වෙනස් වීම
වාස්‌තවිකත්වය යනු හුදෙක් සාධාරණීකරණයක් වන්නේ කෙසේ ද යන්න තවත් පැහැදිලි කළ යුතු ය. අපට ලෝකය යනු මූලික වශයෙන් මිනිසුන් විසිsන් දකිනු ලබන ලෝකය ය. විවිධ සතුන් දකින ලෝකවලින් ලෝකය දැනගැනීමට හැකි යෑයි අපි නො සිතමු. එයට ප්‍රධාන හේතුව අධිපතිවාදී බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මෑතක් වන තුරු ම සතුන්ට මනස් ඇතැයි නො පිළිගැනීම ය. අද වුවත් සතුන්ට මනස් ඇතැයි පිළිගන්නා බටහිරයන් ඇත්තේ ස්‌වල්ප දෙනකු පමණ ය. දෙවියන් දකින ලෝක, බඹුන් දකින ලෝක ගැන කතා කිරීම මෙහි දී අනවශ්‍ය වන්නේ දෙවියන් බඹුන් ඇතැයි සිතීමට පවා අධිපතිවාදී යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය විරුද්ධ වන බැවිනි. එහෙත් ඒ සංස්‌කෘතියෙහි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනකු ගැන ඉගැන්වෙයි. ඒ දෙවියන් වහන්සේට රූපයක් පවා නැත. ඒ එතරම් ම වියුක්‌ත සංකල්පයකි. එහෙත් එකී දෙවියන් වහන්සේට හැරෙන්නට වෙනත් දෙවි කෙනකුට ඒ සංස්‌කෘතියෙහි ඉඩක් නැත. මිනිසුන් සියලු දෙනාට ම ඇත්තේ සාධාරණ වශයෙන් ගත් කල එක ම ආකාරයේ ඉන්ද්‍රිය ය. අපට මල් පෙනෙයි. ගස් පෙනෙයි. මේස ස්‌පර්ශ කළ හැකි ය. එක ම ආකාරයේ ඉන්ද්‍රිය ඇති බැවින් අප සියලු දෙනාට ම එක ම දේ පෙනෙන්නේ යෑයි එසේත් නැත්නම්...