Posts

Showing posts from 2016

කැලණි ගංගා නිම්නයේ ගංවතුරට හේතු වන අධික වර්ෂාපතනයේ බලපෑම

කැලණි ගංගා නිම්නයේ ගංවතුරට හේතු වන අධික වර්ෂාපතනයේ බලපෑම කැලණි ගග දෙගොඩ තලා කොළඹ හා ගම්පහ හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල පහත්බිම් රැසක්‌ ගංවතුරින් යට වූයේ දැනට දෙසතියකට පමණ ඉහත දී ය. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ද කාලගුණයෙන් තදබල බලපෑම් ඇති වුවත් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ඇති වූ ගංවතුර බලධාරීන් ගේ මෙන්ම ජනතාව ගේ ද අවධානය දිනාගැනීමට සමත් ව ඇත. ඊට හේතුව හුදෙක්‌ මෙරට වැඩි ම ජනගහනයක්‌ මෙන්ම බොහෝ බලධාරීන් ද ජීවත් වන දිස්‌ත්‍රික්‌ක දෙකකට එය බලපෑ නිසා විය හැකි ය. මේ ගංවතුර නිසා කැලණි ගං මිටියාවතේ සීතාවක, කඩුවෙල, හෝමාගම, පාදුක්‌ක හා කොලොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ප්‍රදේශ ගණනාවක්‌ ගංවතුරට යට විය. නාගලගම් වීදියේ ජලමාපකය අනුව කැලණි ගෙග්a ජල මට්‌ටම අඩි 7.5 දක්‌වා ළගා වී තිබිණි. එය වාර්තා වන පරිදි බස්‌නාහිර පළාතේ 200,000කට අධික පිරිසක්‌ අවතැන් වී ඇති අතර ඉන් වැඩි පිරිසක්‌ කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කැලණි නිම්නයේ පදිංචිකරුවන් ය. ඒ අනුව විශාල දේපොළ හානියක්‌ ඇති වූ බව ද පැහැදිලි ය. ගංවතුරට බලපෑ හේතු විමසීම සැම ගංවතුරකට ම පාහේ ඇති වන ආකාරයට ම ගංවතුර ඇති වීම සඳහා බලපෑ සාධක පිළිබඳව සාකච්ඡාවක්‌