ඉන්ද්‍රිය ගෝචර ලෝකය
ඉන්ද්‍රිය ගෝචර ලෝකය සම්භාව්‍ය භෞතිකයේ දී අප කතා කරන්නේ අංශූ (වස්‌තු) හා තරංග ගැන ය. අංශු හා වස්‌තු සන්තතික මෙන් ම අසන්තතික චලනයෙහි යෙදෙයි. එහි කෙටි විස්‌තරයක් පසුගිය කලාපයෙහි අපේ ප්‍රවාද යටතේ පළ විය. අංශු, අංශු ලෙස ගත හොත් අසන්තතික වෙයි. දෘඪ වස්‌තු නිර්මාණය වී ඇත්තේ අංශුවලින් ය. දෘඪ වස්‌තුවක් ද තරලයක් මෙන් ම අදාළ ප්‍රදේශයෙහි සන්තතික ලෙස සැලකිය හැකි ය. එහෙත් දෘඪ වස්‌තුවක පරිමාව වෙනස් නො වේ. මෙහි දී උෂ්ණත්වය සමග වස්‌තුවේ පරිමාව වෙනස් වීම සලකා නො බැලෙන බව නැවතත් කිව යුතු ය. දෙන ලද ස්‌කන්ධයක් ඇති දෘඪ වස්‌තුවක පරිමාව වෙනස් නො වේ. එනම් එහි ඝනත්වය වෙනස් නො වේ. එහෙත් තරලයක එසේ නො වේ. එක ම උෂ්ණත්වයක දී වුව ද දෙන ලද ස්‌කන්ධයක් ඇති තරලයක චලනයත් සමග පරිමාව හා ඝනත්වය වෙනස් විය හැකි ය. තරංගයක් යනු කුමක් ද? දෙපැත්ත ගැටගසන ලද තන්තුවක්, එනම් දෙකෙළවර ගැට ගසන ලද තන්තුවක් එහි වෙනත් ලCෂ්‍යයකින් ඇද නිදහස් කළ හොත් වස්‌තුව කම්පනය වනු අපට දැකගත හැකි ය. අපට ඒ කම්පන තරංග අයුරින් දැකගත හැකි ය. මෙහි දී සිදු වන්නේ ඒ ඒ ලCෂ්‍යය එහි යම් කිසි මධ්‍යන්‍යයක් වටා යම් දෝලන ඇති කිර...