අවදියෙන් සිටිය දී තරම් ම අවධානයෙන් සිදු කරන නින්දෙන් ඇවිදීම

අවදියෙන් සිටිය දී තරම් ම අවධානයෙන් සිදු කරන නින්දෙන් ඇවිදීම 

පසුගිය දා ආන්දොaලනයට ලක්‌ වූ පුවතක්‌ වූයේ කරුවලගස්‌වැව දිනිති නම් දැරිය කිලෝමීටර් 15ක්‌ තරම් දුරක්‌ කැළයක්‌ තුළට ඇවිද ගොස්‌ තිබිය දීත් ඇයට කුඩා සීරීමක්‌ වත් සිදු නො වීමේ සිද්ධියයි. ඇය කැළයක ගමන් කර තිබුණා පමණක්‌ නො ව දිය කඩිත්තකින් ද ගොඩ වී තිබිණි.

මේ සම්බන්ධව විවිධ මත පළ ව ඇති අතර මෙවැනි සිදුවීමකට නින්දෙන් ඇවිද යැමේ චර්යාවෙහි සම්බන්ධයක්‌ තිබේ ද යන්න පිළිබඳව විමසීම මේ ලිපියෙහි අරමුණ වේ. නින්දෙන් ඇවිදීම බොහෝ විට දක්‌නට ලැබෙන්නේ කුඩා දරුවන් තුළ වීමත් ඇතැම් දරුවන් දැස්‌ විවර කරගෙන ම නින්දෙන් ඇවිදීමේ සිදුවීම් පවා වාර්තා වී ඇති බැවිනුත් මෙවැනි විමසීමක්‌ සිදු කිරීම කාලෝචිත විය හැකි ය. කෙසේ වෙතත් කුඩා දරුවන්ට පමණක්‌ සීමා නො වී වඩිහිටියන් ගේ නින්දෙන් ඇවිදීමේ චර්යාවන්ට අදාළ සිදුවීම් ද මෙහි ඇතුළත් කර ඇත.

මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ දී නින්දෙන් ඇවිදීම (Sleepwalking) හඳුන්වන්නේ Somnambulism හෝ Noctambulism ලෙසිනි. එය සිංහලෙන් නිද්‍රdටනය ලෙස ද හැඳින් වේ.

මෙය Parasomnia‌ රෝග කුලයට අයත් නිද්‍රd සංකූලතාවක්‌ ලෙස විස්‌තර කෙරේ. නින්දෙන් ඇවිදීමේ ස්‌වරූපය අනුව එය සරල හෝ සංකීර්ණ විය හැකි ය. නින්දෙන් ඇවිද ගොස්‌ මිනී මරන අය ගැන ද වාර්තා වන මුත් හැම විට ම එවැනි ගැටලු සහගත තත්ත්ව මතු වන්නේ නැත.

සමහර නිවෙස්‌වල රාත්‍රියේ දී තෙත සහිත පාපිස්‌සක්‌ තබනු ලැබේ. එසේ කරන්නේ නින්දෙන් ඇවිදින කෙනකු ගෙදර සිටින අවස්‌ථාවල දී ය. එහි දී වතුර ස්‌පර්ශ වීම නිසා ඇවිදින්නා අවදි වනු ඇතැයි උපකල්පනය කෙරෙයි. සමහරුන් නින්දෙන් ඇවිද යැම පමණක්‌ කරන අතර තවත් සමහරුන් නින්දෙන් ම කෑම පිසීම, වාහන පැදවීම වැනි ක්‍රියා පවා කරති. (මෙය සිහිනයක්‌ දැකීමක්‌ නො ව සැබැවින් ම නිදි යහනෙන් බැහැරට පැමිණ ඒ ක්‍රියාවල නිරත වීමකි).

බොහෝ විට මේ නින්දෙන් ඇවිදීමේ යෙදෙන අය තමන් නින්දේ පසු වෙමින් කරන මේ ක්‍රියා ගැන නො දනිsති. සමහරුන්ට පමණක්‌ ඉතා සුළු මතකයක්‌ මේ ගැන ඇත.

නින්දෙන් ඇවිදීමේ ක්‍රියාව තත්පර 30ක්‌ වැනි ඉතා කෙටි කලකට සීමා වන අවස්‌ථා මෙන්ම පැයක්‌ දෙකක්‌ දක්‌වා දිගු වන අවස්‌ථා ද ඇත.

නින්දෙන් ඇවිදීම හෙවත් නිද්‍රdටනය සඳහා හේතු රැසක්‌ පවතී. ඉන් පළමුවැන්න ප්‍රවේනියයි. (මවුපියන් ගෙන්). දෙවැන්න නින්ද සම්බන්ධ වෙනත් රෝගවල බලපෑම ය. තුන්වැන්න මානසික ගැටලු ය.

උරුමයෙන් එන නිද්‍රdටන කරුමය

මවුපියන් ගෙන් දරුවන්ට නිද්‍රdටනය උරුම වීමේ 45%ක පමණ ඉඩක්‌ තිබේ. සමහර විට, දෙදෙනා ම නිද්‍රdටනයෙන් පෙළෙයි නම් දරුවකුට එය උරුම වීමට 60%ක පමණ ඉඩක්‌ ඇත.

නිද්‍රdටනය යනු ඉතා ම හානිකර තත්තවයකි. මන්ද යත් එනිසා කෙනකු ගේ ජීවිතය අවදානමේ වැටෙන්නට ද ඉඩ ඇති හෙයිනි. මේ හානිකර තත්ත්වය පරම්පරාවෙන් උරුම වන බව JAMA Pediatrics ජර්නලයෙහි නවතම කලාපයේ පළ වන ලිපියකින් ද හෙළි වේ. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ කැනඩාවේ මොන්ට්‌රියල්හි Du Sacre රෝහලේ වෛද්‍ය Jacques Montplaisir ඇතුළු පිරිස විසිනි. මේ අධ්‍යයනය සඳහා පර්යේෂකයන් ළමයින් 1940 දෙනකු ගේ දත්ත රැස්‌කොට තිබේ. මේ දරුවන් 1997 හා 1998 යන වසරවල දී උපත ලද අය වූ අතර අධ්‍යයනය සිදු කරන ලද්දේ 1999 සිට 2011 දක්‌වා වූ කාලය අතර දී ය. මේ දරුවන් ගෙන් නිද්‍රdටන තත්ත්වය පෙන්නුම් කළ දරුවන් ගැන තොරතුරු මවුපියන්ට ලබා දුන් ප්‍රශ්නාවලියක්‌ මගින් හා සායනික වාර්තා මගින් ලබාගන්නා ලදී. ඉන්පසු ඒ දරුවන් ගේ මවුපියන් ගේ නිද්‍රdටනයට අදාළ වෛද්‍ය ඉතිහාසය ගැන ද පිරික්‌සන ලදී. එවිට පෙනී ගියේ මවුපියන් ගෙන් එක්‌ අයකු හෝ නින්දෙන් ඇවිදින අය නම් එවැනි මාපියකු ගේ දරුවකු නිද්‍රdටනයට ගොදුරු වීමේ සම්භාවිතාව අන් අයට සාපේක්‌ෂව තුන් ගුණයකින් පමණ ඉහළ බවයි. එසේ ම මවුපියන් දෙදෙනා ම නින්දෙන් ඇවිදීමේ යෙදුණු අය නම් එම අගය හය ගුණයක්‌ වේ.

මේ අධ්‍යයනයේ දී පෙනී ගිය තවත් දෙයක්‌ වූයේ වයස අවුරුදු 2ත් 4ත් අතර කාලයේ දී නිශා බිය (Night Teror) නමැති තත්ත්වයට ගොදුරු වූ අය ගෙන් 35%ක්‌ පමණ ම වයස අවුරුදු 5 දී පමණ නිද්‍රdටනයට ද ගොදුරු වී තිබූ බවයි. නිශා බිය යනු රාත්‍රිsයේ දී නින්ද තුළ දී ම බියට පත් වීමේ සංකූලතාවයකි. සමහර විට ඉතා දිගු වෙලාවක්‌ මේ බියපත් වීම පවතී.

මීට කෙටි කලකට පෙර ලන්ඩනයේ ඇට්‌කින්සන් මෝට්‌ලි රෝහලේ මනෝවිද්‍යා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ඒ. එච්. ක්‍රිස්‌ප් විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී ගියේ නිශා බියට ගොදුරු වන දරුවන් ගෙන් සැලකිය යුතු පිරිසක්‌ නිද්‍රdටනයෙන් පෙළෙන බවයි.

දිනිති දැරියගේ කතාවේ දී බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියේ කුඩා දැරියක මේ තරම් දුරක්‌ තනි ව ඇවිද යන්නේ කෙසේ ද යන්න ය. දැරිය ගේ ගැටලුව සම්බන්ධ නිsරවද්‍ය තොරතුරු තවම හෙළි වී නැතත් නිද්‍රdටනයට ගොදුරු වූ අය සාමාන්‍ය ජීවීතයේ දී නො කරන දේ නිද්‍රdටනයේ දී කරන බව පෙනේ.

මීට සති කීපයකට පෙර 39 හැවිරිදි ඇමෙරිකානු කතක්‌ පාන්දර 1.30ට නින්දෙන් ම මුහුදු වෙරළට ඇවිද ගිය පුවතක්‌ ඇමෙරිකාවෙන් වාර්තා විය.

එම කාන්තාව හෝටලයේ සිට වෙරළ දක්‌වා වූ මෙගහි ඇති පාෂාණමය පඩි පෙළ තනි ව ම නැග ගියේ කෙසේ ද යන්න බොහෝ දෙ නාට ප්‍රශ්නයක්‌ විය. මන්ද යත් ඊට පෙර ඇය එම පඩිපෙළ සැමියා ගේ සහාය නොමැති ව නගින්නට අසමත් වී සිටි බැවිනි.

මෙවැනි තවත් සිද්ධියක්‌ බ්‍රින්හැම්ප්ටන්වලින් වාර්තා විය. එහි පදිංචිකාරියක වන කෙලී ජැක්‌සන් නැමැති 26 හැවිරිදි තරුණිය රාත්‍රිsයේ නින්දෙන් ම සිය මිනිකුවර් රථය පවා ගෙන ගොස්‌ තිබිණි. එය අනතුරුකට බඳුන් වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇයට පාදයක්‌ ද අහිමි විය. මෙහි පුදුමසහගත දෙය වන්නේ ඇය නින්දෙන් සැලකිය යුතු දුරක්‌ අනතුරක්‌ සිදු කර නො ගෙන රිය පදවා තිබීමයි. තව ද සිදු වූ අනතුර පවා සිදු වී තිබුණේ අනෙක්‌ පැත්තෙන් ආ රියදුරා ගේ වරදිනි.

මොළයේ GPS නින්දේ දීත් වැඩ

දිනිති ගේ සිද්ධියේ දී බොහෝ දෙනා විමසූ පැනයක්‌ වූයේ මේ දැරි කටු අකුල් ආදිය මගහැර ගමන් ගත්තේ කෙසේ ද යන්නයි. නින්දෙන් ඇවිදින්නන් බොහෝ විට තම මාර්ගවල අතරමඟ හමු වන බාධක මගහැර ඉතා හොඳින් ගමන් කරන බව වාර්තා වී ඇත. ඔවුනට එසේ කරන්නට හැකියාව ඇත්තේ කෙසේ ද?

නින්දේ දී පවා කෙනකු ගේ මොළයේ GPS පද්ධතිය (GPS චන්ද්‍රිකා තාක්‌ෂණයෙන් යනෙන ඉසව්ව සොයාගත හැකිවාක්‌ මෙන්) ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව නවතම අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. මේ අධ්‍යයනය මෙහෙයවනු ලැබ ඇත්තේ නිව්යෝක්‌හි ලැන්ගොන් වෛද්‍ය මධ්‍යස්‌ථානයේ මාහාචාර්ය Gyorgy Buzsalci ඇතුළු පිරිස විසිනි. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු Nature Neuroscience ජර්නලයෙහි පළ වී තිබේ. ඔවුන් තම අධ්‍යයනය සිදු කළේ මීයන් ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඔස්‌සේ ය. අප ගේ මොළය ස්‌වාභාවිකව ම GPS හා සමාන ක්‍රමයකින් ක්‍රියාත්මක වන බව හෙළි කරගන්නා ලද්දේ නෝවීජියානු පර්යේෂකයන් වන Edward Moser, Mary Moser විසින් හා බ්‍රිතාන්‍ය ඇමෙරිකානුවකු වන John Okeefer විසිනි. මේ තිදෙනාට ඒ වෙනුවෙන් 2014 වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ද හිමි විය.

මෑතක දී ස්‌ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යා හා චර්යා විද්‍යා මහාචාර්ය Maurice Ohayon විසින් කරන ලද අධ්‍යයනවල දී පෙනී ගියේ ඇමෙරිකානුවන් ගෙන් 30%ක්‌ පමණ ම ජීවිතයේ කුමන හෝ අවස්‌ථාවක දී නිද්‍රdටනයෙන් පීඩා විඳ ඇති බවයි. මේ අධ්‍යයනය සඳහා පුද්ගලයන් 20,000ක ගේ පමණ දත්ත භාවිත කරන ලදී. මේ අධ්‍යයනයේ දී සොයාගත් තවත් වැදගත් කරුණක්‌ වූයේ නිද්‍රdටනය හා විෂාදය අතර ඇති සමීප සබඳතාවයි. විෂාදය පවත්නා අය එසේ නො වන අය මෙන් 3.5ක ගුණයකින් නින්දෙන් ඇවිදින බව මේ අධ්‍යයනය හෙළි කර තිබේ.

2014 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්‌සත් රාජධානියේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් කරන ලද අධ්‍යයනයක දී පෙනී ගියේ සැම එක්‌සත් රාජධානි (බ්‍රිතාන්‍ය) වැසියන් 10 දෙනකු ගෙන් එක අයකු ම නින්දෙන් ඇවිදින්නකු බවයි.

නිද්‍රdටනයට ගොදුරු වූවන් සොෘඛ්‍යමය හා සාමාජීය වශයෙන් දැඩි ලෙස පිරිහීමට ගොදුරු වීමට ඉඩ ඇති බව ඇමෙරිකානු නිද්‍රd වෙද්‍ය ආයතනයේ මහාචාර්ය Yues Dauvillers විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී යයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු SLEEP ජර්නලයෙහි පළ වෙයි.

මේ අධ්‍යයනය සඳහා නිද්‍රdටනය පෙන්වන පුද්ගලයන් 100ක ගේ දත්ත භාවිත කර තිබිණි. එහි දී පෙනී ගියේ නිද්‍රdටනයෙන් පෙළෙන අය එම රෝගය හේතු කොටගෙන වෙනත් සෞඛ්‍ය ගැටලුවලට මැදි ව ඇති බවත් එසේ ම සාමාජීය කොන්වීම්වලට ලක්‌ ව ඇති බවත් ය.

එසේ ම එය ඇතැම් මානසික සංකූලතාවන්හි රෝග ලක්‌ෂණ ලෙස ද මතු වේ. මහාචාර්ය මොරිස්‌ ඔහායන් විසින් කරන ලද අධ්‍යයනවලින් නිද්‍රdටනය හා විෂාදය අතර සබඳතාවක්‌ ඇතැයි පෙනී ගිය බව ඉහත සඳහන් විය.

විෂාදයට මෙන්ම භින්නොන්මාදය, හිස්‌ටීරියාවට හා Anxiety Neurosis යන රෝගවලට ගොදුරු වූවන් වැඩි වශයෙන් නිද්‍රටනයට ද ගොදුරු වන්නට ඉඩ ඇති බව මහාචාර්ය JE Orme ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. එම අධ්‍යයනය ගැන තොරතුරු Acta Psychiatrica හි පළ විය.

දිනිති දැරිය වැඩිදුර වෛද්‍ය පරීක්‌ෂණ සඳහා යොමු කර ඇති බව මාධ්‍ය වාර්තාවල පළ වූ නමුත් ආචාරධර්මීය හේතු මත දැරිය ඉහත සඳහන් ආකාරයේ සෞඛ්‍ය තත්ත්වයන් ගෙන් පෙළුණේ ද නැති ද යන්න ජනමාධ්‍යයකින් හෙළි කිරීම නුසුදුසු ය යන්න වෛද්‍ය මතය වේ.

චර්යාත්මක වෙනසක්‌ සඳහා බලපෑ හැකි තවත් හේතු සම්බන්ධව විදුසර හා අදහස්‌ දක්‌වා සිටි රිඡ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා කියා සිටියේ අපස්‌මාරය, එන්සෙෆලයිටිස්‌, මෙනින්ජයිටිස්‌ වැනි මොළය ආශ්‍රිත රෝග තත්ත්වයන්වල දී මොළයට ඇති වන බලපෑම් හේතුකොට ගෙන ද චර්යාත්මක වෙනස්‌කම් ඇති විය හැකි බවයි. මුල් අවධියේ දී ම හඳුනාගෙන ප්‍රතිකාර නො කළ හොත් මේ ඇතැම් රෝග කල් පවත්නා චර්යාත්මක ගැටලු සඳහා හේතු විය හැකි බව ද වෛද්‍ය වික්‍රමාරච්චි පවසයි.

කෙසේ හෝ වේ වා දිනිති දැරිය ගේ සිදුවීම මුල සිට ම බැර වන්නේ ගුප්ත සිදුවීම්වලට බව එම සිදුවීම ආශ්‍රිත ජනමාධ්‍ය වාර්තා අනුව පෙනෙයි. ගුප්ත බලවේග සම්බන්ධයෙන් පොදු ජනයා ගේ පොදු අත්දැකීම නම්, සැම විට ම නිවැරැදි ප්‍රතිඵල ලබා දෙන බවට සහතිකයක්‌ ඒවායෙහි නැති බවයි. එබැවින් මෙවැනි සිදුවීමක්‌ පසුපස ඇති විද්‍යාත්මක හේතු විමර්ශනය නො කර ගුප්ත බලවේගවලට ම පවරා බලා සිටීම එතරම් ප්‍රඥ ගෝචර නො වේ. විශේෂයෙන් ම විවිධ ගුප්ත හැකියාවන් ඇති බව කියාපාමින් ජනතාව සූරා කන වංචනිකයන් මෙරට අනන්තවත් සිටින බව අප අමතක කළ යුතු නැත. මේ එක්‌ සිදුවීමක්‌ මිනුම් දණ්‌ඩ ලෙස ගෙන එවැනි අය වඩ වඩාත් තම මඩිය තර කරගැනීමට මාන බලනු ඇත. එය ජනතාව කොල්ලකෑමක්‌ ම මිස අන් කිසිවක්‌ නො වේ. මෙවැනි සිදුවීමක්‌ දෙස වෙනත් කෝණවලින් ද බැලීමට ජනතාව පුරුදු විය යුත්තේ එබැවිනි.

එච්. පී. සේරසිංහ

Popular posts from this blog

පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත අත්දැකීමක්!

සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් - Seattle (1854)

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2