Posts

වෙනස්‌ වීම

Image
වාස්‌තවිකත්වය යනු හුදෙක්‌ සාධාරණීකරණයක්‌ වන්නේ කෙසේ ද යන්න තවත් පැහැදිලි කළ යුතු ය. අපට ලෝකය යනු මූලික වශයෙන් මිනිසුන් විසිsන් දකිනු ලබන ලෝකය ය. විවිධ සතුන් දකින ලෝකවලින් ලෝකය දැනගැනීමට හැකි යෑයි අපි නො සිතමු. එයට ප්‍රධාන හේතුව අධිපතිවාදී බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මෑතක්‌ වන තුරු ම සතුන්ට මනස්‌ ඇතැයි නො පිළිගැනීම ය. අද වුවත් සතුන්ට මනස්‌ ඇතැයි පිළිගන්නා බටහිරයන් ඇත්තේ ස්‌වල්ප දෙනකු පමණ ය. දෙවියන් දකින ලෝක, බඹුන් දකින ලෝක ගැන කතා කිරීම මෙහි දී අනවශ්‍ය වන්නේ දෙවියන් බඹුන් ඇතැයි සිතීමට පවා අධිපතිවාදී යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය විරුද්ධ වන බැවිනි. එහෙත් ඒ සංස්‌කෘතියෙහි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනකු ගැන ඉගැන්වෙයි. ඒ දෙවියන් වහන්සේට රූපයක්‌ පවා නැත. ඒ එතරම් ම වියුක්‌ත සංකල්පයකි. එහෙත් එකී දෙවියන් වහන්සේට හැරෙන්නට වෙනත් දෙවි කෙනකුට ඒ සංස්‌කෘතියෙහි ඉඩක්‌ නැත. මිනිසුන් සියලු දෙනාට ම ඇත්තේ සාධාරණ වශයෙන් ගත් කල එක ම ආකාරයේ ඉන්ද්‍රිය ය. අපට මල් පෙනෙයි. ගස්‌ පෙනෙයි. මේස ස්‌පර්ශ කළ හැකි ය. එක ම ආකාරයේ ඉන්ද්‍රිය ඇති බැවින් අප සියලු දෙනාට ම එක ම දේ පෙනෙන්නේ යෑයි එසේත් නැත්නම්...

දැනුම දිනා ගැනීමට නම් පර්යේෂණ අත්‍යවශ්‍යයි

Image
දැනුම දිනා ගැනීමට නම් පර්යේෂණ අත්‍යවශ්‍යයි මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ පර්යේෂණ යනු ඕනෑ ම විෂය ක්‍ෂෙත්‍රයක ප්‍රගමනය සඳහා අත්‍යවශ්‍ය ම සාධකයකි. එහෙත් අපේ රටේ ඵලදායි පර්යේෂණ සිදු වන්නේ ද යන ප්‍රශ්නය මතු වේ. අතීතයේ දී සාර්ථක පර්යේෂණයන්හි තෝතැන්න වූයේ විශ්වවිද්‍යාලයයි. අද අපේ විශ්වවිද්‍යාල ඇදුරන්ට එරෙහි ව නැඟෙන ප්‍රධාන චෝදනාවක්‌ වන්නේ ඔවුන් ප්‍රාමාණික පර්යේෂණවල නියෑළෙන්නේ නැති බවයි. මේ චෝදනාවට නිදහසට කාරණා සපයමින් ඇතමුන් පවසන්නේ දේශන පැවැත්වීමට කාලය යොමු කළ විට පර්යේෂණ සඳහා කාලය ඉතිරි නො වන බවයි. එහෙත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ මහතා පසුගිය දා පර්යේෂණ නිබන්ධයක්‌ ඇතුළු ග්‍රන්ථ තුනක්‌ පළ කරමින් පෙන්වා දුන්නේ පර්යේෂණ සඳහා කාලය ගැටලුවක්‌ නො වන බවයි.              උපකුලපතිවරයකු මෙවැනි පර්යේෂණ කාර්යය සඳහා යොමු වන බව ශ්‍රවණය කරන්නට ලැබීම ද සතුටකි. මීට වසර 2350කට පමණ පෙර ලයිසියම් විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය තනතුර හෙබවූ ඇරිස්‌ටෝටල් පඬිවරයා නම් පරිපාලන කටයුතු දේශන පැවැත්වීම ග්‍රන්ථ සම්පාදනය යන දේ...

සාධාරණීකරණයක්‌ පමණක්‌ වූ වාස්‌තවිකත්වය

අපට බොහෝ විට වස්‌තුවක්‌ එක්‌ ඉන්ද්‍රියකට වඩා ගෝචර වෙයි. අප ඉදිරියේ ඇති පොතක්‌ අපට ස්‌පර්ශ කළ හැකි ය. එය අපේ ඇස්‌වලට ද ගෝචර වෙයි. අවශ්‍ය නම් එහි ගඳ සුවඳ රස ආදිය ද දැනගත හැකි ය. එයින් පිට වන ශබ්දයක්‌ අපට නො දැනුණ ද, පොත අඩු තරමෙන් මනස සමඟ එකතු වූ ඉන්ද්‍රිය හතරකට දැනෙයි. ඒ ඉන්ද්‍රිය හතරට ම ගෝචර වන්නේ එක ම එක පොතකි. එපමණක්‌ නො ව බටහිර දැනුම අනුව පොතෙන් නිකුත් වන ඊනියා සංජානන, ඉන්ද්‍රිය හතරකට ගෝචර වෙයි. බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි පොත අපෙන් තොර ව ඇති බවත් එයින් අපට යම් සංජානන ලැබෙන බවත් කියෑවෙයි. ඒ සංජානන සියල්ල එක ම පොතකින් ලැබෙන බව අපට බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි ඉගැන්වෙයි. එහෙත් ඒ සංජානන සියල්ල එක්‌ වර ලැබිය යුතු යෑයි බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි නො කියෑවෙයි. අපට ආසන්නයෙහි ඇති විට නිතර ම පොත පෙනෙන නමුත් අපට එය ස්‌පර්ශ නො වෙයි. අප පොත ස්‌පර්ශ කිරීමෙන් පමණක්‌ අපට ස්‌පර්ශය ඔස්‌සේ පොත ඇති බව, එනම් පවතින බව, දැනගත හැකි ය. ආලෝකය ඇත්නම් අපට සමගාමී ව පොත දැකගත හැකි ය. එහෙත් අඳුරෙහි අපට පොත නො පෙනුණත් පොත ස්‌පර්ශ කළ හැකි ය. එපරිදි ම පොතෙහි ගඳ සුවඳ රස ආදිය දැන ගැනීම සමගාමීව විය යුතු නො වේ. එසේ ස...

ඉසෙඩ් ලකුණ ගැන කාටත් වැටහෙන පැහැදිලි කිරීමක්‌

Image
අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු BSc.(Eng), EDBA සරත් හා ගාමිණී ව්‍යාපාරිකයෝ වෙති. 2011 දෙසැම්බර් 31 වැනි දින සරත් ගේ හා ගාමිණී ගේ වාහන වෙළෙඳසල්වල වාහන 4 බැගින් ඉතිරි වී තිබිණි. මේ වාහන හැරුණු විට දෙදෙනාට කිසි ම වත්කමක්‌ නොමැති යෑයි සිතමු. සරත් හා ගාමිණී දෙදෙනා ගෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ කාට ද? දෙදෙනාට ම වාහන 4 බැගින් හිමි නිසා දෙදෙනා ගේ වත්කම් සමාන යෑයි සිතිය හැකි ය. වාහන සම්බන්ධව අන් කිසි තොරතුරක්‌ නො දන්නේ නම් වත්කම් සමාන යෑයි සිතීමට යමකු පෙලඹිය හැකි ය. එහෙත් දෙදෙනා ගේ වත්කම් පිළිබඳ වඩා නිවැරැදි නිගමනයකට පැමිණීමට වාහන වර්ග, ඒවායේ අලුත් හෝ පැරැණි ස්‌වභාවය සැලකිල්ලට ගත යුතු ය. කොටින් ම දෙදෙනා ගේ වාහනවල වටිනාකම් පිළිබඳව රුපියල් ශතවලින් නිවැරැදි හෝ පිළිගත හැකි ඇස්‌තමේන්තුවක්‌ ලබාගෙන ඒ අනුව වාහනවල වටිනාකම් පොදු සාධාරණ ඒකකයකට ගෙන ආ යුතු ය. දැන් එම වටිනාකම් එකතු කර බැලීමෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ සරත්ට ද, නැත හොත් ගාමිණීට දැයි වඩා නිවරැදිව නිගමනය කළ හැකි ය. අපි තවත් උදාහරණයක්‌ ගමු. කාන්ති හා ශීලා පිටරට රැකියා කර එක ම දිනයක ලංකාවට පැමිණෙන්නේ යෑයි සිතමු. ඔවුන් ගෙදර රැගෙ...

පැවැත්ම, ඉන්ද්‍රිය හා විඤ්ඤාණ

Image
වස්‌තුවක පැවැත්ම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? පුටු, මේස, ඉර හඳ, තාරකා ආදිය මෙන් ම මිනිසුන් ද වෙනත් සතුන් ද පවතින්නේ යෑයි අපි කියමු. ඒ අතර ඇතැම්හු දෙවියන් නැතැයි කියති. තවත් සමහරුන්ට අනුව ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇත. මෙහි දී අප යමක්‌ ඇතැයි හෝ නැතැයි හෝ කීමට යොදා ගන්නා නිර්ණායකයක්‌ වේ ද? අප පුටු මේස ආදිය ඇතැයි යනුවෙන් ගන්නේ එවැනි අවස්‌ථාවල ඒ වස්‌තු පංෙච්න්ද්‍රියන් ගෙන් ඉන්ද්‍රිය එකකට හෝ ගෝචර වන බැවින් යෑයි උපකල්පනය කරමු. ඒ සමඟ මනසට ද ඒ ගෝචර වෙයි. එසේ නො වුව හොත් අපට පුටුවක්‌ යනුවෙන් වස්‌තුවක්‌ ඇතැයි කීමට නො හැකි ය. කැමරාවකට පුටුව හසු වන නමුදු කැමරාවට දැනෙන ලෙස පවතින පුටුවක්‌ නැත. එයට හේතුව පුටුවට මනසක්‌ නොමැති වීම ය. අපට එලෙසම ඈතින් ගසක්‌ දැකිය හැකි ය. අපි ගස පවතින්නේ යෑයි කියමු. එහෙත් අපට මිරිඟුව ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? මිරිඟුව පවතින්නේ ද? මිරිඟුව අපට පෙනෙයි. එමෙන් ම එය මනසට ද දැනෙයි. කෙටියෙන් කිව හොත් අපට මිරිඟුව පිළිබඳ චක්‌ඛු විඤ්ඤාණයක්‌ වෙයි. එහෙත් අපි මිරිඟුව නො පවතින්නේ යෑයි කියමු. අප ඈතින් දකින ගස ඇතැයි කියන්නේත්, පවතින බව කියන්නේත්, ඈතින් දකින මිරිඟුව නො පවතින්නේ යෑයි කියන්නේ...

බකමූණු ලෙඩේ

Image
කැඩපත අබියස ශිෂ්ටාචාරයේ මුල් යුගයේ පටන් අද දක්‌වා ම මානවයාට කරදර ඇති කරන රෝග බොහොමයක්‌ ම වෙයි. දේශීය වශයෙන් දෙවියන් ගේ ලෙඩක්‌ ලෙස හෝ අම්මාවරුන් ගේ අසනීපයක්‌ ලෙස හෝ සැලකෙන ඛේට ග්‍රන්ථි ඉදිමිම, කම්මුල්ගාය වශයෙන් අපි හඳුන්වමු. මේ රෝගයේ ඉතිහාසය පූර්ව ඓතිහාසික අවධිය තෙක්‌ ම යොමු වි ඇති බව බොහෝ විද්වතුන් ගේ අදහසයි. කෙසේ නමුත් ඉන්දීය වෛද්‍ය සුශ්‍රැත විද්වතා මේ රෝගය පිළිබඳව එතරම් ගැඹුරින් සලකා බලා නැත ද ඒ පිළිබඳව යම් දැනුමක්‌ එතුමා ලබා තිබූ බව සමකාලීන වෛද්‍ය ලේඛන පරිශීලනය කරන විට අවබෝධ වේ. වෛද්‍ය සුශ්‍රැත විද්වතා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව වැඩි උනන්දුවකින් කටයුතු කළ නිසා මෙවන් ඇතැම් රෝග කෙරෙහි එතුමා ගේ අවධානය මඳ වන්නට ඇති බව නූතන විද්වත් මතයයි. කෙසේ නමුත් බකමූණු රෝගය පිළිබඳ පළමු විධිමත් අදහස සම්පිණ්‌ඩනය කර ඇත්තේ හිපොක්‍රටිස්‌ විද්වතා විසිනි. දෙකම්මුල් සහ උගුර ඉදිමීම, තද උණ, ගිලීමට ඇති අපහසුව මෙන්ම කලාතුරකින් මුත් පුරුෂයන් ගේ වෘෂණ කෝෂ ඉදිමීම ආදි වශයෙන් රෝග ලක්‌ෂණ මැනැවින් හා විධිමත්ව හිපොක්‍රටිස්‌ විද්වතා විසින් ලේඛනගත කරනු ලැබ ඇත. එසේ ම උණුසුම් ජලය පානය කිරිමත් ඇඳ විෙවි...

තරහ පාලනය කරගන්නේ කො‍හොමද......

Image
මනසට සුවය 1. කෙනකු ගේ ක්‍රියාවක්‌ නිසා කෝපය ඇති කරවන දෙයක්‌ සිදු වූ විට එකේ සිට දහයට ගනින්නට පටන් ගන්න. ඊට ගත වන කාලය ඔබේ තරහ නිවා දැමීමට උදව් කරයි. 2. කෝපය ඇති කරවන සාධකයෙන් හැකිතාක්‌ ඉක්‌මනින් ඈත් වන්න. ඔබට වරදක්‌ කළ පුද්ගලයකු අසලට වී සිටීමෙන් සිදු වන්නේ ඔබේ තරහ වැඩි වීමයි. එනිසා මෙවැනි සාධක වෙතින් වහා ඉවත් වන්න. 3. ඉහිල් වීමේ ක්‍රමයක්‌ අනුගමනය කරන්න. ගැඹුරු ලෙස හුස්‌ම ගන්න. නැතිනම් ඔබේ මනස ඉහිල් කරවන වදන් මුමුණන්න. "බුදු සරණයි", "දෙවි පිහිටයි", "ගණන් ගන්න එපා", "අමතක කරන්න", "සන්සුන් වන්න", "ජීවිතයේ හැටි ඔහොම තමයි" වැනි දෙයක්‌ තමාට ම කියා ගැනීමෙන් ද ඉහිල් විය හැකියි. 4. කෝපය ඵලදායි දෙයකට හරවා ගන්න. මෙය ක්‍රම කීපයකට කළ හැකි ය. එකක්‌ නම් තම දැඩි කෝපය නිර්මාණයකට පරිවර්තනය කිරීමයි. ලොව ප්‍රකට චිත්‍ර ශිල්පීහු මෙසේ කෝපය චිත්‍ර මත සිතුවම් කර ඇත්තා හ. කෝපය ඇති වූ විට ඒ ගැන සටහනක්‌ තබා පසුව එය නිර්මාණයක්‌ සඳහා භාවිත කරන්නට ද පුළුවන. 5. කෝපය සාධාරණීකරණය කරන්නට එපා. ඔබ ගේ කෝපය සාධාරණ බව හිතන්නට උත්සාහ නො ගන්න. කෝපය පිට කි...