Posts

Showing posts from November, 2011

ව්‍යාජ පුනර්ජනනීයත්වය හොඳින් හෙළිදරව් වනු ඇත්තේ ෆොසිල ඉන්ධන අහවර වූ දාට ය

Image
මිට දශක කීපයකට පමණ පෙර සිට බලශක්‌ති අර්බුදය යන්න අතිශය වැදගත් මාතෘකාවක්‌ වී ඇත. විශේෂයෙන් විද්‍යාත්මක කතිකාවත්වල දී මේ මාතෘකාව සුවිශේෂී වේ. බලශක්‌ති සංරක්‍ෂණය, විකල්ප බලශක්‌ති ප්‍රභව සෙවීම, පුනර්ජනනීය බලශක්‌ති කෙරෙහි අවධානය වැඩි වීම ආදිය මේ සමග ම දැඩි කතාබහට ලක්‌ කෙරී ඇත. ඉතා සරලව ගත හොත් මේ බලශක්‌ති අර්බුදයේ ප්‍රධාන පැතිකඩ දෙකක්‌ ඇත. එකක්‌ නම් ෆොසිල ඉන්ධන තැන්පතු අවහිර වී යැම ය. අනෙක ෆොසිල ඉන්ධන දැවීම තුළ ගැනෙන ගෝලීය උණුසුම ඉහළ යැමේ අර්බුදය ය. බටහිර යාන්ත්‍ර විද්‍යාවට අනුව ශක්‌තිය (Energy) යනු කාර්ය (Work) කිරීමේ හැකියාව ය. එය බලය සහ අදාළ විස්‌ථාපන දෛශිකය අතර තිත් ගුණිතයෙන් (Vector Dot product) මඟින් ලැබේ. ශක්‌ති වර්ග ගණනාවක්‌ ඇත. තාප ශක්‌තිය, විදුලි ශක්‌තිය ආදි වශයෙනි. යාන්ත්‍රික ශක්‌තිය, චාලක සහ විභව වශයෙන් නැවත බෙදේ. චාලක ශක්‌තිය යනු යම් ස්‌කන්ධයක්‌ සඳහා යම් වේගයක්‌ ලබා දුන් විට එම චලනය නිසා එහි ඇති ශක්‌තියයි. මේ ශක්‌තිය ලබා දීමට එම ස්‌කන්ධය මත කාර්ය කළ යුතු ය. මෙසේ ම යම් මට්‌ටමකට සාපේක්‌ෂව ඉහළට එසැවූ ස්‌කන්ධයක ද (ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය) ශක්‌තියක්‌ ඇත. එනම් එය එම මට්‌ටමට එසැව

ඩර්බන් සමුළුවේ දී කුමක්‌ සිදු වේ ද?

Image
ජගත් දේශගුණ සමුළුව නොවැම්බර් මස 28 දා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ දී ආරම්භ වීමට නියමිතව තිබිණි. එය ආරම්භ වීමට කලකට පෙර පටන් ඒ ගැන බලාපොරොත්තු තැබිය හැකි ද යන්න සාකච්ඡාවට ලක්‌ව තිබේ. පෙනෙන්නට ඇති පරිදි කිසිදු ආකාරයක ගිවිසුමක්‌ මෙහි දී ඇති වීමට ඇති අවස්‌ථාව ඉතා අඩු ය. එසේම ඉන් මෙපිට යම් යම් කරුණු පිළිබඳව යම් එකඟතා ඇති වෙතැයි යන්න පිළිබඳව ද ඇත්තේ සැකයකි. මේ නිසා ඩර්බන් සමුළුව පිළිබඳව විමසා බැලීම සුදුසු යෑයි අපි සිතමු. ප්‍රබල ගිවිසුමක්‌ ඇති නො වන්නේ ඇයි? දේශගුණ වෙනස්‌වීම වැළැක්‌වීම සඳහා අවශ්‍යව ඇත්තේ හරිතාගාර වායු විමෝචන විශාල වශයෙන් සීමා කිරීම සඳහා වූ එකඟතාවකි. ඒ පිළිබඳව ඇති ඉලක්‌කය 2050 වර්ෂයේ දී වායු විමෝචන සියයට 50ක්‌ හෝ 80කින් අඩු කිරීම ය. මේ පිළිබඳව විද්‍යාඥයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙන් ම දියුණුවන රටවල් රැසක්‌ම එකඟ වී තිබේ. එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් බන් කි-මුන් පසුගියදා පවසා ඇත්තේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා පියවර ගත යුතු බව ය. එහෙත් පසුගිය කාලයේ දී ඇති වූ ප්‍රවණතා අනුව පෙනෙන්නට ඇත්තේ නෛතික බැඳීමක්‌ ඇති කිසිදු ගිවිසුමක්‌ ඇති වෙතැයි යන්න ගැන අපේක්‌ෂාවක්‌

මොළයට වඩා මනස ප්‍රධාන වේ

Image
ඒ ඒ අවයවයේ සිට මොළයට ඇති දුර අනුව අදාළ අවයවයේ සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට ගත වන කාලය වෙනස්‌ විය යුතු යෑයි අප කියන්නේ මේ තොරතුරු මොළයට ගෙන යන යම් ද්‍රව්‍යයක්‌ (නියුරෝන හෝ වෙනත් යමක්‌ හෝ) යම් වේගයකින් චලනය වන බැවිනි. මේ වේගය ආලෝකයේ වේගයට වැඩි වීම අපට ප්‍රශ්නයක්‌ නො වේ. එය ප්‍රශ්නයක්‌ වන්නේ අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදයට ය. යම් හෙයකින් මේ වේගය අනන්තයක්‌ වන්නේ නම් එවිට තොරතුරු ගෙන යැමට කිසිදු කාල ප්‍රාන්තරයක්‌ ගත නො වන්නේ යෑයි කිව හැකි ය. අපේ ප්‍රවාදය හෙවත් කතාන්දරය අනුව මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාත්මක වන පිළිවෙළ (පටිපාටිය) මනසෙහි සිත් පහළ වන පටිපාටිය ම වීම අවශ්‍ය නො වේ. මනස යනු සිත් පන්තියක්‌ බැවින් මනසෙහි සිත් පහළ වීම යන්න හුදු ප්‍රකාශනයක්‌ පමණක්‌ බව අමතක නො කළ යුතු ය. සිතක්‌ ඇති වී නැති වී යයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සිත ඇති වී කෙතරම් කාලයක්‌ පවතින්නේ ද යන්න ය. එය චිත්තක්‍ෂණයක්‌ ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි, විශේයෙන් ම සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි හැඳින්වෙයි. චිත්තයකට උප්පාද, තිථි භංග යනුවෙන් අවස්‌ථා තුනක්‌ වේ යෑයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. තිථිය යනු ඉපදුණු

මොළය හා මනස

Image
මොළය හා මනස වියුක්‌ත දැනුම ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. සංයුක්‌ත දැනුමේ සාපේක්‍ෂත්වය පිළිබඳව බොහෝ දෙනාට වැටහීමක්‌ ඇතැයි සිතමි. සංයුක්‌ත දැනුම සාපේක්‍ෂ වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව නිරීක්‍ෂකයන් එක සමාන නො වීම ය. මනසක්‌ ඇති ඕනෑ ම අයෙක්‌ නිරීක්‍ෂකයෙක්‌ වෙති. මිනිසුන් නිරීක්‍ෂකයන් ගෙන් කොටසක්‌, උපකුලකයක්‌ පමණක්‌ වෙති. මිනිසුන් හැරෙන්නට දෙවිවරු ද, බ්‍රහ්මයෝ ද, තිරිසන් සත්තු ද, අමනුෂ්‍යයෝ ද නිරීක්‍ෂකයෝ වෙති. කෙටියෙන් කිව හොත් බෞද්ධ සාහිත්‍යයෙහි සත්ත්ව ලෙස හැඳින්වෙන සියල්ලෝ නිරීක්‍ෂකයෝ වෙති. එහෙත් ඒ එක්‌ එක්‌ වර්ගය නිරීක්‍ෂණය කරන්නේ එක්‌ එක්‌ ආකාරයෙනි. එයට ප්‍රධාන හේතුව ඒ ඒ වර්ගයේ මනස්‌ හා සිරුරු සමාන නො වීම ය. මිනිසුන්ට මනස හැරුණු විට ඉන්ද්‍රිය පහක්‌ ඇත. එහෙත් ඇතැම් තිරිසනුන්ට මිනිසුන් විසින් චුම්බකත්වය ලෙස හැඳින්වෙන ගුණය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්ද්‍රියක්‌ ඇතැයි කියෑවේ. සියලු නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහක්‌ පමණක්‌ තිබීම අනිවාර්ය නො වේ. ඇතැම් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට වැඩියෙන් ද, වෙනත් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට අඩුවෙන් ද වෙයි. ඉන්ද්‍රිය පහට වැඩි නිරීක්‍ෂකයන්ට (සත්ත්වයන්ට) මිනිසුන්ට ඇ

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

Image
මනසට සුවය පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2 පරමාදර්ශී චරිතයක්‌ ආදර්ශයට ගැනීම පෞරුෂ වර්ධනයට අත්‍යවශ්‍ය මූලික ම දෙයක්‌ වන්නේ සිත දමනයයි. මනා පෞරුෂයක්‌ සහිත සැම කෙනකු ම සිත දමනයට සමත් වූ අය ය. තම සිත පාලනයට නොහැකි කෙනකුට අන්‍යයන් පාලනය කිරීම අසීරු ය. ඔබේ චර්යාවලට උපදෙස්‌ දෙන්නේ සිතයි. ඔබේ පෞරුෂයේ කැඩපත වන්නේ ඔබේ චර්යායි. එනිසා සිත හොඳ මට්‌ටමකට ගෙන එන්න. ඔබටත් සමාජයටත් ඵලදායි දේ පමණක්‌ කිරීමට හැකි වන සේ සිත හදා ගන්න. සමාජයට බොරු මුහුණක්‌ දමාගෙන බොරු වැදගතකු වීමට වඩා වටින්නේ සැබැවින් ම සිත දමනය කර ගැනීම ය. සිත දමනය පිණිස ඔබට මේ දේවල් කළ හැකි ය. සග භාවනාව. සසග ආගම දහමට වැඩිපුර යොමු වීම. සසසග යහපත් මිතුරු ඇසුර. සඩග යහපත් උපදේශන සේවා වෙත යොමු වීම. දමනය කරගත් සිතට හොඳ චර්යා උගැන්වීම පහසු ය. සිත දමනය කරගත් වහා ම ඔබ ගේ පෞරුෂයෙහි ධන පැත්තට විශාල එකතු වීමක්‌ ඉබේ ම ලැබෙයි. සිත දමනය කරගත් කෙනා පාපයන්ට ගොදුරු වන්නේ කලාතුරකිනි. බොරු කීම, සොරකම් කිරීම, රණ්‌ඩුසරුවල්වලට යැම ආදී දෙයට නිතර සම්බන්ධ වන කෙනාට උසස්‌ පෞරුෂයක්‌ ගොඩනඟා ගැනීම අසීරු ය. එහෙත් දමනය කළ සිතට මේ ප්‍රශ්න නැත. පරමාදර්ශී චර

අයිස්‌ යුගයේ විසූ දැවැන්තයන් ගේ වඳ වී යැමට මිනිසුනුත් වගකිව යුතුයි?

Image
         ප්ලයිස්‌ටොසීන යුගය ලෙස පොදුවේ හඳුන්වනු ලබන අදින් වසර 12000කට පමණ පෙර අවසන් වූ පශ්චාත් චාතුර්ථක යුගයේ (late Quaternary period) අවසන් කාලයේ දී ලෝකයේ විශාල ක්‌ෂීරපායී විශේෂ රැසක්‌ ජීවත් වී තිබේ. ප්ලයිස්‌ටොසීන මහා සත්ත්වයන් (Pleistocene mega fauna) යනුවෙන් පොදුවේ මේ සතුන් අද ද ජීවත් වන ඔවුන්ට ඥාතිත්වයක්‌ ඇති අප දන්නා සතුන්ට වඩා තරමින් විශාල ය. මේ අතරින් වඩාත් ප්‍රකට සත්ත්ව විශේෂය වන්නේ මැමත් ය.  අදින් වසර මිලියන දෙක හමාරකට පමණ පෙර පටන් වසර 12000ක්‌ පමණ පෙර කාලයක්‌ දක්‌වා පැවැති ප්ලයිස්‌ටොසීන භූවිද්‍යාත්මක කාල සීමාවේ දී වරින් වර පැවැති දැඩි ශීතල සහිත දේශගුණයට මේ සත්තු හොඳින් අනුවර්තනය වී සිටිය හ. මේ කාලයේ දී ලෝකයේ දේශගුණයේ බොහෝ විචල්‍යතා සිදු වී තිබේ. වරින් වර ඇති වූ පොදුවේ අයිස්‌ යුගය නම් වන ග්ලැසියර අවධිවලින් (glacial periods) හා වඩා උණුසුම් දේශගුණයක්‌ සහිත වූ අන්තර්ග්ලැසියර අවධි (interglacial periods) යුක්‌ත කාලවලින් මේ යුගය සමන්විත විය. අප අද ගත කරන්නේ ද අන්තර් ග්ලැසියර අවධියකි. ග්ලැසියර අවධි අප මාතෘකා කරගත් පෙර අයිස්‌ යුගයේ සතුන්ට ඉතා යහපත් විය. ඒ එම සතුන් ශීතල තත්ත්වවලට

සෙල්සියස්‌ අංශක දෙකේ ඉලක්‌කයේ රැඳීමට නම්... | දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බව ලෝකයට අමතක වෙමින් තිබේ?

Image
ලෝකයේ අවධානයට ලක්‌විය යුතු නමුත් ඇතැම් වැදගත් පාර්ශ්වවල අවධානයට ලක්‌ව නැති වැදගත් පාරිසරික සමුළුවක්‌ ආරම්භ වීමට තව ඇත්තේ දෙසතියක පමණ කාලයකි. එ වාර්ෂිකව පැවැත්වෙන ජගත් දේශගුණ සමුළුවයි. මේ මාසයේ අග භාගයේ දී දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ දී ආරම්භ වීමට නියමිත මේ සමුළුවේ ප්‍රධානතම අංග වන්නේ එක්‌සත් ජාතින්ගේ දේශගුණ වෙනස්‌වීම පිළිබඳ රාමුගත සම්මුතියේ (UNFCCC) හා කියෝටෝ සන්ධානයේ පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම් ය. අවාසනාවකට මෙන් මේ සමුළුවේ දී එතරම් ඵලදායී ප්‍රයෝජනවත් ප්‍රතිඵලයක්‌ ඇතිවේද යන්න නම් බෙහෙවින් සැක සහිත ය. මෑත කාලයේ දී පැවැති දේශගුණ සමුළුවලින් අත් වූ කිසිදු ප්‍රතිඵලයක්‌ නොමැති තරම් ය. එAවා හුදෙක්‌ සාකච්ඡා වාර පමණක්‌ වූ අතර ඇතැම් විට කල්මැරීම සඳහා යොදාගන්නා උපක්‍රමයක්‌ සේ හැඳින්වුව ද වරදක්‌ නැත. ඇතැම් වැදගත් කරුණු ගැන - හරිතාගාර වායු විමෝචන සීමා කිරීම හා නෛතික වගකීමක්‌ ඇති ගිවිසුමක්‌ ඇති කර ගැනීම වැනි - එකඟතාවයක්‌ ඇති කර ගැනීමට අපහසු වීම මේ තත්ත්වය සඳහා හේතු විය. එහෙත් මේ අතර දේශගුණ වෙනස්‌වීම නිසා ඇතිවන බලපෑම් ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. අපට දිනෙන් දින අසන්නට ලැබෙන්නේ එහි අහිතකර ප්‍රතිඵල ප

පැපිරස්‌ පත්‍රයේ කථාව

Image
ඒ ක්‍රි.පූ. 202 - ක්‍රි.ව. 220 අතර වූ කාලයයි. චීනයට එළඹි තිබුණේ හන් රාජ්‍ය සමයයි. වැදගත් අධිකරණ නිලධාරියකු වූ කායිලුන් අහස උසට ගොඩගැසී ඇති අධිකරණ ලියවිලි දෙස නෙත් යොමාගෙන සිතන්නට ඇත්තේ උණ පතුරු මත ලියෑවුණු මේ ලේඛන මෙයට වඩා පහසු හා බර අඩු ආකාරයෙන් ගබඩා කරන්නේ කෙසේ ද කියා වන්නට ඇත. ක්‍රි.පූ. 1600-1050 දක්‌වා වූ ශැංග් රාජ්‍ය සමයේ මෙන්ම ඉන්පසු රාජ්‍යත්වයට පත් ෂොයු රාජ්‍ය සමයේ ද චීනයේ ලේඛන පවත්වාගෙන ගොස්‌ ඇති බව ද, ඒවා උණ පතුරු මත ලියෑවී ඇති බව ද මේ වන විට ඔබ දන්නවා ඇත. එසේ ම ධනවතුන් "චිහ්" නම් වූ සිල්ක්‌ රෙදි මත ද අකුරු කළ බව මෙහි දී මතක්‌ කළ යුතු කාරණාවක්‌ වන්නේ ය. කායිලුන් විද්වතා අවසානයේ දී පරණ රෙදි කඩමලු, මල්බෙරි ශාක කොටස්‌ එකට තලා, ජලයෙන් අඹරා පල්පයක්‌ වන්නට සකසා, මාළු දැල් මත අතුරා ලෝකයේ පළමු කඩදාසිය ක්‍රි.ව. 105 දී නිර්මාණය කළ බව ඉතිහාසයේ සඳහන් ය. කෙසේ නමුත් ක්‍රි.ව. 2006 දී කරන ලද පුරාවිද්‍යා ගවේෂණවල දී චීනයේ ගන්ෂු ප්‍රදේශයේ µeංග්මැටන්හි දී ක්‍රි.පූ. 179-41 කාලයට අයත් සිතියමක්‌ අඳින ලද කඩදාසි කොටස්‌ හමු වී ඇත. දෙවැනි ශතවර්ෂය වන විට කඩදාසි චීනයේ උගතුන් අත නො ව වෙළෙඳුන්

බුලත් විට සැපීම පිළිබඳ දේශීය වෛද්‍ය දැනුම සහ නූතන අනාවරණ

Image
නාග ලෝකයෙන් ලබා ගත්තේ යෑයි සලකනු ලැබීම මත, බුලත් කොළයේ නාරටියේ විෂ ඇතැයි විශ්වාස කරන හෙයින් නාරටියේ දෙකොන ඉවත් කොට සැපීමට ගැනීම ගැමියන් ගේ සිරිත ය. බුලත් අත මෙන්ම හෙප්පුව ද සිංහල ගෙදරක සංස්‌කෘතික ලක්‌ෂණයෙකි. මඟුල් පෝරුවට, වැඩිහිටියන් ගුරු දෙගුරුන් නැමදීමට බුලත් අත යොදා ගන්නේ මහත් ගෞරව බහුමානයෙනි. බුලත මංගල සංකේතයෙකි. මළ ගෙදරක දී බුලත් වට්‌ටියේ බුලත් කොළ ආ පිට හරවන්නේ ශෝකය පළ කිරීමට සහ අනිත්‍යය මෙනෙහි කිරීමට ය. බුලත් විට සැපීමෙන් මුඛ පිළිකා ඇති වන බවට නූතනයන් අතර පැතිර පවතින මතයනට හේතු වී ඇත්තේ බුලත්වලට ගැනෙන නොයෙකුත් අඩුවැඩිය පිළිබඳව වරින් වර කරන ලද වියුක්‌ත විශ්ලේෂණයන් විය හැකි ය. මේ අතරින් දුම්කොළ භාවිතය බුලත් අතට එක්‌ වූයේ යුරෝපීය යටත්විජිත සමයෙන් පසුව වන අතර දුම්කොළය සැපීම ද දුම්කොළ වගාව ද මනුෂ්‍යයාට හා පරිසරයට හිතකර නො වන බව තේරුම්ගෙන ඇත. එහෙත් පුවක්‌ භාවිතය මඟින් මුඛ සෞඛ්‍යය පිරිහෙන බවට දක්‌වා ඇති නූතන ප්‍රකාශවල වලංගුතාව, දේශීය පාරම්පරික දැනුමට සාපේක්‌ෂව සලකන කල ප්‍රශ්නකාරී බව සඳහන් කළ යුතු ය. මනුෂ්‍යයා ගේ ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලිය සාර්ථකව සිදු වීමට නම් ආහාරය මුඛයේ පට

අපට විපක්‍ෂ වූවෝ හා පක්‍ෂ වූවෝ

Image
බටහිර විද්‍යාව එලෙස හැඳින්වීමට දැන් බොහෝ දෙනා පසුබට නො වන බව පෙනී යයි. ටික කලකට පෙර බටහිර විද්‍යාව හඳුන්වනු ලැබූයේ එක්‌කෝ විද්‍යාව නමින් ය. එසේත් නැත හොත් නූතන විද්‍යාව නමින් ය. විද්‍යාව යන්නෙන් ගම්‍ය වූයේ එනමින් හඳුන්වනු ලැබූ දැනුම් පද්ධතිය හැරෙන්නට අනෙක්‌ දැනුම් පද්ධතීන් විද්‍යාව නො වන බව ය. නූතන විද්‍යාව යන්නෙන් පැරැණි විද්‍යාවන් ද තිබූ බව ගම්‍ය විය හැකි නමුත් භාවිතයේ දී එයින් එවැන්නක්‌ ගම්‍ය නො වී ය. එයින් අදහස්‌ වූයේ නූතනයෙහි, එනම් පසුගිය සියවස්‌ කිහිපයක ඉදිරිපත් කෙරුණු විද්‍යාව ය. නූතනත්වයෙහි විද්‍යාව නූතන විද්‍යාව විය. වෙනත් අදහසක්‌ එයින් ගම්‍ය නො වී ය. නූතන විද්‍යාවට එරෙහි ව පැරැණි විද්‍යාවක්‌ ගැන කතා කළ අයකු ගැන දැනගැනීමට නොහැකි විය. එහෙත් එයින් අදහස්‌ වූයේ වෙනත් දැනුම් පද්ධතීන් නැති බව නො වේ. වෙනත් දැනුම් පද්ධති ගැන මිනිස්‌සු දැන සිටිය හ. අඩු ම තරමෙන් ආයුර්වේදය, සිංහල වෙදකම ගැන සියලු දෙනා ම පාහේ දැන සිටිය හ. ඒ දැනුම් පද්ධතීන් වූ බවට කිසිවකුට සැකයක්‌ තිබිණි යෑයි සිතිය නො හැකි ය. එහෙත් ඒ විද්‍යාත්මක දැනුම, එසේත් නැත්නම් නූතන විද්‍යාත්මක දැනුම නො වී ය. බොහෝ බටහිර වෛද්‍යවරුන්ට

ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොම

Image
එක්‌තරා ගොවියෙක්‌ කිරි මුට්‌ටියක්‌ කදක බැඳගෙන ගමනක්‌ යැමට පිටත් වූයේ ය. අතරමඟ දී ගසක අත්තක වැදී මේ මුට්‌ටිය බිඳිණි. එහෙත් ගොවියා නතර නො වී ඉදිරියට ම ගියේ ය. ඔහුට අතරමඟ දී මිතුරු ගොවියකු හමු විය. කිරි මුට්‌ටිය බිඳී ඇති බව නො දැන මේ තැනැත්තා ඉදිරියට යනවා යෑයි සිතු අනෙකා ඔහුට කතා කර මෙසේ කීවේ ය. "ඔබේ කිරි මුට්‌ටිය බිඳිලා" "මං දැක්‌කා" කිරි මුට්‌ටිය හිමි ගොවියා උත්තර දුන්නේ ය. "ඒත් මං හිතුවෙ ඔබ එය දන්නේ නැහැ කියායි. ඔබේ මුහුණේ කණගාටුවක පෙනුමක්‌ වත් නැහැ නේ. කිසි ම දෙයක්‌ නො වුණ විදිහට නේ ඔබ ඉදිරියට යන්නේ." සිනහවක්‌ පාමින් ගොවියා මෙසේ කීවේ ය. "කිරි මුට්‌ටිය බිඳිල ඉවරයි නෙ. ඒ නිසා ඒ ගැන දුක්‌ වීම නිෂ්ඵලයි. යමක්‌ සිදු වීමෙන් පසු දුක්‌ වීම වැඩකට ඇති දෙයක්‌ නො වෙයි. කිරි මුට්‌ටිය බිඳීමෙන් යම් පාඩුවක්‌ වුණු බව ඇත්ත. මං දුක්‌ වුණා කියල කිරි ආයෙ ලැබෙනව ද? නැහැ නේ. කිරි නැති වීම ස්‌ථිරව ම සිදු වුණා. ඊට අමතරව ඒ ගැන දුක්‌ වෙමින් කාලය නාස්‌ති කළොත් මට තව පාඩු වෙනවා. ඒ නිසා ඒ ගැන දුක්‌ වීම තේරුමක්‌ නැහැ." මේ චීන ජනකතාව අපට කියා දෙන සරල පාඩම නම් යම් පාඩ