රතු වැස්‌සේ වූ ජීවීන් පෘථිවියෙන් බැහැරක සිට ආ බවට ඇති මතය පහසුවෙන් බැහැර කරන්නට බැහැ


රතු වැස්‌සේ වූ ජීවීන් පෘථිවියෙන් බැහැරක සිට ආ බවට
ඇති මතය පහසුවෙන් බැහැර කරන්නට බැහැ

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ






පොද වැසි, මල් වැසි, මොරසූරන වැසි ආදී නානාප්‍රකාර වූ වැසි පිළිබඳ අත්දැකීම් ඇති ව සිටිය ද, "රතු වැස්‌සක්‌" පිළිබඳ ශ්‍රී ලංකාවේ ජනතාවට අසන්නට දකින්නට ලැබුණේ පසුගිය නොවැම්බර් මැද දී ය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) හා කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) ඇතුළු පර්යේෂණ ආයතන කීපයක්‌ ම ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට කටයුතු කළේ ය. රතු වැසි පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ඇති මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ පැවැත්වීමේ සුවිශේෂී අවස්‌ථාව විදුසරට උදා වූයේ මේ අතර ය. එය නොවැම්බර් 28 වැනි දා විදුසරහි පළ විය.

එදා මෙදාතුර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම රතු වැසි ගණනාවක්‌ ම වාර්තා වුණු අතර මේ කාලවකවානුවේ ම ගෝලාකර වූ දීප්තිමත් ආලෝක බෝල නැතිනම් ගිනි බෝල (fire balls) ආකාරයේ ආකාශ වස්‌තූන් නිරීක්‍ෂණය කිරීමේ අවස්‌ථාව ද ශ්‍රී ලාංකික ජනතාවට හිමි විය. එසේ ම එයට සමගාමීව දිවයිනේ නන් දෙසින් උල්කාෂ්මවල සුන්බුන් හමු වූ බවට ද වාර්තා විය.

ශ්‍රී ලාංකිකයන්ට නුහුරු නුපුරුදු අත්දැකීම් ගණනාවක්‌ ම කැටි වුණු මේ සුවිශේෂී සිදුවීම් මාලාව තවමත් යම් පමණකින් සිදු වෙමින් පවතින බව ද පෙනී යයි. එසේ ම මේ පිළිබඳ විවිධාකාර වූ මතිමතාන්තර හා අදහස්‌ පළ වී ඇති බව පෙනේ.

කෙසේ වතුදු, මේ හා සබැඳි විද්‍යාත්මක පසුබිම දැනගැනීමේ කුතුහලයෙන් මඬනා ලද ශ්‍රී ලාංකික ජනතාව මේ අරභයා පිළිගත හැකි පැහැදිලි කිරීමක්‌ ලැබෙන තුරු මඟබලා සිටින බව නම් පැහැදිලි ය.

ප්‍රථම රතු වැස්‌ස ඇද වැටීමෙන් සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ කළ කෙටි සංචාරය නිම කර පෙරළා එක්‌සත් රාජධානියට පැමිණි මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමඟ එරට දී යළි සාකච්ඡාවක නිරත වීමේ අවස්‌ථාව විදුසරට හිමි විය.

අපි එය මෙසේ සටහන් කරමු.

* ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ඔබට රතු වැසි නියෑදි පරීක්‍ෂා කිරීමේ අවස්‌ථාව ලැබුණා ද?

රතු වැසි නියෑදි සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙතෙක්‌ කළ පර්යේෂණ පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදෙන්නටත්, ඒවා නිරීක්‍ෂණය කරන්නටත් මට අවස්‌ථාව උදා වුණා. එසේ ම ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සමඟ ඒ සම්බන්ධව පුළුල් සාකච්ඡාවල ද මා නිරත වුණා.

මේ අනුව ලංකාවේ රතු වැස්‌ස ද බොහෝ දුරට කේරළ රතු වැස්‌සට සමාන බවකුයි පෙනී යන්නේ. කේරළ රතු වැස්‌සේ දී මෙන් ශ්‍රී ලංකාවේ රතු වැස්‌සේ හමු වූ සෛල ද පෘථිවියේ මෙතෙක්‌ දන්නා හඳුනන ජීවී ආකාරයක්‌ ලෙස මේ තාක්‌ තහවුරු වී නැහැ.

මේ අනුව මේ ජීවී ආකාරවලට පාථිවියෙන් පරිබාහිර සම්භවයක්‌ ඇති බව දැනට අනුමාන කරන්නට පුළුවන්.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑදිවල වූ සෛල ආකාරය ට්‍රැකෙලොමොනාස්‌ (Trachelomonas) ලෙස ප්‍රකාශ වී තිබුණා නේ ද?

ඔව්. ඒ මුල් අවධියේ දී. එලෙස ප්‍රකාශ කෙරුණේ ද, එම සෛලවල මතුපිට හැඩය දෙස බැලීමෙන්. නමුත් මේ ජීව ආකාරය ට්‍රැකෙලොමොනාස්‌ නො වන බව දැන් පෙනී ගොස්‌ තිබෙනවා. එසේ ම එය තවම හඳුනා නො ගත් කිසියම් ජීව ආකාරයක්‌.

* ප්‍රථම රතු වැස්‌සෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් ම ගෝලාකර වූ දීප්තිමත් ආකාශ වස්‌තූන් ද ((fire balls) ඒ හා සමාන්තරව ඇතැම් ප්‍රදේශවලින් උල්කාෂ්ම කැබැලි ද (meteoritic stones) හමු වූ බවට වාර්තා වුණේ ශ්‍රී ලාංකිකයනට නවමු අත්දැකීමක්‌ හිමි කරවමින්. ඔබ මේ සංසිද්ධීන් දකින්නේ කෙසේ ද?

අපේ අදහසට අනුව මේ සිදුවීම් තුන ම එක ම කථාන්තරයක කොටස්‌කරුවන් ලෙස සලකන්නට පුළුවන්. මන්ද පසුගිය දා පෘථිවිය වල්ගාතරුවක සුන්බුන් ධාරාවක්‌ අතරින් ගමන් කරන්නට යෙදුණා. එම සුන්බුන් කැබැලි විශාලත්වයෙන් සෙන්ටිමීටර් කිහිපයක සිට මීටර් ගණනාවක්‌ නැතිනම් ඊටත් වැඩි ප්‍රමාණයක්‌ විය හැකියි.

පෘථිවිය මේ සුන්බුන් ධාරාව අතරින් ගමන් කරන විට මේ සුන්බුන් පෘථිවියේ වායුගෝලය හා ගැටී වායුගෝලයට ඇතුළු විය හැකියි.

එහි දී මේ සුන්බුන් අතරින් කුඩා සුන්බුන් කුඩා ගිනිබෝල ලෙස දෘශ්‍යමාන වෙමින් දැවී යා හැකියි. ඇතැම් සුන්බුන් සම්පූර්ණයෙන් ම දැවී නො ගොස්‌ පොළොවට පතනය විය හැකියි. මේ අතර වල්ගා තරුවේ සුන්බුන්වල අඩංගු ජීව ආකාර වලාකුළුවලට ඇතුළු විය හැකියි. විශාල සුන්බුන් ඇත්නම් ඒවා පුපුරා යමින් ඒවායේ අඩංගු ක්‍ෂුද්‍ර ජීවී ආකාර වලාකුළුවලට ඇතුළු විය හැකියි. ඉන් අනතුරුවයි වැසි දිය හා මුසු වී වර්ෂාවක්‌ ලෙස පතනය විය හැක්‌කේ.



* මහාචාර්යතුමනි, සිය ගමන් මඟෙහි දී පෘථිවිය විටින් විට වල්ගා තරුවල සුන්බුන් අතරින් ගමන් කරනවා. එහි දී වල්ගා තරුවල අඩංගු නොයෙකුත් අංශූන් වායුගෝලයට ඇතුළු වීමේ හැකියාව පවතිනවා.

මේ බව සනාථ කරලීම සඳහා පර්යේෂණ සිදු කර තිබෙනවා ද? එසේ ම ඒ බව සනාථ වී තිබෙනවා ද?

ඔව්, පෘථිවි වායුගෝලයේ කිලෝමීටර් 10 සිට 50 දක්‌වා අතරතුර පවතින වායු ස්‌ථරය වන ස්‌තර ගෝලයෙන් (sඑර්එදිචයෑරු) වල්ගා තරුවලට අයත් අංශූන් (stratosphere) එකතු කරගෙන තිබෙනවා.

වල්ගා තරුවල සුන්බුන් අතරින් පෘථිවිය ගමන් කරද්දී පෘථිවි වායුගෝලයට ඇතුළු වන වල්ගා තරුවල සුන්බුන් ශේෂයන් ප්‍රථමයෙන් ම හඳුන්වා දෙනු ලැබුයේ ඩී. ඊ. බ්‍රවුන්ලී (D. E.Brownlee) නමැති තාරකා විද්‍යාඥයායි. ඔහු ගේ නමින් බ්‍රවුන්ලී අංශූන් (Brownlee particles) යනුවෙන් නම් කරනු ලැබූ අන්තර්තාරීය දූවිලි අංශූන් පිළිබඳ කලකට ඉහත අධ්‍යයන පවත්වා තිබෙනවා. මේ අධ්‍යයනවල දී වල්ගා තරුවලට අයත් කාබනික ද්‍රව්‍යයන්වලට විනාශ නො වී පෘථිවියේ වායුගෝලයට ඇතුළු විය හැකි බව පෙනී ගොස්‌ තිබෙනවා.

වර්ෂ 2001 දී හා 2008 දී අප මෙවන් අංශූන් එකතු කරගෙන පර්යේෂණ පවත්වා තිබෙනවා.

ඒ වගේ ම මෑතක දී ජපානය විසින් උඩුගුවනට යවන ලද බැලූන (Japanese balloon experiments) මඟින් පොළොවේ සිට කිලෝමීටර් 40ක්‌ තරම් වූ ඈතකින් ලබාගත් නියෑදිවල ක්‍ෂුද්‍ර ජීවී ආකාර වාර්තා වී තිබෙනවා. මේ ක්‍ෂුද්‍ර ජීවී ආකාරවලට වල්ගා තරුවල සම්භවයක්‌ (Cometary origin) ඇති බව සැලකෙනවා.

එසේ ම පෘථිවි වායුගෝලයේ පරිවර්තී ගෝලය (troposphere) එනම් පොළොවට වහා ම ඉහළින් පිහිටන වායු ස්‌ථරය ද ක්‍ෂුද්‍ර ජීවීන් සඳහා පර්යේෂණවලට බඳුන් කර තිබෙනවා. එම පර්යේෂණවල දී එම ස්‌ථරයේ ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බව පැහැදිලිව ම වාර්තා වී තිබෙනවා.

* ඉඳහිට "කඩා වැටෙන තරුවක" (shooting star) ආකාරයෙන් අත්දැක ඇති උල්කාපාතයක්‌ හැරුණු කොට දීප්තිමත් ආකාශ වස්‌තූන් නිරීක්‍ෂණය කරන්නට ලැබීම ශ්‍රී ලාංකික ජනතාවට තරමක්‌ නුහුරු අත්දැකීමක්‌. මේ හදිසියේ ම මේ දේවල් අත්දකින්නට ලැබීම ඔබට පැහැදිලි කළ හැක්‌කේ කෙසේ ද?

පෘථිවිය වල්ගා තරුවක සුන්බුන් අතරින් ගමන් කරද්දී එම අදාළ සුන්බුන් පිහිටා තිබෙන්නට ඇත්තේ පෘථිවියේ ශ්‍රී ලංකාවේ පිහිටීමට ආසන්න ව නැතිනම් වහා ම ඉහළින්ග එය මා දකින්නේ අහම්බයෙන් සිදු වූ දෙයක්‌ (chance event) ලෙසයි.

* ඔබ ගේ අදහසට අනුව ශ්‍රී ලංකාවට ඇද හැළුණු රතු වැස්‌සේ හමු වූ සෛල මොනවා ද?

මගේ අදහසට අනුව නම් මේ පිටසක්‌වළ ජීව ආකාර නිරන්තරයෙන් පෘථිවියට ඇතුළු වන බවට ඇති සාක්‍ෂි.

පෘථිවියේ ජීවය ඇති වූයේ ද මීට වසර බිලියන සතරකට පෙරාතුව උල්කාපාත (comets) මඟින් සිදු වූවා යෑයි සිතිය හැකි ජීව ආකාර හඳුන්වා දීමකින් යෑයි ජීවයේ සම්භවය පිළිබඳ එක්‌ මතයකට අනුව සැලකෙනවා. මේ ක්‍රියාවලිය කාලයෙන් කාලයට නිරන්තරව සිදු වන්නක්‌ ලෙස විස්‌තර කළ හැකියි.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑදි පරීක්‍ෂා කිරීමේ දී එම නියෑදිවල සිල්වර් (Ag) හා ආසනික්‌ (As) අඩංගු ව තිබූ බව පෙනී ගිය ද මේ සම්බන්ධව කිසියම් මතභේදයක්‌ බැහැර කිරීමක්‌ නැතිනම් ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වැනි තත්ත්වයක්‌ ඇති වූ බව සත්‍යයක්‌ ද?

නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ බව ප්‍රතික්‍ෂේප කළේ හෝ බැහැර කළේ හෝ නැහැ. පළමුව මේ පිළිබඳව ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකියාවක්‌ තිබුණේ නැහැ. නමුත් දැන් එය ස්‌ථිර වී තිබෙනවා.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑදි පරීක්‍ෂා කිරීමේ දී සිල්වර් හා ආසනික්‌ යන මූලද්‍රවයයන් නියත වශයෙන් ම හමු වූයේ කොහි දී ද? වැසි දිය නියෑදියේ පොදුවේ ද? නැතිනම් නියත වශයෙන් ම සෛලවල ද?

සෛවල. පෙරා වෙන් කර ගත් සෛලවල. (from filtrate)

* මේ රතු වැසි නියෑදි පරීක්‍ෂා කිරීමේ දී ඒවා පරීක්‍ෂා කරන්නට යෙදුණු ආයතන දෙක අතරින් එක්‌ ආයතනයකට සිල්වර් හා ආසනික්‌ හමු වන්නටත් අනෙක්‌ ආයතනයට සිල්වර් හා ආසනික්‌ හමු නො වන්නටත් හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්‌ ද?

ඒ සඳහා ප්‍රධාන හේතුව මේ ආයතන දෙක භාවිත කරන්නට යෙදුණු පර්යේෂණ ක්‍රමවේදයන් (Techniques) දෙකෙහි වෙනස.

නමුත් මූලද්‍රව්‍ය විශ්ලේෂණය සඳහා ඇති පර්යේෂණ අතර මේ දෙක ම ඉතා ම පිළිගත් ක්‍රමවේදයන් දෙකක්‌ ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑදිවල සිල්වර් හා ආසනික්‌ අඩංගු බව පෙනී යැමෙන් සනාථ වන්නේ කුමක්‌ ද?

මේ සෛල පෘථිවියේ දැනට දන්නා හඳුනන ජීවී ආකාරයක්‌ නො වන බවට මෙය තවත් සාක්‍ෂියක්‌.

* රතු වැස්‌සේ හමු වූ සෛලවල සිල්වර් හා ආසනික්‌ අඩංගු වීම කිසියම් පාර්ශ්වයක්‌ විසින් ජීව විද්‍යාත්මක අවියක්‌ භාවිත කළ බවට සලකුණක්‌ ලෙස පිළිගත හැකි ද?

අනුමානයක්‌ වශයෙන් (In theory) කෙනකුට එලෙස සිතන්නට පුළුවන්. නමුත් රතු වැස්‌ස හා සබැඳි සියලු ම සංසිද්ධීන් සලකා බලන විට එවැන්නක්‌ සිදු වූවා යෑයි පිළිගැනීම අපහසුයි.

* ඔබ මේ රතු වැසි නියෑදි එක්‌සත් රාජධානියේ දී පරීක්‍ෂාවට ලක්‌ කිරීමට බලාපොරොත්තු වෙනවා ද?

ඔව්. මේ පිළිබඳ ගවේෂණ කණ්‌ඩායමේ නායකයා වන අනිල් සමරනායක මහතා ගේ සමීප සහයෝගීතාවෙන් නොබෝ දිනයක දී මෙය සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා සුදුසු ම පර්යේෂණාගාරය තීරණය කර ඒ කටයුතු සූදානම් කරගත් වහා ම පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමටයි බලාපොරොත්තුව.

කෙසේ වෙතත් මේ සෛල සම්බන්ධව ස්‌ථීර නිගමනයට එළැඹීමට ප්‍රථම කළ යුතු පර්යේෂණ රාශියක්‌ ම පවතිනවා.

සෛල අභ්‍යන්තරය පරීක්‍ෂාවට ලක්‌ කිරීම, රසායනික මූලද්‍රව්‍යවල සංයුතිය හා ව්‍යාප්තිය විශ්ලේෂණය කිරීම, විද්‍යාගාර මාධ්‍යයන් තුළ විවිධාකාර වූ තත්ත්ව යටතේ මේ සෛල වගා කිරීම (culture) හා මේ සෛලවල ඇති ඩී. එන්. ඒ. (DNA) වෙන් කරගෙන ඒවා පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කිරීම ඒ අතරින් කිහිපයක්‌.

* ශ්‍රී ලංකාවේ රතු වැසි නියෑඳිවල සිල්වර් හා ආසනික්‌ අඩංගු බව පෙනී යැමෙන් සනාථ වන්නේ කුමක්‌ ද?

මේ සෛල පෘථිවියේ දැනට දන්නා හඳුනන ජීවී ආකාරයක්‌ නො වන බවට මෙය තවත් සාක්‍ෂියක්‌.

* රතු වැස්‌සේ හමු වූ සෛලවල සිල්වර් හා ආසනික්‌ අඩංගු වීම කිසියම් පාර්ශ්වයක්‌ විසින් ජීව විද්‍යාත්මක අවියක්‌ භාවිත කළ බවට සලකුණක්‌ ලෙස පිළිගත හැකි ද?

අනුමානයක්‌ වශයෙන් (ෂබ එයෑදරහ) කෙනකුට එලෙස සිතන්නට පුළුවන්. නමුත් රතු වැස්‌ස හා සබැඳි සියලු ම සංසිද්ධීන් සලකා බලන විට එවැන්නක්‌ සිදු වූවා යෑයි පිළිගැනීම අපහසුයි.

* ඔබ මේ රතු වැසි නියෑදි එක්‌සත් රාජධානියේ දී පරීක්‍ෂාවට ලක්‌ කිරීමට බලාපොරොත්තු වෙනවා ද?

ඔව්. මේ පිළිබඳ අධ්‍යයන කණ්‌ඩායමේ නායකයා වන අනිල් සමරනායක මහතා ගේ සමීප සහයෝගීතාවෙන් නොබෝ දිනයක දී මෙය සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා සුදුසු ම පර්යේෂණාගාරය තීරණය කර ඒ කටයුතු සූදානම් කරගත් වහා ම පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමටයි බලාපොරොත්තුව. කෙසේ වෙතත් මේ සෛල සම්බන්ධව ස්‌ථීර නිගමනයට එළැඹීමට ප්‍රථම කළ යුතු පර්යේෂණ රාශියක්‌ ම පවතිනවා.

සෛල අභ්‍යන්තරය පරීක්‍ෂාවට ලක්‌ කිරීම, රසායනික මූලද්‍රව්‍යවල සංයුතිය හා ව්‍යාප්තිය විශ්ලේෂණය කිරීම, විද්‍යාගාර මාධ්‍යයන් තුළ විවිධාකාර වූ තත්ත්ව යටතේ මේ සෛල වගා කිරීම (ජමකඑමරු) හා මේ සෛලවල ඇති ඩී. එන්. ඒ. (DභA) වෙන් කරගෙන ඒවා පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කිරීම ඒ අතරින් කිහිපයක්‌.

එක්‌සත් රාජධානියේ බකිංහැම් අභ්‍යවකාශ ජීව විද්‍යා (Astrobiology) මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ, බකිංහැම් විශ්වවිද්‍යාලයයේ හා කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරින්

මදාරා සරසි ද සිල්වා

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය