ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු http://vidusara.com/ ශබ්ද දූෂණය යනු අනවශ්‍ය ලෙස බාධා කරන ශබ්දය ලෙස සරලව දැක්විය හැකි ය. වඩා පුළුල් අර්ථදැක්වීමක් අනුව, මිනිසුන් ගේ හා සතුන් ගේ ජීවිතවල ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදු කරන අධික හෝ බාධාකාරී ශබ්දය ලෙස දැක්විය හැකි ය. මෙය පරිසරය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී අප එතරම් අවධානයට නො ගන්නා අංශයකි. අප අවට පරිසරයේ අධික ශබ්දයක් පිට කරන ප්‍රභව අතර, ගුවන් යානා, ගිනි කෙළි, රථවාහන නළා, කර්මාන්ත ශාලා, ශබ්ද විකාශන යන්ත්‍ර, ඉදිකිරීම් කටයුතු හා විවිධ විදුලි උපකරණ ආදිය දැක්විය හැකි ය. ශබ්දයේ මට්ටම හෙවත් හෙ`ඩ් සැර මනිනු ලබන්නේ ඩෙසිබල් (dB) නම් ඒකකයෙනි. ඩෙසිබල් 85කට වඩා ප්‍රබල ශබ්දයකට දිගු කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් ස්ථිර ශ්‍රවණ හානියක් පවා ඇති විය හැකි ය. ඩෙසිබල් 140ට වඩා අධික ශබ්දයකට කෙටි කාලයක් හෝ නිරාවරණය වීම යෝග්‍ය නො වේ. පහත දැක්වෙන වගුව ම`ගින් අප අවට පරිසරයේ පවත්නා ශබ්දයේ ප්‍රබලතාව වටහාගත හැකි ය. ශබ්ද දූෂණයේ බලපෑම් ශබ්ද දූෂණයෙන් ඇති විය හැකි බලපෑම් අනුව එහි බරපතළ බව වටහාගත හැකි ය. අධික ශබ්දයට ලක් වීමෙන් ඇති විය හැකි මූලික ගැටලුව වන්නේ විවිධ