේ දෙවිවරුන් නැතත් විද්‍යාව ආගමක්‌ ලෙස සලකත හොත් එහි වන්දනාමාන කරන රන් දෙවොල් ලෙස මේ ජර්නල සැලකිය හැකි බව විද්වතුන් ගේ මතයයි. මේ ජර්නල විද්‍යාත්මක ප්‍රජාව තුළ කෙතරම් දුරකට සිය ආධිපත්‍යය පතුරුවා ඇත් ද කිව හොත් බොහෝ රටවල විශ්වවිද්‍යාල හෝ විද්‍යාත්මක ආයතන යම් අයකු විද්‍යාඥයකු ලෙස පිළිගන්නේ අවම වශයෙන් මේ ජර්නලවලින් එකක වත් නිබන්ධයක්‌ පළ කරවාගෙන ඇත්නම් පමණි. එනිසා ම විද්‍යාඥයන් ගේ බහුතරයක්‌ මෙවැනි ඉහළ පෙළේ ජර්නලයක නිබන්ධයක්‌ පළ කරවා ගැනීමට නො කරන දෙයක්‌ නැත. එම ජර්නලවල ඉහළ පුටුවල සිටින අයට විවිධ අන්දමේ අල්ලස්‌ දීමට පවා විද්‍යාඥයෝ පෙලඹෙති. ලොව වෙසෙන බොහෝ තරුණ විද්‍යාඥයන් ගෙන් තමන් ගේ ලොකු ම සිහිනය කුමක්‌ දැයි විමසුව හොත් ලැබෙන පිළිතුර වන්නේ මුල් පෙළේ ජර්නලයක නිබන්ධනයක්‌ පළ කරවාගැනීම යන්නයි. කෙසේ වෙතත් නොබෙල් ත්‍යාගලාභී ජෛව විද්‍යාඥයකු වන ඇමෙරිකානු ජාතික රැන්ඩි ෂෙක්‌මන් (Schekman) පවසන්නේ මේ මුල් පෙළේ විද්‍යා ජර්නල වර්ජනය කරන්නට ලොව පුරා විද්‍යාඥයන් පෙළගැසිය යුතු බවයි. මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි