විද්‍යා ප්‍රබන්ධයේ සමාජ මෙහෙවර

විද්‍යා ප්‍රබන්ධයේ සමාජ මෙහෙවර

අනාගතයේ දිනයක මිනිසුන් අභ්‍යවකාශ යානාවල නැ`ගී ඈත මන්දාකිණිවල ඇති ග්‍රහලෝකයන්හි සැරිසරා ඒවායේ වසන බුද්ධිමත් ජීවීන් හමු වීමෙන් සිදු වන අනපේක්‌ෂිත සිදුවීම හෝ කාල යානයක නැඟී අතීතයට ගොස්‌ අතීතයේ සිටි යෝධ උරගයන් ගෙන් මිදී නැවත පැමිණි කාල යාත්‍රිකයකු ගේ ත්‍රාසජනක අත්දැකීම් හෝ යම් විද්‍යාඥයකු ගේ අත්වැරැදීමකින් අනපේක්‌ෂිත ලෙස බිහි වන අත්භූත සත්ත්වයකු ගේ භයංකර හැසිරීම පිළිබඳව හෝ ලියෑවුණු රසවත් විද්‍යා ප්‍රබන්ධයක්‌ කියවන ඔබ එහි ඇති සාහිත්‍ය රසයට අමතරව වෙනත් සාහිත්‍ය කෘතීන්හි නැති අපූරු රසයක්‌ විඳින බව ඔබට වැටහී තිබේ ද? විද්‍යා ප්‍රබන්ධයක්‌ වෙනත් මායා කතාවකින් (Fantacy) වෙනස්‌ වන්නේ මේ කරුණ නිසා ය. පාඨකයකු ලෙස විද්‍යා ප්‍රබන්ධ රස විඳින ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබන මේ විද්‍යාත්මක අත්දැකීම පිළිබඳව හා විද්‍යා ප්‍රබන්ධ රචකයන් ගේ සමාජ වගකීම පිළිබඳව අදහස්‌ කිහිපයක්‌ ගොනු කිරීම මේ ලිපියේ අරමුණ වේ.

විද්‍යා ප්‍රබන්ධයක්‌ යනු කුමක්‌ ද? කෙටි කථාව හා නව කථාව ආදී සාහිත්‍යාංග පිළිබඳවනම් පොදුවේ පිළිගත් අර්ථ දැක්‌වීම් හා නිර්ණායකයන් ඇත. එහෙත් විද්‍යා ප්‍රබන්ධයට තවම නිශ්චිත ඒකීය අර්ථ දැක්‌වීමක්‌ සොයාගත නොහැකි ය. (කිසිදු සාහිත්‍යාංගයකට එබඳු සීමා මායිම් දැමීමට එරෙහි ව මතවාදයක්‌ ද ඇත. එහෙත් අධ්‍යයන පහසුව තකා හා බහුතරයක්‌ කෘතීන්ට එම නිර්ණායකයන් පොදු නිසා එබඳු නිර්ණායකයක්‌ පැනවීම එතරම්ම අසාධාරණ නො වන බවක්‌ කෙනකුට වැටහෙනු ඇත.) නොයෙකුත් විද්වතුන් හා ලේඛකයන් විසින් නොයෙකුත් කාල වකවානු තුළ දී විද්‍යා ප්‍රබන්ධ පිළිබඳව ඉදිරිපත් කරන ලද විවිධ අර්ථ දැක්‌වීම් 30කට අධික ප්‍රමාණයක්‌ පොත පත ඇසුරෙන් සොයාගත හැකි ය. ඒ අතුරින් ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධකරුවකු වන රුසියානු ජාතික අයිසැක්‌ අසිමොව් ගේ අර්ථ දැක්‌වීම ඉතා සරල හා විවෘත බවින් යුතු ය.

විද්‍යා ප්‍රබන්ධයක්‌ යනු කතාව ගොඩනැ`ගීම හා අවසානය දක්‌වා ගලා යැම නියම විද්‍යාත්මක දැනුම මත පදනම් වූ, කතාන්දරය තුළ ද විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කෙරෙන ගද්‍ය නිර්මාණයකි.

නියම විද්‍යාත්මක දැනුම (authentic scientific knowledge) යන්න ජන සමාජයකට සාපේක්‌ෂ දෙයකි. ඇසිමොව් ඉන් අදහස්‌ කරන්නේ හුදෙක්‌ බටහිර විද්‍යා දැනුම බව කිව යුතු නො වේ. එහෙත් බටහිර විද්‍යා දැනුම පමණක්‌ නො ව ජනසමාජයේ සම්මත "විද්‍යා දැනුම" උපයෝගී කරගෙන වුව ද විද්‍යා ප්‍රබන්ධ බිහි කළ හැකි ය. උදාහරණයක්‌ ලෙස පෙරදිග ජ්‍යෙතිර් විද්‍යාවන් වුව ද "නියම විද්‍යාත්මක දැනුම" යෑයි සිතනා ජන සමාජයකට ජ්‍යෙdතිෂ්‍ය සංකල්ප අඩංගු ප්‍රබන්ධයක්‌ විද්‍යා ප්‍රබන්ධයක්‌ වනු ඇත. මේ නිසා එක්‌ ජන සමාජයක්‌ විද්‍යා ප්‍රබන්ධයක්‌ ලෙස සලකන කෘතියක්‌ වෙනත් ජන සමාජයක්‌ විසින් හුදු මායා කතාවක්‌ ලෙස සැලකීම ද නොවැළැක්‌විය හැකි ය.

මේ වන විට ලෝකයේ විවිධාකාර විද්‍යා ප්‍රබන්ධ බිහි වී ඇත. විචාරකයන් මේවා කතා සන්දර්භය අනුව වර්ගීකරණයකට ලක්‌ කර ඇත. ඒ අතර පහත දැක්‌වෙන විද්‍යා ප්‍රබන්ධ වර්ග වඩාත් ප්‍රචලිත වේ. (මේවා සඳහා යොදාගත් සිංහල වදන්වල යම් අඩුපාඩුවක්‌ ඇත්නම් සමාවන්න).

-----------------------------------------------------------------------------------------

1ග ගැඹුරු විද්‍යා ප්‍රබන්ධ (Hard Science Fictions)

2ග නොගැඹුරු විද්‍යා ප්‍රබන්ධ (Soft Science Fictions)

3ග තොරතුරු තාක්‌ෂණික ප්‍රබන්ධ (Cyberpunk)

4ග අභ්‍යවකාශ වීර චාරිකා (Space Opera)

5ග කාලය හරහා ගමන් කිරීම පදනම් කරගත් ප්‍රබන්ධ (Time Travel)

-----------------------------------------------------------------------------------------

ගැඹුරු විද්‍යා ප්‍රබන්ධ යනු ඉහත සඳහන් අර්ථ දැක්‌වීමට සම්පූර්ණයෙන් ම අනුකූල, විද්‍යාත්මක දැනුම මත පදනම් වූ හරයකින් යුත්, සාමාන්‍ය පාඨකයාට වඩා විද්‍යාත්මක දැනුමින් හෙබි පාඨකයනට රස විඳිය හැකි ප්‍රබන්ධයන් ය. ආතර් සී. ක්‌ලාක්‌ හා අයිසෙක්‌ ඇසිමොව් ගේ කෘතීන් බොහොමයක්‌ මේ වර්ගයට අයත් ය.

නොගැඹුරු විද්‍යා ප්‍රබන්ධ යනු විද්‍යාත්මක සංකල්ප මත පදනම් වීමට වඩා ත්‍රාසය, භීතිය, කුතුහලය, විස්‌මය වැනි කතා රසයන් ඉස්‌මතු වන අයුරින් රචිත ප්‍රබන්ධයන් ය. එසේ වුවත් ඒවායේ විද්‍යාත්මක දැනුම ද අඩංගු වේ. එච්. ජී. වෙල්ස්‌ ගේ කෘතීන් මේ වර්ගයට අයත් ය.

ඉතිරි ඕනෑ ම විද්‍යා ප්‍රබන්ධ වර්ගයක්‌ මේ වර්ග දෙකට ඇතුළත් කළ හැකි වුව ද, සමහර විශේෂ විද්‍යා ප්‍රබන්ධ වර්ගවල බහුල බව නිසා ම, ඒවා ද ප්‍රධාන වර්ග ලෙස වර්ග කිරීමට විචාරකයන් පෙලඹී ඇත.

තොරතුරු තාක්‌ෂණික ප්‍රබන්ධ යනු විද්‍යා ප්‍රබන්ධ කලාවට ඉතා මෑතක දී එක්‌ වූ සංරචකයකි. මේවායේ දී තොරතුරු තාක්‌ෂණයට අදාළ වදන් මාලාවන් බහුලව යොදාගැනෙන අතර කෘත්‍රිම බුද්ධිය හා පරිගණක ආරක්‌ෂණ පද්ධතීන් බිඳීම වැනි දේ මේවායේ අන්තර්ගත වේ. බෲස්‌ බෙත්කි තොරතුරු තාක්‍ෂණික ප්‍රබන්ධ කලාවේ පුරෝගාමීයකු ලෙස හැඳින්වේ.

අභ්‍යවකාශ වීර චාරිකා යනු ඈත අනාගතයේ සිදු වෙතැයි සිතන අන්තර් ග්‍රහමණ්‌ඩල ගමන් බිමන් හා ඒ සම්බන්ධ වීර වික්‍රම අඩංගු කතාන්තර ය. පසුගිය දශක කිහිපයේ මේවා ඉතා ජනප්‍රිය වූ නිසා රූපවාහිනියට හා සිනමාවට ද නැඟිණ. මේ වර්ගයේ ප්‍රබන්ධ නිසා කළු කුහර, සුපර්නොවා පිපිරීම් වැනි විශ්වය පිළිබඳ නවතම සංකල්ප පොදු ජනතාව අතරට ගමන් කළේ ය.

කාලය හරහා ගමන් කිරීම පදනම් කරගත් ප්‍රබන්ධකරණයේ පුරෝගාමියා වූයේ එච්. ජී. වෙල්ස්‌ ය. (කාල යානය). කාල යාත්‍රිකයා ඔස්‌සේ එම කාලයන්හි පවතින සමාජීය, පාරිසරික හා තාක්‌ෂණික තත්ත්වයන් පවා විද්‍යාත්මකව විග්‍රහ කිරීම මේවායේ විශේෂත්වයයි.

මේ ඕනෑ ම වර්ගයක විද්‍යා ප්‍රබන්ධයක්‌ පරිපූර්ණ ලෙස රස විඳීමට නම්, යම් හෝ ඊට අදාළ විද්‍යාත්මක දැනුමක්‌ තිබිය යුතු ය. අතීතයට වඩා වර්තමානයේ විද්‍යා ප්‍රබන්ධ ජනතාව අතරට යැමට හේතුව එය යෑයි සිතේ. තාක්‌ෂණයේ දියුණුවත් සමග තොරතුරු හෝ දැනුම හුවමාරුව වඩාත් පහසු විය. එනිසා බටහිර විද්‍යා දැනුම ඉතා පහසුවෙන් හා වේගයෙන් ලොව පුරා පැතිරිණි. මීට දශක දෙකකට පෙර සමාජයේ පුද්ගලයකු ගේ සාමාන්‍ය විද්‍යා දැනුමට වඩා වර්තමානයේ සම වයස්‌ පුද්ගලයකු ගේ විද්‍යා දැනුම බොහෝ පුළුල් ය. එනිසා එදාට වඩා විද්‍යා ප්‍රබන්ධ රසවිඳින්නන් ප්‍රමාණයෙන් මෙන්ම තත්ත්වයෙන් ද වර්ධනය වී ඇත. එමෙන් ම විද්‍යාත්මක දැනුම ද පරිණාමය වී ඇත. එදා විද්‍යා ප්‍රබන්ධ ලෙස සැලකූ කෘතීන් අද හුදු මායා කතා ලෙස නම් කරනු ලැබේ. විද්‍යාවේ ප්‍රගමනයත් සමග විද්‍යා ප්‍රබන්ධ කලාවේ ද ප්‍රගමනයක්‌ සිදු විය යුතු ම ය. එය ලොව පුරා සිදු වෙමින් පවතී.

මේ අනුව බලන කල අනාගතයේ දී විද්‍යා ප්‍රබන්ධ කලා මාධ්‍යයක්‌ වනු ඇත. කලාව මිනිසා ගේ යහපත වෙනුවෙනි. විද්‍යාවත් කලාවත් එක්‌ වූ මේ අපූරු සුසංයෝජනය සමාජයට දැවැන්ත මෙහෙයක්‌ කළ හැක්‌කකි.

විද්‍යා ප්‍රබන්ධයකින් සමාජයට ලද හැකි ප්‍රයෝජන මොනවා දැයි විමසා බලමු.

මෙහි දී අප සලකා බලන්නේ වෙනත් ඕනෑ ම කලා කෘතියකින් මිනිසාට විඳිය හැකි රසවින්දනයට අමතරව විද්‍යා ප්‍රබන්ධයකින් පමණක්‌ ලැබෙන ප්‍රයෝජනයන් ය.

සමාජයට සාමාන්‍ය විද්‍යාත්මත දැනුම ලබා දීම මේ අතරින් ප්‍රධාන වේ. රස විඳ අවසන් වූ පසු එම ප්‍රබන්ධයේ ක්‌ෂේත්‍රයට අදාළ සාමාන්‍ය දැනීමක්‌ පාඨකයා තුළ ශේෂ වනු ඇත. උදාහරණයක්‌ ලෙස අභ්‍යවකාශ වීර චාරිකාවක්‌ කියවූවකු හට ගුරුත්වාකර්ෂණ හා විකිරණ සංසිද්ධීන්, කාලය හා අවකාශය පිළිබඳ න්‍යායන්, විශ්වයේ අප අවට ඇති මන්දාකිණි හා ඒවාට ඇති දුර පිළිබඳ දැනුම නිරායාසයෙන් ම ලැබෙනු ඇත. එම කරුණු එකින් එක විෂයයන් ලෙස ඉගැන්වුව හොත් සමහරකුට ඒවා නීරස වනු ඇත. එහෙත් විද්‍යා ප්‍රබන්ධය රස විඳි පාඨකයා නොදැනුවත් ව ම එම දැනුම අමතක නො වන අයුරින් ග්‍රහණය කරගනු ඇත. එනිසා පාසල් සිසුනට ගැඹුරු විෂය කරුණු ඉගැන්වීමට ද මේ කලා මාධ්‍යය නිර්මාණශීලී ලෙස ප්‍රයෝජනයට ගත හැකි ය.

එමෙන්ම නව විද්‍යාත්මක සංකල්පයක්‌ හෝ නිර්මාණයක්‌ පිළිබඳව සමාජය දැනුවත් කිරීමට ද විද්‍යා ප්‍රබන්ධ ප්‍රබල මාධ්‍යයක්‌ ලෙස යොදා ගත හැකි ය. උදාහරණයක්‌ ලෙස, කෘත්‍රිම බුද්ධිය හා සබැඳුණු නව සංකල්ප හා දැනටත් පරීක්‌ෂණ මට්‌ටමේ ඇති ඒ හා සම්බන්ධ සොයා ගැනීම් පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීමට, තොරතුරු තාක්‌ෂණික ප්‍රබන්ධ හා ඒ ඇසුරින් නිපදවන ලද සිනමා නිර්මාණ සමත් වී ඇත. මේ විද්‍යා ප්‍රබන්ධ රස විඳින නිර්මාණශීලිත්වයෙන් හා දක්‌ෂතාවන් ගෙන් යුත් දරුවන් ගේ සිත් තුළ හටගන්නා නිර්මාණශීලී අදහස්‌ පසු කලෙක මුහුකුරා ගොස්‌ දැවැන්ත නිර්මාණ බිහි වීමට ද ඉඩ ඇත. සංකල්ප ලෙස පමණක්‌ පැවැති දැනුම ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගැනීමට අනාගතයේ දී ඔවුනට හැකි වනු ඇත. තමාට ප්‍රිය එමෙන් ම තවදුරටත් දියුණු කිරීමට ඇති ක්‌ෂේත්‍රයන් කල් ඇති ව හඳුනාගෙන තම අනාගතය සැලසුම් කිරීමට විද්‍යාඥ අංකුරයනට එය අත්වැලක්‌ වනු ඇත.

විද්‍යා ප්‍රබන්ධ ම`ගින් කළ හැකි තවත් වැදගත් මෙහෙයක්‌ වන්නේ යහපත් මතවාද හා සංකල්ප සමාජගත කිරීම ය. තුරුලතා සුරැකීම, ජලය සුරැකීම, පරිසර දූෂණය වැළැක්‌වීම, වන සතුන් සුරැකීම, අල්පේච්ඡ පරිභෝජනය, පොලිතීන් වැනි නො දිරන ද්‍රව්‍ය භාවිතය අවම කිරීම ආදී බොහොමයක්‌ යහපත් අදහස්‌ මේ ඔස්‌සේ සමාජගත කළ හැකි ය. විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ සෘජු ලෙස දැනුම් දීමට අප කෙතරම් උත්සාහ කළ ද එහි සාර්ථකත්වය ඉතා අවම මට්‌ටමක පවතී. එහෙත් රසවත් සරල විද්‍යා ප්‍රබන්ධයක්‌ ඔස්‌සේ වක්‍රාකාරව කෙරෙන දැනුවත් කිරීම ම`ගින් සමාජ චින්තනයට බලපෑමක්‌ ඇති වේ. එය ගද්‍ය කෘතියක්‌ම වීම අවශ්‍ය නැත. එය සිනමා පටයක්‌ හෝ රූපවාහිනි නාටකයක්‌ විය හැකි ය. ඒ ඔස්‌සේ අදාළ දැනුමින් සන්නද්ධ වූ සමාජය එම දැනුම භාවිත කරමින් පොත පතින් හෝ උපදෙස්‌ පත්‍රිකාවකින් ඔබ්බට ගමන් කොට ප්‍රායෝගිකව සිය ජීවිතවලට එම යහපත් අදහස්‌ සමීප කරගනු ඇත.

ඉහත සඳහන් අදහසේ ම විලෝමය ලෙස සැලකිය හැකි තවත් ප්‍රයෝජනයක්‌ වන්නේ අනාගත ව්‍යසනයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම ය. ඉහත දී අප සඳහන් කළේ යහපත් සංකල්පයන්හි යහපත් ප්‍රතිඵල සම්බන්ධව සමාජය දැනුවත් කිරීම පිළිබඳ ව ය. මෙහි දී සලකනු ලබන්නේ අයහපත් ක්‍රියාපිළිවෙතකින් අත්වන අයහපත් ඵල විපාක පිළිබඳව අනතුරු ඇඟවීම ය.

උදාහරණයක්‌ ලෙස බලශක්‌ති අර්බුදය හෝ ඛනිජ ඉන්ධන හිඟ වීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම, වායු හා ජල දූෂණය, පළිබෝධනාශකවල අනිසි පරිහරණය නිසා දීර්ඝකාලීනව සිදු වන ව්‍යසනයන්, ලෝක ආර්ථික අර්බුදය, න්‍යෂ්ටික අවි ආයුධ භාවිතයේ අයහපත් ඵල විපාක ආදී බොහොමයක්‌ කරුණු දැක්‌විය හැකි ය. ඛනිජ ඉන්ධන ප්‍රමාණවත්ව ඇත්තේ තව ඉතා ම කෙටි කාලයකට පමණක්‌ බව බොහෝ දෙනා කරුණක්‌ ලෙස දනිති. එහෙත් සත්‍ය වශයෙන් ම එම කරුණේ ඇති බැරෑරුම් බව අවබෝධ කරගෙන ඇත්තේ කෙතරම් අතළොස්‌සක්‌ ද? ඉහත සඳහන් සැම අයහපත් කරුණක්‌ පිළිබඳ ව ම සත්‍ය තත්ත්වය එයයි. එම කරුණුවල ඇති බැරෑරුම් බව බහුතරයක්‌ දෙනා හදවතින් ම අවබෝධ කරගන්නේ නම් මේ සමාජය මීට වඩා බොහෝ වෙනස්‌ වනු ඇත. තව තවත් එම ව්‍යසනයන්ට අත හිත දීම වෙනුවට, ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගනු ඇත. මේ සම්බන්ධව විද්‍යා ප්‍රබන්ධකරුවාට දැවැන්ත සමාජ වගකීමක්‌ ඇත.

සමාජයේ බහුතරයක්‌ පිරිස නිවැරැදි විද්‍යා දැනුමින් හා යහපත් ගුණධර්මවලින් සන්නද්ධ කිරීමට හැකි වුව හොත්, මානව සමාජය විසින් ම මානවයා ගේ විනාශය කරා යන ගමන වේගවත් කිරීමේ අවාසනාවන්ත තත්ත්වය දුරු වනු ඇත. විද්‍යා ප්‍රබන්ධකරුවාට මෙහි දී විශාල කාර්ය භාරයක්‌ ඉටු කළ හැකි ය. එම යුතුකම අතීතයට වඩා වර්තමානයේ දී වැදගත් වේ. වර්තමානයේ දී මෙන්ම අනාගතයේ දී ද වැදගත් වනු ඇත.

විද්‍යා ප්‍රබන්ධකරුවකු අතින් රචනා වන වදන් මාලාවන් අන් සාහිත්‍ය කෘතීන් මෙන් රසවින්දනයට පමණක්‌ ආමන්ත්‍රණය කොට නවතින්නේ නැත. ඒවා පාඨකයා නොදැනුවත් ව ම දැනුම ලබා දී ඔහු ගේ අවබෝධය ඉහළ තලයකට පත් කරයි. ඔහුට සිතීමට නව නිර්මාණ කිරීමට මූල බීජ සපයයි. සිය සමාජයට සාපේක්‌ෂව යහපත අයහපත වෙන් කොට හඳුනා ගැනීමට වක්‍රාකාරව ඔහුට උපකාර කරයි.

විද්‍යා ප්‍රබන්ධකරුවා නිස්‌සාර අභූත කතාන්තරයක්‌ ගොතා එය විද්‍යා ප්‍රබන්ධයක්‌ ලෙස නම් කිරීමෙන් සිදු වන සමාජ හානිය බාල නව කතාවකින් සිදු වන හානියට වඩා දරුණු වේ. මන්ද එහි ඇති කරුණු, විද්‍යාත්මක බව හා සාමාන්‍ය පාඨකයා විශ්වාස කරන නිසා එය මනසට දැනුම ලෙස ඇතුළු වී ඔහු තුළ ඇති දැනුම ද විකෘති කළ හැකි බැවිනි. මේ නිසා විද්‍යා ප්‍රබන්ධකරුවා සිය නිර්මාණය විද්‍යා ප්‍රබන්ධයක්‌ ලෙස හැඳින්වීමේ දී බොහෝ පරෙස්‌සම් විය යුතු ය.

මේ අයුරින් සිතා බලන විට කලාවේත් විද්‍යාවේත් අපූරු සංකලනයක්‌ වන මේ විද්‍යා ප්‍රබන්ධය යනු ඉතා ප්‍රබල සන්නිවේදන මාධ්‍යයකි. විද්‍යා ප්‍රබන්ධකරුවාට සමාජයට සුවිශාල බලපෑමක්‌ එල්ල කළ හැකි ය. එනිසා ම යහපත් අනාගතයක්‌ වෙනුවෙන් මිනිසා දකින සුබ සිහිනය සැබෑ කර ගැනීමේ දී විද්‍යා ප්‍රබන්ධකරුවාට දැවැන්ත සමාජ වගකීමක්‌ පැවැරේ.

රජිත් ප්‍රියංග

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය