Posts

Showing posts from May, 2014

විද්‍යාවට නව දැක්‌මක්‌ රැගෙන ආ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය

Image
විද්‍යාවට නව දැක්‌මක්‌ රැගෙන ආ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය "නිව්ටන් මට සමාවෙන්න, ඔබට (මේ ගැටලු සඳහා) ඔබේ යුගයේ පහළ වී සිටිය හැකි අග්‍රගණ්‍ය බුද්ධිමතකු හා නිර්මාණකරුවකු විසින් පමණක්‌ දකිනු ලැබිය හැකි හොඳ ම හා එක ම විසඳුම් මාර්ගය සොයාගත්තෙහි ය. එහෙත් මට ඔබ ගේ විසඳුම් සංශෝධනය කිරීමට සිදු ව ඇත." මේ විද්වතුනට හා ඔවුන් ගේ මතිමතාන්තරවලට ගරු කිරීමේ ශ්‍රේෂ්ඨ මානුෂීය ගුණාංගයෙන් පිරිපුන් විද්වත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් සිය ජීවිතයේ අවසාන කාලයේ දී සටහන් කළ වදන් කිහිපයකි. ඔහු එලෙස ඇගයීමට ලක්‌ කළේ නිව්ටන් ව පමණක්‌ නො වේ. සාපේක්‌ෂතාවාදීය අදහස්‌ නිර්මාණය පිළිබඳ දිනුම් කණුවට කෙස්‌ ගසක තරම් සමීපයට ළඟා වූ පොයින්කැරේ (Poincare) වැනි විද්වතුන් පිළිබඳව ද ඔහු ප්‍රශංසා මුඛයෙන් කථා කළේ ය. අප මේ ලිපියෙන් විමසා බලන්නේ විසිවැනි සියවසේ බිහි වූ අග්‍රගණ්‍ය බුද්ධිමය නිර්මාණ අතුරෙන් එකක්‌ ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි විද්වත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය නම් වූ සම්භාව්‍ය නිර්මාණයේ එය මූලික කරුණු පිළිබඳව ය. විද්‍යාත්මක චින්තනයේ පදනමෙහි කැපී පෙනෙන වෙනස්‌කම් ඇති කරමින් විද්‍යාවේ ගමන් මෙ`ගහි තීරණා

"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය ඥානවන්තයාගේ නිවන

"විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද?" සංවාදය ඥානවන්තයාගේ නිවන ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ මැයි 14 වැනි දා ලිපිය බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ නමින් කෙරෙන සංවාදයට සෘජු ව අදාළ නැත. එහෙත් එම ලිපියෙහි සඳහන් කරුණක්‌ දෙකක්‌ ගැන යමක්‌ නො පවසා සිටිය නො හැකි ය. එසේ වුවත් එයට පළමුව මගේ යෑයි 14 වැනි දා ලිපියෙහි මුද්‍රණ දෝෂ කිහිපයක්‌ නිවැරැදි කළ යුතු ව ඇත. ලිපියෙහි තුන්වැනි ඡෙදයෙහි අවසානයේ මෙසේ සඳහන් වෙයි. "මට කෙළෙඹි කැළක්‌ නැත. එහෙත් මට විරුද්ධව රට පුරා දැනුම් ආධිපත්‍යයක්‌ ඇති කෙළෙඹි කැළක්‌ නම් වෙයි". මෙය රට පුරා දැනුම් ආධිපත්‍යයක්‌ ඇති කොළඹ කැළක්‌ නම් වෙයි යනුවෙන් නිවැරැදි විය යුතු ය. ලිපියෙහි දහවැනි ඡෙදයෙහි පහත සඳහන් වාක්‍යය වෙයි. "කෙහෙල් ගෙඩිය සිතෙන් මවාගත හැකි යෑයි විශ්වාස කරන පුද්ගලයකු මවා ගන්නේ තමන් දැක ඇති කෙහෙල් ගෙඩියකට සමාන කෙහෙල් ගෙඩියක්‌ මිස වියුක්‌ත කෙහෙල් ගෙඩියක්‌ නො වේ." එහි වියුක්‌ත කෙහෙල් ගෙඩියක්‌ යන්න වියුක්‌ත කෙහෙල් ගෙඩිය ලෙස සඳහන් විය යුතු ය. දහවැනි ඡෙදයෙහි වච්චගොත්තයට යන්න කච්චායනගොත්තයනට යනුවෙන් නිවැරැ