ගන්න ගන්න මා ගෙ රූපෙ..

පසුගිය දිනක අප ගේ ඥාති දියණියක ගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට අපි ගියෙමු. ඒ මා බොහෝ කලකින් මංගල අවස්‌ථාවක ආරම්භයේ සිට අවසානය දක්‌වා ම සහභාගි වූ අවස්‌ථාවකි. මනාල යුවළ පිටත් වීමටත් කලින් ඔවුන් ගේ මංගල අවස්‌ථාවේ ඡායාරූප අප අතර බෙදා හැරුණු අතර මම මොහොතකට විස්‌මයට පත් වීමි.

ඡායාරූප කැමරාව පිළිබඳව මුල් ම ආලෝකය අපට ලැබෙන්නේ අතීත චීන සහ ග්‍රීක්‌වරුන් වෙතිනි. ඔවුහු උත්තල කාචයක්‌ හෝ අල්පෙනෙත්ති සිදුරක්‌ හරහා එම ආලෝකය ඇසුරෙන් උඩ යට මාරු වූ දර්ශනයන් තිර මත නැරඹූ හ.

පූජකවරයකු වූ රොජර් බේකන් මෙවැනි දර්ශන පිළිබඳව උනන්දු වූ සහ අධ්‍යයන කළ විද්වතෙකි. ක්‍රි. ව. 1267 දී ඔහු විසින් "ජර්ස්‌පෙක්‌ටිවා" සඟරාවට සපයන ලද ලිපිය, මේ ක්‌ෂේත්‍රයේ කරන ලද අධ්‍යයනයන් පළමුව ලේඛනගත කළ අවස්‌ථාව ලෙස සැලකේ. එහෙත් ඔහු ස්‌වකීය ආගමික සංකල්ප මේ ලේඛනයට යොදා ගත් අතර එම නිසා එහි වූ ඇතැම් පැහැදිලි කිරීම්වල දුර්වලතා ඇති බව විද්වතුන් ගේ මතයයි.

ක්‍රි. ව. 1544 දී විද්වත් රේයිනර්ස්‌ ජෙම්මා ෆSs්‍රසියස්‌ සූර්යග්‍රහණයක්‌ නිරීක්‌ෂණය කිරීම සඳහා කාච භාවිත කරමින් උපකරණ නිර්මාණය කළ අතර එහි සැලසුම් ක්‍රි.ව. 1545 දී ලේඛනගත කොට ප්‍රසිද්ධියට පත් කළේ ය. මේ සැලසුම් උපකාරයට ගනිමින් 1558 දී ගියෝවන්නි බැටිස්‌ටා ඩෙල්ලා පොර්ටා විද්වතා විසින් නව උපකරණයක්‌ බිහි කොට එමඟින් තිරයක්‌ මතට ලැබෙන දර්ශන තම චිත්‍ර නිර්මාණය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලදි. මෙමඟින් ලැබුණු උත්තේජනය අනෙක්‌ චිත්‍ර ශිල්පීන්ට ද බලපෑ අතර ඔවුහු ද එවැනි උපකරණ තනවා චිත්‍ර නිර්මාණය කිරීමට පෙලඹුණ හ. සාමාන්‍ය කාමරයක්‌ තරම් වූ මේ ගොඩනැඟිලි කැමරාවේ එක්‌ බිත්තියක උක්‌ත උපකරණය සවි කළ අතර එයට ප්‍රතිවිරුද්ධ බිත්තියෙහි තබන ලද විශාල දර්ශන තිරයට වැටෙන උඩ යට මාරු වූ දර්ශනය කාමරය තුළ සිටින චිත්‍ර ශිල්පියා හෝ ශිල්පීන් ඉක්‌මනින් ම ඇඳ ඇත. කාලයා ගේ ඇවෑමෙන් මේ කාමරය කුඩා වූ අතර ක්‍රි.ව. 1685 වන විට විද්වත් ජොහාන් සාහ්න් විසින් අතේ ගෙන යා හැකි සාමාන්‍ය තරමේ පෙට්‌ටියක්‌ වැනි කැමරාව නිපදවන ලදී. එහෙත් මේ මොහොත වන තුරුත් ඡායාරූපය ස්‌ථාවර කර ගැනීම සඳහා ඡායා පටල නිර්මාණය වී නැත. ශත වර්ෂයකටත් වඩා කාලයක්‌ ගත වී ක්‍රි. ව. 1817 දී ප්‍රංශ ජාතික ජෝසප් නිසෙපෝර් නියෙප්සේ විද්වතා විසින් කැමරාවක්‌ නිෂ්පාදනය කරන ලද අතර යම්කිසි ආකාරයක රසායන ද්‍රව්‍ය තහඩුවක්‌ ඇසුරෙන් ඡායාරූපය ස්‌ථාවර කිරීමට තැත් කළේ ය. එහෙත් එය ඉතා සුළු කාලයක දී දුර්වර්ණ වී ගියේ ය. තවත් දස වසරක්‌ ගෙවීමෙන් නියෙප්සේ විද්වතා විසින් ම ක්‍රි.ව. 1827 දී ගල්කීල තවරන ලද ෆsයුටර් ලෝහ තහඩුවක්‌ කැමරාවේ ඡායා පටලය වශයෙන් භාවිත කරන ලදී. මේ ඡායාරූපය ගැනීමට මේ විද්වතා විසින් භාවිත කරනු ලැබුවේ තමා විසින් නිර්මාණය කරන ලද කැමරාව නො ව චාල්ස්‌ සහ වින්සන්ට්‌ ෂෙවෙලියර් සහෝදර විද්වතුන් දෙපළ විසින් නිර්මාණය කරන ලද පෙට්‌ටි කැමරාව ය. එය විද්වත් ජොහාන් සාහ්න් විසින් නිර්මාණය කරන ලද පෙට්‌ටි කැමරාව ම සුළු වෙනස්‌කම් සහිත ව ය. තවදුරටත් ඡායාරූප ක්‍රමවේදය ප්‍රායෝගික නිර්මාණයක්‌ බවට පත් කිරීම නියෙප්සේ විද්වතා ගේ අරමුණ විය. ඒ අනුව හෙතෙමේ ලොයිස්‌ ඩැගුඑරේ විද්වතා සමග එක්‌ වී බොහෝ පර්යේෂණ සිදු කළේ ය. එහෙත් එහි සාර්ථක ප්‍රතිඵල ලැබීමට පෙරාතුව ම නියෙස්‌පේ විද්වතා අභාවප්‍රාප්ත විය. තවදුරටත් හුදකලාව ම පර්යේෂණ කළ ඩැගුඑරේ විද්වතා උත්සාහවන්තයා ජය ගනී ය යන කියමන නැවත නැවතත් සනාථ කරමින් ක්‍රි.ව. 1836 දී තඹ තහඩුවක්‌ මත රිදී තවරා එය අයඩින් වාෂ්පයෙන් නහවා ලෝකයේ සාර්ථක වූ පළමු ඡායාරූප පටලය නිර්මාණය කළේ ය. විලියම් ෙෆdක්‌ස්‌ ටැල්බට්‌ විද්වතා තහඩුව වෙනුවට කඩදාසි පටලයක්‌ භාවිත කරමින් ඡායාරූප ක්‍රමවේදය තවදුරටත් සංවර්ධනය කළේ ය. ඩැගුඑරේ විද්වතා නිර්මාණය කළ ක්‍රමවේදය ඔහු ගේ නමින් ම හඳුන්වන අතර ටැල්බටි විද්වතා ගේ ක්‍රමය "කැලෝ ක්‍රමවේදය" නමින් හැඳින්වේ. ක්‍රි.ව. 1855 වන විට කොලෝඩියන් වියළි තහඩුව නිර්මාණය වන්නේ විද්වත් ඩෙසයර් වැන් මොන්ක්‌හෙවන්ට ස්‌තුති වන්නට ය. ඉදිරි දහ සය වර්ෂය පුරා ම තවදුරටත් පර්යේෂණයට ලක්‌ කෙරෙන එම ඡායා පටලය ජෙලටින් තෙත් ඡායා තහඩුවක්‌ ලෙසින් ක්‍රි.ව. 1871 දී රිචර්ඩ් ලිව් මැඩොක්‌ස්‌ විද්වතා විසින් ප්‍රතිනිර්මාණය කරන ලදී. ඒ සමග ම කැමරාව තවදුරටත් කුඩා වෙමින් ඒක කාච ප්‍රතිවර්තී කැමරා පර්යේෂණ මට්‌ටමෙන් නිර්මාණය වන්නට විය. එසේම පළමු යාන්ත්‍රික ආලෝක ඇවුරුම (Shutter) මේ වන විටත් නිර්මාණය වී හමාර ය.

ඡායා පටල ක්‌ෂේත්‍රයේ සැබෑ විප්ලවය සිදු වන්නේ ජෝර්ඡ් ඊස්‌ට්‌මන් විද්වතා වෙතින් ක්‍රි.ව. 1889 දී ය. ක්‍රි.ව 1885 සිට කඩදාසි ඡායා පටල නිෂ්පාදනය කරමින් සිටි ඊස්‌ට්‌මන් විද්වතා ක්‍රි.ව. 1888 දී සෙලුලොයිඩ් ඡායාපටල නිර්මාණය ආරම්භ කළේ ය. මේ වන විට ඔහු එයට වසරකට පෙර ක්‍රි. ව. 1888 දී නිපදවන ලද ස්‌ථාවර ඒක කාච තනි සරල පෙට්‌ටි කැමරාව "කොඩැක්‌" නමින් ජනප්‍රිය වී තිබිණි. 19 වැනි සියවස අවසාන වන විට ඊස්‌ට්‌මන් විද්වතා මාදිලි කීපයක පෙට්‌ටි කැමරා මෙන්ම හකුළන කැමරා ද වෙළෙඳපොළට ඉදිරිපත් කර ජනප්‍රිය වී හමාර ය.

20 වැනි සියවසෙහි මුල් කාර්තු අඩ ගෙවෙන්නට පෙර මෙතෙක්‌ මිල අධික ක්‍රීඩා භාණ්‌ඩ වූ කැමරා සහ ඡායාපටල මහජනතාවට අවශ්‍ය උපකරණ බවට පත් වී තිබේ. එසේ ම දැන් චිත්‍රපට නිර්මාණය වී හමාර නිසා එහි භාවිත කරන මි.මී. 35 ඡායාපටල සාමාන්‍ය කැමරාවට භාවිත කළ හැකි ආකාරය බොහෝ විද්වතුන් සිතන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව ඔස්‌කාර් බාර්නැක්‌ විද්වතා ක්‍රි.ව. 1913 දී මුල් ම මි.මී. 35 කැමරාව නිෂ්පාදනය කළේ ය. මේ කැමරාව තවදුරටත් සංවර්ධනය වීම පළමුවැනි ලෝක සංග්‍රාමය හේතුවෙන් ඇණහිටි අතර නැවත ක්‍රි.ව. 1925 දී සංවර්ධනය කරන ලද මි.මී 35 කැමරාව "ලෙයිකා 1" නමින් වෙළෙඳපොළට ආවේ ය. ජපන් විද්වතුන් කැමරාව පිළිබඳ උනන්දුව ආරම්භ කරන්නේ මේ යුගයේ දී ය. ක්‍රි.ව. 1936 දී ඔවුහු මි.මී. 35 කැනන් 35 කැමරාව වෙළෙඳපොළට ඉදිරිපත් කළ හ. එය ඔවුන් ක්‍රි.ව. 1933 දී නිර්මාණය කරන ක්‌වැනොන් කැමරාවේ ම දියුණු මාදිලියයි. මේ වන විට ඒක කාච ප්‍රත්‍යාවර්ථ කැමරාව නිපදවී හමාර ය. එය ක්‍රි.ව. 1928 දී µ්‍රEන්ක්‌ සහ හෙයිඩෙක්‌ රොලිෆ්ලෙක්‌ස්‌ යන සහෝදර දෙවිද්වතුන් ගේ සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයකි. මේ කැමරාව යුරෝපයේ, ජපානයේ, මෙන්ම සෝවියට්‌ දේශයේ ද විද්වතුන් විසින් සංවර්ධනය කරමින් පැවතිණි. ඒ අනුව සෝවියට්‌ ස්‌පෝර්ට්‌ කැමරාව වඩාත් දියුණු තාක්‌ෂණයක්‌ සමග බිහි වනවාත් සමග ම වාගේ ජපන් විද්වතුන් වන ඉහගි සහ කීන් එක්‌සාක්‌ටා වෙතින් ඒ හා සමාන දියුණු තාක්‌ෂණය සහිත කැමරා බිහි විය. ක්‍රි.ව. 1938 වන විට කොඩැක්‌ සමාගම පූර්ණ ස්‌වයංක්‍රීය කැමරාව නිර්මාණය කළ අතර එතැන් පටන් දිනෙන් දින වඩ වඩාත් ඉහළ තාක්‌ෂණ පහසුකම් සහිත කැමරාව වෙළෙඳපොළට පැමිණෙන්නට විය. මේ අතුරින් වඩාත් කැපී පෙනෙන සිදුවීම වන්නේ ඡායාරූපය ගත් සැණින් ම පිංතූරය ද ලැබෙන පොලෝරොයිඩ් කැමරාව ක්‍රි.ව. 1948 දී එඩ්වින් ලෑන්ඩි විද්වතා විසින් නිර්මාණය කරනු ලැබීම ය. කැමරාවේ දියුණුව සඳහා බුද්ධිය, ධනය සහ ශ්‍රමය කැප කළ නම් දන්නා මෙන්ම නො දන්නා විද්වතුන් බොහොමයක්‌ ම ඉතිහාසය හාරා අවුස්‌සා බලන විට අපට හමු වේ. මේ අතරින් කාචයට පිටුපසින් ආලෝක සංවේදී උපරකණයක්‌ සවි කළ "මෙක්‌ 16" ජර්මන් කැමරාව නිපදවූ නම නො දන්නා විද්වතා මෙහි දී මතක්‌ කළ යුතු ය.

ක්‍රි.ව. 1967 වන විට කැමරාව ලොකු පිම්මක්‌ පනිමින් ඇනලොග් තාක්‌ෂණයේ සිට ඩිජිටල් තාක්‌ෂණයට මාරු වීමට සූදානම් විය. මෙහි බුද්ධිමය අයිතිය නිව්යෝක්‌හි පිලිප් රසායනාගාරයේ විද්වතුන් වන එඩ්වඩ් ස්‌ටප්, පීටර් කැත්, ස්‌සොල්ට්‌ ස්‌සිල්ජ යන පර්යේෂකයන්ට ක්‍රි.ව. 1967 සැප්තැම්බර් 06 වැනි දා සිට හිමි වී ඇත. ටෙක්‌සාස්‌හි විද්වත් විලීස්‌ ඇඩිකොක්‌ ඡායාපටල රහිත කැමරාවක්‌ සඳහා ක්‍රි.ව. 1972 දී බුද්ධිමය අයිතිය ලබා ගත් නමුත් එය මෙතෙක්‌ නිපදවී නැත. ඊස්‌ට්‌මන් කොඩැක්‌ සමාගමේ විද්වත් ස්‌ටීවන් සැසන් විසින් ක්‍රි.ව. 1975 දී පළමු ඩිජිටල් කැමරාව නිර්මාණය කරන ලදී. එතැන් පටන් ඩිජිටල් තාක්‌ෂණය පිම්මේ දියුණු වේ. අද විට ජංගම දුරකථනයෙහි පවා ඩිජිටල් කැමරාවක්‌ අඩංගු ය. කැමරා සුලබ වීම හේතුවෙන් ම වරක්‌ ආතර් සී. ක්‌ලාක්‌ විද්වතා අදහස්‌ කළා සේ මානවයා වඩ වඩාත් සංවර හා ශිෂ්ට වනු ඇත.

වෛද්‍ය සමන් ගුණහේරත් 

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු