Posts

කැලණි ගංගා නිම්නයේ ගංවතුරට හේතු වන අධික වර්ෂාපතනයේ බලපෑම

කැලණි ගංගා නිම්නයේ ගංවතුරට හේතු වන අධික වර්ෂාපතනයේ බලපෑම කැලණි ගග දෙගොඩ තලා කොළඹ හා ගම්පහ හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල පහත්බිම් රැසක්‌ ගංවතුරින් යට වූයේ දැනට දෙසතියකට පමණ ඉහත දී ය. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ ද කාලගුණයෙන් තදබල බලපෑම් ඇති වුවත් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ඇති වූ ගංවතුර බලධාරීන් ගේ මෙන්ම ජනතාව ගේ ද අවධානය දිනාගැනීමට සමත් ව ඇත. ඊට හේතුව හුදෙක්‌ මෙරට වැඩි ම ජනගහනයක්‌ මෙන්ම බොහෝ බලධාරීන් ද ජීවත් වන දිස්‌ත්‍රික්‌ක දෙකකට එය බලපෑ නිසා විය හැකි ය. මේ ගංවතුර නිසා කැලණි ගං මිටියාවතේ සීතාවක, කඩුවෙල, හෝමාගම, පාදුක්‌ක හා කොලොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ප්‍රදේශ ගණනාවක්‌ ගංවතුරට යට විය. නාගලගම් වීදියේ ජලමාපකය අනුව කැලණි ගෙග්a ජල මට්‌ටම අඩි 7.5 දක්‌වා ළගා වී තිබිණි. එය වාර්තා වන පරිදි බස්‌නාහිර පළාතේ 200,000කට අධික පිරිසක්‌ අවතැන් වී ඇති අතර ඉන් වැඩි පිරිසක්‌ කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කැලණි නිම්නයේ පදිංචිකරුවන් ය. ඒ අනුව විශාල දේපොළ හානියක්‌ ඇති වූ බව ද පැහැදිලි ය. ගංවතුරට බලපෑ හේතු විමසීම සැම ගංවතුරකට ම පාහේ ඇති වන ආකාරයට ම ගංවතුර ඇති වීම සඳහා බලපෑ සාධක පිළිබඳව සාකච්ඡාවක්‌...

ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 05

Image
ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 05 අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්‍යාවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ගැන ය. පසුගිය සතියේ සාකච්ඡා වූයේ නියතිවාදය සහ අනියතිවාදය පිළිබඳ ව ය. තව ද එම මතවාද සහ ක්‌වොන්ටම් යාන්ත්‍රණය අතර ඇති සබඳතාව පිළිබඳව ද සාකච්ඡා කළෙමි. ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ වෙනස්‌ වූ අර්ථකථන කිහිපයක්‌ පිළිබඳව ද කරුණු සොයා බැලුවෙමි. මේ අර්ථකථනවල ප්‍රධාන වෙනසක්‌ වන්නේ තරංග ශ්‍රිතය බිඳ වැටීම (Wave function collapse) පිළිබඳ දරන ආකල්පය ය. සමහරෙක්‌ එය බිඳ වැටෙන බව විශ්වාස කරයි. තවත් සමහරෙක්‌ එය බිඳ වැටෙන්නේ නැති බව පවසති. බහුලව භාවිත වන කෝපන්හේගන් අර්ථකථනය තරංග ශ්‍රිතයේ බිඳ වැටීමක්‌ සඳහන් කරති. ඩි බ්‍රොග්ලි-බොහෝම් අර්ථකථනය තරංග ශ්‍රිතයේ බිඳ වැටීමක්‌ විශ්වාස නො කරති. තරංග ශ්‍රිතය බිඳ වැටීම යනු ඉලෙක්‌ට්‍රොaනයක්‌ වැනි අංශුවක පිහිටීම නිගමනය කරන්නට තැත් කරන විට එය තරංගයක්‌ ලෙස හැසිරීම නවතා අංශුවක්‌ ලෙස හැසිරෙන බව ය. දෙදික්‌ සිදුරු පරීක්‌ෂණය යොදාගෙන මෙය සොයා බැලිය හැකි ය. ඉලෙක්‌ට්‍රොaනය ගමන් කරන්නේ කුමන සිදුරෙන් දැයි දැනගැනීමට සංවේදක උපකරණයක්‌ යෙදූ විට තරංග...

අවදියෙන් සිටිය දී තරම් ම අවධානයෙන් සිදු කරන නින්දෙන් ඇවිදීම

Image
අවදියෙන් සිටිය දී තරම් ම අවධානයෙන් සිදු කරන නින්දෙන් ඇවිදීම  පසුගිය දා ආන්දොaලනයට ලක්‌ වූ පුවතක්‌ වූයේ කරුවලගස්‌වැව දිනිති නම් දැරිය කිලෝමීටර් 15ක්‌ තරම් දුරක්‌ කැළයක්‌ තුළට ඇවිද ගොස්‌ තිබිය දීත් ඇයට කුඩා සීරීමක්‌ වත් සිදු නො වීමේ සිද්ධියයි. ඇය කැළයක ගමන් කර තිබුණා පමණක්‌ නො ව දිය කඩිත්තකින් ද ගොඩ වී තිබිණි. මේ සම්බන්ධව විවිධ මත පළ ව ඇති අතර මෙවැනි සිදුවීමකට නින්දෙන් ඇවිද යැමේ චර්යාවෙහි සම්බන්ධයක්‌ තිබේ ද යන්න පිළිබඳව විමසීම මේ ලිපියෙහි අරමුණ වේ. නින්දෙන් ඇවිදීම බොහෝ විට දක්‌නට ලැබෙන්නේ කුඩා දරුවන් තුළ වීමත් ඇතැම් දරුවන් දැස්‌ විවර කරගෙන ම නින්දෙන් ඇවිදීමේ සිදුවීම් පවා වාර්තා වී ඇති බැවිනුත් මෙවැනි විමසීමක්‌ සිදු කිරීම කාලෝචිත විය හැකි ය. කෙසේ වෙතත් කුඩා දරුවන්ට පමණක්‌ සීමා නො වී වඩිහිටියන් ගේ නින්දෙන් ඇවිදීමේ චර්යාවන්ට අදාළ සිදුවීම් ද මෙහි ඇතුළත් කර ඇත. මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ දී නින්දෙන් ඇවිදීම (Sleepwalking) හඳුන්වන්නේ Somnambulism හෝ Noctambulism ලෙසිනි. එය සිංහලෙන් නිද්‍රdටනය ලෙස ද හැඳින් වේ. මෙය Parasomnia‌ රෝග කුලයට අයත් නිද්‍රd සංකූලතාවක්‌ ලෙස විස්‌තර කෙරේ. නින්දෙන් ඇවිදීමේ...

වකුගඩු රෝගයට ප්‍රතිආස්‍රැතිය විසඳුමක්‌ ද?

Image
වකුගඩු රෝගයට ප්‍රතිආස්‍රැතිය විසඳුමක්‌ ද? දශක දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ මාරාන්තික වකුගඩු රෝගය රජරට ජනතාව බිල්ලට ගනිමින් සිටී. තවමත් මේ රෝගය සෑදෙන නිශ්චිත හේතුවක්‌ ප්‍රකාශයට පත් කරගැනීමට නොහැකි ව පර්යේෂකයන් ද, වෛද්‍යවරුන් ද බොහෝ සාකච්ඡාවල යෙදී සිටින බව අපට පෙනී යයි. විවිධ පර්යේෂකයන් හේතු සදහා ඉදිරිපත් කරන්නා වූ විවිධ මතිමතාන්තර ඔප්පු කරනු වස්‌ විවිධ සාක්‌ෂ්‍ය ගෙනහැර පානා නමුත් සියල්ලන් එකග වන්නා වූ පැහැදිලි කිරීමක්‌ මේ වන තෙක්‌ ඉදිරිපත් වී නොමැති බව පැහැදිලි කරුණකි. එසේ වුව ද බොහෝ දෙනා එකඟ වන්නා වූ එක්‌ කරුණක්‌ වෙයි. ඒ මේ රෝගය ඇති වන්නේ බීමට ගන්නා ජලය මූලික කරගෙන බව යන්නයි. ශ්‍රී ලාංකේය ජල සම්පත දූෂණය වීම පසුගිය දශක කිහිපය තිස්‌සේ ඉතා ශීඝ්‍ර ව සිදු වන බව පර්යේෂණාත්මකව ද ඔප්පු වී ඇති කරුණකි. ඒ සදහා බොහෝ මානව ක්‍රියාකාරකම් හේතු වන අතර ඉන් ප්‍රධාන ම වන්නේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් සිදු වන අස්‌ථානීය (non point pollution) දූෂණයයි. එලෙස හැඳින්වුව ද එහි මුඛ්‍ය අර්ථය වන්නේ ඉතා විශාල ප්‍රදේශයක්‌ හරහා එක වර දූෂකයන් පොළොවට එක්‌ වී ජල නිධි දූෂණය වන බවයි. කෘෂිකාර්මික කටයුතුවල දී විවිධ රසායනික ...

ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 02

Image
ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 02 නව මාතෘකාවක්‌ යටතේ අප සාකච්ඡා කරන්නේ ජීවිතයේ අරුත පිළිබඳව ය. මේ සාකච්ඡා තුළින් බොහෝ කරුණු අපට අධ්‍යයනය කරන්නට හැකි වී ඇත. ප්‍රථමයෙන් විද්‍යාවේ දර්ශනය පිළිබඳව ද, පසුව පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය පිළිබඳව ද කරුණු රාශියක්‌ සාකච්ඡා කළෙමු. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කොට ඇති මතවාදය සමඟ එකඟ වන කරුණු රාශියක්‌ එම සාකච්ඡා තුළින් ලබාගත හැකි විය. පසුගිය සතියේ ලිපියෙන් ඉතා ම වැදගත් කරුණු දෙකක්‌ මීට අදාළව අප ඉදිරිපත් කොට ඇත. එකක්‌ බුදුන් වහන්සේ ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව දේශනා කොට වදාළ ඉතා ම විද්‍යාත්මක වූ විස්‌තරය වන්නේ ය. දෙවනුව නියතිවාදය (determinism) සහ විද්වත් අයිසැක්‌ නිව්ටන් ගේ න්‍යාම, ක්‌වොන්ටම් යාන්ත්‍රණය සහ විද්වත් අයින්ස්‌ටයින් ගේ අදහස්‌, අතර ඇති සබඳතාව සාකච්ඡා විය. පළමුව ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව බුදුන් දේශනා කොට වදාළ ධර්මය දෙස නැවැත යොමු වෙමු. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කළ මතවාදය බුදුන් ගේ මේ ධර්මය සමඟ එකඟ වේ දැයි සොයා බලමු. අප ගේ මතවාදය පිළිගැනීමට නම් විශ්වයේ යථාර්ථයක්‌ තිබිය යුතු ය. බුදුන් ගේ ධර්මයෙන් පැහැදිලි ව...

ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 01

Image
ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 01 අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේa අරුත පිළිබඳව විද්‍යාවෙන්, ආගම්වලින් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ගැන ය. විද්‍යාව පිළිබඳව ද එහි දර්ශනය පිළිබඳව ද සහ පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශන පිළිබඳව ද සොයා බැලීමෙන් අපි කරුණු රාශියක්‌ ලබා ගත්තෙමු. විද්‍යාවේ දර්ශනය පිළිබඳව ලියූ ලිපි පෙළ අවසන් කොට ඉහත මාතෘකාවක්‌ යටතේ ලිපි කිහිපයක්‌ ලියන්නට කාලය පැමිණ ඇත. ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය පාඨකයා ගේ මතකය අලුත් කිරීමට පහත සඳහන් ලෙස කෙටියෙන් දක්‌වමි. 1. අප කෙටි කලක්‌ දුකින් ජීවත් වී මරණයට පත් වන්නේ ය. 2. එම නිසා අප ගේ ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නය ඇසිය යුතු ය. 3. අප සතුටින් හැම දා ජීවත් වන්නේ නම් ජීවිතයේ අරුත එය වන්නේ ය. 4. මේ ප්‍රශ්නය අප මේ ලෙස අසන්නේ ජීවිතයේ අරුත අප සඳහා, අප ගේ ප්‍රයෝජනය සඳහා විය යුතු යෑයි යන මතයේ පිහිටා ය. එහෙත් අප ගේ ජීවිතයේ අරුත අප සඳහා නො විය හැකි ය. එය වෙනත් කාර්යයක්‌ සඳහා විය හැකි ය. 5. අප ජීවත් වන විශ්වය අප සමග සංසන්දනය කළ විට සිතාගන්නට බැරි තරම් එය අති විශාල ය. එය අප සඳහා නිර්මාණය වී ඇතැයි සිතිය නොහැකි ය. එසේ නම් අ...

විදු පත් ඉරුව

Image
විදු පත් ඉරුව ශ්‍රී ලංකාව දූපතක්‌ ලෙස පැවතීම බොහෝ වාසි ගෙන දෙන්නක්‌ වුව ද ඒ නිසා ම අකරතැබ්බවලට ලක්‌ වන අවස්‌ථා ද නැත්තේ නො වේ. අවට කලාපයේ ඇති වන විවිධ විපර්යාසයන් නිසා සුනාමි, තද වැසි, භූ කම්පා ආදියට අප රට මුහුණ පායි. එපමණක්‌ නො වේ. වායුගෝලයේ සිදු වන විපර්යාසයන් aහේතුවෙන් ඇති වන සුළි කුණාටුවලට අප වරින් වර මුහුණ දෙන්නේ ඒ හේතු කොටගෙන ඇති වන දරුණු කාලගුණික තත්ත්වයන්ට ද හසු වෙමිනි. වසර අවසාන සමයේ ශ්‍රී ලංකාව අවට සුළි සුළං තත්ත්ව වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති නිසා මේ සම්බන්ධව සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවක්‌ ලෙස හඳුනාගත හැකි ය. සමකාසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට බලපාන මෙවැනි සුළි කුණාටු නිර්මාණය වන්නේ ප්‍රධාන කොට ම අරාබි මුහුදේ සහ ඉන්දියන් සාගරය ද, එහි බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ ද ඉහළින් වූ වායුගෝලයේ ඇති වන සංකුලතා හේතු කොටගෙන ය. සුළි කුණාටුවක්‌ යනු කුමක්‌ ද? වායුගෝලයේ ඇති වන අවපාත තත්ත්වයන් හේතු කොටගෙන ඇති වන ඉතා වේගයෙන් කරකැවෙන වායු ධාරාවන් ලෙස සුළි කුණාටු හැඳින්විය හැකි ය. මේ සුළි කුණාටුවල මධ්‍යයේ අවපීඩන තත්ත්වයකි. බොහෝ විට සර්පිලාකාර අකුණු කුණාටු ද මේ සමග සම්බන්ධ වේ. මෙවැනි සුළිකුණාටු තත්...

කැඩුණු බිඳුණු දේහ කොටස්‌ අලුත්වැඩියා කරගැනීමේ සත්‍යාසන්න සිහිනය...

වලිගය කැඩුණු හූනකු නැවත වලිගයක්‌ වර්ධනය කරගන්නා බව ඔබ දනියි. පුනර්ජනනය (Regeneration) නම් මේ අසිරිමත් ක්‍රියාවලිය විවිධ සතුන් යොදාගනිමින් විද්‍යාගාරයක්‌ තුළ ක්‍රියාවට නගමින් එය නො නැවතී මිනිසා සම්බන්ධයෙන් පවා යොදාගත හැකි පරිදි වැඩිදියුණු කිරීමට උත්සාහ කරන පර්යේෂකයකු ලෙස මැසචුසෙට්‌ස්‌හි, මෙඩ්ෆෝඩ්හි ටෆ්ට්‌ස්‌ සරසවියේ පුනර්වර්ධන සහ සංවර්ධනාත්මක ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්‌ෂ, ජීව විද්‍යාඥ මයිකල් ලෙවින්ස්‌ හඳුන්වාදිය හැකි ය. මෙහි පළ වන්නේ ඔහු සමග නිව් සයන්ටිස්‌ට්‌ සඟරාව පැවැත්වූ සාකච්ඡාවක දී අනාවරණය වූ තොරතුරු ය. ඔබ දේහ කොටස්‌ යළි වර්ධනය කරවීම සම්බන්ධ උනන්දුවක්‌ දක්‌වනවා. බොහෝ සත්ත්ව විශේෂවලට ස්‌වාභාවිකව ම ගාත්‍රා පුනර්ජනනය කරගැනීමේ හැකියාව පවතිනවා ද? සතුන් ගණනාවකට ම, නැති වූ ගාත්‍රා කොටස්‌ නැවත වර්ධනය කරගත හැකියි. විලෝපිකයෙක්‌ හූනකු වලිගයෙන් ඩැහැගත් අවස්‌ථාවක හූනා දුවන අතර ගොදුරු කරගැනීමට ඉතිරි වන්නේ වලිගය පමණයි. ඊට හේතුව වලිගය කඩා දමා පැන යැමට හූනා දක්‌වන අපූරු සමත්කමයි. එමෙන් ම අහිමි වූ වලිගය නැවත වර්ධනය කරගැනීමේ හැකියාවත් හූනාට තිබෙනවා. ඇතැම් කෘමීන් ද මෙ...

විද්‍යාත්මක ක්‍රමවේදයේ වර්ධනය

Image
http://www.vidusara.com/

ආනුභවික බොරු

ආනුභවික බොරු ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තවත් ලිපි පෙළක්‌ පටන්ගෙන ඇත. ඔහු මා ඇසූ කිසි ම ප්‍රශ්නයකට පිළිතුරු නො දෙයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන්න ඔහු කිසි දිනෙක අවබෝධ කරගන්නක්‌ නො වේ. සැම දා ම සැම තැනක ම තිබුණේ එක ම විද්‍යාව යෑයි ඔහු කීව ද බටහිර වෛද්‍ය විද්‍යාව හා සිංහල පාරම්පරික වෙදකම අතර වෙනසක්‌ ඇති බව ද ඔහු පිළිගනියි. එහෙත් ඔහු සිතන්නේ ඒ සැම දෙයක්‌ ම පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පදනම් වන බැවින් ඒ සියල්ල ආනුභවික (empirical) බව ය. ඔහු පැහැදිලිව ම ආනුභවික යනු කුමක්‌ දැයි නො දනියි. දෙවියන් පංචෙන්ද්‍රිය ගෝචර නැති වුවත් ඔවුන් කී ආසනික්‌ බටහිර අර්ථයෙන් ආනුභවික ය. අද වන විට සහල්වල ආසනික්‌ යම් ප්‍රමාණයක්‌ ඇති බව බටහිර විද්‍යාඥයන්ට ද තේරුම් ගොස්‌ ඇත. සහල්වලට ආසනික්‌ ඇතුළු වන්නේ කෘෂිරසායනික ම`ගින් ය. එය ද ඊනියා ආනුභවික ය. ඒ සියල්ල අනුව ආසනික්‌ පිළිබඳ අදහස කාගෙන් කෙසේ ලැබුණ ද එය ආනුභවික ය. බෙන්සීන් අණුව පිළිබඳ අදහස කෙක්‍යqලේට ලැබුණේ සිහිනෙන් ය. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. බෙන්සීන් අණුව ද පංචෙන්ද්‍රිය ගෝචර නො වෙයි. එහ...

අමරතුංග මහතාට කළ හැක්‌කේ අපහාස කිරීම පමණ ය

අමරතුංග මහතාට කළ හැක්‌කේ අපහාස කිරීම පමණ ය ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තුළ මා කෙරෙහි ඇත්තේ ද්වේෂයක්‌ බව ජුලි 02 වැනි දා ලිපියෙන් තවදුරටත් තහවුරු කරයි. ජුනි මස 25 වැනි දා මහනුවර පැවැති රැස්‌වීමට ආරාධනය කර තිබිය දීත් එහි බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන තේමාව යටතේ සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය යන මැයෙන් මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා දේශනයක්‌ පවත්වන බව හොඳාකාරව ම දැන සිටිය දීත් අඩු ම තරමෙන් තමන් සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් කියන දෑ සමග තෙන්නකෝන් මහතා එකඟ වන්නේ ද යන්න දැනගැනීමට වත් එහි නො පැමිණ පළා ගියේ අමරතුංග මහතාට තමා කියන දේ පිළිබඳව විශ්වාසයක්‌ නොමැති බැවින් ය. තෙන්නකෝන් මහතා එහි දී කී දේ සෘෂි භාෂිතය බව වත් ඔහු කී පමණින් අප ඒ සම`ග එකඟ විය යුතු බව වත් අපි නො කියමු. එහෙත් ඔහු කියන්නේ කුමක්‌ දැයි දැනගැනීමටත් ඔහු කියන දේ සමග එකඟ නො වන්නේ නම් ඒ බව නොපැකිළ ඔහු ඉදිරියේ ම කීමටත් බුද්ධිමතකු නො වුව ද උගතකුට වුවත් හැකි විය යුතු ය. එහෙත් ඒ තමා ගේ උගත්කම ගැන ආත්ම විශ්වාසයක්‌ ඇති අයකුට ය. එසේ නැති අයකු පළා යැ...