වන පෙත් දෙබෑ කර මහා මාර්ග තැනීමේ බරපතළ ආදීනව මෙන්න !


වර්තමාන රජය යටතේ සංවර්ධන ඉලක්‌ක පසුපස හඹා යමින් සිටින ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධතිය පසුගිය කෙටි කාල සීමාව පුරාවට ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ බව රහසක්‌ නො වේ. එහෙත් ඒ ආකාර මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල දී මෙරට වනාන්තර කුට්‌ටිකරණය වීමෙන් ඒ තුළ වෙසෙන වන ජීවීන්ට අත්වන ෙ€දනීය ඉරණම ගැන බලධාරීන් අවධානය යොමු කළේ ද යන්න ගැටලුසහගත ය. බලධාරීන් තබා මෙරට සිටින බොහෝ වනජීවී විද්වතුන් ගේ පවා ඇස ඒ වෙත යොමු වී ඇත්තේ අවම වශයෙන් බව අප ගේ වැටහීමයි. නොඑසේ නම් එම`ගින් මෙරට ජෛවවිවිධත්වය වැනසී යැමට තීරණාත්මක බලපෑමක්‌ එල්ල වන්නේ ය යන්න පිළිගැනීමට ඔවුන් අකැමැති ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පර්යේෂකයන් පිරිසක්‌ විසින් මෙරට නැෙ`ගනහිර පළාතට අයත් නිල්ගල වන රක්‌ෂිතය ආශ්‍රිතව සිදු කරන ලද අධයනයකින් මේ ආකාර වනපෙත් දෙබෑ කර මහා මාර්ග තැනීමේ බරපතළ ආදීනව විද්‍යාත්මකව හෙළිදරව් කර තිබේ. ඒ සමීර සුරන්ජන් කරුණාරත්න, සුජාන් හීන්කනත්තේගෙදර, කසුන් අමරසිංහ සහ ඇන්ස්‌ලම් ද සිල්වා යන පර්යේෂකයන් ය. මේ පිළිබඳව පර්යේෂණ පත්‍රිකාව ප්‍රකට විද්‍යා සඟරාවක්‌ වන TAPROBANICA ජර්නලයේ දෙසැම්බර් කලාපයේ පළ කර ඇත.

ඕනෑ ම ආකාරයක මාර්ග ඉදිකිරීම් හේතුවෙන් සත්ත්ව සහ ශාක විශේෂවලට පුළුල් පරාසයක පැතිරුණු පරිසර විද්‍යාත්මක බලපෑම් රැසකට මුහුණ දීමට සිදු වෙයි. වනජීවීන් ගේ චර්යාත්මක වෙනස්‌කම් ඇති වීම, භෞතික හා රසායනික පරිසරයේ වෙනස්‌කම් ඇති වීම, ආගන්තුක ආක්‍රමණශීලී සත්ත්ව හා ශාක විශේෂ ව්‍යාප්ත වීම, මිනිස්‌ පරිභෝජනය සඳහා වැඩි වැඩියෙන් වනජීවී වාසස්‌ථාන යොදාගැනීමට පෙලඹවීම, රථ වාහනවල ගැටීමෙන් වනජීවීන් ආබාධවලට ලක්‌ වීම හෝ මරණයට පත් වීම ඒ අතර වෙයි. මාර්ග පද්ධතීන් පුළුල් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල වනජීවීන්ට සිදු වී ඇති බලපෑම් පිළිබඳව සවිස්‌තර විද්‍යාත්මක අනාවරණයන් සිදු කරන ලද රටවල් අතර ඉන්දියාව ද ප්‍රමුඛ වෙයි.

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ඉතා වැදගත් වනාන්තර කලාපයක්‌ වන නිල්ගල සැවානා වනාන්තර භූමිය හරහා ඇදී යන බිබිල අම්පාර ප්‍රධාන මාර්ගයේ පිටකුඹුර ආශ්‍රිත ප්‍රදේශයේ කිලෝමීටර තුනක්‌ පමණ දුරක සිදු කළ මේ සමීක්‌ෂණය අනුව මෙරට වනාන්තර හරහා ඉදි කෙරෙන මාර්ගවලින් එල්ල වන බරපතළ විනාශයන් පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ. 2004 ජනවාරි සිට 2005 දෙසැම්බර් අතර සිදු කරන ලද මේ සමීක්‌ෂණයේ දී දින 48ක්‌ ඇතුළත රිය අනතුරුවලට ලක්‌ වී මරණයට පත් වූ උරගයින් හා උභයජීවීන් 542ක ගේ සිරුරු සොයාගනු ලැබිණි. ඒ අතර විශේෂ 72කි. එයින් උරග විශේෂ 53ක්‌ හා උභයජීවී විශේෂ 19ක්‌ වාර්තා විය. ඒ අතරින් විශේෂ 19 (26.3%)ක්‌ ශ්‍රී ලංකාවට ආවේණික ය. විශේෂ 22ක්‌ (30.5%) ජාතික වශයෙන් තර්ජනයට ලක්‌ වූ වනජීවී විශේෂයන් ය. මේ මරණයට පත් වූ වනජීවීන් අතරින් 23.6%ක්‌ චාතුර්පාදික උරගයන්, 40.2%ක්‌ සර්පයන් හා 36.2%ක්‌ උභය ජීවීන් ය.

නිල්ගල වන රක්‌ෂිතය ආශ්‍රිත ව උරගයන් විශේෂ 92ක්‌ වාර්තා වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු උරග විශේෂ සංඛ්‍යාවෙන් 33.45%කි. ඒ අතරින් විශේෂ 72ක්‌ ම රිය අනතුරුවලට ලක්‌ ව මරණයට පත් වී තිබීම මේ ගැටලුවේ ඇති බරපතළකම මොනවට කියාපායි. තව ද මේ වනාන්තර කලාපයේ දිවි ගෙවන බව තහවුරු කරගෙන ඇති උභයජීවී විශේෂ 22 අතරින් 19ක්‌ ද රිය අනතුරුවලට ගොදුරු ව අකාලයේ මරණයට පත් වූ වනජීවීන් අතර වෙති.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අතිශය පොහොසත් ජෛවවිවිධත්වයක්‌ සහිත ප්‍රදේශවල සහ ඉතා කුඩා ශීඝ්‍රයෙන් පහළ යමින් ඇති වනජීවී විශේෂයන්ට මෙවැනි රිය අනතුරුවලින් බරපතළ බලපෑම් එල්ල වන බව ය. ශ්‍රී ලංකාව තුළ මින් පෙර සිදු කරන ලද මෙවැනි ම අධ්‍යයනයකට අනුව නිල්ගල වන රක්‌ෂිතය තුළ දින 36ක දී අනාවරණය වී තිබුණේ එක්‌ උභයජීවී විශේෂයක හා උරග විශේෂ හයක මරණය පමණි. එහෙත් මේ නවතම අධ්‍යයනය පෙර අධ්‍යයනය හා සසඳා බැලීමෙන් මේ අනතුරු කැපී පෙනෙන ලෙස ඉහළ ගොස්‌ ඇති බව විද්‍යමාන වෙයි. විශේෂයෙන් වර්ෂාවකින් පසුව උභයජීවීහු මාර්ගය වෙත පැමිණ කෘමි සතුන් ආහාරයට ගැනීමට හා ලිංගික කෘත්‍යයන්හි යෙදීමට වැඩි නැඹුරුවක්‌ දක්‌වති. එවැනි දිනවල රිය අනතුරුවලට ලක්‌ ව උභයජීවීන් මරණයට පත් වීම ඉහළ යයි. තව ද ඇතැම් උරගයන් මාර්ග දෙපස ඇති බුරුල් පසෙහි බිජු ලෑමට නැඹුරු වීම වැනි චර්යාත්මක විපර්යාසයන් ද ඇති කරගෙන ඇත.

සංවර්ධන ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමත් සමග රටක මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. එහෙත් එහි දී එරට ජෛවවිවිධත්වය වැනසී යයි නම් එය බරපතළ ෙ€දවාචකයකි. මාර්ග පද්ධති වැඩි දියුණු වීමෙන් සැම පරිසර පද්ධතියකට ම එක ම ආකාරයෙන් හා එක ම ප්‍රමාණයෙන් බලපෑම් එල්ල නො වේ. එහෙත් මෙසේ වනජීවී වාසස්‌ථාන කැබැලිකරණය වීමෙන් විශේෂ සංයුතියේ සහ ගහණ ඝනත්වයේ වෙනස්‌කම් ඇති වීමෙන් වනජීවී විශේෂ වඳ වී යැමට ඇති නැඹුරුව වැඩි වේ. එබැවින් වන පෙත් දෙබෑ කර මාර්ග තැනීමේ දී මින් ඉදිරියට හෝ යම් කිසි උනන්දුවක්‌ දැක්‌වීම බලධාරීන් ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ වගකීම බව සිහිපත් කළ යුතු ය. 

සටහන- සුපුන් ළහිරු ප්‍රකාශ්
ඡායාරූප- සමීර සුරංජන් කරුණාරත්න

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය