ආසියානු අලියා ගේ දර්ශීය නිදර්ශකයක අලකලංචිය හෙවත් ලිනේයස් ගේ අතපසු වීම
ආසියානු අලියා ගේ දර්ශීය නිදර්ශකයක අලකලංචිය
හෙවත් ලිනේයස් ගේ අතපසු වීම
ආසියානු අලියා පළමුව විද්‍යාත්මකව විස්‌තර කරන ලද්දේ ද්විපද නාමකරණය ලෝකයට හඳුන්වා දුන් කාල් ෆොන් ලිනේ හෙවත් කැරොලස් ලිනේයස් විසින් 1758 වර්ෂයේ දී ය. ලිනේයස් විසින් ජීවී විශේෂ දස දහසකට අධික ප්‍රමාණයක් පමණ මේ ආකාරයෙන් නම් කරන ලද අතර, අලියා ඉන් එක් ජීවියෙක් විය.
සාමාන්‍යයෙන් විද්‍යාත්මක නාමකරණයේ දී එ සමඟ දර්ශීය නිදර්ශකයක් හෙවත් දර්ශාදර්ශයක් (type specimen) නම් කරන අතර එය පර්යේෂණායතනයක හෝ කෞතුකාගාරයක් වැනි ආයතනයක හෝ තැන්පත් කරනු ලැබේ. ලිනේයස් විසින් ආසියානු අලියා විස්‌තර කිරීම සඳහා යොදාගනු ලැබූ ප්‍රධාන නිදර්ශකයක් සේ සැලකෙන්නේ අලියකු ගේ භ්‍රෑණයකි. එය ස්‌වීඩනයේ රජු ගේ ජීවී ද්‍රව්‍ය එකතුවෙහි තැන්පත් කරන ලද්දකි. මද්‍යසාරයේ ගිල්වා තිබූ මේ නිදර්ශකය, ප්‍රමාණයෙන් හොඳින් වැඩුණු බල්ලකු තරම් විය. එය යොදාගනිමින් ලිනේයස් විසින් සිය Systema Naturae කෘතියේ දස වැනි සංස්‌කරණයේ අලියා විස්‌තර කර ලදි. එ අනුව අලියාට ලිනේයස් ලබාදුන් ද්විපද නාමය වූයේ Elephas maximus යන්න ය. ඔහු එදා විස්‌තර කළේ එක් අලි විශේෂයක් පමණකි. (ඔහු මෙන්ම ඊට පෙර අලින් පිළිබඳව ලියූ වෙනත් ලේඛකයන් ගේ විස්‌තරවල සඳහන් වන්නේ අලියා නම් සත්ත්වයා පිළිබඳව වන අතර ආසියානු හා අප්‍රිකානු ලෙස බෙදීමක් දැකිය නොහැකි විය.) මේ වන විට ද භාවිත වන මේ සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන්නේ ආසියානු අලියා යනුවෙන් හඳුන්වනු ලබන අපේ රටේ ද දැකිය හැකි අලියා ය. එසේ ම අදාළ නිදර්ශකයේ ප්‍රභවය ලෙස දක්‌වන ලද්දේ ශ්‍රී ලංකාවයි. එ වන විට තිබූ වෙනත් නිදර්ශක ඔහු සඳහන් කරන බැවින් මේවා සංදර්ශ (syntypes) ලෙස ද සැලකිය හැකි ය.
කෙසේ වෙතත් ආසියානු අලියා විස්‌තර කිරීම සඳහා 1758 දී ලිනේයස් විසින් භාවිත කරන ලද මේ දර්ශීය නිදර්ශකය (හෝ සංදර්ශය) ආසියානු අලියකු ගේ නො ව, අප්‍රිකානු අලියකු ගේ බව අණුක ජීව විද්‍යාත්මක අධ්‍යයනවලින් පසුගිය කාලයේ දී පෙන්වා දී තිබේ. එය එක්‌තරා ආකාරයක රහස් පරීක්‌ෂක කතාවක් බඳු ය.
අලි භ්‍රෑණය ලැබුණේ කෙසේ ද?
ලිනේයස්‌ට අලි භ්‍රෑණය ලැබුණේ අපූරු ආකාරයකට ය. එය ඕලන්ද ජාතික නිදර්ශක එකතු කරන්නකු, සත්ත්ව විද්‍යාඥයකු හා ඖෂධවේදියකු වූ අල්බට් සීබාට අයත් වූවකි. විශාල සත්ත්ව, ශාක මෙන්ම ඛනිජ නිදර්ශක එකතුවකට හිමිකම් කී ඔහු ගේ නිදර්ශක එකතුවක් වෙළුම් හතරකින් යුක්‌ත Thesaurus නම් කෘතියේ විස්‌තර කර තිබේ. අලියකු ගේ භ්‍රෑණයක් ද ඔහුට ලැබුණු අවසන් නිදර්ශක අතර විය. එය ලැබී තිබුණේ පෙරදිග ඕලන්ද වෙළෙඳ සමාගමෙනි.
1736 වර්ෂයේ දී සීබා මිය ගිය අතර, 1752 වර්ෂයේ දී ඔහු ගේ ස්‌වාභාවික විද්‍යාත්මක එකතුව අලෙවි කිරීමට තීරණය වූයේ ඔහු ගේ කෘතියේ අවසන් වෙළුම් දෙකේ මුද්‍රණ පිරිවැය පියවාගැනීම සඳහා ය. මේ එකතුවට පෙර කී අලි භ්‍රෑණය ද අයත් විය. මේ අලෙවි කිරීමට අදාළව පළ වූ ලේඛනයක "අප්‍රිකාවෙන් ලැබුණු ඉතා හොඳ තත්ත්වයේ දුලබ අලි භ්‍රෑණයක්" යන අරුත් දෙන වැකියක් ද ඇතුළත් ව තිබේ. ලිනේයස් මේ පිළිබඳව දැන සිටියේ ද යන්න පැහැදිලි නැත. වැඩුණු අප්‍රිකානු හා ආසියානු අලි දෙදෙනකු පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි වුව ද, අප්‍රිකානු හා ආසියානු අලින්, භ්‍රෑණ තත්ත්වයේ දී හඳුනාගැනීම පහසු කරුණක් නො වේ. අනෙක් අතට එ කාලයේ දී අප්‍රිකානු හා ආසියානු අලින් වෙන් කර හඳුනාගැනීම සඳහා වූ විද්‍යාත්මක දැනුම අවම විය. ලිනේයස් උක්‌ත නිදර්ශකය යොදාගනිමින් හා තවත් සංදර්ශ (syntype) නම් කරමින් ආසියානු අලියා විස්‌තර කළේ ය. කෙසේ වෙතත් එම සියවස අවසානයේ දී අප්‍රිකාවේ ද අලි විශේෂයක් ජීවත් වන බව තහවුරු වූ අතර ඒ විශේෂය Elephas africanus ලෙස නම් කරන ලදි. 1900 දී පමණ අප්‍රිකාවේ වෙනස් විශේෂ දෙකක් දැකිය හැකි බව තහවුරු වූ අතර විශේෂ දෙකක් නම් කරන ලදි. පසුව අප්‍රිකානු අලින් Elephas ගණයට වඩා වෙනස් වන නිසා Loxodontaනම් වූ නව ගණයක් යටතට ඇතුළත් කරන ලදි. ආසියානු අලියා තවදුරටත් Elephas maximus නමින් හඳුන්වන ලදි.
ලිනේයස් විසින් ආසියානු අලියා නම් කිරීම සඳහා යොදාගන්නා ලද පෙර කී අලි භ්‍රෑණය පසුකාලයක දී ස්‌වීඩන රජමාළිගයෙන් බැහැර ව අද දක්‌වා ම ස්‌වීඩනයේ ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරය බවට පත් වූ ගොඩනැ`ගිල්ලක තැන්පත් කර තිබේ. මේ නිදර්ශකය ගැන අවධානය යොමු කළ අදාළ කෞතුකාගාරයේ සේවය කළ අභිරක්‌ෂකයන් කිහිප දෙනකු මෙය අප්‍රිකානු අලියකු ගේ භ්‍රෑණයක් බවට සැක කර තිබේ. භ්‍රෑණය වඩාත් සමීප වූයේ අප්‍රිකානු අලියකු ගේ භ්‍රෑණයකට වීම එ නිගමනයට හේතු වී තිබිණි. එහි කන් ආසියානු අලියකුට වඩා ප්‍රමාණයෙන් විශාල වූ අතර, හිසේ තිබූ උත්තල හැඩය හා සොඬ ඇඟිලි දෙකක් තිබීම අප්‍රිකානු අලියකු හා සමාන වීම ඊට හේතු විය. කෙසේ වෙතත්, මේ පිළිබඳ ගැටලුව පසුගිය වර්ෂය තෙක් ම නිශ්චිත ව විසඳී තිබුණේ නැත.
තීරණාත්මක අධ්‍යයනයක්
මේ පිළිබඳ වැදගත් හා තීරණාත්මක අධ්‍යයන ආරම්භ වූයේ අදින් දශකයකට පමණ කාලයකට පෙර ය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ඇන්තියා ජෙන්ට්‌රි අදින් දශකයකට පමණ පෙර මේ ගැටලුව විසඳීම සඳහා මුලින් ම උත්සාහ ගත්තේ DNA සංසන්දනයක් කිරීමට ය. එ සඳහා කෝපන්හේගන් ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තෝමස් ගිල්බර්ට් ගේ සහභාගිත්වයෙන් එ වන විට තිබූ වඩාත් නවීනතම DNA ලබාගැනීමේ තාක්‌ෂණක් යොදාගත්ත ද එය සාර්ථක වූයේ නැත. පිරිසිදු මද්‍යසාරයේ වසර තුන් සියයක් පමණ කාලයක් තිස්‌සේ ගිල්වා තැබූ නිදර්ශකයක් වූ බැවින් අදාළ අලි භ්‍රෑණයෙන් DNA ලබාගැනීමේ ඔවුන් ගේ උත්සාහය සාර්ථක වූයේ නැත.
එහෙත් එතැනින් මේ පර්යේෂණය හමාර නො වී ය. අදාළ නිදර්ශකයේ ප්‍රොටීන ඉතිරි ව තිබිය හැකි බව මේ ගැන තවදුරටත් අධ්‍යයනය කළ ගිල්බ්ර්ට් ගේ අදහස වූ අතර, ඔහු එන්රිකෝ කැපෙල්ලනි නම් ඒ පිළිබඳ විශේෂඥයකු ගේ සහාය ලබාගෙන මේ පිළිබඳව ඉදිරියට කටයුතු කළේ ය. ඒ අනුව අදාළ අලි භ්‍රෑණයේ ප්‍රොටීන අධ්‍යයනය කිරීම හා එ හරහා මේ නිදර්ශකය අප අද දන්නා කුමන විශේෂයක අලියකුට අයත් ද යන්න තීරණය කිරීම පර්යේෂණ කණ්‌ඩායමේ අදහස විය.
සෛද්ධාන්තිකව මේ සඳහා වූ අවශ්‍යතාව වූයේ ආසියානු හා අප්‍රිකානු අලින්ට පොදු නො වන එක් ප්‍රොටීනයක් හෝ තිබීම ය. ලිනේයස් ගේ නිදර්ශකයේ අන්නශ්‍රොතයෙන් හා පර්ශුවකින් මේ සඳහා නියෑදි ලබාගෙන තිබේ. ආසියානු හා අප්‍රිකානු අලින් ගේ එක් ප්‍රොටීනයක් තනි ඇමයිනෝ අම්ලයක් මගින් එකිනෙකින් වෙනස් වන බව මේ පිළිබඳව සිදු කළ අධ්‍යයනවල දී හෙළි විය. එ අලින් ගේ හිමොග්ලොබින් සංකීර්ණයේ හමු වන ප්‍රේටීනයකි. ආසියානු අලින් ගේ හමු වන ඇමයිනෝ අම්ලය වී ඇත්තේ ඇස්‌පාටේට් වන අතර අප්‍රිකානු අලින් ගේ හමු වී ඇත්තේ ග්ලුටමේට් ය. කැපෙල්ලනි ගේ අධ්‍යයනවලින් හෙළි වූයේ ලිනියස් ගේ නිදර්ශකයේ හමු වූයේ ග්ලුටමේට් බව ය. මේ අනුව මෙතෙක් පැවැති මතභේදය විසඳී තිබේ. ඒ අනුව ලිනියස් විසින් ආසියානු අලියා සඳහා යොදාගනු ලැබ ඇති දර්ශාදර්ශය අප්‍රිකානු අලියකු ගේ බව තහවුරු වී ඇත. එ අනුව එය තවදුරටත් ආසියානු අලියා සඳහා සංදර්ශයක් නො වනු ඇත.
මේ අධ්‍යයනය මේ වර්ෂයේ මුල් භාගයේ දී Zoological Journal of the Linnean Society සඟරාවේ පළ විය. (මූලාශ්‍රය(DOI: 10.1111/zoj.12084)
නව දර්ශයක් තිබේ ද?
දැන් ඇති වන්නේ තවත් ගැටලුවකි. Elephas maximus නම් වූ ආසියානු අලියා නම් කිරීම තවදුරටත් වලංගු වීම සඳහා යොදාගත හැකි නව දර්ශයක් තිබේ ද යන්න ය. මීට පිළිතුරක් ද ඉහත කී අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. එ සඳහා අදාළ නාමකරණ නීති අනුව යමින් Systema Naturaeහි සඳහන් ව ඇති වෙනත් සංදර්ශයක් භාවිත කළ යුතු වේ. මේ අනුව පර්යේෂකයන් ගේ අවධානය එවැනි නිදර්ශක දෙකක් වෙත යෙමු විය. එ අතරින් එකක් වූයේ අසම්පූර්ණ තත්ත්වයේ වූ දතක් වූ නිසා එය පසෙක ලන ලදි. ඉංග්‍රීසි ජාතිකයකු වූ ජෝන් රේ විසින් විස්‌තර කරන ලද හස්‌තියකු වෙත අවධානය යොමු කරන ලදි.
පළමුව ජෝන් රේ විසින් 1664 වර්ෂයේ දී අධ්‍යයනය කරන ලද හා 1693 දී ප්‍රකාශයට පත් කරන ලද අලියකු ගේ ඇටසැකිල්ලක් පිළිබඳ විස්‌තරයක් පර්යේෂකයන් ගේ අවධානයට ලක් විය. මේ වන විට ෆ්ලෝරන්ස් විශ්වවිද්‍යාලයයේ ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ ඇති ඇටසැකිල්ල රේ විසින් විස්‌තර කරන ලද ඇටසැකිල්ල බව තහවුරු කරගන්නා ලද්දේ ඇටසැකිල්ලේ අඩු කොටස් සඳහා ලී කොටස් යොදා තිබීම පිළිබඳව රේ ගේ විස්‌තරය හා ෆ්ලෝරන්ස් ඇටසැකිල්ල ගැලපුණු නිසාත් ඓතිහාසික වාර්තා ගැලපුණු නිසාත් ය. මේ අලියා ගැහැනු සතකු වූ අතර, රූපවිද්‍යාත්මක දත්ත හා DNA විශ්ලේෂණයෙන් හෙළි ව ඇත්තේ ආසියානු අලි විශේෂයට අයත් බව ය. මේ අනුව අදාළ පර්යේෂකයන් මේ අලියා ආසියානු අලියා ගේ වෘතදර්ශය (^ectotype) ලෙස යෝජනා කර ඇත. එහි ඇති වැදගත්කම වන්නේ මෙම`ගින් ආසියානු අලියා ගේ නාමය එ ආකාරයෙන් තබාගැනීමට අවශ්‍ය විද්‍යාත්මක පදනම ලැබීම ය.
මේ අලියා ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම, ඕලන්ද රජපවුලට ලබා දී ඇති අලියෙකි. එහෙත් අලියා නඩත්තු කිරීමේ දී ඇති වූ ගැටලු හේතුවෙන් අලියා ඉන් පසුව ප්‍රදර්ශකයකු වෙත ලබා දී ඇත. පුහුණු කරනු ලැබූ මේ අලියා ප්‍රංශය, ජර්මනිය හා ඉතාලියේ මහජන ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කරන ලද බව වාර්තා වේ. හැන්ස්‌කෙන් (Hansken) ලෙස නම් කරන ලද බෙහෙවින් ජනප්‍රිය වූ අලියා වූයේ ද මේ අලියා බව පෙන්වා දී ඇත. ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ රෙම්බ්‍රාන්ට් විසින් අඳින ලද මේ අලියා ගේ චිත්‍රයක් බෙහෙවින් ප්‍රකට වී ඇත. මේ අලියා 1655 නොවැම්බර් 9 දින ෆ්ලෝරන්ස්‌හි දී මියගියේ ය. ජෝන් රේ අදාළ අලියා ගේ අස්‌ථි හා සම දැක ඇත්තේ 1664 දී ය. මේ අලියා යුරෝපයට ගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවෙනි.
මේ සිදුවීම වර්ගීකරණයේ දී හා නාමකරණයේ දී සිදු විය හැකි දුර්ලභ, එහෙත් විය හැකි අත්වැරැදීම් සඳහා මනා වූ නිදසුනකි. නාමකරණයේ පුරෝගාමියා වූ ලිනේයස් අතින් මෙවැනි වැරැදි සිදු වූ අවස්‌ථා කිහිපයක් මේ වන විට සොයාගෙන තිබේ.
ධනේෂ් විසුම්පෙරුම
http://www.vidusara.com/