Posts

Showing posts from March, 2013

ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ

ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ඊනියා යථාර්ථවාදීන්, භෞතිකවාදීන් (ද්‍රව්‍යවාදීන්) ආදී වශයෙන් තම තමන් හඳුන්වාගන්නා අය ඉතා උද්‍යෝගයෙන් හා භක්‌තියෙන් කියන කථාවක්‌ නම් තමන් ඉන්ද්‍රිය ගෝචර දැනුම පමණක්‌ පිළිගන්නා බව ය. මෙය භක්‌තියෙන් කියන කථාවක්‌ වනුයේ කිසිවකු මේ සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයකට කිසිවක්‌ නො කියන බැවිනි. බටහිර වාසය කරන බටහිර විද්‍යාඥයන්ට අනුව අපට ඇත්තේ ඉන්ද්‍රිය 5කි. මෙරට සිටින බටහිර විද්‍යාඥයන් කියන කථා අප සැලකිල්ලට නො ගත යුත්තේ ඔවුන් කිසි දිනක නව මතයක්‌ ප්‍රකාශ කර නොමැති බැවිනි. ඔවුන් කරන්නේ බටහිර විද්‍යාඥයන් කරන කියන දේ නැවත සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් හෝ උච්චාරණය කිරීම පමණකි. අපට අසන්නට ඇති පළමුවැනි ප්‍රශ්නය නම් ඉන්ද්‍රිය පහක්‌ පමණක්‌ ප්‍රමාණවත් වන්නේ කෙසේ දැයි (බටහිර වාසය කරන) බටහිර විද්‍යාඥයන් දන්නේ කෙසේ ද යන්න ය. ඉන්ද්‍රිය පහකින් පමණක්‌ සමස්‌ත ලෝකය දැනගත හැකි ද? අපට මේ ඉන්ද්‍රිය පහෙන් එකක්‌ අඩු ව තිබිණි නම් අපට ලෝකය කෙසේ පෙනේ වි ද? මේ ප්‍රශ්න අසන්නේ බටහිර විද්‍යාඥයන්ට හා ඔවුන් සරණ යන්නන්ට ගැලපෙන අයුරින් මිස සිංහල බෞද්ධයන්ට ගැලපෙන අයුරින් නො

සාමූහිකත්වයේ සලකුණ ''මිහිකත හෝරාව''

Image
සාමූහිකත්වයේ සලකුණ ''මිහිකත හෝරාව'' මාර්තු මාසයේ 23 වන දින හෙවත් මේ සතියේ සෙනසුරාදා දින රාත්‍රී 8.30ට 'මිහිකත හෝරාව' එළැඹේ. එය අප වෙසෙන මිහිතලය වෙනුවෙන් කැප කරන හෝරාවකි. එතැන් සිට පැයක කාලයක්‌ නිවසේ හෝ වෙළෙඳසලේ අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම මේ හෝරාවේ දී සිදු කරන ප්‍රධාන කාර්යයයි. සාමාන්‍යයෙන් මාර්තු මස අවසන් සතියේ සෙනසුරාදා දින ඒ ඒ රටවල වේලාවෙන් රාත්‍රී 8.30 සිට 9.30 දක්‌වා කාලයේ දී සමරනු ලබන මිහිකත හෝරාවට (Earth Hour) එතරම් දිගු අතීතයක්‌ නොමැත. 2007 වර්ෂයේ දී එය ආරම්භ වන්නේ ලෝක වනජීවී අරමුදලේ (WWF) ඔස්‌ටේ්‍රලියානු ශාඛාව හා ලියෝ බර්නට්‌ ආයතනයේ සංකල්පයක්‌ ලෙස ය. දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා වූ කටයුතු සඳහා ඔස්‌ටේ්‍රලියානුවන් සම්බන්ධ කරගත හැකි ආකාරය පිළිබඳව සිදු කළ සාකච්ඡාවල දී ඉදිරිපත් වූ අදහසක්‌ මත මෙය ආරම්භ විය. ඊට සැලකිය යුතු පිරිසක්‌ ආකර්ෂණය කරගැනීමට එහි සංවිධායකයන් සමත් වූ අතර, 2007 මාර්තු 31 වැනි දින රාත්‍රියේ ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ වැසියන් මිලියන 2.2ක්‌ පමණ පිරිසක්‌ තම වාසස්‌ථානවල හා ව්‍යාපාරික ආයතන දෙ දහසකට අධි

අපේ රටට ජාතික ජෛව තාක්‌ෂණ ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය ඇයි?

Image
අපේ රටට ජාතික ජෛව තාක්‌ෂණ ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය ඇයි? හේතු හඳුනා නො ගත් රජරට වකුගඩු රෝගය පිළිබඳ වැදගත් අධ්‍යයන වාර්තාවක්‌ ඉකුත් දිනවල කතා බහට ලක්‌ විය. ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්‌ ව පවත්වන ලද එම අධ්‍යයනයෙන් අවධානය යොමු කර තිබූ එක්‌ කරුණක්‌ වූයේ කෘෂි රසායන භාවිතයේ ඇති බරපතළ ප්‍රතිවිපාකයන් ය. හරිත විප්ලවය නමින් ඇරඹුණු නූතන කෘෂිකර්මාන්තයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ අස්‌වනු ඉහළ නැංවීම ය. පළිබෝධනාශක හා රසායනික පොහොර එහි ලා ර`ගදැක්‌වූයේ ප්‍රධාන භූමිකාවකි. එහෙත් මෙකී කෘෂි රසායන භාවිතයෙන් මේ වන විට පහසුවෙන් විසඳිය නොහැකි ගැටලු රාශියක්‌ නිර්මාණය වී තිබේ. මේ සඳහා විවිධ විසඳුම් යෝජනා වී ඇත. ඉන් එක්‌ විසඳුමක්‌ වන්නේ නව ජීවවිද්‍යාව ඇසුරින් ලබා ගන්නා අදහස්‌ ඇතුළත් ජෛව තාක්‌ෂණයේ යෙදීම්වලින් කෘෂි බෝගවල ලක්‌ෂණ වැඩිදියුණු කළ හැකි ය යන්නයි. ඒ මගින් පරිසරයේ ගුණාත්මකභාවය ආරක්‌ෂා කළ හැකි ය. පරිසර හානි අවම කළ හැකි ය. එනම් පළිබෝධයන්ට ස්‌වාභාවිකව ම ඔරොත්තු දෙන, වැඩි අස්‌වනු ගෙන දෙන, වැඩි පෝෂණ ගුණයකින් යුතු බෝග නිර්මාණය කළ හැකි ය. ජෛව තාක්‌ෂණයේ දී මූලික වශයෙන්

ක්‌වොන්ටම් දෙවියෝ

ක්‌වොන්ටම් දෙවියෝ අපි නැවතත් ක්‌වොන්ටම් කාසිවලට යමු. සම්භාව්‍ය හෙවත් සාමාන්‍ය කාසියක්‌ මෙන් නො ව යම් නිරීක්‍ෂකයකුට ක්‌වොන්ටම් කාසියක්‌ නිශ්චල ව අතේ තබාගත හැකි නො වේ. එයට හේතුව යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව ක්‌වොන්ටම් වස්‌තුවකට එක්‌ විට නිශ්චිත පිහිටීමක්‌ හා ගම්‍යතාවක්‌ තිබිය නොහැකි වීම ය. ක්‌වොන්ටම් භෞතිකයෙහි අනිශ්චය මූලධර්මයට අනුව නිරීක්‍ෂකයා ක්‌වොන්ටම් වස්‌තුවේ පිහිටීම දන්නේ නම් ඔහුට සාපේක්‍ෂව ක්‌වොන්ටම් වස්‌තුවට ගම්‍යතාවක්‌ (ප්‍රවේගයක්‌) නැත. එමෙන් ම නිරීක්‍ෂකයා ක්‌වොන්ටම් වස්‌තුවෙහි ගම්‍යතාව දන්නේ නම් (ඒ මැනගෙන ඇත්නම්) ඔහු එම වස්‌තුවෙහි පිහිටීම නො දනියි. කෝපන්හේගන් විවරණයට අනුව එයින් කියෑවෙන්නේ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්‌වොන්ටම් වස්‌තුවට එහි ගම්‍යතාව සඳහා කිසිදු අගයක්‌ නොමැති බව ය. එහෙත් අප විසින් ඉදිරිපත් කෙරී ඇති විද්‍යාලංකාර විවරණය අනුව එයින් කියෑවෙන්නේ ක්‌වොන්ටම් වස්‌තුවට එහි ගම්‍යතාව සඳහා අගය එකකට වැඩි ගණනක්‌ ඇති බව ය. අනෙක්‌ අතට අප විද්‍යාලංකාර විවරණයට අනුව නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්‌වොන්ටම් වස්‌තුවට නිශ්චිත ගම්‍යතාවක්‌ ඇත්නම් ඔහුට සාපේක්‍ෂව ක්‌වො

විද්යුත් කෝෂවල පරිසර සලකුණ

Image
විද්යුත් කෝෂවල පරිසර සලකුණ එදිනෙදා ජීවිතයේ විවිධ වූ අවශ්‍යතා සඳහා විදුලි බලය ලබාගැනීමට අපි බැටරි හෙවත් විද්යුත් කෝෂ භාවිත කරමු. සියුම් උපකරණවලට බලය ලබාගැනීමට යොදාගන්නා ඉතා කුඩා ප්‍රමාණයේ කෝෂවල සිට කාමරයක්‌ තරම් විශාල ප්‍රමාණයේ කෝෂ දක්‌වා විවිධ වර්ගවලට හා ප්‍රමාණවලට අයත් විද්යුත් කෝෂ වර්ග මෙසේ භාවිතයට ගැනේ. රසායනික ශක්‌තිය විද්යුත් ශක්‌තිය බවට පරිවර්තනය කරනු ලබන විද්යුත් කෝෂයක්‌ මුලින් ම නිර්මාණය කරන ලද්දේ වර්ෂ 1800 දී පමණ ඇලෙක්‌සැන්ඩර් වෝල්ටා විසිනි. එදා-මෙදා අතර විද්යුත් කෝෂ පිළිබඳ තාක්‌ෂණය බෙහෙවින් වර්ධනය වී ඇත. මේ කාලයේ දී අපේ විවිධ අවශ්‍යතා සඳහා විවිධ වර්ගවලින්, ප්‍රමාණවලින් හා ආකාරවලින් යුක්‌ත කෝෂ වර්ග නිෂ්පාදනය කර තිබේ. මේ විවිධත්වය ඇති වන්නේ අප ඒවා කුමන ආකාර භාවිතයක්‌ සඳහා යොදා ගන්නේ ද යන්න මත ය. සමස්‌තයක්‌ ලෙස ගත හොත් අප භාවිත කරන සියලු කෝෂ වර්ග කාණ්‌ඩ දෙකකට අයත් වේ. එනම්, වරක්‌ භාවිත කිරීමෙන් පසු ඉවත දැමීමට සිදු වන ප්‍රාථමික කෝෂ හා නැවත නැවතත් ආරෝපණය කරමින් වැඩි වාර ගණනක්‌ භාවිත කළ හැකි ද්විතීයික කෝෂ යනුවෙනි. පරිසර බලපෑම් මේ විද්යුත්

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ - "පාෂාණ"

Image
කෙනකු විසින් පරීක්‍ෂාවට ලක්‌ කරනු ලබන පාෂාණය අනුව ප්‍රතිඵල රඳා පවතිනවා මහාචාර්ය වික්‍රමසිංහ පේරාදෙනියේ භූවිද්‍යාඥයනට පිළිතුරු දෙයි අරලගන්විල උල්කාෂ්මය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ මහාචාර්යවරුන් දක්‌වන අදහස්‌ සම්බන්ධව මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමග විදුසර කළ සාකච්ඡාවකි මේ. මහාචාර්යතුමනි, අරලගන්විල උල්කාෂ්මය සම්බන්ධයෙන් උදා වී ඇති අලුත් ම සංවාදය ගැන ඔබ ගේ අදහස්‌ පැහැදිලි කළ හැකි ද? ඉතා කණගාටුවෙන් වුව ද, මට ප්‍රකාශ කර සිටින්නට වන්නේ භූ විද්‍යා අංශයේ මහාචාර්යවරුන් සමග එකඟ වන්නට නොහැකි බවයි. මගේ පර්යේෂණ කණ්‌ඩායම පුළුල් විවිධත්වයකින් යුත් අකුණු සැර වැදී නිර්මාණය වුණු පාෂාණ නැතිනම් අකුණු පාෂාණ (Fulgurite) විශාල සංඛ්‍යාවක්‌ ආලෝක අණ්‌වීක්‍ෂය යටතේත් (Light microscope) පරිලෝකන ඉලෙක්‌ට්‍රොන අණ්‌වීක්‌ෂය (Scan Electron Microscope) යටතේත් පරීක්‍ෂා කර බැලුවා. අප තෝරාගත් එම අකුණු පාෂාණ, නියෑදි විවිධත්ව අනුව පුළුල් පරාසයකට අයත් වුණා. ආලෝක අණ්‌වීක්‍ෂය යටතේ අප පරීක්‍ෂා කළ එම අකුණු පාෂාණවල ව්‍යුහය අරලගන්විල උල්කාෂ්මයේ ව්‍යු

ආසනික්‌ කතාව 2

ආසනික්‌ කතාව 2 නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන් ගෙන් අපට දැනගැනීමට ලැබුණේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව ය. එයට තවත් හේතු දෙකක්‌ සම්පූර්ණ විය යුතු බවත් කියෑවිණි. එනම් කුඹුරු පස යනුවෙන් හැඳින්වෙන පස හා කිවුල් ජලය ය. ආසනික්‌ පොළොවට ලැබෙන්නේ කෘෂිරසායන ද්‍රව්‍යයන් ගෙන් බව ද කියෑවිණි. මේ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගිනි. ඇය බටහිර, ආයුර්වේද, සිංහල පාරම්පරික ආදී කිසි ම වෛද්‍ය ක්‍රමයක්‌ පිළිබඳ දැනුමක්‌ ලබා නො තිබුණා ය. එබැවින් අපට ප්‍රියන්තා සේනානායක මහත්මිය ගෙන් ලැබුණේ ඇය දෙවියන් ගෙන් හෝ වෙනත් මනුෂ්‍ය නො වන ප්‍රාණීන් ගෙන් හෝ ලත් දැනුමකි. රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ව අපට දැනුම් දුන් වෛද්‍ය චන්න ජයසුමන මහතා මා විසින් ඇය වෙත යොමු නො කරන්නට මේ දැනුම අපට නො ලැබෙනන්ට තිබිණි. දෙවියන් ගෙන් භූතයන් ගෙන් දැනුම ලබාගැනීම අපේ සංස්‌කෘතියට ආගන්තුක දෙයක්‌ නො වේ. එය පැරැණි සංස්‌කෘතීන් බොහොමයක්‌ ම දැනුම ලබාගත් ක්‍රමයක්‌ විය. පැරැණි ග්‍රීකයෝ ද, වෛදිකයෝ ද, යුදෙවුවෝ ද එලෙස දැනුම ලබාගත් හ. එහෙත් ඒ ඒ අයට ලැබුණේ ඒ ඒ අය ගේ දෙ

අකුණු පාෂාණ සහ උල්කාෂ්ම අතර වෙනස

Image

- ඇල්බට් අයින්ස්ටයින්. ඒ මහා ප‍්‍රාඥයා කී දවස අද උදා වෙලා ද?

Image
අයින්ස්ටයින් කියන්නේ මේ මෑත ලෝකයේ විසූ විශිෂ්ට දාර්ශනිකයෙක්, ගණිතඥයෙක් හා විද්‍යාඥයෙක්. ඔහු ලෝකය දිහා වෙනත් කිසි කෙනකු නොබැලූ ඇසකින් බැලූ නිසා සාපේක්ෂතාවාදය ඇතුළු න්‍යායන් රැසක් අපට උරුම වුණා. ඔහු දාර්ශනිකයකු වශයෙන් අනාගත ලෝකය දිහා බලා පළ කළ අපූරු අනාවැකියක් ඔස්සේ නිර්මාණය කළ රූප පෙළක් ඇතුළත් ඊමේල් පණිවුඩයක් පසුගියදා අපට අන්තර් ජාලය හරහා ලැබුණා. එය අපට මිතුරකුගෙන් ලැබුණු එකක්. ඉංගිරිසි භාෂාවෙන් ආ එයින් කියවුණු පණිවුඩය හරිම ප‍්‍රබලයි. අප දන්නේ නෑ මේක කාගේ නිර්මාණයක්ද කියා. එත් අපට මේක ලැබුණේ ඇමරිකාවේ ජීවත්වන අපේ සුමිතුරු සරත් කුමාරයන්ගෙන්. ඔහුට මේක එවා තියෙන්නෙ, ඔහුගේ මිතුරු කේ. යූ. සිරිනන්දයන් ගෙන්. කාගේ වුනත් මේ රූප පෙළ ‘මල්කැකුළු’ සහෘද ඔබගේ සිතුවිලි අවදි කරන්න හේතුවෙයි කියල සිතූ නිසා සිංහලට නඟා පළ කරන්න අප අදහස් කළා. සංවේග ජනකයි.. ඒත් ඇත්තයි... අයින්ස්ටයින් බිය පළ කළ දිනය අන්තිමේ දී උදාවෙලා!   මිතුරු මිතුරියන් සමග කෝපි බොද්දී.....   මුහුදු වෙරළේ දිනක්.....   කී‍්‍රඩා තරගයක් නරඹන්න ගිහින් ඔබේ පිලට ජය පතමින්...   මිතුරු මිතුරියන් සමග රාති‍්‍ර ආහාර

සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් - Seattle (1854)

Image
සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් - Seattle (1854) කෙසේද ???   කෙසේද යමෙක් අහසත් උණුසුම් පොලවත් මිලට ගන්නෙ හෝ විකුණන්නේ. මේ අදහස අපට කිසියම් ලෙසකින් අමුත්තක් ගෙනදේ, කෙසේද යමෙක් තමන්ට අයිති නොවන වාතයේ ඇති නැවුම් බවත් පෙණ නගන කාන්තිය විහිදුවන පිරිසිදු ජලයත් ඔබ විසින් මිලට ගන්නේ.   මිහිතළයේ සෑම කොටසක්ම මාගේ මිනිසුන්ට නම් පූජනීයයි, ෆයින් ගස් අග දිලිසෙන සෑම කොලයක්ම, වෙරළත සෑම වැලිකැටයක්ම, මීදුමින් වැසෙන අදුරු වනළැහැබක් පාසාම, ඒවිතරක් නෙවේ මිහිතළයේ වෙසෙන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් අත්දැකීමෙන් හා සහජ බුද්ධියෙන් පූජණීයයි. මේ මහා වනස්පතීන්ගෙන් පෝශණය වන සෑම දිය කඩිත්තක්ම රතු මිනිසුන්ගේ මතකයන් රැගෙන ගලා බසී. සුදු මිනිසෙකු මියගිය පසු උන් උපන් මාතෘ භූමිය අමතක කර තරු අතර පවතින දෙව්ලොවකට ගියද අපගේ මිනිසෙකු මේ සුන්දර මිහිතළය අමතක නොකරති. මිහිතළය රතු මිනිසෙකුට නම සිය මව සේමය. මිහිමව අපගේ කොටසක් සේම අපද එහි කොටසකි. සුවද හමන සිනිදු මල් අපගේ සොයුරියන්ය. මුවන් අසුන් සේම ප්‍රතාපවත් උකුස්සන් අපගේ සොයුරන්ය, රොකී ගිරිශිඛරය, සාරවත් තණබිම් සේම මිනිසාත් එකම පවුලක දරුවන් වෙ

ආසනික්‌ කතාව - නලින් ද සිල්වා

ආසනික්‌ කතාව මේ සතියේ ද ලබන සතියේ ද අපේ ප්‍රවාද වෙන් වන්නේ ප්‍රවාද නිර්මාණයට හෙවත් කතාන්දර ගෙතීමට නො වේ. අප රටට ඉතා වැදගත් වූ රජරට හා තවත් ප්‍රදේශ කිහිපයක පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ගැන සාකච්ඡා කිරීම අද දවසේ අපේ ප්‍රධාන කටයුත්තක්‌ බවට පත් වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැමුන් මහත් බලාපොරොත්තුවෙන් සිටි වාර්තාවක්‌ පසුගිය සතියේ පිට වීම ය. ඒ නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසාන වාර්තාව ය. අප ඒ වාර්තාව ගැන සුළුවෙන් නමුත් මෙහි දී කතා කරන්නේ බටහිර විද්‍යාවේ විධික්‍රමය, දර්ශනය, චින්තනය ආදිය නො සලකමින් නො වේ. මෙහි දී විධික්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවේ දර්ශනයේ සඳහන් වන විධික්‍රමයක්‌ නො වේ. බටහිර විද්‍යාවට විශේෂිත වූ පර්යේෂණය ඇතුළත් ඊනියා විධික්‍රමයක්‌ ඒ අරුතින් නැත. අප විධික්‍රමය යන්න යොදාගන්නේ ප්‍රත්‍යක්‍ෂය, අනුමානය, උද්ගමනය ආදිය ගැන කතා කිරීමේ දී ය. එමෙන් ම අදාළ දැනුමේ වියුක්‌ත බව, සාධාරණීකරණය ආදිය ද අපි එහි දී සාකච්ඡා කරමු. එවැනි කරුණු සම්බන්ධයෙන් විවිධ දැනුම් පද්ධති අතර වෙනස්‌කම් වෙයි. එහෙත් බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනිය

මානව පරිනාමනය වේගවත් කල පරිසර සාධක

Image

මිනිස්‌ ජාලයක්‌ සහ පරිගණක ජාලයක්‌ අතර වෙනස කුමක්‌ ද?

Image
මිනිස්‌ ජාලයක්‌ සහ පරිගණක ජාලයක්‌ අතර වෙනස කුමක්‌ ද? මිනිස්‌ ජාලයක්‌ අධ්‍යයනයේ දී මෙන්ම පරිගණක ජාලයක්‌ අධ්‍යයනයේ දී ද පොදුවේ ඕනෑ ම ජාලයක්‌ අධ්‍යයනයේ දී යොදාගන්නා සමස්‌ත විශ්ලේෂණ ක්‍රමවේදයන් භාවිත කරනු ලබන බව මා දැක ඇත. එම ක්‍රමවේදයන් බොහොමයක්‌ ගණිතමය සහ සංඛ්‍යානමය ආකෘතීන් පදනම් කරගත් බව ද පැහැදිලිව පෙනී යන කාරණයකි. තව ද පරිගණක ජාලයක්‌ අධ්‍යයනය කොට එහි ක්‍රියාකාරීත්වය ගැන අනාවැකි (පුරෝකථනය) පළ කිරීම මිනිස්‌ ජාලයක හැසිරීම ගැන අනාවැකි පළ කිරීමට වඩා නිරවද්‍යව මෙන්ම පහසුවෙන් කළ හැකි ය. මීට හේතු වන්නේ පරිගණක ජාලයක ඇති පරිගණක උපාංග මිනිස්‌ ජාලයක සිටින මිනිසුන්ට වඩා තාර්කිකව ක්‍රියාත්මක වීම යන කාරණය විය හැකි ය. පරිගණකයක්‌ බොහෝ දුරට එහි නිර්මාපකයන් බලාපොරොත්තු වූ ආකාරයට නිශ්චිත මෙන්ම තාර්කික හැසිරීමක්‌ සහිත ව ක්‍රියාත්මක වීම නිසා පරිගණක ජාලයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව නිරවද්‍යව අනාවැකි පළ කිරීම පහසු වන්නට වැඩි ඉඩක්‌ ඇත. එම නිසා අපේක්‌ෂිත අවශ්‍යතාවන් සඳහා පරිගණක ජාලයක්‌ නිරවද්‍යව නිර්මාණය කිරීම, මිනිස්‌ ජාලයක්‌ නිරවද්‍යව නිර්මාණය කිරීමට (හෝ ඒ ගැන අනාවැකි පළ කිරීම