Posts

Showing posts from October, 2015

ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 05

Image
ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 05 අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ගැන ය. පසුගිය සතියේ සාකච්ඡා වූයේ නියතිවාදය සහ අනියතිවාදය පිළිබඳ ව ය. තව ද එම මතවාද සහ ක්‌වොන්ටම් යාන්ත්‍රණය අතර ඇති සබඳතාව පිළිබඳව ද සාකච්ඡා කළෙමි. ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ වෙනස්‌ වූ අර්ථකථන කිහිපයක්‌ පිළිබඳව ද කරුණු සොයා බැලුවෙමි. මේ අර්ථකථනවල ප්‍රධාන වෙනසක්‌ වන්නේ තරංග ශ්‍රිතය බිඳ වැටීම (Wave function collapse) පිළිබඳ දරන ආකල්පය ය. සමහරෙක්‌ එය බිඳ වැටෙන බව විශ්වාස කරයි. තවත් සමහරෙක්‌ එය බිඳ වැටෙන්නේ නැති බව පවසති. බහුලව භාවිත වන කෝපන්හේගන් අර්ථකථනය තරංග ශ්‍රිතයේ බිඳ වැටීමක්‌ සඳහන් කරති. ඩි බ්‍රොග්ලි-බොහෝම් අර්ථකථනය තරංග ශ්‍රිතයේ බිඳ වැටීමක්‌ විශ්වාස නො කරති. තරංග ශ්‍රිතය බිඳ වැටීම යනු ඉලෙක්‌ට්‍රොaනයක්‌ වැනි අංශුවක පිහිටීම නිගමනය කරන්නට තැත් කරන විට එය තරංගයක්‌ ලෙස හැසිරීම නවතා අංශුවක්‌ ලෙස හැසිරෙන බව ය. දෙදික්‌ සිදුරු පරීක්‌ෂණය යොදාගෙන මෙය සොයා බැලිය හැකි ය. ඉලෙක්‌ට්‍රොaනය ගමන් කරන්නේ කුමන සිදුරෙන් දැයි දැනගැනීමට සංවේදක උපකරණයක්‌ යෙදූ විට තරංග

අවදියෙන් සිටිය දී තරම් ම අවධානයෙන් සිදු කරන නින්දෙන් ඇවිදීම

Image
අවදියෙන් සිටිය දී තරම් ම අවධානයෙන් සිදු කරන නින්දෙන් ඇවිදීම  පසුගිය දා ආන්දොaලනයට ලක්‌ වූ පුවතක්‌ වූයේ කරුවලගස්‌වැව දිනිති නම් දැරිය කිලෝමීටර් 15ක්‌ තරම් දුරක්‌ කැළයක්‌ තුළට ඇවිද ගොස්‌ තිබිය දීත් ඇයට කුඩා සීරීමක්‌ වත් සිදු නො වීමේ සිද්ධියයි. ඇය කැළයක ගමන් කර තිබුණා පමණක්‌ නො ව දිය කඩිත්තකින් ද ගොඩ වී තිබිණි. මේ සම්බන්ධව විවිධ මත පළ ව ඇති අතර මෙවැනි සිදුවීමකට නින්දෙන් ඇවිද යැමේ චර්යාවෙහි සම්බන්ධයක්‌ තිබේ ද යන්න පිළිබඳව විමසීම මේ ලිපියෙහි අරමුණ වේ. නින්දෙන් ඇවිදීම බොහෝ විට දක්‌නට ලැබෙන්නේ කුඩා දරුවන් තුළ වීමත් ඇතැම් දරුවන් දැස්‌ විවර කරගෙන ම නින්දෙන් ඇවිදීමේ සිදුවීම් පවා වාර්තා වී ඇති බැවිනුත් මෙවැනි විමසීමක්‌ සිදු කිරීම කාලෝචිත විය හැකි ය. කෙසේ වෙතත් කුඩා දරුවන්ට පමණක්‌ සීමා නො වී වඩිහිටියන් ගේ නින්දෙන් ඇවිදීමේ චර්යාවන්ට අදාළ සිදුවීම් ද මෙහි ඇතුළත් කර ඇත. මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ දී නින්දෙන් ඇවිදීම (Sleepwalking) හඳුන්වන්නේ Somnambulism හෝ Noctambulism ලෙසිනි. එය සිංහලෙන් නිද්‍රdටනය ලෙස ද හැඳින් වේ. මෙය Parasomnia‌ රෝග කුලයට අයත් නිද්‍රd සංකූලතාවක්‌ ලෙස විස්‌තර කෙරේ. නින්දෙන් ඇවිදීමේ ස්‌