චින්තනය හා ජාතික චින්තනය
චින්තනය හා ජාතික චින්තනය  	  	  	මාක්‌ස්‌වාදය මෙරට මුල් බැස නො ගත්තේ ඇයි යන ප්‍රශ්නයට විවිධ පුද්ගලයන් විවිධ  	පිළිතුරු දී ඇත. එහෙත් මේ ප්‍රශ්නය එයට වඩා පළල් ව ඇසිය යුතු ය. මාක්‌ස්‌වාදය  	කිsසි ම රටක මුල් බැසගෙන නැත. බටහිර යුරෝපයේ එය කිසි දිනෙක මුල් බැස ගත්තේ නැත.  	අද ඇමෙරිකාව ලෝකයේ දියුණු ම රට ලෙස පිළිගනු ලැබුණ ද, මාක්‌ස්‌වාදය බිහි වූ  	කාලයේ ද, ඉන්පසු ඊනියා දෙවැනි ලෝක යුද්ධය තෙක් ම බටහිර යුරෝපය හා ඉන්දු  	එංගලන්තය ලෝකයේ දියුණු ම රටවල් (රට) ලෙස හැඳින්විණි. මාක්‌ස්‌වාදයට අනුව ලෝකයේ  	පළමු කම්කරු පංතික විප්ලවය සිදු විය යුතු ව තිබුණේ ඒ දියුණු ම රටවල ය.  	  	එහෙත් එය එසේ සිදු නො විණි. ඒ වෙනුවට ඊනියා කම්කරු පංතික විප්ලවය කෙසේ වෙතත්  	කොමියුනිස්‌ට් පක්‍ෂයක් බලයට පත් වූයේ රුසියාවේ ය. රුසියාව එකී පෙරැළිය සිදු  	වන කාලයෙහි දී ඉතා අඩු දියුණු රටක් විය. එහි පැවතියේ සාර් (රජු) ගේ  	රාජාණ්‌ඩුවකි. එහි අඩු ම තරමෙන් මාක්‌ස්‌වාදී භාෂාවෙන් කියන්නේ නම් ධනේශ්වර  	රාජ්‍යයක්‌වත් නො වී ය. එය එසේ සිදු වූයේ ඇයි ද යන්න තේරුම් ගැනීමට කෘති  	රාශියක් පළ වී ඇත. ඒ කෘති මාක්‌ස්‌වාදී දෘෂ්ටි කෝණවලින් මෙන් ම වෙනත් ...