Posts

Showing posts from January, 2014

"නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය ගැලීලියෝ ද බොරු වළට ඇද ගැනීමට තැත් කිරීම

Image
නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්නට අසාර්ථක වෑයමක යෙදෙන නලින් ද සිල්වා මහතා "පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට" (විදුසර- 01-01-2014)- යන මැයෙන් ලිපියක්‌ ලියමින් ප්‍රාථමික අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සංයුක්‌ත වියුක්‌ත දැනුම පිළිsබඳ ව පුරුදු පරිදි වැල්වටාරමක යෙදෙයි. එහෙත් නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‌ෂියක්‌ ඉදිරිපත් නො කරයි. ඔහු පවසන්නේ ඔහු කියන දෙය මට වැටහෙන්නේ නැති බවයි. මට වැටහෙන්නේ මා ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණක්‌ බව ඒ මහතා පවසයි. වාසනාවට අප බොහෝ දෙනකු සිටින්නේ ඒ ලෙස නිර්මාණය කරගත් ලෝකයක වීම සතුටට කාරණයකි. නැත හොත් මෙය පිස්‌සන් ගේ ලෝකයක්‌ වීමට ඉඩ ඇත. ගැලීලියෝ පෘථිවියේ චලනය පිළිsබඳ තම අදහස්‌ ඔප්පු කිරීම පිණිස මුහුදේ ගමන් කරන නැවක්‌ තුළ කළ හැකි පරීක්‌ෂණයක්‌ ගැන විස්‌තරයක්‌ කර ඇත. එම අදහස්‌ පසු කලක අයිසෙක්‌ නිව්ටන් ගේ න්‍යාය වර්ධනය කරගැනීමට උපකාර වූ බව සඳහන් වී ඇත. කෙසේ වුවත් අපට මෙතැන දී අදාළ වන්නේ ගැලීලියෝ බොරුවක්‌ කීවේ ඇයි ද යන්න නො ව එය බොරුවක්‌ බව ඔප්පු කරන්නේ කෙසේ ද යන්න ය. එය බොරුවක්‌ බව ඔප

මිනුම්කරණයට අදාළ තොරතුරු හා විවිධ ක්‍ෂෙත්‍රයන්හි සිදු කෙරෙන මිනුම්කරණ

Image

" ජීවිතය යනු ඉගෙනුම් ක්‍රියාවලියකි "

Image
අසංග අබේගුණසේකර මහතා වර්තමානයේ ලංකාවේ ජාතික පර්යේෂණ හා අධ්‍යයන ආයතනයක්‌ වන ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන පිළිබඳ ලක්‌ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ (Lakshman Kadirgamar Institute for International Relations and Strategic Studies) විධායක අධ්‍යක්‌ෂවරයා වේ. එමෙන් ම ඔහු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මැතිතුමා ගේ උපදේශකවරයකු හා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික නිsයෝජිත කටයුතු පිළිබඳ අධ්‍යයනායතනයේ (Bandaranayake International Diplomatic Training Institute) අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වේ. මීට පෙර ඔහු ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපතිවරයා විය. ශ්‍රී ලංකාවේ ධීවර වරායන් විශාල සංඛ්‍යාවක්‌ විනාශ කළ සුනාමි ව්‍යසනයෙන් පසු 2004 දී ඔහු ශ්‍රී ලංකා ධීවර වරාය සංස්‌ථාවේ සභාපතිවරයා ලෙස පත් විය. වයස 27 දී එම තනතුරට පත් වූ ඔහු 2010 තෙක්‌ එහි සේවය කළේ ය. ඇත්තෙන් ම ඔහු ඉහත සඳහන් කළ රාජ්‍ය තනතුරු තුනට ම පත් වූ ළාබාලතම පුද්ගලයා විය. රාජ්‍ය අංශයට එක්‌ විමට පෙර ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සහ හචිසන් යන ආයතනවල සේවය කළේ ය. ඕස්‌aටේ්‍රලියාව තුළ උසස්‌ අධ්‍යාපනය හැදැරූ අසංග අබේගුණසේකර මහතා එහි දී පර

පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට

බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ ඇයි දැයි ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට තවමත් වැටහෙන්නේ දැයි නො දනිමි. බොහෝ විට අපට වැටහෙන්නේ අප ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණ ය. අනෙක්‌ දේ අපට නො තේරෙයි. එවිට අප බොහෝ විට කියන්නේ අදාළ කරුණ නිසි ලෙස තේරුම් කර දී නොමැති බව ය. පස්‌වැනි පංතිය තෙක්‌ ඉගෙන ඉන් පසු පාසල හැර යන සිසුවකුට සාමාන්‍ය පෙළ මට්‌ටමේ උගන්වන ආකාරයෙන් (ආකෘතියෙන්) යමක්‌ තේරුම් කර දුන හොත් බොහෝ විට ඔහුට එය අවබෝධ නො වීමට ඉඩ ඇත. මෙරට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දළ වශයෙන් කොටස්‌ හතරකට බෙදිය හැකි ය. ඉංගිරිසින් ගෙන් ලබාගත් මේ අධ්‍යාපනය රැකියාව සමග බැඳී ඇත. අධ්‍යාපනය පිළිබඳ බොහෝ ප්‍රශ්නවලට මුල අධ්‍යාපනය රැකියා සමග බැ`දී තිබීම ය. ළමයින් පාසල්වලට ඇතුළත් කිරීම, පහේ ශිෂ්‍යත්වය, විශ්වවිද්‍යාල ප්‍රවේශය හා නිදහස්‌ අධ්‍යාපනය පිළිබඳ ගැටලු ආදී ප්‍රශ්න සියල්ල අධ්‍යාපනය හා රැකියාව අතර ඇති කරුමක්‌කාර සම්බන්ධය සමග ගැටගැසී ඇත. අධ්‍යාපනඥයන් තම රැකියාව වෙනුවෙන් මොන බොරු දෙසා බෑවත් සියයට අනූ නවයක්‌ නො ව එයටත් වඩා වැඩි පිරි

නලින් ද සිල්වා මහතා බොරු වළක වැටී පඹගාලක ද පැටලී ඇත

Image
නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පැවසීමෙන් නලින් ද සිල්වා මහතා බොරු වළක වැටී ඇත. එය ඔප්පු කර ගත නොහැකි ව වළෙන් ගොඩ ඒමට දඟලන ඔහු වකුගඩු රෝග, මී උණ වැනි නො දන්නා දේවල් ගැන දෙවියන් ද ඈඳගෙන නන් දොඩවා බොරු වළ තුළ වූ පඹගාලක ද පැටලී ඇත. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන මෙන් මා කළ ඉල්ලීමට පිළිතුරු සපයන ඔහු බටහිර විද්‍යාවේ උපන් ගෙයි දෝෂය නමින් ලිපියක්‌ ලියා ඇත. (විදුසර - 18. 12. 2013). එහෙත් ඔහු නවීන විද්‍යාව බොරුවක්‌ යෑයි ඔප්පු කොට නැත. ඔහු පවසන්නේ නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි චින්තනය හේතු කොටගෙන බව ය. එහෙත් එය එසේ වන්නේ කෙසේ දැයි පහදා දී නැත. මේ ලෙස කටමැත දෙඩීමෙන් සිදු වන්නේ ඔහු පඹ ගාලේ තවත් පැටලී වැටී ඇති බොරු වළෙන් ගොඩ ඒමට බැරි වීම ය. බටහිර චින්තනයේ හෝ සංස්‌කෘතියේ බලපෑම් හේතු කොටගෙන නවීන විද්‍යාව භාවිත කරගන්නේ කුමක්‌ සඳහා දැයි තීරණය විය හැකි ය. නවීන විද්‍යාව මිනිසා ගේ සැපතට ද විපතට ද භාවිත කළ හැකි ය. එය එසේ වන්නේ විද්‍යාවේ ඇති වරදක්‌ නිසා නො වන බව නලින් ද සිල්වා මහතා තේරුම්ගෙන නැත. මුළු ලොව ම ග්‍රහණයට ගැනීම සඳහා බටහිර රටවල් විද්‍යාව භාවිත කරන බව නොරහසකි. එහෙත්

වන පෙත් දෙබෑ කර මහා මාර්ග තැනීමේ බරපතළ ආදීනව මෙන්න !

Image
වර්තමාන රජය යටතේ සංවර්ධන ඉලක්‌ක පසුපස හඹා යමින් සිටින ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධතිය පසුගිය කෙටි කාල සීමාව පුරාවට ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ බව රහසක්‌ නො වේ. එහෙත් ඒ ආකාර මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල දී මෙරට වනාන්තර කුට්‌ටිකරණය වීමෙන් ඒ තුළ වෙසෙන වන ජීවීන්ට අත්වන ෙ€දනීය ඉරණම ගැන බලධාරීන් අවධානය යොමු කළේ ද යන්න ගැටලුසහගත ය. බලධාරීන් තබා මෙරට සිටින බොහෝ වනජීවී විද්වතුන් ගේ පවා ඇස ඒ වෙත යොමු වී ඇත්තේ අවම වශයෙන් බව අප ගේ වැටහීමයි. නොඑසේ නම් එම`ගින් මෙරට ජෛවවිවිධත්වය වැනසී යැමට තීරණාත්මක බලපෑමක්‌ එල්ල වන්නේ ය යන්න පිළිගැනීමට ඔවුන් අකැමැති ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පර්යේෂකයන් පිරිසක්‌ විසින් මෙරට නැෙ`ගනහිර පළාතට අයත් නිල්ගල වන රක්‌ෂිතය ආශ්‍රිතව සිදු කරන ලද අධයනයකින් මේ ආකාර වනපෙත් දෙබෑ කර මහා මාර්ග තැනීමේ බරපතළ ආදීනව විද්‍යාත්මකව හෙළිදරව් කර තිබේ. ඒ සමීර සුරන්ජන් කරුණාරත්න, සුජාන් හීන්කනත්තේගෙදර, කසුන් අමරසිංහ සහ ඇන්ස්‌ලම් ද සිල්වා යන පර්යේෂකයන් ය. මේ පිළිබඳව පර්යේෂණ පත්‍රිකාව ප්‍රකට විද්‍යා සඟරාවක්‌ වන TAPROBANICA ජර්නලයේ දෙසැම්බර් කලාපයේ පළ කර ඇත. ඕනෑ ම ආකාරයක මාර්ග ඉදිකිරීම්