බකමූණු ලෙඩේ


කැඩපත අබියස

















ශිෂ්ටාචාරයේ මුල් යුගයේ පටන් අද දක්‌වා ම මානවයාට කරදර ඇති කරන රෝග බොහොමයක්‌ ම වෙයි. දේශීය වශයෙන් දෙවියන් ගේ ලෙඩක්‌ ලෙස හෝ අම්මාවරුන් ගේ අසනීපයක්‌ ලෙස හෝ සැලකෙන ඛේට ග්‍රන්ථි ඉදිමිම, කම්මුල්ගාය වශයෙන් අපි හඳුන්වමු.

මේ රෝගයේ ඉතිහාසය පූර්ව ඓතිහාසික අවධිය තෙක්‌ ම යොමු වි ඇති බව බොහෝ විද්වතුන් ගේ අදහසයි. කෙසේ නමුත් ඉන්දීය වෛද්‍ය සුශ්‍රැත විද්වතා මේ රෝගය පිළිබඳව එතරම් ගැඹුරින් සලකා බලා නැත ද ඒ පිළිබඳව යම් දැනුමක්‌ එතුමා ලබා තිබූ බව සමකාලීන වෛද්‍ය ලේඛන පරිශීලනය කරන විට අවබෝධ වේ. වෛද්‍ය සුශ්‍රැත විද්වතා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව වැඩි උනන්දුවකින් කටයුතු කළ නිසා මෙවන් ඇතැම් රෝග කෙරෙහි එතුමා ගේ අවධානය මඳ වන්නට ඇති බව නූතන විද්වත් මතයයි. කෙසේ නමුත් බකමූණු රෝගය පිළිබඳ පළමු විධිමත් අදහස සම්පිණ්‌ඩනය කර ඇත්තේ හිපොක්‍රටිස්‌ විද්වතා විසිනි. දෙකම්මුල් සහ උගුර ඉදිමීම, තද උණ, ගිලීමට ඇති අපහසුව මෙන්ම කලාතුරකින් මුත් පුරුෂයන් ගේ වෘෂණ කෝෂ ඉදිමීම ආදි වශයෙන් රෝග ලක්‌ෂණ මැනැවින් හා විධිමත්ව හිපොක්‍රටිස්‌ විද්වතා විසින් ලේඛනගත කරනු ලැබ ඇත. එසේ ම උණුසුම් ජලය පානය කිරිමත් ඇඳ විෙවිකයත් රෝගියාට නිර්දේශ කරන හිපොක්‍රටිස්‌ විද්වතා රෝගියකු වෙතින් නිරෝගි පුද්ගලයකුට ද රෝගය බෝ විය හැකි බව ද සටහන් කර ඇත. කෙසේ නමුත් මේ රෝගය මඟින් මනුෂ්‍ය ජීවිතයට මාරාන්තික තර්ජනයක්‌ සෘජු ව එල්ල නො වේ. බහුලව ම තද උණ, ගිලීමේ අපහසුව, වමනය, හිසරදය, වැනි රෝග ලක්‌ෂණ පෙන්වන රෝගියා කලාතුරකින් කථා කිරිමේ අපහසුවකින් ද පෙළිය හැකි ය.

රෝගය ඇති වන්නේ කවරාකාරයෙන් දැයි 20 වැනි ශතවර්ෂය වන තුරුත් රහසක්‌ ව තිබිණි. 18 වැනි සහ 19 වැනි ශතවර්ෂ වල දී ලෝකය පුරා කම්මුල්ගාය වසංගතයක්‌ සේ පැතිර ගිය අතර එමඟින් සමාජ ක්‍රියාවලිය හිටි හැටියේ ම අඩාළ වී ගියේ ය. පාසල්, නේවාසිකාගාර, හමුදා සහ පොලිස්‌ බැරැක්‌ක, බන්ධනාගාර, මුහුදු ගමන්හි යෙදෙන නෞකාවල මගීන් සහ කාර්ය මණ්‌ඩල මේ අතරින් ප්‍රමුඛ තැනක්‌ ගන්නා ලදි. ඛේට ග්‍රන්ථි අසාදනයට අමතරව, වෙනත් ග්‍රන්ථි ආසාදනය, විශේෂයෙන් නාඹර වයසේ පිරිමි දරුවන් ගේ වෘෂණ කෝෂ ආසාදනය විම හේතුවෙන් ඔවුන් වඳ භාවයට පත් වීම, ගර්භණීs මාතාවන්ට සිදු වන ආසාදනය හේතුවෙන් ගබ්සා විමට ඇති හැකියාව, මෙනින්ජයිටිස්‌ තත්ත්වයක්‌ නිර්මාණය විමට ඇති හැකියාව, ස්‌ත්‍රීන් ගේ ඩිම්බ කෝෂ ඉදිමීම, අතිශය කලාතුරකිත් එන්සෙෆලයිටිස්‌ තත්ත්වයක්‌ ඇති වීම ආදී වශයෙන් කම්මුල්ගායට පාත්‍ර වීමෙන් ලක්‌ විය හැකි අතුරු ගැටලු රැසක්‌ ම ඇත.

ක්‍රි.ව. 1700 ගණන්වල මැද භාගයේ පටන් වෛද්‍ය පර්යේෂකයන් කම්මුල්ගාය පිළිබඳව සොයා බැලීම් කර ඇත. එහෙත් මානවයාට විශාල වශයෙන් හානි ගෙන දෙන වසූරිය, ක්‌ෂයරෝගය, ගලපටලය, පෝලියෝව වැනි රෝග අතිශයින් සුලබ ඒ කාලයේ එතරම් විශේෂ හෝ කැපී පෙනෙන ජීවිත හානියක්‌ නො පෙන්වන ෙ€ට ග්‍රන්ථි ඉදිමිම පිළිබඳව සොයා බලන්නට වෛද්‍ය පර්යේෂකයන් අතර උණුසුම් උනන්දුවක්‌ නොවු බව අප පිළිගත යුතු ය. ඒ අනුව කම්මුල්ගාය පිළිබඳ විධිමත් තොරතුරක්‌ මානවයා ලබා ගන්නේ 1934 තරම් වූ මැද භාගයේ දී ය. වෛද්‍ය ජොන්සන් සහ වෛද්‍ය ගුඩ් පැස්‌ටර් යන විද්වතුන් දෙපළ මේ රෝගයට හේතුව වන්නේ ෙ€ඨ ග්‍රන්ථි ආසාදනය කරන්නා වූ වයිරසයක්‌ බව හෙළි කර සිටි අතර එය පමපචි යනුවෙන් නම් කරන ලදි.

ඉන් පසු විවිධ වෛද්‍ය පර්යෙෂණ ආයතන මේ වයිරසය මර්දනය කළ හැකි ඖෂධ සොයා වෙහෙසුණ ද අද වන විට පවා එම ව්‍යායාමය සාර්ථක වි නැත. එහෙත් රෝගයට එරෙහි ප්‍රතිශක්‌තිකරණ එන්නත් කිහිපයක්‌ ම මේ වන විට මානවයා සතු ය.

මර්ක්‌ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය මොරිස්‌ හිල්මන් විද්වතා විසින් සොයා ගන්නා ලද මම්ප්ස්‌ වැක්‌සිනය, මේ අතුරින් ඉතා ප්‍රමුඛ තැනක්‌ ගනියි. 1971 දී මේ එන්නත සමග සරම්ප සහ රුබෙල්ලා, ප්‍රතිශක්‌තිකරණ එන්නත් ද එකතු කර MMR - (Measles - Mumps - Rubella) එන්නත සාර්ථක බව තහවුරු කිරීමෙන් පසු 1977 සිට අද දක්‌වා භාවිත කෙරේ. 1960 ගණන්වල වෛද්‍ය ජෙරිල් ලින් විද්වතා විසින් Mumps රෝගයට එරෙහි ව නිර්මාණය කරන ලද ජෙරිල් ලින් එන්නත 1967 සිට මේ වන තෙක්‌ ම එක්‌සත් රාජධානියේ භාවිත කෙරේ. එසේ ම Mumps රෝගයට එරෙහි ව සංවර්ධනය කරන ලද Leningrad Zagreb එන්නත රෝගය වේගයෙන් පැතිරෙමින් තිබෙන විට වඩාත් ඵලදායි බව තහවුරු වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ළමා රෝග පිළිබඳ අමෙරිකානු ඇකඩමිය, බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය, බ්‍රිතාන්‍ය රාජකීය ඖෂධවේදී සංගමය ආදි සංවිධාන රැසක්‌ ක්‍රමානුකුලව එන්නත් කිරිම මඟින් කම්මුල්ගාය පමණක්‌ නො ව සරම්ප සහ රුබෙල්ලා ද මිහිතලයෙන් තුරන් කළ හැකි බවට සුබවාදී අනාවැකි පළ කර ඇත.

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය