විද්‍යාවට නව දැක්‌මක් රැගෙන ආ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය
විද්‍යාවට නව දැක්‌මක් රැගෙන ආ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය "නිව්ටන් මට සමාවෙන්න, ඔබට (මේ ගැටලු සඳහා) ඔබේ යුගයේ පහළ වී සිටිය හැකි අග්‍රගණ්‍ය බුද්ධිමතකු හා නිර්මාණකරුවකු විසින් පමණක් දකිනු ලැබිය හැකි හොඳ ම හා එක ම විසඳුම් මාර්ගය සොයාගත්තෙහි ය. එහෙත් මට ඔබ ගේ විසඳුම් සංශෝධනය කිරීමට සිදු ව ඇත." මේ විද්වතුනට හා ඔවුන් ගේ මතිමතාන්තරවලට ගරු කිරීමේ ශ්‍රේෂ්ඨ මානුෂීය ගුණාංගයෙන් පිරිපුන් විද්වත් ඇල්බට් අයින්ස්‌ටයින් සිය ජීවිතයේ අවසාන කාලයේ දී සටහන් කළ වදන් කිහිපයකි. ඔහු එලෙස ඇගයීමට ලක් කළේ නිව්ටන් ව පමණක් නො වේ. සාපේක්‌ෂතාවාදීය අදහස් නිර්මාණය පිළිබඳ දිනුම් කණුවට කෙස් ගසක තරම් සමීපයට ළඟා වූ පොයින්කැරේ (Poincare) වැනි විද්වතුන් පිළිබඳව ද ඔහු ප්‍රශංසා මුඛයෙන් කථා කළේ ය. අප මේ ලිපියෙන් විමසා බලන්නේ විසිවැනි සියවසේ බිහි වූ අග්‍රගණ්‍ය බුද්ධිමය නිර්මාණ අතුරෙන් එකක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි විද්වත් ඇල්බට් අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය නම් වූ සම්භාව්‍ය නිර්මාණයේ එය මූලික කරුණු පිළිබඳව ය. විද්‍යාත්මක චින්තනයේ පදනමෙහි කැපී පෙනෙන වෙනස්‌කම් ඇති කරමින් විද්‍යාවේ ගමන් මෙ`ගහි තීරණා...