බෞද්ධ පඬිවරු හා පරිසිද්ධි

ද්‍රව්‍යවාදීන්ට හා වෙනත් බොහෝ දෙනාට අනුව නිරීක්‍ෂකයා ගෙන් තොර ව ලෝකයක්‌ පවතීග එය වාස්‌තවික යෑයි ඔවුහු කියතිග ඒ නිරපේක්‍ෂ වූ ද වාස්‌තවික වූ ද ලෝකය බොහෝ විට යථාර්ථය නමින් ද හැඳින්වෙයිග ලොවෙහි මිනිසුන් සිටියත් නැතත් එවැනි ලෝකයක්‌ පවතින්නේ යෑයි සාමාන්‍යයෙන් බටහිරයෝ විශ්වාස කරතිග එය බටහිර ලෝකයේ අධිපතිවාදී මතය ද වෙයිග බටහිරයන් තම දේශපාලන බලය යොදා ගනිමින් ඔවුන් ඒ ඒ රටවල පිහිටුවා ඇති පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති ඔස්‌සේ එය ලෝකයේ අධිපතිවාදී මතය බවට ද පත් කර ඇතග පෙරදිග ලෝකයේ ද ඈත අතීතයේ ද්‍රව්‍යවාදීහු සිටිය හග ඒ අතර පෙරදිග මෙන් ම බටහිර ද විඤ්ඤාණවාදීන් ද වාසය කර ඇතග විඤ්ඤාණවාදීන්ට අනුව ලෝකය යනු මනසේ නිර්මාණයක්‌ වෙයිග මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් ද්‍රව්‍යවාදයේ මෙන් ම විඤ්ඤාණවාදයේ ද විවිධ ප්‍රභේද ඇති බව යග බෞද්ධයන් අතර ද විවිධ ගුරුකුල තිබූ බවත් ඇතැමුන් විඤ්ඤාණවාදීන් වූ බවත් තවත් සමහරුන් ද්‍රව්‍යවාදීන් වූ බවත් පැහැදිලි යග මේ අතර ක්‍ෂණයකට බාහිර ලෝකයක්‌ තිබෙන බව පිළිගත් අය ද සිටිය හග අද ද මේ ඇතැම් ගුරුකුල පවතින බව පැහැදිලි යග

ථෙරවාද බෞද්ධයන් නමින් තමන් හඳුන්වාගන්නවුන් අතර ද විවිධ කරුණු ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ මත ඇති බව පැහැදිලි යග නිවන වචනයෙන් කිව හැකි යෑයි ඇතැම්හු කියතිග ඇතැමුන්ට අනුව නිවන වචනයෙන් කිව හැකි නො වේග ඇතැම් උගතුන් යෑයි කියන්නන්ට අනුව සංසාරයක්‌ ද නැතග සියල්ල මේ භවයට පමණක්‌ සීමා වෙයිග තවත් භවයක්‌ නැතැයි කියන්නෝ ද පඬිවරුන් ලෙස පිළිගැනෙන අය අතර වූ හග දැනුදු වෙතිග බෞද්ධ දර්ශනය පිළිබඳ ඇතැම් මහාචාර්යවරුන්ට අනුව පිරිනිවන් පෑමෙන් පසුව ද රහතන් වහන්සේ භවයක වෙසෙතිග රහතන් වහන්සේ මේ භවයෙහි නිවන් දැක පවතින (ජීවත් වන) ආකාරයට උන්වහන්සේට වෙනත් භවයක ද පැවතිය හැකි යග මේ පඬිවරුන්ට අනුව රහතන් වහන්සේ ඒ භවයෙන් චුත නො වන අතර අමරණීය ද වෙතිග

මේ සියලු මත ඒ ඒ ගුරුකුල විසින් කරන ලද අර්ථදැක්‌වීම්වල ප්‍රතිඵල වෙයිග බොහෝ විට මේ මත ප්‍රකාශ වන්නේ විරුද්ධ ගුරුකුල හෝ වෙනත් ආගම් හෝ විසින් මතු කෙරෙන ප්‍රශ්නවලට හා මතවලට සැපයෙන පිළිතුරු හෝ ඒ මතවලට අනුගත වීම් හෝ ලෙස යග එදා තිබූ ප්‍රධාන ප්‍රශ්නය වුයේ ආත්මය යග බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු බ්‍රාහ්මණයන් ඇසූ විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දීමට භික්‍ෂුන් වහන්සේට සිදු වියග එසේ පිළිතුරු දීමේ දී ද බුදුන්වහන්සේ දේශනා කළ ධර්මයට අර්ථකථන සැපයීමේ දී ද භික්‍ෂුන් වහන්සේ විවිධ ගුරුකුලවලට බෙදුණ හග

එමෙන් ම ඇතැම් අවස්‌ථාවල භික්‍ෂුන් වහන්සේට එදා අධිපති මතවාදය බවට පත් ව තිබූ බ්‍රාහ්මණ මතයට අනුගත වීමට සිදු වියග එය අද ද වෙනත් ආකාරයකින් සිදු වන බව කණගාටුවෙන් වුව ද කිව යුතු යග විශ්වවිද්‍යාලවල සේවය කළ බෞද්ධ දර්ශනයල බුදුදහම ආදී විෂය පිළිබඳ බොහෝ මහාචාර්යවරු බටහිරයන්ට අවශ්‍ය ආකාරයට තම මතවාද සකස්‌ කර ඇති බව පැහැදිලි යග බටහිරයෝ බුදුදහම දුක මුල් කරගත් අසුබවාදී ආගමක්‌ ලෙස හඳුන්වතිග තම ආචාර්ය උපාධි සඳහා බටහිර රටවලට යන බෞද්ධ පඬිවරු මේ මතය නිවැරැදි කිරීමට උත්සාහ ගන්නේ පටිච්ච සමුප්පාදය ඔස්‌සේ නො ව බුදුදහම ද වෙනත් දහමක්‌ මෙන් ම ඊනියා සුබවාදී ආගමක්‌ බවට පත් කිරීමෙනිග

මේ පඬිවරු නිවන් දැකීමෙන් පසු නැවත භවයක්‌ නැති බව පිළිගැනීමට අකැමැති වෙතිග ඒ එහි බටහිරයන් කියන ආකාරයට ගූඪ භාවයක්‌ ඇති බැවිනිග නැවත භවයක්‌ නැත්නම් ඊනියා සුඛයක්‌ විඳීම පිළිබඳ ප්‍රශ්නය මතු වෙයිග මේ පඬිවරුන් පෙන්වීමට උත්සාහ ගන්නේ බුදුදහම තරම් සුබවාදී ආගමක්‌ තවත් නැත යන්න යග ඒ සඳහා ඔවුහු පිරිනිවන් පෑමෙන් පසු නැවත භවයක්‌ ඇති කරතිග එය විඳීමක්‌ ඇති තැනක්‌ ද නැති තැනක්‌ ද යන්න පැහැදිලි නැති වුවත් තවත් භවයක්‌ ඇති බව පැහැදිලි යග එය පටිච්ච සමුප්පාදයට විරුද්ධ වුවත් මේ පඬිවරුන්ට ඉන් කම් නැතිග අවිඡ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් කියෑවෙන්නෙහි භව පච්චයා ජාති යන්න ද ඇති බවත්ල භවයක්‌ ඇත්නම් (ආත්මයක්‌ නැති ව වුවත්) ඉපදීමක්‌ ඇති බවත් පඬිවරුන්ට නො තේරෙන්නෙහි දරෑ අනෙක්‌ අතට අවිද්‍යාව නැත්නම් ඒ හේතුවෙන් සංඛාර ද ආදී වශයෙන් භවයක්‌ ද නැති බව පඬිවරුන්ට පැහැදිලි නැතග

එහෙත් පඬිවරුන්ට අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව බුදුදහමේ සියල්ල විනිවිද දැකිය හැකි බව පෙන්වීම යග බුදුන් වහන්සේ එව බලව යනුවෙන් දේශනා කර ඇති බව පැහැදිලි යග එහෙත් එයින් කියෑවෙන්නේ ද්විකෝටික න්‍යායට අනුව එව බලව යන්න හෝ ඉන්ද්‍රිය ගෝචර භාවය අනුව එව බලව යන්න හෝ නො වේග බටහිරයන්ට සියල්ල ඇරිස්‌ටෝටලීය ද්විකෝටියකට අනුගත වී ඉන්ද්‍රිය ගෝචර විය යුතු යග එහෙත් නිවන එවැන්නක්‌ නො වේග බුදුන් වහන්සේ නිවන යනු කුමක්‌ දැයි කිසි විටෙක දේශනා කර නැතග නිවන් අවබෝධ වන්නේ ලෝභල ද්වේෂල මෝහ නැති කිරීමෙන් බව පැහැදිලි යග එහෙත් ඒ පිළිබඳ ව එයට වඩා යමක්‌ කියන්නේ කෙසේ දරෑ දර දමන තෙක්‌ ගින්න පවතින බවත් දර නැති විට ගින්න නිවී යන බවත් බුදුන් වහන්සේ උපමාවකින් නිවන පැහැදිලි කළ හග උපමාවක්‌ අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග්ගැස්‌සීම නිවැරැදි නො වුණත් දර නොමැති ව ගින්න නිවීමෙන් පසුව යන තැනක්‌ නැති බව අමතක නො කළ යුතු යග

බටහිරයන් බුදුදහමේ ගූඪත්වය පිළිබඳව නඟන චෝදනාවලට මුහුණ දීමට නොහැකි මෙරට බොහෝ බෞද්ධ උගත්තු බුදුදහම ඊනියා විනිවිද පෙනෙන දහමක්‌ බවට පත් කිරීමට උත්සාහ කරතිග එහෙත් බුදුන් වහන්සේ ගේ විනිවිද දැක්‌ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසුණ අයට මිස ද්විකෝටිකය අනුව තර්ක කරන්නන්ට හා පංෙච්න්ද්‍රිය ඇසුරු කරගත් දැනුමක්‌ පිළිබඳ ඊනියා පර්යේෂණ කරන්නවුන්ට නො වේග නිවන වචනයෙන් ප්‍රකාශ කළ හැකි බව කියන පඬිවරුන් එසේ කරන්නේ ද නිවන පිළිබඳ ඇතැයි කියන ඊනියා ගූඪත්වයෙන් ගැලවීමට යග බටහිරයෝ ඇරිස්‌ටෝටලීය න්‍යායට හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයන්ට හසු නො වන දෑ ගූඪ ලෙස සලකතිග මෙරට බෞද්ධ පඬිවරුන් ද එසේ කරන්නේ ඔවුන් ලබා ඇති පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතුවෙන් ඔවුන් ලත් නිවටකම හේතුවෙනිග ඊනියා විද්‍යාඥයන් එසේ කරනවාට ද වඩා බුදුදහම ගැන ප්‍රාමාණික උගතුන් යෑයි හඳුනා ගැනෙන්නන් ගූඪත්වයක්‌ ගැන බටහිරයන් සිතන ආකාරයෙන් කටයුතු කර බුදුදහම ඒ ගූඪත්වයෙන් මුදා ගැනීමට වැරැදි අර්ථකථන ලබා දීම කණගාටුදායක යග

ඇතැම් බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන්ට අනුව ප්‍රවාදවලට වඩා ඔවුන් ෆැක්‌ට්‌ස්‌ (Facts) නමින් හඳුන්වන දෑ සත්‍ය වෙයිග ෆැක්‌ටි යන්නට නිල පාරිභාෂික ශබ්දමාලාවේ ඇත්තේ පරිසිද්ධිය යන්න යග මෙවැනි වචනයක්‌ පැරැන්නන් අතර තිබිණි දැයි නො නිමිග එවැනි වචනයක්‌ පැරැණි සිංහලයන් යොදා ගත්තේ නම් ඒ ගැන සොයා බැලිය යුතු යග කෙසේ වෙතත් පරිසිද්ධිය යන්න සිද්ධිය යන වචනයට ,පරි, යන උපසර්ගය යොදා ගැනීමෙන් තනාගෙන ඇති බව පැහැදිලි යග එය පරිපූර්ණ යන වචනය මෙනිග පරිසිද්ධිය යන්න සිද්ධියට වඩා තහවුරු වූ අර්ථයක්‌ ගෙන දෙයිග එයින් පරිසිද්ධිය යන්න අප අත්දැක ඇති සැකයකින් තොර සත්‍ය වූ සිද්ධියක්‌ යන තේරුමක්‌ ගෙන දෙන්නේ යෑයි සිතමිග කෙසේ වෙතත් ඉංගිරිසියෙන් ෆැක්‌ට්‌ යන්න යෙදෙන්නේ සැකයකින් තොර සත්‍ය වූ අත්දැකීමක්‌ යන්න හැඟවීම සඳහා යග ඇතැමුන් ඉට්‌ ඊස්‌ අ ෆැක්‌ට්‌ (සිංහල වචනවලින් එහෙත් ඉංගිරිසි සම්ප්‍රදායට අනුව නම් එය පරිසිද්ධියකි) ආදී වශයෙන් ප්‍රකාශ කිරීමේ දී සැකයකින් තොර නිර්මාණයක්‌ නොවන අත්දැකීමක්‌ (තමන්ගේ හෝ අනෙක්‌ විශ්වාසවන්තයකුගේ) යන්න ගම්‍ය වෙයිග එබැවින් ඇතැමුන්ට පරිසිද්ධි යනු සත්‍ය ම සිද්ධි වෙයිග ඔවුහු බොහෝ විට ප්‍රවාද යනු ඉන්ද්‍රිය ගෝචර දෑ නො වන බව දනිතිග එබැවින් ඔවුනට පරිසිද්ධි වඩා වැදගත් යග එහෙත් මොවුන් තේරුම් නො ගන්නා කරුණ නම් ඊනියා පරිසිද්ධි ද ප්‍රවාදයක්‌ හෝ අඩු ම තරමෙන් සංකල්පයක්‌ මත රඳා පවතින බව යග ඔවුන් සිතන්නේ පරිසිද්ධි වාස්‌තවික බව යග ඔවුන් පරිසිද්ධි නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත යෑයි සිතනු විය හැකි යග එහෙත් එය නිවැරැදි නො වේග අප බහුල අත්දැකීමක්‌ ගනිමුග පළමුවෙන් ඉර හෙවත් සූර්යයා යන්න ගනිමුග අප සියලු දෙනා ම පාහේ සූර්යයා දැක ඇතග එහෙත් එය ඊනියා පරිසිද්ධියක්‌ දරෑ අප සියලු දෙනා ම දකින්නේ එක ම සූර්යයා දරෑ බටහිර තාරකා විද්‍යාව බිහි වීමට පෙර බොහෝ දෙනාට සූර්යයා තවත් තාරකාවක්‌ නො වී යග සූර්යයා අහසෙහි අනන්‍ය වූ දෙයක්‌ වියග බෞද්ධ සාහිත්‍යයෙහි නම් වෙනත් සූර්යයන් ගැන මෙන් ම සත්ත්වයන් වාසය කරන ලෝක ගැන ද කියෑවෙයිග ඇතැමුන් එකල සූර්යයා අපට ආලෝකය හා උණුසුම ගෙන දෙන ලෙස සලකන්නට ඇතග එහෙත් තවත් අයට ඒ සූර්ය දිව්‍ය රාජයා වියග සූර්ය දිව්‍ය රාජයා හා සූර්යයා යනු එක ම සංකල්පයක්‌ නො වේග එබැවින් ඒ ඒ සංකල්ප යොදා ගත් අය දුටුවේ එක ම දෙයක්‌ නො වේග

එමෙන් ම එකල බොහෝ දෙනාට සූර්ය දිව්‍ය රාජයා හෝ සූර්යයා හෝ පොළොව වටා යන්නක්‌ වියග නිශ්චල පොළොව වටා සූර්යයා යන්නේ යෑයි ඔවුහු සිතූ හග නැඟෙනහිරෙන් පායන සූර්යයා බටහිරෙන් බැස යන්නේ යෑයි යන්න බොහෝ දෙනාට ඊනියා පරිසිද්ධියක්‌ වූවාට සැකයක්‌ තිබිය නො හැකි යග නැඟෙනහිර හා බස්‌නාහිර යන සංකල්ප මෙන් ම උදාගිරල අවරගිර යන සංකල්ප ද සූර්යයා ගේ මේ දෛනික ගමන ඇසුරෙන් ම නිර්මාණය වී ඇතග එහෙත් භාරතයේ විසූ ඇතැමුන් පොළොව සූර්යයා වටා යන බව හා පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව එකල ද දැන සිටිය හග විශේෂයෙන් ම ආධ්‍යාත්මික ව ශක්‌තිමත් ව සිටිය අයට පොළොව ඉර වටා යන ගමනක්‌ පිළිබඳ ව වැටහීමක්‌ තිබෙන්නට ඇතග එසේත් නැත්නම් ඒ පිළිබඳ ව දෙවිවරුන් ගෙන් ලත් දැනුමක්‌ ඔවුන්ට තිබෙන්නට ඇතග ඒ කුමක්‌ වුවත් මෙහි පරිසිද්ධිය කුමක්‌ දරෑ සූර්යයා පොළොව වටා යන බව අත්දුටු අය පරිසිද්ධියක්‌ දැන සිටියෝ දරෑ

අද බොහෝ දෙනා එලෙස තේරුම් නො ගත්තාට සූර්යයා පොළොව වටා යන්නේ ය යන්න එදා බොහෝ දෙනාට අනුව ඊනියා පරිසිද්ධියක්‌ වියග මේ සියල්ල සංස්‌කාර බව දැන සිටි සිංහලයන්ට පරිසිද්ධිය යනුවෙන් සංකල්පයක්‌ අවශ්‍ය නො වන්නට ඇතග එහෙත් බොහෝ සිංහලයන්ට ද සූර්යයා පොළොව වටා යන බවට සැකයක්‌ නො තිබෙන්නට ඇතග එහෙත් පසුව භාරතයේ තිබූ පොළොව තම අක්‍ෂය වටා මෙන් ම සූර්යයා වටා ද භ්‍රමණය වන්නේ ය යන දැනුම කොපර්නිකස්‌ මඟින් යුරෝපයට ගිය විට එහි ප්‍රචලිත වියග ඉන්පසු ඒ දැනුම නැවතත් පෙරදිගට පැමිණියේ බටහිර අධිපතිවාදී දැනුමක්‌ ලෙස යග දැන් ඊනියා පරිසිද්ධිය කුමක්‌ දරෑ සූර්යයා පොළොව වටා වන බව ද එසේත් නැත්නම් පොළොව සූර්යයා වටා යන බව දරෑ පොළොව සූර්යයා වටා යන බව අප කී දෙනකු ගේ අත්දැකීම දරෑ අප අත්දැක නොමැති දෙයක්‌ පරිසිද්ධියක්‌ විය හැකි දරෑ පරිසිද්ධියක්‌ විය හැක්‌කේ සිද්ධියකට යෑයි සිතමිග පොළොව සූර්යයා වටා යන බව සිද්ධියක්‌ දරෑ අප කිසිවකුට වත් පොළොවේ සිට අත්දැකීමට නොහැකි දේ සිද්ධි දරෑ එහෙත් බටහිර අධ්‍යාපනයක්‌ ලත් අති විශාල බහුතරයකට පොළොව ඉර වටා යන බව ඊනියා පරිසිද්ධියකිග

නලින් ද සිල්වා

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය