Posts

Showing posts from June, 2014

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු පරිසර දූෂණයේ තවත් වැදගත් අංශයක්‌ ලෙස සාගර දූෂණය පෙන්වා දිය හැකි ය. සාගරය යනු මිනිසුන් වන අපට බොහෝ සේ ප්‍රයෝජනවත් වන පරිසර පද්ධතියකි. මේ නිසා සාගර දූෂණය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කළ යුතු ය. සාගර දූෂණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ සාගරයට හානිකර විය හැකි ද්‍රව්‍ය එකතු වීමෙන් ඇති වන බලපෑමයි. මිනිසුන් විසින් සාගරයට එකතු කෙරෙන එවැනි ද්‍රව්‍ය අතර රසායන ද්‍රව්‍ය, විවිධ අංශුමය ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, ශබ්දය වැනි ශක්‌තිය ද වේ. එසේ ම ආක්‍රමණික ජීවීන් ව්‍යාප්ත වීම ද සාගර දූෂණයත් ඇති කළ හැකි සාධකයකි. සාගර දූෂණය සඳහා හේතු වන සාධක අතරින් වැඩි ප්‍රමාණයක ප්‍රභවය ගොඩබිම ප්‍රදේශයේ වේ. එක්‌ ගණන්බැලීමකට අනුව එය මුළු දූෂක ප්‍රමාණයෙන් සියයට 80ක්‌ පමණ වේ. සාගර දූෂක හා එවායේ බලපෑම් සාගරයට එක්‌ වන ඝන අපද්‍රව්‍ය බරපතළ දූෂකයකිs. විවිධ ද්‍රව්‍ය මේ ආකාරයෙන් සාගරයට එක්‌ වන අතර, ප්ලාස්‌ටික්‌ එ අතර මුල් තැනක්‌ ගනියි. ප්ලාස්‌ටික්‌ හා කුඩා ප්‍රමාණයේ ප්ලාස්‌ටික්‌ අංශු පරිසරයට එක්‌ වීමේ අවසන් ප්‍රත

සිංහල වෙදමහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු-නලින් ද සිල්වා

සිංහල වෙදමහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ජුනි 11 වැනි දින ලිපියට ප්‍රතිචාර දැක්‌වීමට පළමුව එදින පළ වූ මගේ ලිපියේ මුද්‍රණ දෝෂයක්‌ නිවැරැදි කිරීමටත් යමක්‌ පැහැදිලි කිරීමටත් අවශ්‍ය වෙයි. ඒ කරුණු දෙක ම එක ම ඡෙදයක වෙයි. අදාළ කොටස මෙසේ ය. "අප කලින් කියා ඇති පරිදි ච p →  q යන්නෙන් හා q සත්‍ය වේ යන්නෙන් p සත්‍ය වේ යෑයි ගම්‍ය නො වේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් (කතන්දරයෙන්) පොල් පොළොවට වැටෙන බව නිගමනය කළ නො හැකි ය." එහි අවසාන වාක්‍ය මෙසේ නිවැරැදි විය යුතු ය. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් (කතන්දරයෙන්) පොල් පොළොවට වැටෙන බව නිගමනය කළ හැකි ය. පොල් පොළොවට වැටීම සත්‍ය යෑයි අප ගත්ත ද එයින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍ය යෑයි නිගමනය කළ නො හැකි ය. පැහැදිලි කිරීම එහි පළමු වාක්‍යය සම්බන්ධයෙනි. එහි ච p → q  යන්නෙන් කියෑවෙන්නේ p සත්‍ය නම් එවිට q සත්‍ය වේ යන්න නො වේ. ඇතැමුන් ඒ වාක්‍යය ඒ අයුරෙන් තේරුම්ගෙන ඇත. එහෙත් එයින් කියෑවෙන්නේ p ප්‍රස්‌තුතයෙන් q ප්‍රස්‌තුතය ගම්‍ය වේ යන්න ය. අමරතුංග මහතා, කාලෝ ෆොන

විද්‍යාව සහ සංස්‌කෘතිය අතර සම්බන්ධය (1 වැනි කොටස)

විද්‍යාව සහ සංස්‌කෘතිය අතර සම්බන්ධය (1 වැනි කොටස) විද්‍යාත්මක දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය අත්‍යවශ්‍ය කාර්යයක්‌ කරන බව නලින් මහතා පවසා ඇත. මෙය වැරැදි බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණ වන්නේ ය. මෙය සිදු වන්නේ කෙසේ දැයි ඒ මහතා පැහැදිලි කොට නැත. කෙසේ නමුත් මා පෙන්වා දෙන්නට යන්නේ සංස්‌කෘතිsයේ බලපෑම ඇති විය හැක්‌කේ විද්‍යාත්මක දැනුම සොයා ගන්නට පෙර හෝ පසුව එය කුමක්‌ පිණිස භාවිත කරනවා දැයි යන්න නිගමනය කිරීමට මිස එම සොයාගැනීමේ ක්‍රමවේදය මත නො වන බව ය. විද්‍යාව සත්‍ය ගවේෂණය වන්නේ ය. ජාන ම`ගින් උත්පත්තියෙන් උරුම වූ විපරම් කිරීමේ වුවමනාව සහ හැකියාව විසින් මිනිසා තම ජීවිතයේ සහ ස්‌වභාවධර්මයේ පවතින ක්‍රියාදාමයන් සොයාබැලීමට යොමු කරන ලදී. මිනිසා එය සිදු කළේ තම ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබාගත් සාක්‌ෂි මත පදනමි වීමෙන් ය. එය කොතැනත් කවදත් සිදු වූයේ ය. එය මිනිසා ගේ විද්‍යාව විය. එය වර්ධනය වී අද පවතින නවීන විද්‍යාව ලෙස හඳුන්වන ක්‍රමවේදය දක්‌වා දිගු ගමනක්‌ පැමිණ ඇත. මෙය කෙසේ සිදු වූයේ දැයි මගේ පෙර ලිපිවල විස්‌තරාත්මකව සඳහන් වී ඇත (බලන්න-විදුසර-19.02.14 - 26.03.14). සංස්‌කෘතිය යනු

ජපානය තුළ දී සිනමාව ඇසුරෙන් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැනියා මමයි-මහාචාර්ය රත්නායකයන්

Image
ජපානය තුළ දී සිනමාව ඇසුරෙන් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැනියා මමයි දේසජ ජන සංස්‌කෘතිය, ජන විඥනය තුළින් ලද ආභාසය ස්‌වකීය ජීවිතයේ මාවත කරගත් මොහු ඉන් කැලණිය විශ්විද්‍යාලය තුළ විවිධ නව සොයාගැනීම් සිදු කරයි. 2000 වසරේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ව සිටිමින් සෛද්ධාන්තිකව පැවැති එම විෂයයන් ප්‍රායෝගික තලයට ගෙන ඒමට මොහුට හැකි විය. නාට්‍ය හා රංග කලා, ප්‍රාසාංගික කලා, දෘශ්‍ය කලා හා සැලසුම්කරණය හා ප්‍රතිබිම්බ කලා ලෙස විෂය ධාරාවන් 04 වර්ධනය කිරීම සිදු වන්නේ මොහු ගේ තීරණයක්‌ ලෙසිනි. ප්‍රායෝගිකත්වය තුළ විෂය පරාසය පුළුල් කරමින් ඒ තුළින් සෛද්ධාන්තික දැනුම ලබා දීමේ ක්‍රමවේදය සරසවිය තුළ විධිමත්ව ඇරඹූ ආචාර්යවරුන් කිහිප දෙනා ගේ නම් අතර මොහු ගේ නාමය ද පවතී. ජපානයේ නිපොන් සරසවිය වෙතින් තම ආචාර්ය උපාධිය, වාර්තා සිනමාවට විශේෂිතව මොහු ලබාගන්නේ 1998 වසරේ දී ය. ජපානය හා ශ්‍රී ලංකාව සම`ග පැවැති සබඳතා ශක්‌තිමත් කරමින් අධ්‍යාපනික වශයෙන් සිසුන් විශාල පිරිසකට ආලෝකයක්‌ ඉන් ලබා දීමට මොහුට හැකියාව ලැබේ. මොහු නමින් මහාචාර්ය පැට්‌රික්‌ රත්නායක නම් වේ. අතිශය කාර්යබහුල පුද්ගලයකු වුවත් මහාචාර්ය රත්නායකයන්

ආසියානු අලියා ගේ දර්ශීය නිදර්ශකයක අලකලංචිය හෙවත් ලිනේයස්‌ ගේ අතපසු වීම

Image
ආසියානු අලියා ගේ දර්ශීය නිදර්ශකයක අලකලංචිය හෙවත් ලිනේයස්‌ ගේ අතපසු වීම ආසියානු අලියා පළමුව විද්‍යාත්මකව විස්‌තර කරන ලද්දේ ද්විපද නාමකරණය ලෝකයට හඳුන්වා දුන් කාල් ෆොන් ලිනේ හෙවත් කැරොලස්‌ ලිනේයස්‌ විසින් 1758 වර්ෂයේ දී ය. ලිනේයස්‌ විසින් ජීවී විශේෂ දස දහසකට අධික ප්‍රමාණයක්‌ පමණ මේ ආකාරයෙන් නම් කරන ලද අතර, අලියා ඉන් එක්‌ ජීවියෙක්‌ විය. සාමාන්‍යයෙන් විද්‍යාත්මක නාමකරණයේ දී එ සමඟ දර්ශීය නිදර්ශකයක්‌ හෙවත් දර්ශාදර්ශයක්‌ (type specimen) නම් කරන අතර එය පර්යේෂණායතනයක හෝ කෞතුකාගාරයක්‌ වැනි ආයතනයක හෝ තැන්පත් කරනු ලැබේ. ලිනේයස්‌ විසින් ආසියානු අලියා විස්‌තර කිරීම සඳහා යොදාගනු ලැබූ ප්‍රධාන නිදර්ශකයක්‌ සේ සැලකෙන්නේ අලියකු ගේ භ්‍රෑණයකි. එය ස්‌වීඩනයේ රජු ගේ ජීවී ද්‍රව්‍ය එකතුවෙහි තැන්පත් කරන ලද්දකි. මද්‍යසාරයේ ගිල්වා තිබූ මේ නිදර්ශකය, ප්‍රමාණයෙන් හොඳින් වැඩුණු බල්ලකු තරම් විය. එය යොදාගනිමින් ලිනේයස්‌ විසින් සිය Systema Naturae කෘතියේ දස වැනි සංස්‌කරණයේ අලියා විස්‌තර කර ලදි. එ අනුව අලියාට ලිනේයස්‌ ලබාදුන් ද්විපද නාමය වූයේ Elephas maximus යන්න ය. ඔහු එදා විස්‌තර කළේ එක්‌

මනසිකාරයක්‌ වූ මහාචාර්යවරයා

මනසිකාරයක්‌ වූ මහාචාර්යවරයා ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විද්‍යාත්මක දැනුම නව සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වේ ය යනුවෙන් 2014 ජුනි 04 වැනි දා ලිපියක්‌ ලියා ඇත. එය මතු සම්බන්ධ වන ලිපියක්‌ බැවින් ඒ ගැන සම්පූර්ණයෙන් ම අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් වළකිමි. එහෙත් මා කිව යුත්තක්‌ නම් අමරතුංග මහතා තම ලිපිවල දක්‌වන්නේ මා අවුරුදු 15 පමණ සිට අවුරුදු 35 පමණ වන තෙක්‌ දැරූ අදහස්‌ බව ය. එහි මට කිසි ම නැවුම් සුවඳක්‌ නැත. ඇත්තේ පිළුණු ගඳක්‌ පමණ ය. අමරතුංග මහතා සිතා සිටින්නේ ඔහු තම ලිපිවලින් දක්‌වන කිසිවක්‌ මා නො දන්නා බව ය. සමහර විට ඔහු උපදෙස්‌ ලබාගන්නා ඊනියා දැවැන්ත භෞතික විද්‍යාඥයා ද එසේ සිතනවා විය හැකි ය. මා ප්‍රවාදාත්මක (සෛද්ධාන්තික-theoretical) භෞතික විද්‍යාව හැදෑරීමට තීරණය කළේ අවුරුදු 15 දී පමණ ය. එහෙත් අවුරුදු 35 පමණ වන විට මට එහි ඇති වරද අවබෝධ වන්නට පටන් ගති. ඉන් අවුරුදු 5ක්‌ පමණ ඇවෑමෙන් අප එකිනෙකාට ඇත්තේ එකිනෙකා ගේ (මගේ) ලෝක බව අවබෝධ විය. ඒ සැම ලෝකයක්‌ ම එකිනෙකා ගේ නිර්මාණයක්‌ බව අවබෝධ කරගැනීම අමරතුංග මහතාටත් ඔහු ගේ ඊනියා දැවැන්තයාටත් ප්‍ර

දරුවකු ගේ වැඩෙන මොළයට හානිකර ප්‍රමාණය මෙන් 60 ගුණයක ඊයම් ප්‍රමාණයක්‌ පංති කාමරයක දුහුවිලි අතර !

දරුවකු ගේ වැඩෙන මොළයට හානිකර ප්‍රමාණය මෙන් 60 ගුණයක ඊයම් ප්‍රමාණයක්‌  පංති කාමරයක දුහුවිලි අතර ! ගෘහාශ්‍රිත දුහුවිලිවල අන්තර්ගත ඊයම් පිළිබඳ ජාතික වාර්තාවේ අනාවරණයක්‌ මෙරට පාසලක 1-2 ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපනය ලබන පංති කාමරයක්‌ ආශ්‍රිතව කළ විද්‍යාත්මක අධ්‍යයනයක දී වර්ග අඩියකට මයික්‍රොග්රෑම් 600ක ඊයම් ප්‍රමාණයක්‌ හමු වූ බව අනාවරණය වෙයි. මේ ප්‍රමාණය දරුවකු ගේ වැඩෙන මොළයට හානි කරන ඊයම් මට්‌ටම මෙන් 60 ගුණයක අගයකි. මේ බැව් අනාවරණය වූයේ පරිසර යුක්‌ති කේන්ද්‍රය විසින් ඉකුත් දා පවත්වන ලද මාධ්‍ය හමුවක දී ය. මේ ප්‍රතිඵලය වාර්තා වී ඇත්තේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය මත ප්‍රධාන වශයෙන් මෙරට පාසල් හා පෙර පාසල් ආශ්‍රිතව මේ වසර මුල දී පරිසර යුක්‌ති කේන්ද්‍රය මුල් වී සිදු කරන ලද පර්යේෂණයකිනි. මේ පර්යේෂණයට බොරැල්ල සහ දෙහිඅත්තකණ්‌ඩිය යන ප්‍රදේශයන්හි පිහිටි පෙර පාසල් 16ක්‌ පාසල් 2ක්‌ සහ නිවාස 2ක්‌ ඉලක්‌ක කරගෙන ඇත. මේ ස්‌ථානවලින් ලබාගත් වර්ග අඩියක ප්‍රමාණයේ දුහුවිලි නියෑදි 66ක්‌ පර්යේෂණයට බඳුන් කර තිබේ. දුහුවිලි ආශ්‍රිතව ඊයම් අංශු එක්‌රැස්‌ වීම සුලබ බැවින් පරී

අවිද්‍යාවේ ගිලී ඉන්නා අඳබාලයෝ

අවිද්‍යාවේ ගිලී ඉන්නා අඳබාලයෝ මිනිසා බිහි වූ දා පටන් ඉන්ද්‍රීය ගෝචර සාක්‌ෂි මත පදනම් ව කවදත් කොතැනත් වර්ධනය වූ විද්‍යාව බටහිරට බැර කොට බටහිර අරහන් නිසා විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පවසා නො පෙනෙන දෙවියන් ගෙන් දැනුම ලබාගත හැකි යෑයි ජනතාව නොම`ග යවන අය ගෙන් විද්‍යාව හදාරන අප කවුරුත් පරෙස්‌සම් විය යුතු ය. ඔවුන් ගෙන් ඈත් විය යුතු ය. විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පවසමින් එනමුත් නවීන විද්‍යාවේ ප්‍රධාන මතවාදයක්‌ වන සාපේක්‌ෂතාවාදය වත් හරියට වටහා නො ගෙන එම මතවාදය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට උගන්වන අය ගෙන් විද්‍යාව බේරාගත යුතු ය. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට පුළුවන් යෑයි කෑගැසූ එහෙත් පිළිගත හැකි සාක්‌ෂි ම`ගින් එය කරගත නොහැකි ව අවසානයේ බුදුදහම ම`ගින් එය කරන්නට තැත් කරන බාල ප්‍රසිද්ධියක්‌ ලබාගැනීමට මෙවැනි මෝඩකම් කරන අය ගෙන් විද්‍යාව හදාරන්නන් ඈත් විය යුතු ය. සාපේක්‌ෂතාවාදය පිළිබඳව මා පවසා ඇති නලින් මහතාට පාඩමක්‌ හැටියට ගත හැකි වැදගත් ම කරුණ වූයේ "විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එම වාදය වලංගු වන්නේ අවස්‌ථිත සමුද්දේශ රාමුවලට පමණක්‌ වන නිසා ය"

විද්‍යාත්මක දැනුම නව සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වේ

විද්‍යාත්මක දැනුම නව සොයාගැනීමක්‌ මිස නිර්මාණයක්‌ නො වේ විද්‍යාව යනු සත්‍ය ගවේෂණය වන්නේ ය. සත්‍ය ගවේෂණය යන්නෙන් අදහස්‌ වන්නේ අප ගේ ස්‌වභාවධර්මයේ සහ අප ගේ ජීවිතයේ ක්‍රියාදාමයන් පිළිබඳව සොයාබැලීම සහ අවසානයේ අප ගේ ජීවිතයේ අරුත සොයාගැනීම වන්නේ ය. මේ ලෝකය සහ ජීවීන් ඇති වූයේ කෙසේ ද, කුමක්‌ නිසා ද යන්න සොයාගැනීම සත්‍ය ගවේෂණයේ අවසාන අරමුණ වන්නේ ය. මෙය අප ගේ සත්‍ය ගවේෂණයේ අවසාන අරමුණ විය යුත්තේ මක්‌ නිසා ද? අප ඇති වූයේ කුමක්‌ නිසා දැයි අප දන්නේ නැත. එය නො දැන ජීවත් වීමට අප ගේ සහජ විපරම් කිරීමේ සහ සොයාබැලීමේ අවශ්‍යතාව ඉඩ නො දේ. අප ගේ ජාන ම`ගින් උත්පත්තියෙන් උරුම වූ කුතුහලය, විපරම් කිරීමේ වුවමනාව සහ හැකියාව නිසා අප ගේ ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් පමණක්‌ නො ව ජීවිතයේ අරුත අපට දැනගැනීමට අවශ්‍ය වන්නේ ය. ජීවිතයේ තේරුම කුමක්‌ ද යන්න නිතර අසන ප්‍රශ්නයකි. ජීවිතයේ තේරුම කුමක්‌ දැයි අප දන්නවා නමි අපට මීට වඩා හොඳින් ජීවත් වීමට පුළුවන් විය හැකි ය. ජාන ම`ගින් උරුම කරගත් විපරමි කිරීමේ අවශ්‍යතාව සහ හැකියාව මිනිසා බිහි වූ දා සිට තිබෙන්නට ඇත. මිනිසා තම ඉන්ද්‍රිය ම`ගින් ස්‌වභාවධර්ම

අසීමිත සූර්ය ශක්‌තිය අමතක කර බලශක්‌ති අර්බුදයකට අත වනමු ද?

Image
අසීමිත සූර්ය ශක්‌තිය අමතක කර බලශක්‌ති අර්බුදයකට අත වනමු ද? ජාත්‍යන්තර බලශක්‌ති අධිකාරිය - වසර මැද පුනර්ජනනීය බලශක්‌ති වාර්තාව වසර 2016 වන විට ජලය සුළඟ සූර්ය ශක්‌තිය යන පුනර්ජනනීය බල මූලාශ්‍රවලින් උත්පාදනය කරන විදුලියේ ප්‍රමාණය ගෑස්‌වලින් දැනට උත්පාදනය කරන විදුලියේ ප්‍රමාණය අභිබවා යනු ඇති අතර න්‍යෂ්ටික බලයෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ වනු ඇත. පුනර්ජනනීය මූලාශ්‍රවල පිරිවැය නොකඩවා පහත වැටෙනු ඇති හෙයින් මේ මූලාශ්‍ර ෆොසිල ඉන්ධන අභිබවා ඉදිරියට එනු ඇති අතර එහි ජනප්‍රියත්වය වඩාත් ස්‌ථිර වනු ඇතැයි උක්‌ත වාර්තාව නිව්යෝර්ක්‌ නගරයේ පසුගිය දා පැවැති බලශක්‌ති මුල්‍ය සංසදයට ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර බලශක්‌ති අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂවරිය වන මාරියා වැන්ඩර් හෝවන් සඳහන් කළා ය. වඩාත් පරිසර හිතකාමී වීම සහ විවිධාකාර වීම අවශ්‍ය වී ඇති ගෝලීය බලශක්‌ති පද්ධතියට මෙය සුබ ආරංචියක්‌ වුව ද OECD (ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ) රටවල් සෑහීමට පත් වීම සඳහා වන හේතුවක්‌ ලෙසින් මෙය නො සැලකිය යුතු යෑයි ද ඇය සඳහන් කළා ය. ආයෝජකයන් ගේ අංක එකේ හතුරා වන්නේ අදාළ රාජ්