පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2
මනසට සුවය පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2 පරමාදර්ශී චරිතයක් ආදර්ශයට ගැනීම පෞරුෂ වර්ධනයට අත්‍යවශ්‍ය මූලික ම දෙයක් වන්නේ සිත දමනයයි. මනා පෞරුෂයක් සහිත සැම කෙනකු ම සිත දමනයට සමත් වූ අය ය. තම සිත පාලනයට නොහැකි කෙනකුට අන්‍යයන් පාලනය කිරීම අසීරු ය. ඔබේ චර්යාවලට උපදෙස් දෙන්නේ සිතයි. ඔබේ පෞරුෂයේ කැඩපත වන්නේ ඔබේ චර්යායි. එනිසා සිත හොඳ මට්ටමකට ගෙන එන්න. ඔබටත් සමාජයටත් ඵලදායි දේ පමණක් කිරීමට හැකි වන සේ සිත හදා ගන්න. සමාජයට බොරු මුහුණක් දමාගෙන බොරු වැදගතකු වීමට වඩා වටින්නේ සැබැවින් ම සිත දමනය කර ගැනීම ය. සිත දමනය පිණිස ඔබට මේ දේවල් කළ හැකි ය. සග භාවනාව. සසග ආගම දහමට වැඩිපුර යොමු වීම. සසසග යහපත් මිතුරු ඇසුර. සඩග යහපත් උපදේශන සේවා වෙත යොමු වීම. දමනය කරගත් සිතට හොඳ චර්යා උගැන්වීම පහසු ය. සිත දමනය කරගත් වහා ම ඔබ ගේ පෞරුෂයෙහි ධන පැත්තට විශාල එකතු වීමක් ඉබේ ම ලැබෙයි. සිත දමනය කරගත් කෙනා පාපයන්ට ගොදුරු වන්නේ කලාතුරකිනි. බොරු කීම, සොරකම් කිරීම, රණ්ඩුසරුවල්වලට යැම ආදී දෙයට නිතර සම්බන්ධ වන කෙනාට උසස් පෞරුෂයක් ගොඩනඟා ගැනීම අසීරු ය. එහෙත් දමනය කළ සිතට මේ ප්‍රශ්න නැත. පරමාදර්ශී චර