අපට විපක්‍ෂ වූවෝ හා පක්‍ෂ වූවෝ
බටහිර විද්‍යාව එලෙස හැඳින්වීමට දැන් බොහෝ දෙනා පසුබට නො වන බව පෙනී යයි. ටික කලකට පෙර බටහිර විද්‍යාව හඳුන්වනු ලැබූයේ එක්‌කෝ විද්‍යාව නමින් ය. එසේත් නැත හොත් නූතන විද්‍යාව නමින් ය. විද්‍යාව යන්නෙන් ගම්‍ය වූයේ එනමින් හඳුන්වනු ලැබූ දැනුම් පද්ධතිය හැරෙන්නට අනෙක් දැනුම් පද්ධතීන් විද්‍යාව නො වන බව ය. නූතන විද්‍යාව යන්නෙන් පැරැණි විද්‍යාවන් ද තිබූ බව ගම්‍ය විය හැකි නමුත් භාවිතයේ දී එයින් එවැන්නක් ගම්‍ය නො වී ය. එයින් අදහස් වූයේ නූතනයෙහි, එනම් පසුගිය සියවස් කිහිපයක ඉදිරිපත් කෙරුණු විද්‍යාව ය. නූතනත්වයෙහි විද්‍යාව නූතන විද්‍යාව විය. වෙනත් අදහසක් එයින් ගම්‍ය නො වී ය. නූතන විද්‍යාවට එරෙහි ව පැරැණි විද්‍යාවක් ගැන කතා කළ අයකු ගැන දැනගැනීමට නොහැකි විය.
එහෙත් එයින් අදහස් වූයේ වෙනත් දැනුම් පද්ධතීන් නැති බව නො වේ. වෙනත් දැනුම් පද්ධති ගැන මිනිස්‌සු දැන සිටිය හ. අඩු ම තරමෙන් ආයුර්වේදය, සිංහල වෙදකම ගැන සියලු දෙනා ම පාහේ දැන සිටිය හ. ඒ දැනුම් පද්ධතීන් වූ බවට කිසිවකුට සැකයක් තිබිණි යෑයි සිතිය නො හැකි ය. එහෙත් ඒ විද්‍යාත්මක දැනුම, එසේත් නැත්නම් නූතන විද්‍යාත්මක දැනුම නො වී ය. බොහෝ බටහිර වෛද්‍යවරුන්ට එය මිථ්‍යාවක් විය. එහෙත් සිංහල වෙදකමෙන් ද රෝග සුව වන බව බටහිර වෛද්‍යවරු ද දැන සිටිය හ. එයින් යම්කිසි ආකාරයක ප්‍රයෝජනයක් සිදු වන බව ද ඒ වෛද්‍යවරුන් නො දැන සිටියා නො වේ.
අද බටහිර විද්‍යාව ගැන වෙනත් දෙයක්, එනම් එහි ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්, වෙනත් දැනුම් පද්ධතියක නැති සත්‍යයක් ආදී වශයෙන් විශේෂයක් තිබීමක් ගැන කතා කළ නො හැකි ඇතැම් බටහිර විද්‍යාඥයෝ එහි ඇති ප්‍රයෝජ්‍යතාව, විශ්වසනීයත්වය ගැන කතා කිරීමට පෙලඹී සිටිති. එහෙත් ඔවුන් නො දැන සිටිය ද පැරැණි සමාජයෙහි වාසය කළ අය ඒ සමාජයෙහි දැනුමෙහි තිබූ ප්‍රයෝජ්‍යතාව ගැන දැන සිටිය හ. එමෙන් ම ඒ පිළිබඳ විශ්වාසයක් ද ඇති කරගෙන සිටිය හ. එසේ නො වන්නට ඒ දැනුම් පද්ධතීන් අදට ද ඉතිරි වී ඇත්තේ කෙසේ ද?
අද ඒ දැනුම් පද්ධතීන් බටහිර දැනුම පසුපස ඇති ආකාරයට දේශපාලන බලයක් ද නැත. දේශීය කෘෂිකර්මය ගැන අදාළ ඇමැතිවරයා ද කතා කරන්නේ නමට පමණකි. බටහිර කෘෂිකර්මයට එරෙහි ව ඇමැතිවරයාට කළ හැකි විශේෂිත කාර්යයක් ද නැත. අද ආධිපත්‍යය ඇත්තේ බටහිර කෘෂි විද්‍යාවට මිස දේශීය ගොවිකමට නො වේ. බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙන් ගලා එන මේ ආධිපත්‍යයට එරෙහි ව දුර්වල ඇමතිවරයකුට කළ හැකි කාර්යය කුමක් ද? දේශීය වෙදකම ද (ආයුර්වේදය ද ඇතුළත් ව) එසේ ම ය. 1956න් පසු දේශීය, ඇත්තට ම සිංහල වෙදකමට වඩා ආයුර්වේදයට ඊනියා වැදගත්කමක් දීමට ආණ්‌ඩු කටයුතු කළේ ය. අද දේශීය වෙදකම පිළිබඳව වෙන ම ඇමැතිවරයෙක් වෙයි. එහෙත් මෙරට වැසියන් 1956 දීට වඩා අද දේශීය වෙදකමට නැඹුරු වී තිබේ යෑයි කිව හැකි ද?
1956 දී සිංහල වෙදකමට තිබූ වැදගත්කම අද එයට නැත. අඩු ම තරමෙන් ආයුර්වේදයට වත් නැත. එදා ලංකාව පුරා ගම්පහෙන් බිහි වූ ආයුර්වේද වෛද්‍යවරු විසිරී සිටිය හ. ඒ වෛද්‍යවරුන් හඳුන්වනු ලැබුයේ ගම්පහ වෙදමහත්වරුන් නමිනි. අද යක්‌කලින් බිහි වන වෛද්‍යවරුන් ඇත්තේ කොහේ ද? ඔවුන් තැන තැන විසිරී ඇති බව කවුරුත් දනිති. මෙහි දී අපට ප්‍රශ්නය වන්නේ එය නො ව ඔවුන් ගේ අනන්‍යතාවය ය. ප්‍රතිශතයක් ලෙස ගත හොත් අද ගම්බදව ද වැඩි පිරිසක් බටහිර වෛද්‍යවරුන් වෙත යන බව රහසක් නො වේ. මේ සම්බන්ධයෙන් ඇතැම් බටහිර වෛද්‍යවරුන් විසින් කරන ලද සමීක්‍ෂණවල ප්‍රතිඵල ද වෙයි.
පාසල් පද්ධතිය හා ජනමාධ්‍ය ඔස්‌සේ බටහිර දැනුමේ ප්‍රබලත්වය ගැන මිථ්‍යාවක් සමාජය ඔස්‌සේ වපුරද්දී, බටහිර ක්‍රිස්‌තියානි සංස්‌කෘතික ආධිපත්‍යයට යට වූ රටක මෙරට දේශීය වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට ඇති ආයතන ද ක්‍රමයෙන් බටහිරකරණයට ලක් වෙයි. මෙරට උසස් අධ්‍යාපන ඇමැති දේශීයත්වයක් ගැන එතරම් දෙයක් දන්නා බවක් පෙනෙන්නට නැත. ඔහු දන්නේ ඉංගිරිසියෙහි හා තොරතුරු තාක්‍ෂණයෙහි ඇති වැදගත්කම ය. 1956න් පසුව මෙරට ඇතැම් ඇමැතිවරුන් අතර නො වූවත් ජනතාව අතර ජනවාර්ගික වශයෙන් ගත් කල ජාතිකත්වය පිළිබඳ හැඟීමක් අද වන විට වර්ධනය වී තිබුණ ද, බොහෝ දෙනා පැරැණි සිංහලයන් ගේ වාරි තාක්‍ෂණය හා දාගැබ් කර්මාන්තය ගැන ආඩම්බරයෙන් කතා කළ ද, දැනුම් සම්බන්ධයෙන් ගත් කල අද අපි එදාට වඩා බටහිර ගැත්තන් බවට පත් වී සිටින්නෙමු.
එහෙත් ඒ සියලු බාධක මධ්‍යයෙහි ද අදත් ජනතාව ගෙන් යම් කොටසක් දේශීය වෛද්‍යවරුන් ගේ පිහිට පතා යන්නේ ඒ වෙදකමෙහි ඇති ප්‍රයෝජ්‍යතාව නිසා පමණක් නො ව ඒ පිළිබඳ ඇති විශ්වාසය ද නිසා ය. දේශීය වෙදකමට අද ඇති තවත් බාධක මහත් රාශියකි. කලක් කොළඹ වෛද්‍ය පීඨයෙහි ඉගැන්වූ මහාචාර්යවරයකු තම දේශනවල දී කියා ඇත්තේ ඇතැම් රෝග සුව කළ නොහැකි බවත්, ඇතැම් රෝග නිසි ප්‍රතිකාර දීමෙන් සුව කළ හැකි බවත්, තවත් රෝග කිසිදු ප්‍රතිකාරයක් නැති වත් සුව වන බවත් ය. ඔහුට අනුව ආයුර්වේදයෙන් සුව වන්නේ කිසිදු ප්‍රතිකාරයක් නැති ව වුව ද සුව වන රෝග ය. ආයුර්වේදයේ ප්‍රයෝජ්‍යතාව ගැන ඔහුට ඇත්තේත් ඔහු බටහිර වෛද්‍යවරුන්ට දී ඇත්තේත් එවැනි අදහසකි. එහි තේරුම අන් කිසිවක් නො ව ආයුර්වේදය මිථ්‍යාවක් පමණක් බව ය. බටහිර විද්‍යාව පිළිබඳ එතරම් දැනුමක් නැති ව වුව ද බටහිර වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු (බටහිර වෛද්‍ය විද්‍යාව යනු බටහිර දැනුම් වර්ගීකරණය අනුව තාක්‍ෂණයක් මිස විද්‍යාවක් නො වේ) එවැනි අදහස් පවසන්නේ බටහිර දැනුමේ දාසයන් වීම නිසා බව පැහැදිලි ය. එවැනි විෂම මත අධිපති මතවාදය බවට පත් වී තිබිය දීත් තවමත් යම් පිරිසක් දේශීය වෛද්‍යවරුන් වෙත යන්නේ ඒ දැනුමෙහි ප්‍රයෝජ්‍යත්වය නිසා ය. අනෙක් අතට බොහෝ විට ඒ නිසා ම ඇති වන විශ්වසනීයත්වය නිසා ය.
බටහිර විද්‍යාව ගැන අද වෙනත් දෙයක් කීමට නැති ව හුදෙක් ප්‍රයෝජ්‍යත්වය හා විශ්වසනීයත්වය ගැන කතා කරමින් දේශීය දැනුම මිථ්‍යාවක් බව ප්‍රචාරය කරන අයට පැවසීමට ඇත්තේ බටහිර දැනුමේ ආධිපත්‍යය හමුවේ වුවත් මෙරට තවමත් යම් පිරිසකට දේශීය දැනුමෙහි ඇති ප්‍රයෝජ්‍යත්වය ගැන දැනුමක් ඇති බවත් ඒ පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති බව පමණක් නො ව සුළු පිරිසකට වුවත් බටහිර දැනුමේ අයහපත් බව ගැන යම් අවබෝධයක් ඇති බවත් ය. බටහිර දැනුම හා තාක්‍ෂණය හේතු කොටගෙන අද රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගය වැළඳී දහස් ගණන්a ජනතාව මිය යති. මේ රෝගයට ප්‍රධාන හේතුව බටහිර කෘෂි විද්‍යාව මත පදනම් ව ගොවීන් කෘෂි රසායන ද්‍රව්‍යවලට පුරුදු කිරීම ය. කෘෂි රසායනවල ඇති ආසනික් රජරට ප්‍රදේශවල ඇති පස හේතුවෙන් කිවුල සහිත ජලයට මිශ්‍ර වී රජරට වකුගඩු රෝගය ඇති කරන බව අද රහසක් නො වේ. මෙරට බටහිර වෛද්‍ය විද්‍යාවේ චර්ම රෝග පිළිබඳ විශේෂඥවරු රජරට වකුගඩු රෝගීන්ට ආසනික් විෂවිම පිළිබඳ සාක්‍ෂි දරති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කෘෂි රසායනවල ඇති ආසනික් වුව ද එය එක ම හේතුව නො වේ. රජරට ඇති කුඹුරු පස නමින් හැඳින්වෙන පස හා කිවුල් ජලය නො වන්නට ආසනික් කෘෂි රසායන මඟින් පැතිරී ගිය ද මේ රෝගය නො වැළඳෙයි.
බටහිර විද්‍යාවෙන් වී ඇති එක ම හානිය රජරට වකුගඩු රෝගය වැළඳී අහිංසකයන් දහස් ගණනින් මිය යැම නො වේ. පරිසර හානිය, වෙනත් රෝග ද පැතිර යැම, මිනිසුන් සිත් පිත් නැති රොබෝ බවට පත් කිරීමට දරන උත්සාහය ද ඒ අතර වෙයි. බටහිර දැනුම බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙන් වෙන් කළ හැකි නො වේ. බටහිර දැනුමට හා බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට පරිසරය රැකගත හැකි නො වේ. බටහිරයන්ට අද කිසි ම ප්‍රශ්නයකට දුරදිග යන පිළිතුරක් දිය හැකි නො වේ. ඔවුනට අද කළ හැක්‌කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. පරිසර කළමනාකරණය අද ශබ්දකෝෂයට එකතු වී ඇත්තේ එබැවිනි.
අනෙක් බොහෝ දැනුම් පද්ධතීන් අවුරුදු දහස් ගණනක් පැවතී ඇත. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී ආධිපත්‍යය නො වන්නට ඒ දැනුම් පද්ධති තවත් බොහෝ කල් පැවතීමට ඉඩ තිබිණි. අද ඒ දැනුම් පද්ධති බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි ආධිපත්‍යයට හසු වී මියෑදෙමින් පවතියි. අපට බටහිර දැනුම් පද්ධතිය ගැන කිව හැක්‌කේ කුමක් ද? එයට අවුරුදු දහස් ගණනක් පැවතිය හැකි ද? කිසිසේත් ම නැත. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය විසින් මුළු ලෝකය ම විනාශයට ඇදගෙන යමින් පවතියි. අද අපට බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි ආධිපත්‍යය පරාජය කිරීමට තරම් දේශපාලන හෝ ආර්ථික හෝ ශක්‌තියක් නැත. අප එය පිළිගත යුතු ය. එහෙත් එයින් කියෑවෙන්නේ අප කිසිවක් නො කර සිටිය යුතු බව නො වේ. අපි අපේ දැනුම් පද්ධතිය වර්ධනය කරගන්නා අතර එය මහජනතාවට ද නොයෙකුත් බාධක හමුවේ නමුත් බෙදාහැරීමට කටයුතු කරමු. එහෙත් ඒ අතර ස්‌වභාවධර්මය හා බටහිර දැනුමේ පරස්‌පර විසින් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය පරාජය කරනු ලැබීම බලා සතුටු වෙමු.
බටහිර දැනුමේ දාසයන්ට අමතර ව අප සමඟ සිටින්නේ යෑයි අඟවමින් අපට පහර ගසන්නෝ ද වෙති. ඇතැමුන් අප විවේචනය කරන්නේ අප මෙහි දී ආගම්වලට පහර ගසන්නේ යෑයි කියමිනි. ඔවුහු තම වෙබ් අඩවිවල ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නො වීමට අපට උපදෙස් දෙති. එහෙත් එහි කිසිදු සත්‍යයක් නැත. අප යුදෙව් ක්‍රිස්‌තියානි ආදී වශයෙන් යොදාගන්නේ සංස්‌කෘතිකාර්ථයකින් මිස ආගමිකාර්ථයකින් නො වේ. එහෙත් ඇතැම්හු ඒ බව නො දනිති. නැත හොත් නො දන්නා බව අඟවති. මේ අතර ඇතැම්හු අපට පහර ගැසීමට බලාපොරොත්තු වන්නේ අප බෞද්ධයන් නො වන බව කියමිනි. අපි කිසි ම ආකාරයක ආත්මවාදීහු නො වෙමු. අඩු ම තරමෙන් දැනුම සම්බන්ධයෙන් වත් ආත්මවාදීහු නො වෙමු. කාලය යන්න පඤ්ඤත්තියක් පමණක් වන කල ක්‍ෂණයක් යනුවෙන් වාස්‌තවික වූ කාල අන්තරයක් ඇතැයි ගැනීමට අපි විරුද්ධ වෙමු. අපේ දැනුම පිළිබඳ දැනුමේ එක් මුල් ගලක් වනුයේ සංකල්පීය වූ සියලු දැනුම් සාපේක්‍ෂ බවත් ඒ නිර්මාණය කරන බවත් සංකල්පීය ලෝකය ඒ හේතුවෙන් ම ශූන්‍ය වන බවත් ය. ඒ අතර බුදුදහමේ සඳහන් වවන නිවන, අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ආදිය සංකල්ප නො වන බව අපි කියා සිටිමු. සංකල්පීය දැනුම තර්කයෙන්, ලෞකික අත්දැකීමෙන් ලබාගත හැකි වුවත් අනිත්‍ය ආදී නිර්සංකල්පීය දැනුම එසේ ලෞකික ක්‍රම භාවිතයෙන් ලබාගත නොහැකි බවත් අපි කියා සිටිමු. එක් ක්‍ෂණයකට වුවත් පවතින ඊනියා වාස්‌තවික යථාර්ථයක් වූ ධර්ම නැති බවත් එසේ පවතින්නේ යෑයි කියන දහමක් වේ නම් ඒ ආත්මවාදී බවත් අපි පවසමු.
අපත් සමඟ සිටින්නේ යෑයි බොරුවට කියමින් අප විවේචනය කරන්නන්ට එතරම් නිරවුල් දැනුමක් නැති බවත් ඒ බොහෝ දෙනාට දේශපාලන හෝ පෞද්ගලික හෝ න්‍යාය පත්‍ර ඇති බවත් අපි දනිමු. පොපර් ගේ අසෙත්‍යක්‍ෂණය (ෙaකිසසෙජ්එසදබ) හෙවත් අසත්‍යකරණයට ලක් කිරීම ගැන මෙලෝ හසරක දැනුමක් නැති ව ඒ ගැන ලියන්නන් මෙන් ම සංස්‌කෘතිකාර්ථයකින් හෝ වෙනත් අර්ථයකින් හෝ සාපේක්‍ෂ වීමක් ගැන කතා නො කර අපේ විද්‍යාවක් ගොඩනැඟීම ගැන ලියන්නන් ගෙන් ද අවසානයේ දී සිදු වනු ඇත්තේ බටහිර දැනුමට දාසකම් කිරීම පමණකි.
මහාචාර්ය නලින් ද සිල්වා