Posts

පැවැත්ම, ඉන්ද්‍රිය හා විඤ්ඤාණ

Image
වස්‌තුවක පැවැත්ම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? පුටු, මේස, ඉර හඳ, තාරකා ආදිය මෙන් ම මිනිසුන් ද වෙනත් සතුන් ද පවතින්නේ යෑයි අපි කියමු. ඒ අතර ඇතැම්හු දෙවියන් නැතැයි කියති. තවත් සමහරුන්ට අනුව ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇත. මෙහි දී අප යමක්‌ ඇතැයි හෝ නැතැයි හෝ කීමට යොදා ගන්නා නිර්ණායකයක්‌ වේ ද? අප පුටු මේස ආදිය ඇතැයි යනුවෙන් ගන්නේ එවැනි අවස්‌ථාවල ඒ වස්‌තු පංෙච්න්ද්‍රියන් ගෙන් ඉන්ද්‍රිය එකකට හෝ ගෝචර වන බැවින් යෑයි උපකල්පනය කරමු. ඒ සමඟ මනසට ද ඒ ගෝචර වෙයි. එසේ නො වුව හොත් අපට පුටුවක්‌ යනුවෙන් වස්‌තුවක්‌ ඇතැයි කීමට නො හැකි ය. කැමරාවකට පුටුව හසු වන නමුදු කැමරාවට දැනෙන ලෙස පවතින පුටුවක්‌ නැත. එයට හේතුව පුටුවට මනසක්‌ නොමැති වීම ය. අපට එලෙසම ඈතින් ගසක්‌ දැකිය හැකි ය. අපි ගස පවතින්නේ යෑයි කියමු. එහෙත් අපට මිරිඟුව ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? මිරිඟුව පවතින්නේ ද? මිරිඟුව අපට පෙනෙයි. එමෙන් ම එය මනසට ද දැනෙයි. කෙටියෙන් කිව හොත් අපට මිරිඟුව පිළිබඳ චක්‌ඛු විඤ්ඤාණයක්‌ වෙයි. එහෙත් අපි මිරිඟුව නො පවතින්නේ යෑයි කියමු. අප ඈතින් දකින ගස ඇතැයි කියන්නේත්, පවතින බව කියන්නේත්, ඈතින් දකින මිරිඟුව නො පවතින්නේ යෑයි කියන්නේ...

බකමූණු ලෙඩේ

Image
කැඩපත අබියස ශිෂ්ටාචාරයේ මුල් යුගයේ පටන් අද දක්‌වා ම මානවයාට කරදර ඇති කරන රෝග බොහොමයක්‌ ම වෙයි. දේශීය වශයෙන් දෙවියන් ගේ ලෙඩක්‌ ලෙස හෝ අම්මාවරුන් ගේ අසනීපයක්‌ ලෙස හෝ සැලකෙන ඛේට ග්‍රන්ථි ඉදිමිම, කම්මුල්ගාය වශයෙන් අපි හඳුන්වමු. මේ රෝගයේ ඉතිහාසය පූර්ව ඓතිහාසික අවධිය තෙක්‌ ම යොමු වි ඇති බව බොහෝ විද්වතුන් ගේ අදහසයි. කෙසේ නමුත් ඉන්දීය වෛද්‍ය සුශ්‍රැත විද්වතා මේ රෝගය පිළිබඳව එතරම් ගැඹුරින් සලකා බලා නැත ද ඒ පිළිබඳව යම් දැනුමක්‌ එතුමා ලබා තිබූ බව සමකාලීන වෛද්‍ය ලේඛන පරිශීලනය කරන විට අවබෝධ වේ. වෛද්‍ය සුශ්‍රැත විද්වතා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව වැඩි උනන්දුවකින් කටයුතු කළ නිසා මෙවන් ඇතැම් රෝග කෙරෙහි එතුමා ගේ අවධානය මඳ වන්නට ඇති බව නූතන විද්වත් මතයයි. කෙසේ නමුත් බකමූණු රෝගය පිළිබඳ පළමු විධිමත් අදහස සම්පිණ්‌ඩනය කර ඇත්තේ හිපොක්‍රටිස්‌ විද්වතා විසිනි. දෙකම්මුල් සහ උගුර ඉදිමීම, තද උණ, ගිලීමට ඇති අපහසුව මෙන්ම කලාතුරකින් මුත් පුරුෂයන් ගේ වෘෂණ කෝෂ ඉදිමීම ආදි වශයෙන් රෝග ලක්‌ෂණ මැනැවින් හා විධිමත්ව හිපොක්‍රටිස්‌ විද්වතා විසින් ලේඛනගත කරනු ලැබ ඇත. එසේ ම උණුසුම් ජලය පානය කිරිමත් ඇඳ විෙවි...

තරහ පාලනය කරගන්නේ කො‍හොමද......

Image
මනසට සුවය 1. කෙනකු ගේ ක්‍රියාවක්‌ නිසා කෝපය ඇති කරවන දෙයක්‌ සිදු වූ විට එකේ සිට දහයට ගනින්නට පටන් ගන්න. ඊට ගත වන කාලය ඔබේ තරහ නිවා දැමීමට උදව් කරයි. 2. කෝපය ඇති කරවන සාධකයෙන් හැකිතාක්‌ ඉක්‌මනින් ඈත් වන්න. ඔබට වරදක්‌ කළ පුද්ගලයකු අසලට වී සිටීමෙන් සිදු වන්නේ ඔබේ තරහ වැඩි වීමයි. එනිසා මෙවැනි සාධක වෙතින් වහා ඉවත් වන්න. 3. ඉහිල් වීමේ ක්‍රමයක්‌ අනුගමනය කරන්න. ගැඹුරු ලෙස හුස්‌ම ගන්න. නැතිනම් ඔබේ මනස ඉහිල් කරවන වදන් මුමුණන්න. "බුදු සරණයි", "දෙවි පිහිටයි", "ගණන් ගන්න එපා", "අමතක කරන්න", "සන්සුන් වන්න", "ජීවිතයේ හැටි ඔහොම තමයි" වැනි දෙයක්‌ තමාට ම කියා ගැනීමෙන් ද ඉහිල් විය හැකියි. 4. කෝපය ඵලදායි දෙයකට හරවා ගන්න. මෙය ක්‍රම කීපයකට කළ හැකි ය. එකක්‌ නම් තම දැඩි කෝපය නිර්මාණයකට පරිවර්තනය කිරීමයි. ලොව ප්‍රකට චිත්‍ර ශිල්පීහු මෙසේ කෝපය චිත්‍ර මත සිතුවම් කර ඇත්තා හ. කෝපය ඇති වූ විට ඒ ගැන සටහනක්‌ තබා පසුව එය නිර්මාණයක්‌ සඳහා භාවිත කරන්නට ද පුළුවන. 5. කෝපය සාධාරණීකරණය කරන්නට එපා. ඔබ ගේ කෝපය සාධාරණ බව හිතන්නට උත්සාහ නො ගන්න. කෝපය පිට කි...

ඉන්ද්‍රිය ගෝචර නො වන වස්‌තුවල පැවැත්ම

Image
අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට අපේ සාහිත්‍යය මෙන් ම ජනප්‍රවාද ද යොදා ගැනීමට සිදු වෙයි. ඒ එකක්‌ වත් මිථ්‍යා මත ලෙස බැහැර කළ යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් ඒ කරුණු මිථ්‍යා මත ලෙස ඉවත දැමීමට අනුබල දෙතත් අප එයින් නොමඟ යා යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් කර ඇත්තේ විශේෂයෙන් ම බයිබලයේ සඳහන් කරුණු ඊනියා විද්‍යාත්මක ආකාරයට ප්‍රකාශ කිරීම පමණකි. එසේ කරන ලද ප්‍රකාශ, ඒ ප්‍රකාශ මත ම පදනම් වෙමින් කරන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමඟ සංගත වන බව පෙන්වීමෙන් බටහිර විද්‍යාඥයන් තම විද්‍යාවට වටිනාකමක්‌ ලබා දී ඇත. එහෙත් මේ වටිනාකම බටහිරයන් ගේ දේශපාලන ආධිපත්‍යය සමඟ ඳ බැඳී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යය හේතුවෙන් බටහිර අච්චුවේ පාසල් හා විශ්වවිද්‍යාල ඔස්‌සේ ඔවුන් ගේ දැනුම ලෝක පූජිත තත්ත්වයකට පත් කර ඇත. විශ්වවිද්‍යාලවල ඇති ස්‌වාධීනත්වය ගැන සියලු දෙනා ම පාහේ කතා කරති. එහෙත් බටහිර නො වන විද්‍යාවක්‌ ඉගැන්වීමට හෝ බටහිර විද්‍යාව විවේචනය කිරිමට හෝ විශ්වවිද්‍යාලවල ඉඩක්‌ නැත. එහි සිටින අනුකාරක ආචාර්යවරුන් ගෙන් හා මහාචාර්යවරුන් ගෙන් අති විශාල බහුතරයකට බටහිර දැනුමෙන් ඔබ්බට ගොස්‌ සිතීමට කෙසේ වත් නො හැකි ය. ඔවුන්ට බටහිර...

නැනෝ අංශුවල තවත් බලපෑම් හෙළි වේ

Image
ලෝකයේ අධික අවධානයක්‌ යොමු වෙමින් පවත්නා නැනෝ අංශුවලින් ඇති විය හැකි පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් සම්බන්ධව අප මේ විමසුම ඔස්‌සේ මින් පෙර ද සාකච්ඡා කර තිබේ. (බලන්න ජගත් පරිසර විමසුම, විදුසර 2011 ජනවාරි 5 හා ජුනි 22). එහෙත් මේ හා සම්බන්ධව මෑත කාලයේ දී වාර්තා වූ ඇතැම් පර්යේෂණ වාර්තාවලින් හෙළිවන වැදගත් කරුණු කිහිපයක්‌ පිළිබඳව ද සටහනක්‌ තැබීම යෝග්‍ය බව සිතමු. නැනෝ අංශු පෙනහලුවලින් අක්‌මාවට ඩීසල් ඉන්ධනවල කාර්යක්‌ෂමතාව ඉහළ නැංවීම සඳහා යොදාගන්නා සීරියම් ඔක්‌සයිඩ් (CeO2) නම් රසායන ද්‍රව්‍යයේ නැනෝ පරිමාණයේ අංශු සතුන්ගේ පෙනහළුවලට එක්‌ වීමෙන් පසුව අක්‌මාවට ගමන් කළ හැකි බව මෑත දී ප්‍රකාශයට පත් එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මීයන් යොදාගනිමින් සිදුකරන ලද මේ අධ්‍යයනයේ දී අනාවරණය වී ඇති ආකාරයට නැනෝ අංශුවලට නිරාවරණය වූ සතුන්ගේ අක්‌මාවේ සීරියම් සාන්ද්‍රණය ඉහළ ගොස්‌ ඇත. මේ නිසා අක්‌මාවේ නිපදවනු ලබන එන්සයිම ආදියේ වෙනස්‌වීම් දැකිය හැකි වී තිබේ. ඒ අතර ඇලනයින් ට්‍රාන්ස්‌ඇමයිලේස්‌ මට්‌ටම ඉහළ යැම ඇල්බියුමින් මට්‌ටම අඩු වී, සෝඩියම්-පොටෑසියම් අනුපාතය අඩු වීම, ට්‍රයිග්ලිසරැල්ඩිහයිඩ් මට්‌ටම පහළ යෑම වැනි දේ ...

ව්‍යාජ පුනර්ජනනීයත්වය හොඳින් හෙළිදරව් වනු ඇත්තේ ෆොසිල ඉන්ධන අහවර වූ දාට ය

Image
මිට දශක කීපයකට පමණ පෙර සිට බලශක්‌ති අර්බුදය යන්න අතිශය වැදගත් මාතෘකාවක්‌ වී ඇත. විශේෂයෙන් විද්‍යාත්මක කතිකාවත්වල දී මේ මාතෘකාව සුවිශේෂී වේ. බලශක්‌ති සංරක්‍ෂණය, විකල්ප බලශක්‌ති ප්‍රභව සෙවීම, පුනර්ජනනීය බලශක්‌ති කෙරෙහි අවධානය වැඩි වීම ආදිය මේ සමග ම දැඩි කතාබහට ලක්‌ කෙරී ඇත. ඉතා සරලව ගත හොත් මේ බලශක්‌ති අර්බුදයේ ප්‍රධාන පැතිකඩ දෙකක්‌ ඇත. එකක්‌ නම් ෆොසිල ඉන්ධන තැන්පතු අවහිර වී යැම ය. අනෙක ෆොසිල ඉන්ධන දැවීම තුළ ගැනෙන ගෝලීය උණුසුම ඉහළ යැමේ අර්බුදය ය. බටහිර යාන්ත්‍ර විද්‍යාවට අනුව ශක්‌තිය (Energy) යනු කාර්ය (Work) කිරීමේ හැකියාව ය. එය බලය සහ අදාළ විස්‌ථාපන දෛශිකය අතර තිත් ගුණිතයෙන් (Vector Dot product) මඟින් ලැබේ. ශක්‌ති වර්ග ගණනාවක්‌ ඇත. තාප ශක්‌තිය, විදුලි ශක්‌තිය ආදි වශයෙනි. යාන්ත්‍රික ශක්‌තිය, චාලක සහ විභව වශයෙන් නැවත බෙදේ. චාලක ශක්‌තිය යනු යම් ස්‌කන්ධයක්‌ සඳහා යම් වේගයක්‌ ලබා දුන් විට එම චලනය නිසා එහි ඇති ශක්‌තියයි. මේ ශක්‌තිය ලබා දීමට එම ස්‌කන්ධය මත කාර්ය කළ යුතු ය. මෙසේ ම යම් මට්‌ටමකට සාපේක්‌ෂව ඉහළට එසැවූ ස්‌කන්ධයක ද (ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය) ශක්‌තියක්‌ ඇත. එනම් එය එම මට්‌ටමට එසැව...

ඩර්බන් සමුළුවේ දී කුමක්‌ සිදු වේ ද?

Image
ජගත් දේශගුණ සමුළුව නොවැම්බර් මස 28 දා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ දී ආරම්භ වීමට නියමිතව තිබිණි. එය ආරම්භ වීමට කලකට පෙර පටන් ඒ ගැන බලාපොරොත්තු තැබිය හැකි ද යන්න සාකච්ඡාවට ලක්‌ව තිබේ. පෙනෙන්නට ඇති පරිදි කිසිදු ආකාරයක ගිවිසුමක්‌ මෙහි දී ඇති වීමට ඇති අවස්‌ථාව ඉතා අඩු ය. එසේම ඉන් මෙපිට යම් යම් කරුණු පිළිබඳව යම් එකඟතා ඇති වෙතැයි යන්න පිළිබඳව ද ඇත්තේ සැකයකි. මේ නිසා ඩර්බන් සමුළුව පිළිබඳව විමසා බැලීම සුදුසු යෑයි අපි සිතමු. ප්‍රබල ගිවිසුමක්‌ ඇති නො වන්නේ ඇයි? දේශගුණ වෙනස්‌වීම වැළැක්‌වීම සඳහා අවශ්‍යව ඇත්තේ හරිතාගාර වායු විමෝචන විශාල වශයෙන් සීමා කිරීම සඳහා වූ එකඟතාවකි. ඒ පිළිබඳව ඇති ඉලක්‌කය 2050 වර්ෂයේ දී වායු විමෝචන සියයට 50ක්‌ හෝ 80කින් අඩු කිරීම ය. මේ පිළිබඳව විද්‍යාඥයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙන් ම දියුණුවන රටවල් රැසක්‌ම එකඟ වී තිබේ. එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් බන් කි-මුන් පසුගියදා පවසා ඇත්තේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා පියවර ගත යුතු බව ය. එහෙත් පසුගිය කාලයේ දී ඇති වූ ප්‍රවණතා අනුව පෙනෙන්නට ඇත්තේ නෛතික බැඳීමක්‌ ඇති කිසිදු ගිවිසුමක්‌ ඇති වෙතැයි යන්න ගැන අපේක්‌ෂාවක්‌ ...