Posts

Showing posts from September, 2015

වකුගඩු රෝගයට ප්‍රතිආස්‍රැතිය විසඳුමක්‌ ද?

Image
වකුගඩු රෝගයට ප්‍රතිආස්‍රැතිය විසඳුමක්‌ ද? දශක දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ මාරාන්තික වකුගඩු රෝගය රජරට ජනතාව බිල්ලට ගනිමින් සිටී. තවමත් මේ රෝගය සෑදෙන නිශ්චිත හේතුවක්‌ ප්‍රකාශයට පත් කරගැනීමට නොහැකි ව පර්යේෂකයන් ද, වෛද්‍යවරුන් ද බොහෝ සාකච්ඡාවල යෙදී සිටින බව අපට පෙනී යයි. විවිධ පර්යේෂකයන් හේතු සදහා ඉදිරිපත් කරන්නා වූ විවිධ මතිමතාන්තර ඔප්පු කරනු වස්‌ විවිධ සාක්‌ෂ්‍ය ගෙනහැර පානා නමුත් සියල්ලන් එකග වන්නා වූ පැහැදිලි කිරීමක්‌ මේ වන තෙක්‌ ඉදිරිපත් වී නොමැති බව පැහැදිලි කරුණකි. එසේ වුව ද බොහෝ දෙනා එකඟ වන්නා වූ එක්‌ කරුණක්‌ වෙයි. ඒ මේ රෝගය ඇති වන්නේ බීමට ගන්නා ජලය මූලික කරගෙන බව යන්නයි. ශ්‍රී ලාංකේය ජල සම්පත දූෂණය වීම පසුගිය දශක කිහිපය තිස්‌සේ ඉතා ශීඝ්‍ර ව සිදු වන බව පර්යේෂණාත්මකව ද ඔප්පු වී ඇති කරුණකි. ඒ සදහා බොහෝ මානව ක්‍රියාකාරකම් හේතු වන අතර ඉන් ප්‍රධාන ම වන්නේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් සිදු වන අස්‌ථානීය (non point pollution) දූෂණයයි. එලෙස හැඳින්වුව ද එහි මුඛ්‍ය අර්ථය වන්නේ ඉතා විශාල ප්‍රදේශයක්‌ හරහා එක වර දූෂකයන් පොළොවට එක්‌ වී ජල නිධි දූෂණය වන බවයි. කෘෂිකාර්මික කටයුතුවල දී විවිධ රසායනික

ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 02

Image
ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 02 නව මාතෘකාවක්‌ යටතේ අප සාකච්ඡා කරන්නේ ජීවිතයේ අරුත පිළිබඳව ය. මේ සාකච්ඡා තුළින් බොහෝ කරුණු අපට අධ්‍යයනය කරන්නට හැකි වී ඇත. ප්‍රථමයෙන් විද්‍යාවේ දර්ශනය පිළිබඳව ද, පසුව පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය පිළිබඳව ද කරුණු රාශියක්‌ සාකච්ඡා කළෙමු. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කොට ඇති මතවාදය සමඟ එකඟ වන කරුණු රාශියක්‌ එම සාකච්ඡා තුළින් ලබාගත හැකි විය. පසුගිය සතියේ ලිපියෙන් ඉතා ම වැදගත් කරුණු දෙකක්‌ මීට අදාළව අප ඉදිරිපත් කොට ඇත. එකක්‌ බුදුන් වහන්සේ ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව දේශනා කොට වදාළ ඉතා ම විද්‍යාත්මක වූ විස්‌තරය වන්නේ ය. දෙවනුව නියතිවාදය (determinism) සහ විද්වත් අයිසැක්‌ නිව්ටන් ගේ න්‍යාම, ක්‌වොන්ටම් යාන්ත්‍රණය සහ විද්වත් අයින්ස්‌ටයින් ගේ අදහස්‌, අතර ඇති සබඳතාව සාකච්ඡා විය. පළමුව ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව බුදුන් දේශනා කොට වදාළ ධර්මය දෙස නැවැත යොමු වෙමු. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කළ මතවාදය බුදුන් ගේ මේ ධර්මය සමඟ එකඟ වේ දැයි සොයා බලමු. අප ගේ මතවාදය පිළිගැනීමට නම් විශ්වයේ යථාර්ථයක්‌ තිබිය යුතු ය. බුදුන් ගේ ධර්මයෙන් පැහැදිලි ව

ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 01

Image
ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 01 අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේa අරුත පිළිබඳව විද්‍යාවෙන්, ආගම්වලින් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ගැන ය. විද්‍යාව පිළිබඳව ද එහි දර්ශනය පිළිබඳව ද සහ පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශන පිළිබඳව ද සොයා බැලීමෙන් අපි කරුණු රාශියක්‌ ලබා ගත්තෙමු. විද්‍යාවේ දර්ශනය පිළිබඳව ලියූ ලිපි පෙළ අවසන් කොට ඉහත මාතෘකාවක්‌ යටතේ ලිපි කිහිපයක්‌ ලියන්නට කාලය පැමිණ ඇත. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය පාඨකයා ගේ මතකය අලුත් කිරීමට පහත සඳහන් ලෙස කෙටියෙන් දක්‌වමි. 1. අප කෙටි කලක්‌ දුකින් ජීවත් වී මරණයට පත් වන්නේ ය. 2. එම නිසා අප ගේ ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නය ඇසිය යුතු ය. 3. අප සතුටින් හැම දා ජීවත් වන්නේ නම් ජීවිතයේ අරුත එය වන්නේ ය. 4. මේ ප්‍රශ්නය අප මේ ලෙස අසන්නේ ජීවිතයේ අරුත අප සඳහා, අප ගේ ප්‍රයෝජනය සඳහා විය යුතු යෑයි යන මතයේ පිහිටා ය. එහෙත් අප ගේ ජීවිතයේ අරුත අප සඳහා නො විය හැකි ය. එය වෙනත් කාර්යයක්‌ සඳහා විය හැකි ය. 5. අප ජීවත් වන විශ්වය අප සමග සංසන්දනය කළ විට සිතාගන්නට බැරි තරම් එය අති විශාල ය. එය අප සඳහා නිර්මාණය වී ඇතැයි සිතිය නොහැකි ය. එසේ නම් අ

විදු පත් ඉරුව

Image
විදු පත් ඉරුව ශ්‍රී ලංකාව දූපතක්‌ ලෙස පැවතීම බොහෝ වාසි ගෙන දෙන්නක්‌ වුව ද ඒ නිසා ම අකරතැබ්බවලට ලක්‌ වන අවස්‌ථා ද නැත්තේ නො වේ. අවට කලාපයේ ඇති වන විවිධ විපර්යාසයන් නිසා සුනාමි, තද වැසි, භූ කම්පා ආදියට අප රට මුහුණ පායි. එපමණක්‌ නො වේ. වායුගෝලයේ සිදු වන විපර්යාසයන් aහේතුවෙන් ඇති වන සුළි කුණාටුවලට අප වරින් වර මුහුණ දෙන්නේ ඒ හේතු කොටගෙන ඇති වන දරුණු කාලගුණික තත්ත්වයන්ට ද හසු වෙමිනි. වසර අවසාන සමයේ ශ්‍රී ලංකාව අවට සුළි සුළං තත්ත්ව වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති නිසා මේ සම්බන්ධව සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවක්‌ ලෙස හඳුනාගත හැකි ය. සමකාසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට බලපාන මෙවැනි සුළි කුණාටු නිර්මාණය වන්නේ ප්‍රධාන කොට ම අරාබි මුහුදේ සහ ඉන්දියන් සාගරය ද, එහි බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ ද ඉහළින් වූ වායුගෝලයේ ඇති වන සංකුලතා හේතු කොටගෙන ය. සුළි කුණාටුවක්‌ යනු කුමක්‌ ද? වායුගෝලයේ ඇති වන අවපාත තත්ත්වයන් හේතු කොටගෙන ඇති වන ඉතා වේගයෙන් කරකැවෙන වායු ධාරාවන් ලෙස සුළි කුණාටු හැඳින්විය හැකි ය. මේ සුළි කුණාටුවල මධ්‍යයේ අවපීඩන තත්ත්වයකි. බොහෝ විට සර්පිලාකාර අකුණු කුණාටු ද මේ සමග සම්බන්ධ වේ. මෙවැනි සුළිකුණාටු තත්