Posts

සතුටු ලැයිස්‌තුවේ නිර්ණායක

අප මෙතරම් පැවැත්ම ගැන සඳහන් කරන්නේ ඊනියා යථාර්ථවාදය, ඊනියා විද්‍යාත්මක යථාර්ථවාදය, වාස්‌තවිකත්වය ආදිය බටහිර විද්‍යාවට ප්‍රධාන බටහිර දැනුමට ඉතා වැදගත් වන බැවිනි. ක්‌වොන්ටම් භෞතිකය ම`ගින් මේ සංකල්ප අභියෝගයකට ලක්‌ කෙරුණ ද, අවුරුදු විසි පහකට වැඩි කාලයක්‌ අප මේ පිළිබඳ ව පළමුව සිංහලෙන් හා පසුව ඉංගිරිසියෙන් කතා කර තිබුණ ද, ඊනියා යථාර්ථය යනු ව්‍යාජයක්‌ බව කියා තිබුණ ද, මෙරට උගතුන් යෑයි කියාගන්නා අය ඒ නො සලකා සිටිය හ. එයට ප්‍රධාන ම හේතුව මෙරට උගතුන්ට සිතන්නට, කල්පනා කිරීමට නොහැකි වීම ය. ඔවුහු එක්‌කෝ තුන්වැනි සංගායනාවේ මත ආධානග්‍රාහී ව පිළිගනිති. එසේත් නැත හොත් බටහිර මත කිසි ම වගවිභාගයකින් තොර ව පුනරුච්චාරණය කරති. පසුගිය අගෝස්‌තු 29 වැනි දින "දි අයිලන්ඩ්" පුවත්පතෙහි පළ වූ ලිපියක කාලෝ ෆොන්සේකා මහතා තමා ඊනියා යථාර්ථය පිළිබඳ ව මෙතෙක්‌ දැරූ මතයෙන් වෙනස්‌ වීමට උත්සාහයක්‌ ගෙන තිබිණි. කාලාම සූත්‍රය තරමකට වුවත් තේරුම් ගැනීමට අවුරුදු විසි පහකට අධික කාලයක්‌ ගත් ඒ මහතාට මේ සියල්ල තේරුම් ගැනීමට තවත් බොහෝ කාලයක්‌ යනු ඇත. එහෙත් අවාසනාවකට කාලෝ ගේ කාලය අවසන් වෙමින් පවතියි. ඔහුට ඉගෙනීමට දැන් කාලයක්‌ න...

චින්තනය හා ජාතික චින්තනය

චින්තනය හා ජාතික චින්තනය මාක්‌ස්‌වාදය මෙරට මුල් බැස නො ගත්තේ ඇයි යන ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ පිළිතුරු දී ඇත. එහෙත් මේ ප්‍රශ්නය එයට වඩා පළල් ව ඇසිය යුතු ය. මාක්‌ස්‌වාදය කිsසි ම රටක මුල් බැසගෙන නැත. බටහිර යුරෝපයේ එය කිසි දිනෙක මුල් බැස ගත්තේ නැත. අද ඇමෙරිකාව ලෝකයේ දියුණු ම රට ලෙස පිළිගනු ලැබුණ ද, මාක්‌ස්‌වාදය බිහි වූ කාලයේ ද, ඉන්පසු ඊනියා දෙවැනි ලෝක යුද්ධය තෙක්‌ ම බටහිර යුරෝපය හා ඉන්දු එංගලන්තය ලෝකයේ දියුණු ම රටවල් (රට) ලෙස හැඳින්විණි. මාක්‌ස්‌වාදයට අනුව ලෝකයේ පළමු කම්කරු පංතික විප්ලවය සිදු විය යුතු ව තිබුණේ ඒ දියුණු ම රටවල ය. එහෙත් එය එසේ සිදු නො විණි. ඒ වෙනුවට ඊනියා කම්කරු පංතික විප්ලවය කෙසේ වෙතත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයක්‌ බලයට පත් වූයේ රුසියාවේ ය. රුසියාව එකී පෙරැළිය සිදු වන කාලයෙහි දී ඉතා අඩු දියුණු රටක්‌ විය. එහි පැවතියේ සාර් (රජු) ගේ රාජාණ්‌ඩුවකි. එහි අඩු ම තරමෙන් මාක්‌ස්‌වාදී භාෂාවෙන් කියන්නේ නම් ධනේශ්වර රාජ්‍යයක්‌වත් නො වී ය. එය එසේ සිදු වූයේ ඇයි ද යන්න තේරුම් ගැනීමට කෘති රාශියක්‌ පළ වී ඇත. ඒ කෘති මාක්‌ස්‌වාදී දෘෂ්ටි කෝණවලින් මෙන් ම වෙනත් ...

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය

Image
මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉහළ මානව සංවර්ධනයක්‌ ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව එක්‌ ව ඇති බව මේ මාසයේ මුල් සතියේ පමණ වාර්තා විය. ඒ සඳහා පදනම් ව තිබුණේ එක්‌සත් ජාතීන් ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන 'මානව සංවර්ධන වාර්තාවේ' නවතම වාර්තාව ය. 2012 වර්ෂය සඳහා වූ මානව සංවර්ධන දර්ශකයට අනුව ලෝකයේ රටවල් 187ක්‌ අතරින් ශ්‍රී ලංකාවට 92 වැනි ස්‌ථානය හිමි වී තිබිණි. අපේ රටට මානව සංවර්ධන දර්ශකයේ ලැබී තිබුණු අගය 0.715ක්‌ වූ අතර ලෝකයේ සාමාන්‍යය වූයේ 0.694කි. කෙසේ වෙතත් අපේ රට සෙසු දකුණු ආසියාතික රටවල් සියල්ලටම ට වඩා ඉදිරියෙන් පසු විය. අපේ රටේ සංවර්ධනය පිළිබඳව සිදු කරන සාකච්ඡා රැසක්‌ අපට දිනපතා අසන්නට කියවන්නට ලැබේ. මේ ඇතැම් දේ හුදෙක්‌ අපේ භෞතික සංවර්ධනය පිළිබඳව ය. නිදසුනක්‌ ලෙස මාර්ග, ගොඩනැ`ගිලි ආදි යටිතල පහසුකම් හා සම්බන්ධව ඇති වන සංවර්ධනය හා ආර්ථික සංවර්ධනය දැක්‌විය හැකි ය. මේ ඇතැම් සංවර්ධන කටයුතු පිළිබඳව අපට බරපතළ ගැටලු පවතී. ඒ අදාළ භෞතික සංවර්ධනය අත්පත් කරගැනීමට යැමේ දී අපේ රටේ කෙතරම් සම්පත් අහිමි කරගන්නේ ද යන්න පිළිබඳව ය. නිදසුනක්‌ ලෙ...

වෙනත් ඉන්ද්‍රියවලට ගෝචර ලෝක

වෙනත් ඉන්ද්‍රියවලට ගෝචර ලෝක බටහිර විද්‍යාව කතා කරන්නේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි ගැන ය. මෙයින් අදහස්‌ කෙරෙන්නේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ යෑයි කියන සංසිද්ධි ය. ඉර නැ`ගීම, සඳ බැස යැම, කාන්දම් කෑලි එකිනෙක ආකර්ෂණය කිරීම හෝ විකර්ෂණය කිරීම හෝ ආදිය එවැනි ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. බටහිර විද්‍යාවට අනුව දැනුම ආරම්භ වන්නේ ද අවසාන වන්නේ ද පංචෙන්ද්‍රියවලට ගෝචර සංසිද්ධීන් ගෙනි. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද පංචෙන්ද්‍රිය විශ්වාස කළ හැකි නො වේ. මේ හතර බීරි කතාවක්‌ නො වේ නම් වෙන කුමක්‌ ද? අපි ඒ ගැන තවදුරටත් කතා කිරීමට පෙර බටහිර විද්‍යාවේ දී නො සලකා හැරෙන්නක්‌ කෙටියෙන් නමුත් සඳහන් කර ගනිමු. එනම් අපට ඉන්ද්‍රිය පහක්‌ පමණක්‌ තිබීම ය. මේ ඉන්ද්‍රියවල ඇති අඩුපාඩුකම් ගැන බටහිර විද්‍යාව දනියි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන කරුණක්‌ නම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය හා අවයව අතර වෙනස නො දැනීම ය. බටහිර විද්‍යාවෙහි සඳහන් වන්නේ අවයවවල අඩුපාඩුකම් හා ඒ අවයව විශ්වාස කිරීමට නොහැකි වීම පිළිබඳ කරුණ ය. සිංහල බෞද්ධයන්ට අනුව අපට ඉන්ද්‍රිය හයක්‌ වේ. බටහිර විද්‍යාවෙහි මනෙන්ද්‍රිය ඉන්...

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!

Image
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ! Terence Arachchi තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත. ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වා...

පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත අත්දැකීමක්!

Image
පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත අත්දැකීමක්! පෘථිවිය වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් හමු වී ඇතැයි අභ්‍යවකාශ ගවේෂණ යානාවලින් හෙළිදරවු වී තිබෙනවා. එයින් විද්‍යාඥයන්ට ඉඩ ප‍්‍රස්තාව පැදිලා තියෙනවා, සූර්ය සුළං අපේ පෘථිවියට ව්‍යසන ඇති කරන්නේ කෙසේද? කුමන අවස්ථාවන්හිදී ද? යන පැනවලට පිළිතුරු සොයා ගන්නට. වැන් ඇලන් විකිරණ පට (Van Allen radiation belt) කියන්නේ අපේ පෘථිවිය වටා අභ්‍යවකාශයේ විහිදී ඇති මුදු හැඩැති විකිරණ වළලූ විශේෂයක්. අපේ ග‍්‍රහයා ආවරණය කර ගෙන මෙවැනි වළලූ දෙකක් ඇතැයි මෙතෙක් සොයා ගෙන තිබුණා. ඒවා සොයා ගනු ලැබුවේ 1958 දී ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වූ ජේම්ස් ඇල්ෆ‍්‍රඞ් වැන් ඇලන් විසින්. ‘එක්ස්ෆ්ලෝරර් -1’ චන්ද්‍රිකාව මගින් ඉහළට යැවූ විශේෂ උපකරණවලින් තමයි, වැන් ඇලන් විසින් ඒ විකිරණ වළලූ සොයා ගනු ලැබුවේ. ආරෝපිත අංශුවලින් පිරි එවැනි කලාප දෙකක් පෘථිවියට ඉහළින් ඇති අවකාශයේ චුම්බකගෝලය වටා විහිදී ඇති බව ඔහු පෙන්වා දුන්නා. ඒවා වැන් ඇලන් පටි නමින් හැඳින්වෙන්නේ ඔහුට ගෞරවයක් වශයෙනුයි. දැන් අලූතින් තුන්වැනි විකිරණ කලාපයකුත් ඇති වූ බව...

උල්හිටිය ජලාශය සහ ඇල්ගි

Image