Posts

Showing posts from March, 2014

වාසනාව උරගා බැලීමට කපාගන්නා වල්ලපට්‌ටා ශාකවලින් සියයට 75ක ම ආර්ථික වටිනාකමක්‌ නැහැ

මෙරට පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඉතා සරුවට වැඩෙන ශාකයක්‌ වන වල්ලපට්‌ටා ශාක ගහනය වනසාලමින් (Gyrinops walla ) වර්තමානයේ යම් විනාශකාරී වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බැව් නිතර නිතර ජනමාධ්‍ය මඟින් අනාවරණය කෙරේ. මේ ශාකය වසර කීපයක්‌ වැඩීමේ දී ගහේ යම් කඩතොලු වීමක්‌ ඇති වුව හොත් ස්‌වාභාවිකව දිලීරයක්‌ හටගන්නා අතර එම දිලීරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි සෛල වින්‍යාසයේ වයනය වෙනස්‌ වී යම් බලපෑමක්‌ සිදු වේ. එවැනි ශාකවලින් ලබාගන්නා නිස්‌සාරණයක්‌ හෙවත් රෙසිනය (Agarwood) සඳහා වෙළෙඳපළේ වැඩි ඉල්ලුමක්‌ පැවතීම හේතුවෙන් දකින දකින ස්‌ථානවල තිබෙන වල්ලපට්‌ටා ගස්‌ කැපීමට ඇතැම් පිරිස්‌ පුරුදු ව සිටිති. සත්‍ය වශයෙන් ම වල්ලාපට්‌ටා ශාකයේ ආර්ථික වටිනාකමක්‌ තිබෙනුයේ දිලීරයේ බලපෑමට ලක්‌ වූ ශාකවල පමණක්‌ වන අතර සෙසු වල්ලපට්‌ටා ශාකවල එවැනි කිසිදු ක්‌ෂණික වටිනාකමක්‌ නැත. එහෙත් මිනිසුන් ගේ නොදැනුවත්කම හේතුවෙන් කපා දමන වල්ලපට්‌ටා ගස්‌වලින් සියයට 75ක ම එවැනි කිසිදු ආර්ථික වටිනාකමක්‌ නැති බව අවධාරණය කළ හැකි ය. එමඟින් තමන්ට කිසිදු ප්‍රතිඵලයක්‌ නැති වනවා මෙන්ම එමඟින් පරිසරයට වන හානිය ද බරපතළ ය. මේ වල්ලාපට්‌ටා ශාකය රැකගැනීම සඳහා
Image
නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්නට අසාර්ථක වෑයමක යෙදෙන නලින් ද සිල්වා මහතා "පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට" (විදුසර- 01-01-2014)- යන මැයෙන් ලිපියක්‌ ලියමින් ප්‍රාථමික අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සංයුක්‌ත වියුක්‌ත දැනුම පිළිsබඳ ව පුරුදු පරිදි වැල්වටාරමක යෙදෙයි. එහෙත් නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‌ෂියක්‌ ඉදිරිපත් නො කරයි. ඔහු පවසන්නේ ඔහු කියන දෙය මට වැටහෙන්නේ නැති බවයි. මට වැටහෙන්නේ මා ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණක්‌ බව ඒ මහතා පවසයි. වාසනාවට අප බොහෝ දෙනකු සිටින්නේ ඒ ලෙස නිර්මාණය කරගත් ලෝකයක වීම සතුටට කාරණයකි. නැත හොත් මෙය පිස්‌සන් ගේ ලෝකයක්‌ වීමට ඉඩ ඇත. ගැලීලියෝ පෘථිවියේ චලනය පිළිsබඳ තම අදහස්‌ ඔප්පු කිරීම පිණිස මුහුදේ ගමන් කරන නැවක්‌ තුළ කළ හැකි පරීක්‌ෂණයක්‌ ගැන විස්‌තරයක්‌ කර ඇත. එම අදහස්‌ පසු කලක අයිසෙක්‌ නිව්ටන් ගේ න්‍යාය වර්ධනය කරගැනීමට උපකාර වූ බව සඳහන් වී ඇත. කෙසේ වුවත් අපට මෙතැන දී අදාළ වන්නේ ගැලීලියෝ බොරුවක්‌ කීවේ ඇයි ද යන්න නො ව එය බොරුවක්‌ බව ඔප්පු කරන්නේ කෙසේ ද යන්න ය. එය බොරුවක්‌ බව

"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය සිංහල බෞද්ධ චින්තනයට බටහිර විද්‍යාව පටහැනියි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම 2014 පෙබරවාරි 26 වැනි දින දරන ලිපියෙන් (බටහිර) විද්‍යාව සිංහල බෞද්ධයනට අකැප ද යන ප්‍රශ්නය නඟයි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධයනට අකැප ද යන්නෙන් ඒ මහතා කුමක්‌ අදහස්‌ කළත් මා දන්නා කරුණු දෙකක්‌ වෙයි. එකක්‌ නම් බටහිර විද්‍යාව පදනම් වන චින්තනය, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය, සිංහල බෞද්ධයනට පමණක්‌ නො ව මුළු මහත් ලෝකයට ම විපත්තිදායක බව ය. අද ලෝකය මිනිසුන්ට ජීවත් වීමට හිතකර නො වන ප්‍රදේශයක්‌, පතිරූප නො වන දේශයක්‌, බවට පත් වී ඇත්තේ මේ චින්තනයෙහි විසකුරු බව නිසා ය. ඒ චින්තනයෙන් වෙන් වූ බටහිර විද්‍යාවක්‌ නැත. දෙවනුව කිව යුත්තේ සිංහල බෞද්ධයකුට කිසි දාක සිංහල බෞද්ධ චින්තනයෙහි ජීවත් වන්නේ නම් හරිහමන් බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව ය. මෙරට බටහිර විද්‍යාවේ ඉතිහාසය අවුරුදු එක සිය පනහකට වැඩි මිස අඩු නො වේ. කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවා ඇත්තේ 1870 දී ය. පාසල්වල බටහිර විද්‍යාව ඉගැන්වීම එයට පෙර ආරම්භ වූවා නිසැක ය. එහෙත් ලංකාවෙන් බිහි වූ බටහිර විද්‍යාඥයකු ගැන අමරතුංග මහතාට කිව හැකි ද? (මහාචාර්යවරයකු වූ පමණින් හරිහමන් වි

"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය විද්‍යාව සිංහල බෞද්ධයන්ට අකැප ද?

(දෙවැනි කොටස) ඉහත මාතෘකාව යටතේ මා ලියූ ලිපියේ පළමුවැනි කොටස මීට පෙර විදුසර ස`ගරාවේ පළ විය. (26-02-2014). එහි මා පෙන්වා දුන්නේ ලක්‌දිව සිංහල ජාතිය බිහි වූ කාලයේ සිට බුදුරදුන් ගේ මුල් බුදුදහමට සමාන වූ දහමක බලපෑම යම් තරමකට රටේ පැවතුණ බව ය. ඊට අදාළ සාක්‌ෂි මා ඒ ලිපියේ ඉදිරිපත් කොට ඇත. මිහිඳු හිමියන් ලක්‌දිවට පැමිණ පළමුවෙන් ම කළේ දේවානම්පියතිස්‌ස රජු ගේ ඥානය සහ නිරවුල්ව සිතීමේ හැකියාව පරීක්‌ෂා කර බැලීම ය. බුදුරදුන් මෙන් මිහිඳු හිමියන් ද ඥානයට ප්‍රමුඛත්වය දුන් බව මින් පැහැදිලි වේ. උන්වහන්සේ රජු ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ 'දැනුම් හෝ දේව විශ්වාසය පිළිබඳව හෝ පරීක්‌ෂා කළේ නැත. ඥානය සහ නිරවුල්ව සිතීමේ හැකියාව පමණි වැදගත් වූයේ. මෙයයි සිංහල බෞද්ධයා ගේ දෘෂ්ටියේ පදනම වූයේ. අපට මෙතැන දී වැදගත් වන්නේ මුල් බුදුදහමේ ස්‌වභාවය ය. බුදුරදුන් ගේ දහමේ මිථ්‍යාවට තැනක්‌ තිබුණේ නැත. වෛදික සංකල්ප වන නිත්‍ය, සුඛ, ආත්ම යන ත්‍රිත්වය ඉන්ද්‍රිය ගෝචර නො වන පාරභෞතික වූ සංකල්ප බව හැඳිනගෙන ඊට විරුද්ධ වූ ද ආනුභුතික වූ ද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම, ත්‍රිත්වය උන්වහන්සේ ඉදිරිපත් කළ සේක. මැවුම්කාර දේව සංකල්පය බුදුන් පි