ඉන්ද්‍රිය ගෝචර නො වන වස්‌තුවල පැවැත්ම



අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට අපේ සාහිත්‍යය මෙන් ම ජනප්‍රවාද ද යොදා ගැනීමට සිදු වෙයි. ඒ එකක්‌ වත් මිථ්‍යා මත ලෙස බැහැර කළ යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් ඒ කරුණු මිථ්‍යා මත ලෙස ඉවත දැමීමට අනුබල දෙතත් අප එයින් නොමඟ යා යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් කර ඇත්තේ විශේෂයෙන් ම බයිබලයේ සඳහන් කරුණු ඊනියා විද්‍යාත්මක ආකාරයට ප්‍රකාශ කිරීම පමණකි. එසේ කරන ලද ප්‍රකාශ, ඒ ප්‍රකාශ මත ම පදනම් වෙමින් කරන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමඟ සංගත වන බව පෙන්වීමෙන් බටහිර විද්‍යාඥයන් තම විද්‍යාවට වටිනාකමක්‌ ලබා දී ඇත. එහෙත් මේ වටිනාකම බටහිරයන් ගේ දේශපාලන ආධිපත්‍යය සමඟ ඳ බැඳී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යය හේතුවෙන් බටහිර අච්චුවේ පාසල් හා විශ්වවිද්‍යාල ඔස්‌සේ ඔවුන් ගේ දැනුම ලෝක පූජිත තත්ත්වයකට පත් කර ඇත.

විශ්වවිද්‍යාලවල ඇති ස්‌වාධීනත්වය ගැන සියලු දෙනා ම පාහේ කතා කරති. එහෙත් බටහිර නො වන විද්‍යාවක්‌ ඉගැන්වීමට හෝ බටහිර විද්‍යාව විවේචනය කිරිමට හෝ විශ්වවිද්‍යාලවල ඉඩක්‌ නැත. එහි සිටින අනුකාරක ආචාර්යවරුන් ගෙන් හා මහාචාර්යවරුන් ගෙන් අති විශාල බහුතරයකට බටහිර දැනුමෙන් ඔබ්බට ගොස්‌ සිතීමට කෙසේ වත් නො හැකි ය. ඔවුන්ට බටහිර දැනුමෙහි ද සිතීමට නොහැකි බව ඔවුන් අතින් කිසිදු සංකල්පයක්‌ බිහි නො වීමෙන් පැහැදිලි වෙයි. ඔවුන් කරන්නේ ශාස්‌ත්‍රීය ලෝකයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක්‌, සංකල්පීය වශයෙන් කිසි ම වැදගත්කමක්‌ නැති ප්‍රශ්නයක්‌, බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමෙහි ප්‍රවාද ආශ්‍රයෙන් විසඳීම පමණ ය. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සැසිවාරවලට ඉදිරිපත් කර ඇති ඊනියා පර්යේෂණ පත්‍රිකාවල එක ම සංකල්පයක්‌ වත් සාකච්ජාවට බඳුන් නො වේ. පසුගිය දා මහත් ආන්දෝලනයකට ලක්‌ වූ නාථ දෙවියන් විද්‍යාවේ සම්පත් දායකයකු ලෙස යොදාගැනීම පිළිබඳව වත් සාකච්ජාවක්‌ එහි දී ඇති නො වේ. එහෙත් එහි සාමාජිකයන් වන බටහිර විද්‍යාව විසින් අනාථ කරනු ලැබ ඇති බටහිර විද්‍යාවේ හෙංචයියලා හා හෙංචක්‌කලා නාථ දෙවියන් සම්බන්ධයෙන් මට විරුද්ධව සංගමයේ නිල ප්‍රකාශ කිරීමට තරම් නිවට වූ හ. අද වන විට බටහිර ම වාසය කරන බටහිර ම උපත ලත් ඉහළ ම බටහිර වෝහාරික වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරු රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව පවසති. මෙරට අනුකාරක බටහිර විද්‍යාඥයන්ට දැන් කීමට දෙයක්‌ නැත්තේ ඉහත කී වෛද්‍යවරු ඔවුන් ගේ මහත් ගෞරවයට පාත්‍ර වන ඉහළ විද්‍යාඥයන් බැවිනි.

එහෙත් අද බටහිර විද්‍යාවට ප්‍රශ්න මතු වී ඇත. බටහිරයන් ගේ ලෝකය පංෙච්න්ද්‍රියන්ට පමණක්‌ අවසානයේ දී සීමා වෙයි. ඔවුන් ගුරුත්වාකර්ෂණය, අවකාශ කාලයෙහි වක්‍රතාව ආදී ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදා ගත්ත ද අවසානයේ දී නිරීක්‍ෂණය කරන්නේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයකි. ඔවුන්ට ඉන්ද්‍රිය ගෝචර ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක්‌ නැත. එහෙත් ඔවුහු ඒ ලෝකය තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප යොදා ගනිති. ඇති පරස්‌පරය යම් තරමකට වත් තේරුම් ගත්තේ අර්නස්‌ට්‌ මාක්‌ නමැති ඔස්‌ටි්‍රයානු ජාතික භෞතික විද්‍යාඥයා හා දාර්ශනිකයා ය. ඊනියා ගුරුත්වාකර්ෂණය යොදා ගනිsමින් බටහිර විද්‍යාඥයෝ පොළොවට පොල් වැටෙන ආකාරය කතා කරති. ඒ අතර ඔවුන්ට ක්‌වොන්ටම් ලෝකයෙහි ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රපංච ගැන කතා කිරීමට ද සිදු වී ඇත. එහි දී ඔවුන් සතු ව ඇති සාහිත්‍යය ජනප්‍රවාද මඟින් ඒ ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රපංච විස්‌තර කිරීම සඳහා ප්‍රවාද තනාගැනීමේ අපහසුතාවක්‌ වෙයි. බටහිර විද්‍යාවට තවත් දුර යැමට නම් ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රපංච තේරුම් කර දීමට සමත් විය යුතු ය.

මනස යන්න ද ඉන්ද්‍රිය ගෝචර නො වන්නකි. මෙහි දී අප දැනට එක්‌තරා ආකාරයකට සිමිත ව වුවත් සංකල්පීය නිරවුල් බවක්‌ ඇති කරගත යුතු ව ඇත. ක්‌වොන්ටම් අංශූ ඉන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණය ද ඉන්ද්‍රිය ගෝචර නො වේ. ක්‌වොන්ටම් අංශු හා ගුරුත්වාකර්ෂණය අතර සංකල්පීය වෙනසක්‌ තිබේ ද? ගුරුත්වාකර්ෂණය යන සංකල්පය නිර්මාණය කරනු ලැබුයේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් කර දීම සඳහා ය. පොළොවට පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතු කොටගෙන යෑයි නිව්ටන් කීවේ ය. එය ඔහු ගේ නිර්මාණයක්‌ පමණකි. ඒ සංකල්පය පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන්නක්‌ නො වේ. පොළොවට පොල් වැටීම ඉන්ද්‍රිය ගෝචර වන අතර එය තේරුම් කර දීම සඳහා නිර්මාණය කෙරුණු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. මෙහි දී පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට අපට යොමු වීමට සිදු වී ඇත. සිංහල බෞද්ධයනට පැවැත්ම යනු සම්මුතියක්‌ පමණකි. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම්මුති වශයෙන් ගත් කල පවතින්නේ යෑයි අපි කියමු. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්පය ගැන අපට කිව හැක්‌කේ කුමක්‌ ද? ඒ සංකල්පවලින් සම්මුති වශයෙන් වත් නො පවත්නා දේ කියෑවෙන්නේ ද?

ක්‌වොන්ටම් අංශු ද පංෙච්න්ද්‍රියනට ගෝචර නො වේ. එහෙත් ඉලෙක්‌ට්‍රොaන, ප්‍රොaටෝන ආදිය පමණක්‌ නො ව දැන් ආලෝකයේ වේගය සම්බන්ධව බොහෝ දෙනා ගේ කතාබහට ලක්‌ වන න්‍යqටීනෝ ද පවත්නා අංශු ලෙස සැලකෙයි. ඒවා අවසාන වශයෙන් ගත් කල දොඹ ගෙඩි, පොල් ගෙඩි මෙන් පවතින දේ ය. සිංහල බෞද්ධයන්ට ඒ පවතින්නේ සම්මුති වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර වස්‌තු වුව ද සිංහල බෞද්ධයනට සම්මුතියෙන් පමණක්‌ පවතින දේ ය. ප්‍රොaටෝන ඉන්ද්‍රිය ගෝචර නො වුව ද සම්මුති අර්ථයෙන් පවතියි. එහෙත් ගුරුත්වාකර්ෂණය එසේ නො වේ. එය සම්මුති අර්ථයකින් වුවත් නො පවතියි. ඉන්ද්‍රිය ගෝචර නො වන ගුරුත්වාකර්ෂණය අවශ්‍ය වන්නේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් කර දීමට යැමේ දී ය.

ඇතැම් විට කෙනකුට කිව හැක්‌කේ ප්‍රොaටෝන ආදිය ද අවශ්‍ය වන්නේ වෙනත් ප්‍රපංචයක්‌ තේරුම් කර දීමේ දී බව ය. පරමාණුවේ ආකෘතිය තැනීමේ දී ප්‍රොaටෝන අවශ්‍ය වී ඇතැයි යමකුට කිව හැකි ය. එහෙත් එසේ නිර්මාණය කෙරුණ ද ප්‍රොaටෝන යන සංකල්පය වෙනත් කාර්යයන්හි දී ද යොදාගත හැකි වෙයි. විවිධ පරමාණුක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ප්‍රොaටෝන, න්‍යqට්‍රොaන ආදී සංකල්ප යොදා ගැනෙයි. ඒ සංකල්ප අද වන විට ඒවා නිර්මාණය කරනු ලැබූ ප්‍රපංච තේරුම් කර දීම්වලට ඔබ්බෙන් වෙනත් ප්‍රපංච සම්බන්ධයෙන් ද යොදා ගැනෙයි. එහෙත් ගුරුත්වාකර්ෂණය වස්‌තු එකිනෙක ඇද ගැනීම තේරුම් ගැනීම සඳහා පමණක්‌ ඇති සංකල්පයකි. ඉන් ඔබ්බට ගොස්‌ වෙනත් ප්‍රපංචයක්‌ තේරුම් ගැනීමට ගුරුත්වාකර්ෂණය යන සංකල්පය යොදා නො ගැනෙයි.

යම් සංකල්පයක්‌ නිර්මාණය කිරීමෙන් පසුව ඒ සංකල්පය හුදෙක්‌ එය නිර්මාණය කෙරුණු ක්‍ෂෙත්‍රයට, තේරුම් ගැනීමට අවශ්‍ය වූ ප්‍රපංචයට පමණක්‌ සීමා වන්නේ නම් ඒ සංකල්පයට සම්මුති අර්ථයකින් පවා පැවැත්මක්‌ තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණයට මෙන් ම අයින්ස්‌ටයින් ගේ අවකාශ කාල වක්‍රතාව පිළිබඳ සංකල්පයට ද අදාළ ප්‍රපංචයෙන් ඔබ්බට යන පැවැත්මක්‌ සම්මුති අර්ථයකින් වත් නැත. එහෙත් මනස එසේ නො වේ. එය කවදා කා අතින් නිර්මාණය වූවක්‌ දැයි නො දනිමු. එහෙත් මනස සිත් ඉපදීම සම්බන්ධයෙන් පමණක්‌ යොදා නො ගැනෙයි. මනස සිත් පහළ කර ගැනීමේ දී මෙන් ම සිත් පහළ කර නො ගැනීමේ දී ද වැදගත් වෙයි. සිංහල බෞද්ධයෝ මනස යන්න ද නිර්මාණයක්‌ බවත් එය මනසේ ම නිර්මාණයක්‌ බවත් දනිති. අප එකඟ නො වුව ද මනස හෘදය වස්‌තුව ආශ්‍රිතව පවතින්නේ යෑයි සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දැක්‌වෙයි. මනස ඉන්ද්‍රිය ගෝචර නො වුව ද එය ගුරුත්වාකර්ෂණය වැනි සම්මුති වශයෙන් වත් නො පවතින සංකල්පයක්‌ නො ව සම්මුති වශයෙන් පවත්නා ප්‍රොaටෝනයක්‌ වැනි සංකල්පයකි. ප්‍රොaටෝන ද ඉන්ද්‍රිය ගෝචර නො වන බව අවධාරණය කළ යුතු ය. බටහිර විද්‍යාඥයන්ට මනස යන්න ද පවතින සංකල්පයකි. ඔවුහු මනස නැතැයි නො කියති. එහෙත් ඔවුන් කියන්නේ මනස යන්න මොළයේ ක්‍රියාකාරීකම් නිසා පවතින බව ය. ඔවුන්ට අනුව මනස මොළයට ද්වීතීයික ය. බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව මනසක්‌ ඇත්තේ මිනිසුන්ට පමණ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද වෙනත් සතුන්ට ද මොළ ඇත. අප කලින් කියා ඇති පරිදි මොළ ඇති ඒ අනෙක්‌ සතුන්ට මනස්‌ නොමැති වීමටත් මිනිසුන්ට පමණක්‌ මනස්‌ ඇති වීමටත් හේතුව බටහිර විද්‍යාඥයන්ට මොළය ආශ්‍රිතව පෙන්නුම් කර දිය නො හැකි ය.

එයටත් වඩා ප්‍රශ්නයක්‌ වනුයේ මිනිසුන් ගේ මොළ අතර ඇති වෙනස්‌කම් (ප්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන්) හා ඒ ඒ මිනිසුන් ගේ මනස්‌ අතර වෙනස්‌කම් තේරුම් ගැනීමෙහි දී ය. අයින්ස්‌ටයින් ගේ හෝ ගර්ඩ්ල් ගේ හෝ මොළය සාමාන්‍ය මිනිසකු ගේ මොළයෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද? ඒ වෙනස්‌කම් අද තේරුම් ගැනීමට නොහැකි වනවා ඇත. එයට හේතුව අයින්ස්‌ටයින් හා ගර්ඩ්ල් යන දෙදෙනා ම මිය ගොස්‌ ඇති බැවිනි. එහෙත් අද ජීවත් වන උසස්‌ යෑයි සම්මත විද්‍යාඥයන් කිහිප දෙනකු ගේ මොළවලට ඉලෙක්‌ට්‍රොaඩ ඔබ්බවා මේ වෙනස්‌කම තේරුම් ගැනීමට හැකි ද?

මොළය ඇතුළු සියලු අවයව නිර්මාණ යෑයි සැලකුව හොත්, මනස ද මනසෙහි ම නිර්මාණයක්‌ ලෙස සැලකුව හොත්, මොළයේ ව්‍යqහය කුඩා කල සිට වෙනස්‌ වීම පිළිබඳ ප්‍රවාදයක්‌ ද සකසා ගත හැකි ය. මනස විසින් හෝ කුසලාකුසල ධර්ම විසින් මොළය සකස්‌ කෙරෙනු ඇතැයි අපට සිතාගත හැකි ය. නියුරෝන (ස්‌නායු සෛල) ගැට ගැසෙන, එකතු වන තැන් (උපාගම - Synapses) ඉපදෙන විට ම ළදරුවකු ගේ මොළයේ නිශ්චිත ව පිහිටා නැත. ඒවා ජෛවීය ව නිර්ණිත නො වේ. ඒවා සංස්‌කෘතික ව නිර්ණය වෙයි. එසේ සංස්‌කෘතිකව නිර්ණය වන කොටස්‌ මොළයේ වෙයි. ඒ අතර කර්ම ශක්‌තිය අනුව ද මොළය සැකසී ඇතැයි සිතිය හැකි ය. මොළය හුදු ජෛවීය ව නිර්ණිත වස්‌තුවක්‌ ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාඥයන් විසිනි. ඒ ඔවුන් ගේ ඒක හේතුවාදය සමඟ ද ගැලපෙයි. එහෙත් සිංහල බෞද්ධයෝ ඒක හේතුවාදීහු නො වෙති. ඔවුන්ට මොළය ජෛවීයව (මවුපියන් මඟින්), කර්ම ශක්‌තිය අනුව මෙන් ම සංස්‌කෘතිකව ද නිර්ණිත වස්‌තුවකි.

බටහිර විද්‍යාඥයෝ හා වෙනත් උගත්තු ද අප රට අනුකාරකයෝ ද, මනසට ප්‍රධාන තැනක්‌ නො දුන්න ද මනස ඒ කිසිවක්‌ ගණන් නො ගන්නා බව පෙනෙයි. බටහිර විද්‍යාඥයන් එසේ තැනක්‌ නො දෙන්නේ ඔවුන් පදනම් වී ඇති චින්තනය හා බටහිරයන් ගේ දේශපාලන ආධිපත්‍යය හේතු කොටගෙන මිස වෙනත් තර්කයක පදනම් වී නො වේ. බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය නම් මිනිසුන්ට ඇති වන හැඟීම් ඉතා සුළු කාලයකට පසුව මොළයට දන්වන බවට මොළයේ ඔබ්බවන ඉලෙක්‌ට්‍රොaඩ ඇසුරෙන් දැක ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා ඔවුන්ට තමන්ට ආවේණික අන්දමට පර්යේෂණ කළ හැකි ය.

මහාචාර්ය නලින් ද සිල්වා

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය