Posts

Showing posts from 2014

කැඩුණු බිඳුණු දේහ කොටස්‌ අලුත්වැඩියා කරගැනීමේ සත්‍යාසන්න සිහිනය...

වලිගය කැඩුණු හූනකු නැවත වලිගයක්‌ වර්ධනය කරගන්නා බව ඔබ දනියි. පුනර්ජනනය (Regeneration) නම් මේ අසිරිමත් ක්‍රියාවලිය විවිධ සතුන් යොදාගනිමින් විද්‍යාගාරයක්‌ තුළ ක්‍රියාවට නගමින් එය නො නැවතී මිනිසා සම්බන්ධයෙන් පවා යොදාගත හැකි පරිදි වැඩිදියුණු කිරීමට උත්සාහ කරන පර්යේෂකයකු ලෙස මැසචුසෙට්‌ස්‌හි, මෙඩ්ෆෝඩ්හි ටෆ්ට්‌ස්‌ සරසවියේ පුනර්වර්ධන සහ සංවර්ධනාත්මක ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්‌ෂ, ජීව විද්‍යාඥ මයිකල් ලෙවින්ස්‌ හඳුන්වාදිය හැකි ය. මෙහි පළ වන්නේ ඔහු සමග නිව් සයන්ටිස්‌ට්‌ සඟරාව පැවැත්වූ සාකච්ඡාවක දී අනාවරණය වූ තොරතුරු ය. ඔබ දේහ කොටස්‌ යළි වර්ධනය කරවීම සම්බන්ධ උනන්දුවක්‌ දක්‌වනවා. බොහෝ සත්ත්ව විශේෂවලට ස්‌වාභාවිකව ම ගාත්‍රා පුනර්ජනනය කරගැනීමේ හැකියාව පවතිනවා ද? සතුන් ගණනාවකට ම, නැති වූ ගාත්‍රා කොටස්‌ නැවත වර්ධනය කරගත හැකියි. විලෝපිකයෙක්‌ හූනකු වලිගයෙන් ඩැහැගත් අවස්‌ථාවක හූනා දුවන අතර ගොදුරු කරගැනීමට ඉතිරි වන්නේ වලිගය පමණයි. ඊට හේතුව වලිගය කඩා දමා පැන යැමට හූනා දක්‌වන අපූරු සමත්කමයි. එමෙන් ම අහිමි වූ වලිගය නැවත වර්ධනය කරගැනීමේ හැකියාවත් හූනාට තිබෙනවා. ඇතැම් කෘමීන් ද මෙ

විද්‍යාත්මක ක්‍රමවේදයේ වර්ධනය

Image
http://www.vidusara.com/

ආනුභවික බොරු

ආනුභවික බොරු ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තවත් ලිපි පෙළක්‌ පටන්ගෙන ඇත. ඔහු මා ඇසූ කිසි ම ප්‍රශ්නයකට පිළිතුරු නො දෙයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන්න ඔහු කිසි දිනෙක අවබෝධ කරගන්නක්‌ නො වේ. සැම දා ම සැම තැනක ම තිබුණේ එක ම විද්‍යාව යෑයි ඔහු කීව ද බටහිර වෛද්‍ය විද්‍යාව හා සිංහල පාරම්පරික වෙදකම අතර වෙනසක්‌ ඇති බව ද ඔහු පිළිගනියි. එහෙත් ඔහු සිතන්නේ ඒ සැම දෙයක්‌ ම පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පදනම් වන බැවින් ඒ සියල්ල ආනුභවික (empirical) බව ය. ඔහු පැහැදිලිව ම ආනුභවික යනු කුමක්‌ දැයි නො දනියි. දෙවියන් පංචෙන්ද්‍රිය ගෝචර නැති වුවත් ඔවුන් කී ආසනික්‌ බටහිර අර්ථයෙන් ආනුභවික ය. අද වන විට සහල්වල ආසනික්‌ යම් ප්‍රමාණයක්‌ ඇති බව බටහිර විද්‍යාඥයන්ට ද තේරුම් ගොස්‌ ඇත. සහල්වලට ආසනික්‌ ඇතුළු වන්නේ කෘෂිරසායනික ම`ගින් ය. එය ද ඊනියා ආනුභවික ය. ඒ සියල්ල අනුව ආසනික්‌ පිළිබඳ අදහස කාගෙන් කෙසේ ලැබුණ ද එය ආනුභවික ය. බෙන්සීන් අණුව පිළිබඳ අදහස කෙක්‍යqලේට ලැබුණේ සිහිනෙන් ය. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. බෙන්සීන් අණුව ද පංචෙන්ද්‍රිය ගෝචර නො වෙයි. එහ

අමරතුංග මහතාට කළ හැක්‌කේ අපහාස කිරීම පමණ ය

අමරතුංග මහතාට කළ හැක්‌කේ අපහාස කිරීම පමණ ය ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තුළ මා කෙරෙහි ඇත්තේ ද්වේෂයක්‌ බව ජුලි 02 වැනි දා ලිපියෙන් තවදුරටත් තහවුරු කරයි. ජුනි මස 25 වැනි දා මහනුවර පැවැති රැස්‌වීමට ආරාධනය කර තිබිය දීත් එහි බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන තේමාව යටතේ සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය යන මැයෙන් මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා දේශනයක්‌ පවත්වන බව හොඳාකාරව ම දැන සිටිය දීත් අඩු ම තරමෙන් තමන් සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් කියන දෑ සමග තෙන්නකෝන් මහතා එකඟ වන්නේ ද යන්න දැනගැනීමට වත් එහි නො පැමිණ පළා ගියේ අමරතුංග මහතාට තමා කියන දේ පිළිබඳව විශ්වාසයක්‌ නොමැති බැවින් ය. තෙන්නකෝන් මහතා එහි දී කී දේ සෘෂි භාෂිතය බව වත් ඔහු කී පමණින් අප ඒ සම`ග එකඟ විය යුතු බව වත් අපි නො කියමු. එහෙත් ඔහු කියන්නේ කුමක්‌ දැයි දැනගැනීමටත් ඔහු කියන දේ සමග එකඟ නො වන්නේ නම් ඒ බව නොපැකිළ ඔහු ඉදිරියේ ම කීමටත් බුද්ධිමතකු නො වුව ද උගතකුට වුවත් හැකි විය යුතු ය. එහෙත් ඒ තමා ගේ උගත්කම ගැන ආත්ම විශ්වාසයක්‌ ඇති අයකුට ය. එසේ නැති අයකු පළා යැ

සිංහල වෙද මහතා අවිද්‍යාවේ රඳවා තබන නූගත්තු

සිංහල වෙද මහතා අවිද්‍යාවේ රඳවා තබන නූගත්ත ු ආචාර්ය නලින් ද සිල්වා මහතා "සිංහල වෙද මහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු" යන මැයෙන් ලිපියක්‌ ලියා ඇත (විදුසර 18.06.14). පුරුදු පරිදි ලිපියේ තුනෙන් දෙකක්‌ පුරවාගෙන ඇත්තේ මගේ ලිපිවල කොටස්‌ එහෙම පිටින් උපුටාගෙන ය. මෙසේ කරන්නේ මාතෘකාව යටතේ ඔහුට කීමට දෙයක්‌ නැති නිසා ය. මා මේ බව කිහිප විටක්‌ පෙන්වා දුන් නුමුදු ඔහුට වෙන කරන්නට දෙයක්‌ නැත. අදහස්‌වලින් බංකලොත් වූ විට වෙන කුමක්‌ කරන්න ද? කෙසේ වුවත් මගේ ලිපිවල සඳහන් අදහස්‌ නැවත නැවතත් විදුසර සඟරාවේ පළ කිරීමට ගන්නා මහන්සිය පිළිබඳව මම ඔහුට ස්‌තුති කරමි. සිංහල වෙද මහතා බටහිර වෙදකමට යටත්a කරන උගතුන් එසේ කරන්නේ කෙසේ ද යන්න නලින් මහතා පෙන්වා දී නැත. මා පෙන්වා දී ඇත්තේ සිංහල වෙදකම පදනම් වී ඇත්තේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත බව ය. මේ නිසා එය යම් තරමකට විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අනුගමනය කරයි. යම් කිසි රෝග ලක්‌ෂණයකට සුදුසු බෙහෙත් සිංහල වෙද මහතා ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි ම`ගින් සොයාගෙන ඇත. මේ බෙහෙත් එම රෝග ලක්‌ෂණ ඇති ව පැමිණෙන රෝගියකුට ලබා දුන් විට එම රෝග ලක්‌ෂණය සුව වන බව සිංහල වෙද මහතා අත්දැකී

නියෑන්ඩර්තාල් මානවයන් ශාකමය ආහාර ගත්තේද?

Image
නියෑන්ඩර්තාල් මානවයන් ශාකමය ආහාර ගත්තේද? නියෑන්ඩර්තාල් මානවයා ලෙස හඳුන්වනු ලබන්න Homo neanderthalensis නම් මේ වන විට වඳ ව ගොස්‌ ඇති මානව විශේෂයකි. නූතන මිනිසාට පෙර අප්‍රිකාවෙන් නික්‌මුණු මේ මානවයා අදින් වසර 230,000ත් 30,000ත් අතර කාලයේ දී යුරෝපයේ හා බටහිර හා මධ්‍යම ආසියානු ප්‍රදේශවල වාසය කර ඇත. අදින් වසර 30,000කට පමණ පෙර මේ නියෑන්ඩර්තාල් මානවයන් මිහිතලයෙන් වඳ වී ගොස්‌ ඇතිs බව සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලැබේ. ඊට බලපෑවේ නූතන මානවයන් ගෙන් ඇති වූ තර්ජනය හෝ නූතන මානවයන් සමඟ මිශ්‍ර වීම බව විශ්වාස කෙරේ. දිනෙන් දින සිදු කෙරෙන පර්යේෂණවලින් නියෑන්ඩර්තාල් මානවයා පිළිබඳ අප සතු දැනුම වර්ධනය වෙමින් ඇත. මේ මානවයන් ගේ ගෙනෝමය මෑත දී ප්‍රකාශයට පත් කරන ලද අතර, මේ මිනිසුන් හා නූතන මානවයන් අතර ඇති සම්බන්ධය පිළිබඳව ද පැහැදිලි සාක්‌ෂි ලැබෙමින් තිබේ. මිනිසුන්ට වැළඳෙන රෝග සඳහා නියෑන්ඩර්තාල් මානවයන් ගෙන් ලැබුණු ප්‍රවේණික ලක්‌ෂණ බලපා ඇති බව මීට එක්‌ නිදසුනකි. (බලන්න විදුසර 2014 අප්‍රේල් 30). නියෑන්ඩර්තාල් මානවයන් ගේ ආහාර වේල ගැන මෑත දී හෙළි වූ කරුණු ද මෙවැනි වැදගත් පර්යේෂණයකි.

අයින්ස්ටයින් වැරදියි.. ග‍්‍රහවස්තු පිහිටීම යළි සොයන්න වෙයි

Image
අයින්ස්ටයින් වැරදියි.. ග‍්‍රහවස්තු පිහිටීම යළි සොයන්න වෙයි මෙතෙක් දැන සිටි ප‍්‍රමාණයට වඩා ආලෝකය අඩු වේගයකින් ගමන් කරනවා විය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ. 1905දී ඇල්බට් අයින්ස්ටයින් විසින් රික්තයක් තුළදී ආලෝකයේ වේගය ගණන් බැලූ අතර තත්පරයට සැතපුම් 186282 (කිලෝමීටර් 299732) ක වේගයක් ආලෝකයට ඇති බව සියවසක් පුරා විශ්වාස කරන ලදී. 1987දී දිස්වූ SN1987A සුපර්නෝවා පිපුරුමේ ආලෝකය අපේක්ෂිත වේලාවට වඩා පැය 4.7ක් ප‍්‍රමාදවී ළගාවීම මේරිලන්ඞ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ ජේම්ස් ෆ‍්‍රැන්සන්ගේ ලක්වී තිබේ. සුපර්නෝවා පිපුරුමට ප‍්‍රථමයෙන් විද්‍යුත් වශයෙන් උදාසීන උප පරමාණුක අංශුවක් වන නියුටි‍්‍රනෝ ධාරාවක් නිකුත් වී ඇති අතර අයින්ස්ටයින්ගේ ගණන් බැලීමට අනුව එය ආලෝකය නිකුත්වීමට පැය 3කට පෙර සිදුවිය යුතු වේ. කෙසේවෙතත් 1987 සුපර්නෝවා පිපුරුමේදී ආලෝකය ළගාවී ඇත්තේ නියුටි‍්‍රනෝ නිකුත්වී පැය 7.7කින් පසුව බව පැවසේ. ෆ‍්‍රැන්සන් පවසන්නේ මෙය රික්තක ධ‍්‍රැවීකරණය නම් සංසිද්ධිය හේතුවෙන් සිදුවිය හැක්කක් බවයි. එහිදී ෆොටෝන හෙවත් ආලෝක අංශු සුළු කාලසීමාවක් තුළදී පොසිට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු පරිසර දූෂණයේ තවත් වැදගත් අංශයක්‌ ලෙස සාගර දූෂණය පෙන්වා දිය හැකි ය. සාගරය යනු මිනිසුන් වන අපට බොහෝ සේ ප්‍රයෝජනවත් වන පරිසර පද්ධතියකි. මේ නිසා සාගර දූෂණය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කළ යුතු ය. සාගර දූෂණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ සාගරයට හානිකර විය හැකි ද්‍රව්‍ය එකතු වීමෙන් ඇති වන බලපෑමයි. මිනිසුන් විසින් සාගරයට එකතු කෙරෙන එවැනි ද්‍රව්‍ය අතර රසායන ද්‍රව්‍ය, විවිධ අංශුමය ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, ශබ්දය වැනි ශක්‌තිය ද වේ. එසේ ම ආක්‍රමණික ජීවීන් ව්‍යාප්ත වීම ද සාගර දූෂණයත් ඇති කළ හැකි සාධකයකි. සාගර දූෂණය සඳහා හේතු වන සාධක අතරින් වැඩි ප්‍රමාණයක ප්‍රභවය ගොඩබිම ප්‍රදේශයේ වේ. එක්‌ ගණන්බැලීමකට අනුව එය මුළු දූෂක ප්‍රමාණයෙන් සියයට 80ක්‌ පමණ වේ. සාගර දූෂක හා එවායේ බලපෑම් සාගරයට එක්‌ වන ඝන අපද්‍රව්‍ය බරපතළ දූෂකයකිs. විවිධ ද්‍රව්‍ය මේ ආකාරයෙන් සාගරයට එක්‌ වන අතර, ප්ලාස්‌ටික්‌ එ අතර මුල් තැනක්‌ ගනියි. ප්ලාස්‌ටික්‌ හා කුඩා ප්‍රමාණයේ ප්ලාස්‌ටික්‌ අංශු පරිසරයට එක්‌ වීමේ අවසන් ප්‍රත

සිංහල වෙදමහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු-නලින් ද සිල්වා

සිංහල වෙදමහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ජුනි 11 වැනි දින ලිපියට ප්‍රතිචාර දැක්‌වීමට පළමුව එදින පළ වූ මගේ ලිපියේ මුද්‍රණ දෝෂයක්‌ නිවැරැදි කිරීමටත් යමක්‌ පැහැදිලි කිරීමටත් අවශ්‍ය වෙයි. ඒ කරුණු දෙක ම එක ම ඡෙදයක වෙයි. අදාළ කොටස මෙසේ ය. "අප කලින් කියා ඇති පරිදි ච p →  q යන්නෙන් හා q සත්‍ය වේ යන්නෙන් p සත්‍ය වේ යෑයි ගම්‍ය නො වේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් (කතන්දරයෙන්) පොල් පොළොවට වැටෙන බව නිගමනය කළ නො හැකි ය." එහි අවසාන වාක්‍ය මෙසේ නිවැරැදි විය යුතු ය. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් (කතන්දරයෙන්) පොල් පොළොවට වැටෙන බව නිගමනය කළ හැකි ය. පොල් පොළොවට වැටීම සත්‍ය යෑයි අප ගත්ත ද එයින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍ය යෑයි නිගමනය කළ නො හැකි ය. පැහැදිලි කිරීම එහි පළමු වාක්‍යය සම්බන්ධයෙනි. එහි ච p → q  යන්නෙන් කියෑවෙන්නේ p සත්‍ය නම් එවිට q සත්‍ය වේ යන්න නො වේ. ඇතැමුන් ඒ වාක්‍යය ඒ අයුරෙන් තේරුම්ගෙන ඇත. එහෙත් එයින් කියෑවෙන්නේ p ප්‍රස්‌තුතයෙන් q ප්‍රස්‌තුතය ගම්‍ය වේ යන්න ය. අමරතුංග මහතා, කාලෝ ෆොන

විද්‍යාව සහ සංස්‌කෘතිය අතර සම්බන්ධය (1 වැනි කොටස)

විද්‍යාව සහ සංස්‌කෘතිය අතර සම්බන්ධය (1 වැනි කොටස) විද්‍යාත්මක දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය අත්‍යවශ්‍ය කාර්යයක්‌ කරන බව නලින් මහතා පවසා ඇත. මෙය වැරැදි බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණ වන්නේ ය. මෙය සිදු වන්නේ කෙසේ දැයි ඒ මහතා පැහැදිලි කොට නැත. කෙසේ නමුත් මා පෙන්වා දෙන්නට යන්නේ සංස්‌කෘතිsයේ බලපෑම ඇති විය හැක්‌කේ විද්‍යාත්මක දැනුම සොයා ගන්නට පෙර හෝ පසුව එය කුමක්‌ පිණිස භාවිත කරනවා දැයි යන්න නිගමනය කිරීමට මිස එම සොයාගැනීමේ ක්‍රමවේදය මත නො වන බව ය. විද්‍යාව සත්‍ය ගවේෂණය වන්නේ ය. ජාන ම`ගින් උත්පත්තියෙන් උරුම වූ විපරම් කිරීමේ වුවමනාව සහ හැකියාව විසින් මිනිසා තම ජීවිතයේ සහ ස්‌වභාවධර්මයේ පවතින ක්‍රියාදාමයන් සොයාබැලීමට යොමු කරන ලදී. මිනිසා එය සිදු කළේ තම ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබාගත් සාක්‌ෂි මත පදනමි වීමෙන් ය. එය කොතැනත් කවදත් සිදු වූයේ ය. එය මිනිසා ගේ විද්‍යාව විය. එය වර්ධනය වී අද පවතින නවීන විද්‍යාව ලෙස හඳුන්වන ක්‍රමවේදය දක්‌වා දිගු ගමනක්‌ පැමිණ ඇත. මෙය කෙසේ සිදු වූයේ දැයි මගේ පෙර ලිපිවල විස්‌තරාත්මකව සඳහන් වී ඇත (බලන්න-විදුසර-19.02.14 - 26.03.14). සංස්‌කෘතිය යනු

ජපානය තුළ දී සිනමාව ඇසුරෙන් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැනියා මමයි-මහාචාර්ය රත්නායකයන්

Image
ජපානය තුළ දී සිනමාව ඇසුරෙන් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැනියා මමයි දේසජ ජන සංස්‌කෘතිය, ජන විඥනය තුළින් ලද ආභාසය ස්‌වකීය ජීවිතයේ මාවත කරගත් මොහු ඉන් කැලණිය විශ්විද්‍යාලය තුළ විවිධ නව සොයාගැනීම් සිදු කරයි. 2000 වසරේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ව සිටිමින් සෛද්ධාන්තිකව පැවැති එම විෂයයන් ප්‍රායෝගික තලයට ගෙන ඒමට මොහුට හැකි විය. නාට්‍ය හා රංග කලා, ප්‍රාසාංගික කලා, දෘශ්‍ය කලා හා සැලසුම්කරණය හා ප්‍රතිබිම්බ කලා ලෙස විෂය ධාරාවන් 04 වර්ධනය කිරීම සිදු වන්නේ මොහු ගේ තීරණයක්‌ ලෙසිනි. ප්‍රායෝගිකත්වය තුළ විෂය පරාසය පුළුල් කරමින් ඒ තුළින් සෛද්ධාන්තික දැනුම ලබා දීමේ ක්‍රමවේදය සරසවිය තුළ විධිමත්ව ඇරඹූ ආචාර්යවරුන් කිහිප දෙනා ගේ නම් අතර මොහු ගේ නාමය ද පවතී. ජපානයේ නිපොන් සරසවිය වෙතින් තම ආචාර්ය උපාධිය, වාර්තා සිනමාවට විශේෂිතව මොහු ලබාගන්නේ 1998 වසරේ දී ය. ජපානය හා ශ්‍රී ලංකාව සම`ග පැවැති සබඳතා ශක්‌තිමත් කරමින් අධ්‍යාපනික වශයෙන් සිසුන් විශාල පිරිසකට ආලෝකයක්‌ ඉන් ලබා දීමට මොහුට හැකියාව ලැබේ. මොහු නමින් මහාචාර්ය පැට්‌රික්‌ රත්නායක නම් වේ. අතිශය කාර්යබහුල පුද්ගලයකු වුවත් මහාචාර්ය රත්නායකයන්