සෙල්සියස්‌ අංශක දෙකේ ඉලක්‌කයේ රැඳීමට නම්... | දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බව ලෝකයට අමතක වෙමින් තිබේ?



ලෝකයේ අවධානයට ලක්‌විය යුතු නමුත් ඇතැම් වැදගත් පාර්ශ්වවල අවධානයට ලක්‌ව නැති වැදගත් පාරිසරික සමුළුවක්‌ ආරම්භ වීමට තව ඇත්තේ දෙසතියක පමණ කාලයකි. එ වාර්ෂිකව පැවැත්වෙන ජගත් දේශගුණ සමුළුවයි. මේ මාසයේ අග භාගයේ දී දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ දී ආරම්භ වීමට නියමිත මේ සමුළුවේ ප්‍රධානතම අංග වන්නේ එක්‌සත් ජාතින්ගේ දේශගුණ වෙනස්‌වීම පිළිබඳ රාමුගත සම්මුතියේ (UNFCCC) හා කියෝටෝ සන්ධානයේ පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම් ය.

අවාසනාවකට මෙන් මේ සමුළුවේ දී එතරම් ඵලදායී ප්‍රයෝජනවත් ප්‍රතිඵලයක්‌ ඇතිවේද යන්න නම් බෙහෙවින් සැක සහිත ය. මෑත කාලයේ දී පැවැති දේශගුණ සමුළුවලින් අත් වූ කිසිදු ප්‍රතිඵලයක්‌ නොමැති තරම් ය. එAවා හුදෙක්‌ සාකච්ඡා වාර පමණක්‌ වූ අතර ඇතැම් විට කල්මැරීම සඳහා යොදාගන්නා උපක්‍රමයක්‌ සේ හැඳින්වුව ද වරදක්‌ නැත. ඇතැම් වැදගත් කරුණු ගැන - හරිතාගාර වායු විමෝචන සීමා කිරීම හා නෛතික වගකීමක්‌ ඇති ගිවිසුමක්‌ ඇති කර ගැනීම වැනි - එකඟතාවයක්‌ ඇති කර ගැනීමට අපහසු වීම මේ තත්ත්වය සඳහා හේතු විය. එහෙත් මේ අතර දේශගුණ වෙනස්‌වීම නිසා ඇතිවන බලපෑම් ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. අපට දිනෙන් දින අසන්නට ලැබෙන්නේ එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ය.



සෙල්සියස්‌ අංශක දෙකේ ඉලක්‌කයේ රැඳීමට නම්...



දේශගුණ වෙනස්‌වීමේ බලපෑම් පාලනය කළ හැකි මට්‌ටමක පවත්වා ගැනීමට නම් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකකට සීමා කළ යුතු බව පුළුල් ලෙස පිළි ගෙන ඇති කරුණකි. මෙය 2009 දී පැවැති කැන්කුන් සමුළුවේ දී ද පොදුවේ පිළිගන්නා ලදි. එහෙත් මේ සීමාව ඉක්‌මවා නො යැමට නම් ඉදිරි දශකයක පමණ කාලය තුළ බොහෝ දේ කළ යුතුව ඇති බව පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දී ඇත.

මේ වාර්තාව සඳහා මේ දක්‌වා ප්‍රකාශයට පත්ව ඇති දේශගුණ වෙනස්‌වීම හා සම්බන්ධ විමෝචන සංසිද්ධි දෙසීයකට ආසන්න ප්‍රමාණයක්‌ සමාලෝචනය කර තිබේ. එA අනුව ආර්ථික වශයෙන් සැලකිය යුතු බලපෑමක්‌ සිදු නොවී 2020 වර්ෂය වන විට මේ ඉලක්‌කය අත්පත් කර ගැනීමට නම් සමස්‌ත හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය කාබන් ඩයොක්‌සයිඩ් ගිගාටොන් බිලියක 44ක්‌ හා සමාන ප්‍රමාණයක්‌ තෙක්‌ සීමා කළ යුතු ය. 2010 දී පැවැති විමෝචන ප්‍රමාණය ගිගා ටොන් බිලියන 48ක්‌ සේ ගණනය කර ඇති අතර වර්තමාන ප්‍රවණතාව එA ආකාරයෙන් ම පැවැතියහොත් 2020 වන විට එA අගය ටොන් බිලියන 56 දක්‌වා ඉහළ යා හැකි ය.

මේ අනුව අංශක දෙකේ සිමාවේ පැවැතීම සඳහා නම් බොහෝ දේ කළ යුතු බව ඉතා පැහැදිලි ය. එA සඳහා 2010 හා 2020 අතර කාලයේ දී ලෝකයේ හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය උපරිම අගයට ළඟා විය යුතු වේ. එසේ සිදුකිරීමට නම් ඩර්බන් යනු අපට ලැබෙන අවසන් අවස්‌ථාව විය හැකිsය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් අංශක දෙකේ සීමාව තුළ රැඳීම අපහසු බව පැහැදිලි ය. (මූලාශ්‍රය(Nature Climate Change, DOI:10.1038/nclimate1258)



සාගර ජීවීන්ට විශේෂ වූ අවදානමක්‌



දේශගුණ වෙනස්‌වීම නිසා ඇති වන වෙනස්‌වීම් හමුවේ කිසිදු ප්‍රදේශයකට ගමන් කළ නොහැකි සාගර ජීවීන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ඇති බව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ ගත වූ වසර පණහක පමණ කාලය තුළ සිදු වූ වෙනස්‌වීම් මත කරන ලද අධ්‍යයනයකි. ගොඩබිම උෂ්ණත්වය ඉහළ යන අවස්‌ථාවල දී ගොඩබිම වාසය කරන ජීවීන්ට ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවලට ව්‍යාප්ත වීමෙන් තම පැවැත්ම ආරක්‌ෂා කර ගත හැකිය.

එහෙත් සාගරයේ උෂ්ණත්වය ඉහළ යන විට සාගර මතුපිට ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ඇතැම් ජීවීන්ට කළ හැකි දෙයක්‌ නොමැති තරම් ය. මත්ස්‍යයන්ට වඩා ගැඹුරු ප්‍රදේශවලට ගමන් කළ හැකි වුවත් ඇතැම් ජීවී විශේෂවලට එසේ අනුහුරු වීම අසීරු ය. නිදසුනක්‌ ලෙස සාගර මතුපිට පාවෙන ශාකවලට හා කොරල් වැනි සෙමින් ව්‍යාප්ත වන ජීවීන්ට මේ තත්ත්වය බලපායි. මේවාට සාගරයේ ගැඹුරු ප්‍රදේශවලට ව්‍යාප්ත වීමෙන් තම පැවැත්ම පවත්වා ගත නොහැකිය. සාගරයේ ඇති එකම වාසිය වන්නේ සාගරය වඩා සෙමින් උණුසුම් වීම පමණි. (මූලාශ්‍රය( Science, DOI:10.1126/science.1210288)



නිවර්තන වනාන්තරවල විශාල පරිවර්තනයක්‌?



දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම් හමුවේ නිවර්තන වනාන්තර හා සැවනා බිම් ප්‍රදේශ ඊට ක්‍රමයෙන් හැඩගැසීම වෙනුවට වෘක්‌ෂ රහිත තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බවට අනතුරු හැඟවීමක්‌ සිදුකර තිබේ. මේ බව පෙන්වා දෙන්නේ මහාද්වීප තුනක පිහිටා ඇති වනාන්තර පිළිබඳව සිදු කරන ලද මෑත ප්‍රකාශයට පත් අධ්‍යයන වාර්තාවකි. මේ සඳහා හේතුව වන්නේ මේ පරිසර පද්ධති දෙකේම ඔරොත්තු දීම සඳහා බලපාන හේතුව වන්නේ එAවාට ලැබෙන වර්ෂාපතනය වීමය.

මෙ අනුව වනාන්තර හා සැවානා පද්ධතිවල ඇති වෘක්‌ෂ ආවරණයේ තරම අනුව ඒ පද්ධති පත්විය හැක්‌කේ කුමන තත්ත්වයකට ද යන්න තීරණය වේ. එA අනුව වර්ෂාව සමඟ වෘක්‌ෂ ආවරණය ඉහළ යැම වෙනුවට වනාන්තර, සැවානා හා වෘක්‌ෂ රහිත තත්ත්වවලට වෙනස්‌වීම කිසියම් සීමාකාරී අවස්‌ථාවකට පසුව ඉක්‌මනින් සිදුවිය හැකි ය. බොහෝ සංකීර්ණ තත්ත්වයක්‌ වන මේ පිළිබඳව අප දන්නේ කෙතරම් අඩුවෙන්ද යන්න යළිත් අවධාරණය කරයි. (මූලාශ්‍රය(Science, DOI:10.1126/science.1210657)

මානව සංවර්ධන වාර්තාව පවසන්නේ කුමක්‌ ද?

එක්‌සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව (2011) (Human Development Report 2011) මගින් පෙන්වා දෙන වැදගත් කරුණක්‌ වන්නේ තිරසාර භාවය හා සමානත්වය එකට සලකා බැලිය යුතු බව ය. මෑත කාලයේ දී ලෝකයේ බොහෝ රටවල - විශේෂයෙන් දියුණුවෙමින් පවත්නා රටවල - මානව සංවර්ධනය හා සම්බන්ධ අංශවල කැපී පෙනෙන වර්ධනයක්‌ දැකිය හැකි වුවත් ඒ තත්ත්වය ආපසු හැරවීමේ අවස්‌ථාවක්‌ ද පවත්නා බව මේ වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන් දියුණුවෙමින් පවත්නා රටවල එවැනි තත්ත්වයක්‌ ඇති වීමේ අවදානමක්‌ නැත්තේ නොවේ.

මේ වර්ෂයේ මානව සංවර්ධන වාර්තාවේ විශේෂ අවධානයක්‌ යොමු වී ඇත්තේ දේශගුණ වෙනස්‌වීම හා පාරිසරික හායනය පිළිබඳව ය. එA ආර්ථික සංවර්ධනය හා දුප්පත්කම දුරලීම යන අංශවලිනි. එසේම දේශගුණ වෙනස්‌වීමේ බලපෑම්වලට මුහුණදීමට ලෝකයේ රටවල් සූදානම් නොවුවහොත් දියුණුවන රටවල ආර්ථික සංවර්ධනය අඩාල වීමට හෝ ආපසු හැරවීමට හැකියාව ඇති බව ද එහි පෙන්වා දී ඇති තවත් වැදගත් කරුණකි. මෙය ඉහත පෙන්වා දී ඇති අවදානමට ද බලපාන හේතුවක්‌ බව පෙනේ.

මේ වර්ෂයේ මානව සංවර්ධන වාර්තාවේ එන මානව සංවර්ධන දර්ශකය අනුව අංක එකේ ඇත්තේ නෝර්වේ රාජ්‍යය වන අතර අවසන් ස්‌ථානයේ ඇත්තේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයයි. ශ්‍රී ලංකාව ඇත්තේ 97 වැනි ස්‌ථානයේ ය. එනම් මධ්‍යම මානව සංවර්ධනයක්‌ සහිත රටවල් අයත්වන කාණ්‌ඩයේ ය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ රටවල් අතර මුල් තැනෙහි සිටියි. මෙවර දර්ශකය සඳහා සලකා බලා ඇති රටවල් ගණන 187 කි. (මූලාශ්‍රය(http://ndr.undp.org/en/)

පුවත් සැකෙවින්



වැසි ජලය රැස්‌කිêම නගරවලට යෝග්‍යයි



වැසි ජලය රැස්‌කිêම අනාදිමත් කාලයක පටන් මිනිසුන් විසින් සිදුකරන ලද්දකි. එහෙත් වර්තමාන ජල අර්බුදයත් සමÍ වැසි ජලය රැස්‌කිරීම පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු වී තිබේ. මේ පිළිබඳව මෑත දී ස්‌පාඤ්ඤය හා මධ්‍යධරණී ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන ලද පුළුල් අධ්‍යයනය කිහිපයකින් ද අනාවරණය වී ඇත්තේ නාගරික ප්‍රදේශවල වැසි ජලය රැස්‌කිරීම යෝග්‍ය බවත් එය නාගරික සැලසුම් සඳහා එAකාබද්ධ කිරීම යෝග්‍ය බවත් ය. එසේ කිරීමෙන් ගොඩනැඟිලිවල පසුව සිදුකළ යුතු වන වෙනස්‌වීම්වල අවශ්‍යතාවය බෙහෙවින් අඩු වේ.

කෙසේ වෙතත් නාගරික ප්‍රදේශවල වැසි ජලය භාවිත කළ හැකි අවශ්‍යතා සඳහා සීමා පවතී. නිදසුනක්‌ ලෙස ගෙවතු සඳහා, නිවාස තුළ බිම හා වාහන සේදිම සඳහා මෙන්ම වැසිකිලිවල යොදාගැනීම දැක්‌විය හැකි ය. එහෙත් මේ නිසා පානීය ජලය ආරක්‌ෂා කරගත හැකි වේ. මෙහි දී හෙළි වී ඇති තවත් කරුණක්‌ වන්නේ බෑවුම් සහිත වහළ මගින් පැතැලි වහලකට වඩා සියයට 50ක්‌ පමණ අධික ජල ප්‍රමාණයක්‌ රැස්‌කර ගත හැකි බවය. එසේම ඉහළ මට්‌ටමක සවිකරන ලද ජල ටැංකියක්‌ භාවිත කිරීම පාරිසරික බලපෑම් සම්බන්ධව සලකා බලන විට වඩාත් යෝග්‍යතම ක්‍රමය බව ද මෙහි දී හෙළි වී තිබේ.



වායු දූෂණය හා පෙනහලු පිළිකා



දුම් පානය නොකරන්නන් අතරින් වායු දූෂණය අධික ප්‍රදේශවල වාසය කරන පුද්ගලයින් පෙනහලු පිළිකාවලින් මරණයට පත්වීමට ඇති අවදානම පිරිසිදු වාතය සහිත ප්‍රදේශයක ïවත්වන එවැනි පුද්ගලයන්ට වඩා සියයට 20කින් අධික ය. එය වසර විසිහයක්‌ පමණ දිගු කාලයක්‌ තිස්‌සේ පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ දුම්පානය නොකරන්නන් 180,000ක්‌ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇත. මේ කාලය තුළ ඉන් 1,100ක්‌ පමණ පිරිසක්‌ පෙනහලු පිළිකා නිසා මරණයට පත්ව තිබේ. මේ සඳහා හේතු වන සාධකය සේ හඳුනාගෙන ඇත්තේ ඡඵ 2.5 කාණ්‌ඩයේ අංශුමය ද්‍රව්‍ය වේ. අදාළ පිරිස්‌ ජීවත්වන ප්‍රදේශවල මේ දූෂකවල මට්‌ටම ඉහළ නම් මරණ ප්‍රමාණය ද ඉහළ වීම මිට සාක්‌ෂි සපයයි.

පෙනහලු පිළිකා වැළැඳීමෙන් මරණයට පත්වන්නන් අතරින් දුම් නොබොන්නන් සිටින්නේ සාමාන්‍යයෙන් සියයට 10ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. එහෙත් මේ අධ්‍යයනයෙන් ද පැහැදිලි වන්නේ වාතයේ ඇතුළත් වායු දූෂක ප්‍රමාණය හැකි තරම් අඩුවීම වැදගත් වන බව ය. (මූලාශ්‍රය( American Journal of Repository and Critical Care Medicine DOI: 10.1164/rccm.2011061011oc)



බටහිර අප්‍රිකාවෙන් රයිනෝ වඳවේ



බටහිර දිග අප්‍රිකාවේ වාසය කරන බටහිර කළු රයිනෝ ලෙසින් හඳුන්වන රයිනෝ උප විශේෂය (Diceros bicornis longipes) ස්‌වාභාවික පරිසරයෙන් වඳවී ගොස්‌ ඇති බව රතු ලේඛනයේ වාර්ෂික යාවත්කාලීන කිරීමේ දී නිල වශයෙන් පෙන්වා දී තිබේ. එසේම මධ්‍යම අප්‍රිකාවේ වාසයකරන සුදු රයිනෝ උප විශේෂය ද වඳවී ගොස්‌ ඇති බවට අනුමාන කෙරේ.

කෙසේ වෙතත් මේ යාවත්කාලින කිරීමේ දී ඇතැම් විශේෂ සම්බන්ධව යම් ප්‍රගතියක්‌ දැකිය හැකි වීම විශේෂයකි. නිදසුනක්‌ ලෙස ගතහොත් දකුණු සුදු රයිනෝ හා ප්‍රසවෙල්ස්‌කිගෝ අශ්වයා මේ වන විට වර්ධනය වූ ගහනයක්‌ පෙන්නුම් කරයි. 1996 වන විට ස්‌වාභාවික පරිසරයෙන් වඳ වූ බවට ප්‍රකාශයට පත් කර තිබු ඉහත කී අශ්ව විශේෂයේ මේ වන විට 300ක පමණ ගහනයක්‌ දැකිය හැකිය. ඒ බෝ කර නැවත පරිසරයට නිදහස්‌ කිරීම නිසා ය. එA අනුව මේ අශ්ව ගහනය දැඩි අන්තරායක තත්ත්වයේ සිට අන්තරායක තත්ත්වය තෙක්‌ පහත දමා තිබේ.

ධනේෂ් විසුම්පෙරුම

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු