අවිද්‍යාවේ ගිලී ඉන්නා අඳබාලයෝ

අවිද්‍යාවේ ගිලී ඉන්නා අඳබාලයෝ

මිනිසා බිහි වූ දා පටන් ඉන්ද්‍රීය ගෝචර සාක්‌ෂි මත පදනම් ව කවදත් කොතැනත් වර්ධනය වූ විද්‍යාව බටහිරට බැර කොට බටහිර අරහන් නිසා විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පවසා නො පෙනෙන දෙවියන් ගෙන් දැනුම ලබාගත හැකි යෑයි ජනතාව නොම`ග යවන අය ගෙන් විද්‍යාව හදාරන අප කවුරුත් පරෙස්‌සම් විය යුතු ය. ඔවුන් ගෙන් ඈත් විය යුතු ය. විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පවසමින් එනමුත් නවීන විද්‍යාවේ ප්‍රධාන මතවාදයක්‌ වන සාපේක්‌ෂතාවාදය වත් හරියට වටහා නො ගෙන එම මතවාදය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට උගන්වන අය ගෙන් විද්‍යාව බේරාගත යුතු ය. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට පුළුවන් යෑයි කෑගැසූ එහෙත් පිළිගත හැකි සාක්‌ෂි ම`ගින් එය කරගත නොහැකි ව අවසානයේ බුදුදහම ම`ගින් එය කරන්නට තැත් කරන බාල ප්‍රසිද්ධියක්‌ ලබාගැනීමට මෙවැනි මෝඩකම් කරන අය ගෙන් විද්‍යාව හදාරන්නන් ඈත් විය යුතු ය.

සාපේක්‌ෂතාවාදය පිළිබඳව මා පවසා ඇති නලින් මහතාට පාඩමක්‌ හැටියට ගත හැකි වැදගත් ම කරුණ වූයේ "විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එම වාදය වලංගු වන්නේ අවස්‌ථිත සමුද්දේශ රාමුවලට පමණක්‌ වන නිසා ය" යන්න ය. මෙය වටහා නො ගත් නලින් මහතා මා වැරැදි බව පෙන්වීමට මෙසේ කියයි - "සාපෙක්‌ෂතාවාදය පමණක්‌ නො ව සියල්ල සමුද්දේශ රාමු මත රඳා පවතියි. එබැවින් සමුද්දේශ රාමු මත රඳා පැවතීම විශේෂ සාපේක්‌ෂතාවාදයට විශේෂ වූවක්‌ නො වේ." ඉහත සඳහන් මා පවසා ඇති දෙය විද්වත් අයින්ස්‌ටයින් සහ පළමු පෙළේ භෞතික විද්‍යාඥයන් පවසා ඇති දෙයකි. සමුද්දේශ රාමු මත රඳා පැවතීම විශේෂ සාපේක්‌ෂතාවාදයට විශේෂ වූවක්‌ බව මා පවසා නැත. මා පවසා ඇත්තේ විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යොදා ඇත්තේ කුමක්‌ පිණිස ද යන්න ය. සාපේක්‌ෂතාවාදය ගැන මූලික අවබෝධයක්‌ ඇති කෙනකු මේ මතවාදයේ විශේෂ යන වචනයේ වැදගත්කම දැනගත යුතු ය. නලින් මහතාට එවැනි මූලික වූ දැනුමක්‌ ඇත්නමි මා පැවසූ දෙයෙහි වරදක්‌ දැකිය නොහැකි ය. නලින් මහතාට අනුව විශේෂ සහ සාමාන්‍ය (නලින් මහතාට අනුව සාධාරණ) යන වචන දෙකේ සාපේක්‌ෂතාවාදයට අදාළ තේරුම කුමක්‌ ද? "අමරතුංග මහතාට අනුව සාපේක්‌ෂතාවාද දෙකක්‌ ඇති ද?" (විදුසර- 04.06.14) නලින් මහතා අසයි. විද්වත් අයින්ස්‌ටයින් සාපේක්‌ෂතාවාද දෙකක්‌ ඉදිරිපත් කළ බව පතපොතේ සඳහන් වේ. විශේෂ සහ සාමාන්‍ය යන්නෙන් වචන දෙකක්‌ යෙදී ඇත්තේ වාද දෙක වෙන් කර හැඳින ගැනීමට ය. මේ දේ ගැන ඉගෙනගැනීමට පෙර භෞතික විද්‍යාව මුල සිට නලින් මහතා හැදෑරිය යුතු ය. විශේෂ (special) සහ සාමාන්‍ය (general) යනුවෙන් වචන දෙකක්‌ විද්වත් අයින්ස්‌ටයින් යොදාගත්තේ නලින් මහතා සිතන අන්දමට කුමක්‌ පිණිස ද? විශේෂ යන වචනයේ අදාළ තේරුම ගැන සහ එම කරුණ ගැන පසුව සාකච්ඡා කරන බව නලින් මහතා පවසා ඇත. මෙය ඔහු ප්‍රශ්නයෙන් පැන යැමට නිතර යොදන උප්පරවැට්‌ටියකි. විද්වත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය පිළිබඳ ව කෙරෙන සාකච්ඡාවක ඉතා ම වැදගත් වන්නේ මේ වචන ය. ඉතා ම වැදගත් වූ මේ කරුණ ගැන නො සලකා ප්‍රශ්නයෙන් පැන යැම පිණිස ඔහු සාමාන්‍ය යන වචනයේ තේරුම (අදාළ තේරුම නො වේ) පැහැදිලි කිරීමට පිටුවෙන් භාගයක්‌ පුරවාගෙන ඇත (විදුසර - 04.06.14). නලින් මහතා කළ යුත්තේ මා ඔහුට ලබා දුන් පළමු පාඩම ඉගෙනගැනීම ය. එනම් සාපේක්‌ෂතාවාදයේ විශේෂ සහ සාමාන්‍ය (ඔහුට අනුව සාධාරණ) යන වචනවල අදාළ තේරුම වටහාගැනීම ය.

සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය නිර්මාණය වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීමෙන් බව නලින් මහතා නැවතත් පවසා ඇත. මේ බව ඔහු විශ්වවිද්‍යාලයයේ සිසුන්ට උගන්වා ඇත්නම් එම කාර්යයට ඔහු යෙදවූ ආයතනය කර ඇත්තේ ඇත්තෙන් ම විශාල අසාධාරණයකි. කුමක්‌ නිසා ද එම කියමන කිසි ම භෞතික විද්‍යාඥයකු නො පිළිගන්නා නිසා ය. ඔහු ගේ එම කියමන පිළිගත හැකි භෞතික විද්‍යා ස`ගරාවක්‌ හෝ පොතපතක්‌ ඇත්නම් ඊට අදාළ නිර්දේශයන් පළ කරන මෙන් ඉල්ලමි. සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය නිර්මාණය වන්නේ අවස්‌ථිත සමුද්දේශ රාමු සහ අනෙකුත් (වැඩි වන හෝ අඩු වන වේගයකින් චලනය වන) සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන් (gravitational effects)) ආවරණය වන ලෙස නව මත වාදයක්‌ අවශ්‍ය බව විද්වත් අයින්ස්‌ටයින් වටහාගත් නිසා ය. ඒ බව ඔහු සහ වෙනත් විද්‍යාඥයන් ඉතා පැහැදිලිව පවසා ඇත. එය නිර්මාණය කරන්නේ ගුරුත්වාකර්ෂණය ඉවත් කොට යෑයි පැවසීම විහිළුවකි. තතු නො දත්කමින් පවසන අඥාන කියමනකි. කිසි ම සාක්‌ෂියක්‌ හෝ සාධකයක්‌ නොමැති ව කරන නන් දෙඩවිල්ලකි. විශේෂ සාපේක්‌ෂතාවාදය ගුරුත්වාකර්ෂණය සලකා බලා නැත. එම නිසා ය නව සාපේක්‌ෂතාවාදයක්‌ අවශ්‍ය වූයේ. මේ ගැන පළ වී ඇති පොතකින් උපුටා ගත් කොටසක්‌ ඉංග්‍රිසියෙන් පහත සඳහන් කරමි - General theory of relativity is the geometric theory of gravitation published by Albert Einstein in 1916 and the current description of gravitation in modern physics. Generalrelativity generali"es special relativity and Newton's Law of Universal Gravitation, providing a uniform description of gravity as a geometric property of space and time or spacetime. (Renn J ed.(2007) The Genesis of General Relativity vol 1-4 Dordrecht, Springer). මෙහි සිංහල පරිවර්තනය පහත දැක්‌වේ - "ඇල්බර්ට්‌ අයින්ස්‌ටයින් 1916 දී පළ කර පරිදි සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය වනාහි ගුරුත්වාකර්ෂණයේ ඡ්‍යාමිතික මතවාදය සහ ගුරුත්වාකර්ෂණය පිළිබඳව නවීන භෞතික විද්‍යාව දැනට පිළිගන්නා අර්ථ දැක්‌වීම වන්නේ ය. සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය විසින් විශේෂ සාපේක්‌ෂතාවාදය සහ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය පොදු මතවාදයක්‌ යටතට ගෙන ගුරුත්වාකර්ෂණය අවකාශය සහ කාලයේ නැත හොත් අවකාශකාලයේ ඡ්‍යාමිතික ගුණයක්‌ ලෙස අර්ථ දක්‌වයි". (මේ පරිවර්තනයේ භාෂාත්මක නිවැරැදි කිරීම් නලින් මහතා කරනවා ඇත. ඔහුට ලිවිමට ද යමක්‌ තිබිය යුතු ය). මින් පෙනී යන්නේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය ප්‍රධාන වශයෙන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ව මතවාදයක්‌ බව ය. එසේ නම් සාමාන්‍ය සාපේක්‌ෂතාවදය නිර්මාණය වන්නේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීමෙන් යෑයි නලින් මහතා කියන්නේ හොඳ සිහියෙන් වන්නට බැරි ය. ගුරුත්වාකර්ෂණය සලකා බලා නැත්තේ විශේෂ සාපේක්‌ෂතාවාදයේ ය. ඉහත සඳහන් ග්‍රන්aථයේ මේ බව මෙසේ පවසයි - Special relativity does not consider gravity. මේ මතවාද දෙක නලින් මහතා පටලවාගෙන ඇත.

මේ කරුණු මා කාගෙන් දෝ අසා දැනගත් ඒවා යෑයි නලින් මහතා කියයි. මෙය ද ඔහු ගේ අනෙක්‌ කියුම් ලෙස ම බහුභුතයකි. මා සාපේක්‌ෂතාවාදය පිළිබඳ පොතපත කියෙව්වේ අද ඊයේ නො වේ. ඒවා කියවා ඉගෙනගත් කරුණුවලින් මූලික වූ ද ප්‍රධාන වූ ද වැදගත් වූ ද දේ සංක්‌ෂිප්ත ව මා ඉදිරිපත් කොට ඇත. කිසි ම සාක්‌ෂියක්‌ සාධකයක්‌ පොතපතක නමක්‌ නොමැති ව මේවා බොරු බව නලින් මහතා පවසයි. එහෙත් ඒ සියල්ල ඉදිරිපත් කරන ලෙස මට අණ කරයි. ඔහු හැම දෙයක්‌ ම කියන්නේ ඒ ලෙසිනි. විද්‍යාව බොරු යෑයි නිකම් ම නිකම් කියන්නකුට මේවා කජු ඇට කොස්‌ ඇට ය. මා මේ ගැන කියවා ඇති පොත්පත්වල නිර්දේශ මගේ පෙර ලිපිවල සඳහන් කර ඇත. එක ග්‍රන්ථයක්‌ ඉහත සඳහන් කර ඇත. මේ පොත්පත්වල ඇති කරුණු මා පෙන්වා දී ඇති පරිදි නලින් මහතා සාපේක්‌ෂතාවාදය පිළිබඳ ව කිසිවක්‌ නො දන්නා බව පැහැදිලි කරයි. මා මේ කරුණු අසා දැනගත්තා යෑයි කියන මන(කල්පිත පුද්ගලයාට ද නලින් මහතා පරිභව කොට ඇත. අතකොලුවක්‌ යෑයි දැන් සැක කළ හැකි පුද්ගලයකු බොරු මිත්‍රත්වයක්‌ පෙන්නා සාපේක්‌ෂතාවාදය ගැන දේශනයක්‌ කිරීමට මට ආරාධනා කළේ ය. දවස්‌ කිහිපයකට පෙර ලංකාවට නිවාඩුවකට පැමිණ විද්වත් අයින්ස්‌ටයින් ගේ ලංකාගමනය පිළිබඳව නුවර දී දේශනයක්‌ කළ මහාචාර්යවරයකු පිළිබඳව මම අතකොලුවට කීවෙමි. එම මහාචාර්යවරයා මට මුහුණගැසුණේ අවුරුදු බොහෝ ගණනකට පසුව ය. නලින් මහතා ගේ මන(කල්පිත පුද්ගලයා ඒ මහාචාර්යවරයා විය හැකි ය. මට කණගාටු විශ්වවිද්‍යාලයට ආභරණයක්‌ වූ එම මහාවාර්යවරයාට විශ්විද්‍යාලයයේ එල්ලීගෙන සිටි කෙනකු ගෙන් බැනුම් අහන්නට සිදුවීම ගැන ය. ඒ මහාචාර්යවරයා ගෙන් විද්වත් අයින්ස්‌ටයින් ගේ ලංකාගමනය පිළිබඳ ව මම ඉගෙනගතිමි. එතුමා ගෙන් තවත් දේ ඉගෙනගැනීමට කාලය නැති විම ගැන මම කණගාටු වෙමි.

මා ගිරාපෝතකයකු ලෙස පුනරුච්චාරණය කරන බව නලින් මහතා පවසයි. මීට අදාළ ඔහු පැවසූ දෙය වන්නේ සාපේක්‌ෂතාවාදය ගැන මා උසස්‌ පෙළ සිසුවකු ගෙන් අසා දැනගත යුතු බවයි. ඊට පිළිතුරු වශයෙන් මා පැවසුවේ උසස්‌ පෙළ සිසුවකු ගෙන් අසා දැනගැනීමට අවශ්‍ය ප්‍රාථමික ඥානය නලින් මහතාට නැති බවයි. මා පවසා ඇත්තේ ඔහු පැවසූ දෙය නො වේ. ගිරාපෝතකයකු පුනරුච්චාරණය කරන විදිය වත් නලින් මහතා නො දනී. මට නිර්මාණ හැකියාවක්‌ නැති බව ද ඔහු පවසයි. නිර්මාණය යන වචනයේ තේරුම ද ඔහු නො දන්නා බව ඉන් පෙන්නම් කරයි.

ආචාර්ය නලින් ද සිල්වා මහතා "බටහිර වෛද්‍ය විද්‍යාවේ ඊනියා වාස්‌තවිකන්වය" යන මැයෙන් ලිපියක්‌ ලියා ඇති මුත් ලිපියේ බාගයක්‌ පමණ පුරවාගෙන ඇත්තේ පුරුදු පරිදි මගේ ලිපිවල කොටස්‌ අනවශ්‍ය ලෙස දීර්ඝ වශයෙන් උපුටා ගෙන ය. (විදුසර -28.05.2014.). ඉතිරි කොටස යොදාගෙන ඇත්තේ කාලෝ ෙµdන්සේකා, ගුණදාස අමරසේකර, විමල් දිසානායක සහ මාර්ටින් වික්‍රමසිංහ යන මහතුන් සහ ඔවුන් ගේ වැඩ සහ කෘතීන් නිර්දය ලෙස විවේචනය කිරීමට සහ නැවතත් අලුවිහාරේ මහතා ගැන කතා කිරීමට ය. (මේ ප්‍රාඥයන් මට ලොකු වුණාට නලින් මහතාට ලොකු නැතැයි ඔහු කියන්නට ඉඩ ඇත. ඒ ඔහු ගේ හීනමානයේ අතුරු ඵලයකි). මේ නිසා එම ලිපියේ මාතෘකාවට අදාළ දෙයක්‌ නො පැවසූ තරම් ය. නලින් මහතා අදහස්‌වලින් බංකොලොත් බව මා පවසා ඇත. එය නැවත නැවතත් ප්‍රදර්ශනය කිරීම අනවශ්‍ය ලෙස විදුසර විද්‍යා ස`ගරාවේ "අවකාශකාලය" නාස්‌ති කිරිමකි. ලියන්නට දෙයක්‌ නැත්නම් නො ලියා සිටීම සේවයකි.

15 වැනි ශතවර්ෂයේ යුරෝපීය නො වන රටවල විද්‍යාව සමාන දියුණුවක්‌ ලබා තිබුණේ දැයි යන මෝඩ ප්‍රශ්නය නලින් මහතා නැවතත් අසයි. ඒ මෝඩ ප්‍රශ්නය ඔහු අසන්නේ "කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි" යෑයි මා පැහැදිලි කර දුන් මගේ ප්‍රධාන තර්කය වැරැදි යෑයි පෙන්වා දීමට ය. ඒ සඳහා ඔහු කළ යුතු ව ඇත්තේ මෙවැනි මෝඩ ප්‍රශ්න ඇසීම නො ව කවදා හෝ කොහේ හෝ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් නො වූ වෙනත් විද්‍යාවක්‌ තිබුණු බව ඔප්පු කිරීම ය. කවදත් කොතැනත් තිබුණේ සැම විද්‍යා සහ තාක්‌ෂණික අංශයක්‌ ම එක සමාන ලෙස දියුණු වූ විද්‍යාවක්‌ බව මා පවසා නැත. මගේ ඉහත සඳහන් ප්‍රධාන තර්කය ම`ගහැර වෙනත් දේ ඇදගැනීම බංකොලොත් පිළිවෙතකි. ඔහු ගේ ප්‍රශ්නය මෝඩ එකක්‌ වන්නේ ඒ නිසා ය. කෙසේ නමුත් මෝඩ ප්‍රශ්නයට වුව ද උත්තර දෙන්නට සිදු වී ඇත්තේ මා ප්‍රශ්නයෙන් පැන යන්නට තැත් කරණවා යෑයි ඔහු කියන නිසා ය. 15 වැනි ශත වර්ෂයේ දී චීනය විද්‍යාව සහ තාක්‌ෂණය අතින් යුරෝපයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි බව ඔහු දන්නේ නැත. චීනය වෙඩි බෙහෙත් සහ මාලිමා යන්ත්‍රය සොයාගත්තේ යුරෝපය ඒවා සොයාගන්නට ශත වර්ෂ ගණනකට පෙර ය. ඔවුන් ගේ නැව් ස්‌පාඤ්ඤයේ සහ පෘතුගාලයේ නැව්වලට වඩා තාක්‌ෂණය අතින් දියුණු වූ ඒවා විය. ඔවුන්ට රයිපල් සහ කාලතුවක්‌කු ද අත් බෝම්බ ද තිබුණේa ය. ඔවුන් ඉතා නිවැරැදිව කාලය නිරක්‌ෂ සහ දේශාන්තර මැනීමේ ක්‍රම සොයාගත්තේ හැම රටකට ම පෙර ය. එහෙත් ඔවුන් යුරෝපීයයන් මෙන් අන් රටවල් ආක්‍රමණය කළේ නැත. ඔවුන් ගේ විද්‍යාව බොහෝ සෙයින් දියුණු වූ නමුදු එය කවදත් කොතැනත් තිබුණු විද්‍යාව ම විය. විද්වත් ජොසොප් නීඩහම් ගේ කෘති මීට සාක්‌ෂි දරයි.

15 වැනි ශත වර්ෂය වනවිට ඉන්දියාවේ විද්‍යාව අරාබි විද්‍යව විසින් අවශෝෂණය කරගනු ලැබ තිබුණේ ය. එසේ වූයේ ප්‍රධාන වශයෙන් ඉස්‌ලාමීය ආක්‍රමණයන් හේතුකොට ගෙන ය. ඉස්‌ලාමීය විද්‍යාව ක්‍රිස්‌තියානි රාජධානීන් ද (උදා Kigdom of Nubia) විනාශ කරන්නට තරම් බලයක්‌ තිබූ තාක්‌ෂණික දියුණුවක්‌ ලබා තිබිණි. මේ වකවානුවේ දී ඇමෙරිකාවේ ඉන්කා සහ ඇෂ්ටෙක්‌ ශිෂ්ටාචාරයන් ඔවුන් ගේ දියුණුවේ කෙළවරට ගොස්‌ තිබිණි. මේ සැම ශිෂ්ටාචාරයක්‌ ම දියුණු වූයේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව උපයෝගී කොටගෙන ය. එක්‌ එක්‌ විද්‍යා තාක්‌ෂනික අංශ එක්‌ එක්‌ ශිෂ්ටාචාරයන්හි අඩු වැඩි වශයෙන් වෙනස්‌ මට්‌ටමක දියුණුවක්‌ ලබා තිබුණු බව පෙනේ. මුල සිට පැවැති ශිෂ්ටාචාරයන් 15 වැනි ශත වර්ෂය වන විට දියුණු වී තිබුණේa මේ ලෙස ය.

සිංහල වෙදකම සහ ආයුර්වේදය පිළිබඳ ව මා පවසා ඇත්තේ ඒ වෙදකම් රෝගයකට ප්‍රතිකාර කරන්නේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත පදනම් ව සොයාගත් බෙහෙත් සහ ශල්‍යකර්ම භාවිතයෙන් බව ය. (විදුසර-07 සහ 21.05.14). එහෙත් රෝගයේ හේතුකාරකය නො දැන සිටිය බවත් ප්‍රතිකාර කළේ රෝග ලක්‌ෂණ පමණක්‌ හ`දුනාගෙන බවත් මා පවසා ඇත. රෝග ලක්‌ෂණ හඳුනාගත්තේ ද ප්‍රතිකාර තීරණය කළේ ද අතීත අත්දැකීම් මත නොහොත් වෙනත් වචනවලින් කියනවා නම් ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වී ය. පැරැණි සංස්‌කෘති බොහොමයක මෙවැනි වෛද්‍ය විද්‍යාවක්‌ පැවැති බවට සාක්‌ෂි ඇත. රෝගවලට හේතුකාරක ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි සහිතව සොයාගනු ලැබුවේ කලකට පසුව ය. මෙය සිදු වූයේ ප්‍රධාන වශයෙන් විද්‍යාව සහ තාක්‌ෂණය දියුණු වූ සංස්‌කෘති තුළ ය. එසේ වුව ද අද වුවත් හේතුව නො දන්නා රෝග තිබේ. විද්‍යාව සහ තාක්‌ෂණය යොදාගෙන රෝග සෑදෙන්නේ කේසේ දැයි සොයාගත් අන්දම මගේ "සිංහල වෙදකමේ සහ ඉංග්‍රිසි වෙදකමේ විද්‍යාත්මක පදනම" යන ලිපියේ විස්‌තරාත්මකව සඳහන් කොට ඇත. (විදුසර-07 සහ 21.05.14). සිංහල හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව විසින් කිසියම් රෝගයක හේතුකාරකය සාක්‌ෂි ඇති ව සොයා ගනු ලැබ ඇත්නම් නලින් මහතා එය පෙන්වා දිය යුතු ය. අද වන තෙක්‌ ආයුර්වේදය එක ම රෝගයක වත් හේතුකාරකය සොයාගෙන නැත. හේතුකාරකය යන්නෙන් අදහස්‌ වන දෙය පහදා දිය හැකි ය. රෝගියකුට කැස්‌ස සෑදිය හැකි හේතු ගණනාවක්‌ ඇත. බැක්‌ටීරියා වයිරස්‌ වැනි ක්‌ෂුද්‍ර ප්‍රාණීන් ඊට හේතු විය හැකි ය. ඇදුම විය හැකි ය. පිළිකාවක්‌ විය හැකි ය. කැස්‌සට ප්‍රතිකාර කිරීමට පෙර හේතුව කුමක්‌ දැයි හරිහැටි සොයාගත යුතු ය. එසේ කිරීමට රෝගියා පරීක්‌ෂා කොට රුධිරය, එක්‌ස්‌රේ, ස්‌කෑන් වැනි පරීක්‌ෂණ කළ යුතු ය. මේවා කිරීමට ආයුර්වේදය දියුණු වී නැත. ශරීරය ඇතුළේ තිබෙන පිළිකාවක්‌ සොයාගන්නා ක්‍රමයක්‌ ආයර්වේදයේ නැත. රුධිර පිළිකාවක්‌ සොයාගන්නා ක්‍රමයක්‌ ආයුර්වේදයේ නැත. එනමුත් බටහිර වෛද්‍ය ක්‍රමය එම රෝග සොයා දුන් විට ආයුර්වේදය ඊට ප්‍රතිකාර කරයි. රෝගය ගුණ අතට හැරෙන අවස්‌ථා ඇත. ගුණ අතට හැරී ඇත් දැයි සොයාගෙන එන්නට ආයුර්වේද වෙද මහතා රෝගියා යවන්නේ බටහිර වෛද්‍යවරයා ළ`ගට ය. මේ නිසා ය මා පැවසුවේ සිංහල වෙදකම සහ ආයුර්වේදය විද්‍යාත්මක ක්‍රම යොදා දියුණු කළ යුතු බව. නලින් මහතා හේතු නො දක්‌වා කියන්නේ එසේ කළ හොත්a ඒ වෙදකම් විනාශ වන බවයි. සිංහල වෙදකමේ අනර්ඝ බේත් හේත් ක්‍රම රාශියක්‌ දැනටමත් නැති වී ගොස්‌ ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයේ හෙවන යටතට ඒවා නො පැමිණි හේතුවෙනි. ඉහත සඳහන් රෝග හෝ රෝගකාරක හෝ වෙන ඕනෑ ම රෝගයක්‌ හෝ සොයාගන්නා ක්‍රම ආයුර්වේදයේ ඇති දැයි සාක්‌ෂි ඇති ව නලින් මහතා පෙන්නා දිය යුතු ය. එසේ නො කර "ප්‍රායෝගිකව බෙහෙත් කිරීමක්‌" ගැන ඔහු නන්දොඩවයි. ඇත්ත වශයෙන් සිංහල හෝ ඉංග්‍රිසි වෛද්‍යවරුන් බෙහෙත් කරන්නේ කෙසේ දැයි ඉහත සඳහන් කොට ඇත. ප්‍රායෝගිකව බෙහෙත් කරනවා යන්නෙන් අදහස්‌ විය යුත්තේ රෝහලක හෝ සායනයක තිබෙන බෙහෙත් උපකරණ නවීනතම නො වන විට ඇති දේ පාවිච්චි කොට උපරීම ප්‍රතිකාරය ලබා දීම ය.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අධික රුධිර පීඩනය රෝගයක්‌ බව ද සිංහල පාරම්පරික වෛද්‍ය විද්‍යාවට අනුව එය රෝග ලක්‌ෂණයක්‌ පමණක්‌ බව ද නලින් මහතා පවසයි (විදුසර-28.05.14). රෝග ලක්‌ෂණයක්‌ තිබෙන්නේ රෝගයක්‌ ඇති විට ය. අධික රුධිර පීඩනය රෝග ලක්‌ෂණයක්‌ වන්නේ මොන රෝගයේ දැයි නලින් මහතා හෝ ඔහුට ලණු දෙන මනුස්‌සයකු හෝ දෙවියකු හෝ පහදා දිය යුතු ව තිබිණි. සිංහල වෛද්‍ය විද්‍යාව රුධිර පීඩනය මනින්නේ කෙසේ ද? එය නිවැරැදිව කරන ක්‍රමය බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිංහල වෙද මහතුන් ඉගෙනගත යුතු ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අධික රුධිර පීඩනය ප්‍රාථමික ලෙස ද වෙනත් රෝගයක ප්‍රත්‍යයක්‌ ලෙස ද හටගත හැකි ය. මධුමේහය සහ දියවැඩියාව එකක්‌ නො වන බව නලින් මහතා පවසයි. දියවැඩියාව මධුමේහයේ අවසාන අවස්‌ථාව පමණක්‌ බව ද ඒ කටින් ම පවසයි. දියවැඩියාව මධුමේහයේ අවසාන අවස්‌ථාව පමණක්‌ නම් එය වෙනත් දෙයක්‌ වන්නේ කෙසේ ද? අවස්‌ථා කිහිපයකින් සමන්විත වූ නිසා යම් ක්‍රියාදාමයක්‌ එකක්‌ නො වේ යෑයි කියන්නේ කෙසේ ද? තව ද ඔහු මේවා කියන්නේ ඇයි? කුමක්‌ ඔප්පු කිරීමට ද? ලිපිය පිරවීමට ද? යම් සංස්‌කෘතියක්‌ තුළ රෝගයක්‌ රෝගයක්‌ ලෙස හැඳින නො ගනී නම් එය එම සංස්‌කෘතියේ නොදැනුම්කම සහ දුර්වලකම මිස විශේෂත්වයක්‌ නො වේ. රෝගයක්‌ වෙන දෙයක්‌ ලෙස හෝ වැරැදි ලෙස හෝ හඳුනාගැනීම එම සංස්‌කෘතියේ විශේෂත්වයක්‌ ලෙස හැඳිනගැනීම කුහකත්වයේ පරතෙරට යැමකි. ලෙඩා මැරුණත් බඩ සුද්ද වන්නේ එවිට ය. මේ විෂය පිළිබඳ ව වාද කොට මහාචාර්ය කාලෝ ෙµdන්සේකා පවා පරදවන නලින් මහතා ගේ දැනුමේ තරම කොපමණ දැයි දැන් ප්‍රදර්ශනය වී ඇත.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග D.Sc

http://www.vidusara.com/

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය