ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 02

ජීවිතයේ අරුත පිළිබඳ විද්‍යාත්මක සහ දාර්ශනික සාකච්ඡා - 02

නව මාතෘකාවක්‌ යටතේ අප සාකච්ඡා කරන්නේ ජීවිතයේ අරුත පිළිබඳව ය. මේ සාකච්ඡා තුළින් බොහෝ කරුණු අපට අධ්‍යයනය කරන්නට හැකි වී ඇත. ප්‍රථමයෙන් විද්‍යාවේ දර්ශනය පිළිබඳව ද, පසුව පැරැණි ශිෂ්ටාචාරවල විද්‍යා දර්ශනය පිළිබඳව ද කරුණු රාශියක්‌ සාකච්ඡා කළෙමු. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කොට ඇති මතවාදය සමඟ එකඟ වන කරුණු රාශියක්‌ එම සාකච්ඡා තුළින් ලබාගත හැකි විය. පසුගිය සතියේ ලිපියෙන් ඉතා ම වැදගත් කරුණු දෙකක්‌ මීට අදාළව අප ඉදිරිපත් කොට ඇත. එකක්‌ බුදුන් වහන්සේ ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව දේශනා කොට වදාළ ඉතා ම විද්‍යාත්මක වූ විස්‌තරය වන්නේ ය. දෙවනුව නියතිවාදය (determinism) සහ විද්වත් අයිසැක්‌ නිව්ටන් ගේ න්‍යාම, ක්‌වොන්ටම් යාන්ත්‍රණය සහ විද්වත් අයින්ස්‌ටයින් ගේ අදහස්‌, අතර ඇති සබඳතාව සාකච්ඡා විය.

පළමුව ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව බුදුන් දේශනා කොට වදාළ ධර්මය දෙස නැවැත යොමු වෙමු. ජීවිතයේ අරුත පිළිබඳව අප ඉදිරිපත් කළ මතවාදය බුදුන් ගේ මේ ධර්මය සමඟ එකඟ වේ දැයි සොයා බලමු. අප ගේ මතවාදය පිළිගැනීමට නම් විශ්වයේ යථාර්ථයක්‌ තිබිය යුතු ය. බුදුන් ගේ ධර්මයෙන් පැහැදිලි වන්නේ යථාර්ථයක්‌ ඇති බව ය. මෙතැන යථාර්ථය යනුවෙන් අප අදහස්‌ කරන්නේ මනසින් ස්‌වායත්ත වූ ද්‍රව්‍යයමය ලෝකයක්‌ පවතින බව ය. මේ ලෝකය දැකීම පිළිබඳව බුදුන් පවසා ඇත්තේ කුමක්‌ ද? මධුපිණ්‌ඩික සුත්‍රයෙහි බුදුන් පවසා ඇත්තේ වස්‌තුව සහ ඇස ගැටීම හේතු කොටගෙන චක්‌ඛු විඤ්Æණය ඇති වන බව ය. මින් පැහැදිලි වන්නේ විඤ්ඤාණය ඇති වන්නට පෙර වස්‌තුව පැවැති බව ය. විඤ්ඤාණය ඇති වන්නට පෙර වස්‌තුව පැවතුණේ නම් එය විඤ්ඤාණයෙන් ස්‌වායත්ත විය යුතු ය. චක්‌ඛු විඤ්ඤාණය විසින් දකින්නට සලස්‌වනු ලබන්නේ ස්‌වායත්ත ව පැවැති වස්‌තුවකි. චක්‌ඛු විඤ්ඤාණය හටගත්තත් නො ගත්තත් වස්‌තුව පවතී. මෙය හොඳින් වටහාගත යුතු ය. අඥානයන් කුමක්‌ කීවත් බුදු දහමට අනුව යථාර්ථයක්‌ හෝ මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ හෝ නැතැයි කිව නොහැකි ය. මෙය _ජීවිතයේ අරුත සෙවීමේ දී ඉතා ම වැදගත් වන්නේ ය. අප දකින්නේ සත්‍ය නො වන්නට පුළුවන. අප ගේ අවිද්‍යාව නිසා සත්‍ය දකින්නේ නැති වන්නට පුළුවන. එහෙත් එය වෙන ම ප්‍රශ්නයකි. බුදු දහමේ යථාර්ථයක්‌ නැතැයි කිව නොහැකි ය. මනසින් ස්‌වායත්ත වූ ද්‍රව්‍යමය ලෝකයක්‌ ඇති බව බුදුන් ඉහත සඳහන් අන්දමට පෙන්වා දී ඇත. දකින දෙය නැත යෑයි පැවසීම සහ දකින්නේ වෙනත් දෙයකි යෑයි පැවසීම එකින් එකට වෙනස්‌ වූ මත දෙකකි. දකින්නේ වෙනත් දෙයක්‌ යෑයි පැවසීමෙන් යථාර්ථය නැතැයි අදහස්‌ වන්නේ නැත. ඉන්ද්‍රිය සංජානනය පිළිබඳව බුදුන් පවසා ඇති දෙයින් මනසින් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇති බව ඔප්පු වේ. එවැනි ලෝකයක්‌ නැති බව බුදුන් පවසා නැත.

එවැනි වූ ලෝකයක්‌ පිළිබඳව විද්වත් නිව්ටන් ගේ න්‍යාමවලින් ලබාගත හැකි අදහස්‌ ගැන පසුගිය සතියේ පළ වූ ලිපියේ සඳහන් විය. නිව්ටන් ගේ භෞතික විද්‍යාවට අනුව භෞතික ලෝකයේ වස්‌තු සියල්ල ක්‍රියාකාරී වන්නේ නියත සහ දැනගත හැකි නීතිවලට අනුව ය. මෙය නියතිවාදය (determinism) මිස වෙන දෙයක්‌ නො වේ. එකට එක ගැටෙන බිලියඩ් පන්දු මෙන් විශ්වයේ වස්‌තු මූලික ප්‍රත්‍යයන් යටතට පත් වූ පසු විශ්වයේ ඉතිහාසය එලෙස ම දිගහැරෙන බව මේ මතවාදය විදහා දක්‌වයි. ද්‍රව්‍යයේ ව්‍යqහය සහ ඒවා පාලනය කරන නීති දැනගත හැකි නම් අනාගතයේ සිදු වන සිදුවීම් පිළිබඳව ඉතා ම නිවැරැදි අනාවැකි පළ කළ හැකි ය යන මතය (determinism) ලෙස සැලකිය හැකි ය. විශ්වයේ සියලු ක්‍රියාදාමයන් මේ මතවාදයට යටත් බව පිළිගන්නා විද්‍යාඥයන් සිටින බව කිව හැකි ය. මේ අදහස්‌ අප ගේ මතවාදයට එකඟ ය.

කෙසේ නමුත් නිව්ටෝනියානු භෞතික විද්‍යාව භාවිත කොට හඳට යැම ද කළ හැකි නමුදු වස්‌තුවක වේගය ආලෝකයේ වේගයට කිට්‌ටු වන විට එය භාවිත කළ නොහැකි ය. උදාහරණයක්‌ ලෙස ඉලෙක්‌ට්‍රොaනයක හැසිරීම පිළිබඳ නිත්‍ය වූ අනාවැකි පළ කළ නොහැකි ය. ක්‌වොන්ටම් යාන්ත්‍රණය මේ බව පෙන්වා දෙයි. එය හැසිරෙන්නේ අංශුවක්‌ ලෙස ද නැතිනම් තරංග ලෙස ද යන්න නිත්‍ය අනාවැකියක්‌ ලෙස පැවසිය නොහැකි ය. කළ හැක්‌කේ සම්භාවිතාව ලෙස ඉදිරිපත් කිරීම පමණ ය. ද්‍රව්‍ය සහ වස්‌තු සැදී ඇත්තේ අංශුවලින් නිසා අංශු පිළිබඳ අවිනිශ්චිතතාවන් (uncertainty) ඇත්නම් එය වස්‌තුවලට වුව ද බලපෑ යුතු යෑයි සිතිය හැකි ය. සමනළයකු ගේ තටු ගැස්‌ම වැනි සුළු දෙයකින් වුව ද කාලයක්‌ යන විට විශාල කුණාටුවක්‌ ඇති විය හැකි යෑයි පැවසිය හැකි ය. (butterfly effect-chaos theory). එලෙස අංශු පිළිබඳව කරන නිරීක්‌ෂණවල වැරැදි ඇත්නම් වස්‌තු පිළිබඳව සිදු කරන නිරීක්‌ෂණ පිළිබඳව විශ්වාසයක්‌ තැබිය හැකි ද යන්න ඇසිය යුතු ය. එම නිසා නියතිවාදය හරි හෝ වැරදි වුව ද ජීවිතය පිළිබඳ නිගමනවලට පැමිණිය හැකි ද? කරුණු මෙසේ හෙයින් අනියතිවාදය සහ ක්‌වොන්ටම් අනියතිවාදය නමින් ද මතවාද ඉදිරිපත් වී ඇත. මේ ගැන පසුව සාකච්ඡා කරමු.

කෙසේ නමුත් ක්‌වොන්ටම් මතවාදය නියතිවාදයට පටහැනි නැතැයි කිව හැකි ය. නිව්ටන් ගේ භෞතික විද්‍යාව සහ ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ක්‍රියා කරන්නේ වෙනස්‌ අන්දමට ය. එකක්‌ නිසා අනික බොරු යෑයි ඔප්පු නො වන්නේ ය. මේ ලෙස වැරැදි මතයක්‌ ඇති වීමට හේතුවක්‌ ඇත. ක්‌වොන්ටම් යාන්ත්‍රණය පිළිබඳව හයිසන්බර්ග් (Werner Heisenberg 1907-1976) විසින් ඉදිරිපත් කරන ලද අනිශ්චය මූලධර්මය (ncertainty principle) පෙර ලිපිවල සඳහන් කොට ඇත. එසේ ම නිරීක්‌ෂකයා ගේ බලපෑම (observer effect) පිළිබඳව ද සඳහන් කොට ඇත. මේ දෙක පටලවාගත් විට ඉහත සඳහන් අන්දමට ක්‌වොන්ටම් යාන්ත්‍රණය අනියතිවාදයට පටහැනි යෑයි සිතන්නට ඉඩ ඇත. අනිශ්චය මූලධර්මය විසින් විස්‌තර කරන්නේ අංශුවක පැවැත්ම සහ වේගය එක විට මිණිය හැක්‌කේ කෙසේ දැයි යන්න පිළිබඳ ව ය. එක මිනුමක නිරවද්‍යතාව වැඩි කරන විට අනිකේ නිරවද්‍යතාව අඩු වන බව එම මූලධර්මය පෙන්වා දෙයි. මේ අංශුවල හැසිරීමේ ඇති සම්භාවිතාව සොයාගත හැක්‌කේ මිනුම් කිරීමෙනි. එම නිසා ස්‌ටීවන් හෝකින්ග් (Stephen Hawking) පැවසුවේ අංශුවල හැසිරීම සාම්ප්‍රදායික නියතිවාදයට අනුව සිදු වන දෙයක්‌ නො ව නියත වූ සම්භාවතාවකට (determined probabaility) අනුව සිදු වන බව ය. හෝකින්ග් තවමත් ජීවතුන් අතර සිටින විශිෂ්ට ගණයේ භෞතික විද්‍යාඥයෙක්‌ වන්නේ ය. එතුමා අසාධ්‍ය රෝගයක්‌ නිසා අංශභාග තත්ත්වයක පසු වුවත් තවමත් මතවාද අදහස්‌ ඉදිරිපත් කරන්නේ ය. විද්වත් අයින්ස්‌ටයින්ට පසුව බිහි වූ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා ඔහු බව පැවසේ. මේ පිළිබඳව තවත් කරුණු පහත සඳහන් වේ.

නියතිවාදය සත්‍ය නම් විශ්වය ක්‍රියාකාර වන, පාලනය කරන යම්කිසි පොදු නීති පද්ධතියක්‌ තිබිය යුතු ය. මෙය වඩාත් ම වැදගත් වන්නේ හේතුව සහ එලය අතර සම්බන්තධතාවක්‌ තිබේ නම් ය. නියතිවාදී විද්‍යාඥයෝ මේ නීති සොයාගැනීමට යුහුසුලු වූ හ. ක්‌වොන්ටම්වාදය ඉදිරිපත් වීමට පෙර ද අවිනිශ්චිතතාව පිළිබඳ අදහස්‌ ඇති විය. පොදු නීති පද්ධතියක්‌ යන අදහස මෙන්ම නිත්‍යාවාදය ද ක්‌වොන්ටම් යාන්ත්‍රණය විසින් මත භේදයකට පත් කරන ලදී. ස්‌ටීවන් හෝකින්ග් මේ ප්‍රශ්නය විසඳුවේ ද යන්න සොයා බැලිය යුතු ය.

ඊට පෙර නියතිවාදය පිළිබඳ තවත් කරුණු සොයා බලමු. බොහෝ ගණිතමය මොඩල නියතිවාදී වන්නේ ය. විශේෂයෙන් අවකල සමීකරණ (differential equations) මේ ගණයට අයත් වන්නේ ය. නියතිවාදී නො වන ගණිතමය මොඩල එසේ වන්නේ සසම්භාවිතාව (randomness) නිසා ය. එවැනි ගණිතමය මොඩල ආනුමානික (stochastic) ලෙස හැඳින්වෙන ගණිතය විද්‍යාවේ අඩිතාලම බව ද අප මතක තබාගත යුතු ය. ස්‌වෛරී අභිප්‍රාය (free will) නියතිවාදය සමඟ ගැටෙන්නේ කෙසේ දැයි පසුගිය සතියේ ලිපියෙන් පෙන්වා දුන්නෙමි. සමහර දාර්ශනිකයෝ මේ දෙකෙන් එකක්‌ පමණක්‌ පවතින බව පවසති. වෙනත් අය කියන්නේ ඒ දෙකේ මිශ්‍රණයක්‌ ඇති බවයි. ස්‌වෛරී අභිප්‍රාය මානසික ක්‍රියාදාමයකි. එම නිසා එය ක්‌වොන්ටම් අනියතිවාදයට (quantum indeterminism) යටත් නො වේ යෑයි විද්‍යාඥයෝ සිතූ හ. මක්‌නිසා ද එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලට එය නො බලපාන්නේ යෑයි ඔවුන් සිතූ හෙයිනි. එය බලපාන්නේ කුඩා අංශුවලට පමණ යෑයි ඔවුන් විශ්වාස කළ හෙයිනි. එහෙත් මිනිසා ගේ ස්‌නායු පද්ධතිය ක්‌වොන්ටම් අනියතිතාවේ බලපෑම්වලට හසු වන බව ළඟ දී සොයාගෙන ඇත. මේ සොයාගැනීම ස්‌වෛරී අභිප්‍රාය කෙරෙහි කිනම් බලපෑමක්‌ ඇති කරයි දැයි තවමත් කිව නොහැකි ය. එහෙත් නියතිවාදය විශ්වාස කරන විද්‍යාඥයන් පවසන්නේ ස්‌වෛරී අභිප්‍රාය මිරිඟුවක්‌ (illusion) පමණක්‌ බවයි. නියතිවාදය නිසා ඇති වන ක්‍රියාදාමය තුළ ඇති අවිනිශ්චිතභාවය විසින් මේ මිරිඟුව ඇති කෙරෙන බව ඔවුහු පවසති. ස්‌වෛරී අභිප්‍රාය යෑයි හැඳිනගත හැකි සාරාර්ථ විද්‍යා ස්‌ථිතියක්‌ (ontological entity) එහි තුළ නැතැයි ඔවුහු පවසති. කෙසේ නමුත් නියතිවාදයට (determinism) විරුද්ධ වූ අනියතිවාදයක්‌ ද (indeterminism) දාර්ශනිකයන් ඉදිරිපත් කොට ඇත.

තව ද ක්‌වොන්ටම් මතවාදය නිසා නියතිවාදය පිළිබඳව ඇති වී තිබෙන ප්‍රශ්න නිරාකරණය කරගැනීමට දාර්ශනිකයන් වෙහෙසන බව පෙනේ. ප්‍රමාණවත් නියතිවාදය (adequate determinism) නමැති අදහස එහි ප්‍රතිඑලයකි. ඉන් කියවෙන්නේ මහේක්‌ෂ්‍ය සිදුවීම් (macroscopic events) සඳහා ක්‌වොන්ටම් අනියතිවාදය (quantum indeterminism) නො සලකා සිටිය හැකි බවයි. මෙසේ කළ හැක්‌කේ ක්‌වොන්ටම් ප්‍රතිසංසංජනය නිසා ය. මෙය සිදු වන්නේ කෙසේ ද? ක්‌වොන්ටම් ප්‍රතිසංසංජනය යනු කුමක්‌ ද? විශාල අංශු ප්‍රමාණයක්‌ සහභාගි වන ක්‍රියාදාමයන්වල දී සසම්භාවී ක්‌වොන්ටම් සිදුවීම් (random quantum events) ගණන් නො ගත හැකි තත්ත්වයකට සාමාන්‍ය වී යන්නේ ය. එසේ සිදු වන්නේ ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ නීති ඒ අවස්‌ථාවේ දී ස්‌පර්ශොන්මුඛ ලෙස (asymptotically) සම්භාවිත යාන්ත්‍රණයේ (classical mechanics) නීතිවලට කිට්‌ටු වන නිසා ය. මේ ගැන මාගේ විද්‍යා දර්ශන ලිපි පෙළේ එක ලිපියක සඳහන් කර ඇත. මීට සමාන අදහසක්‌ විද්වත් ස්‌ටීවන් හොකින්ග් ඉදිරිපත් කොට ඇති බව ඉහත සඳහන් වේ. (Grand Design –  Stephen Hawking). එතුමා කියා සිටියේ ක්‌වොන්ටම් යාන්ත්‍රණයේ සූක්‌ෂම ලෝකය නියතිවාදී නො ව නියති සම්භාවතාවී (determined probabilities) බවයි. මින් අදහස්‌ වන්නේ සම්භාවිත යාන්ත්‍රණයේ ඉතා සාර්ථක වූ අනාවැකි ක්‌වොන්ටම් එලය විසින් වෙනස්‌ නො කෙරෙන බව ය. එම නිසා ජීවී සෛලයක්‌ තරම් විශාල වූ වස්‌තුවක ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත් නියතිවාදයට (adequate determinism) අනුකූල විය හැකි ය.

මිනිසා ගේ හැසිරීම නිගමනය වන්නේ සෛලවල ක්‍රියාකාරීත්වය ම`ගිනි. මේ නිසා මිනිසා ගේ හැසිරීම සහ දැනුම හසුරුවන්නේ නියතිවාදයට අනුව යෑයි තර්ක කළ හැකි ය. මේ කරුණ සාක්‌ෂියක්‌ ලෙස ස්‌වභාවධර්මය සහ සම්භෘතිය (nature and nurture debate) නමැති විවාදය තුළට ගෙන ඒමට සමහර දාර්ශනිකයෝ තැත් කරති. මේ විවාදය ගැන ඉදිරියේ දී සාකච්ඡා කරමු. මිනිසා ගේ හැසිරීම එක්‌ හේතුවක්‌ ම`ගින් නිගමනය වන බව සමහර දාර්ශනිකයෝ පවසති. එහෙත් මෙය සත්‍ය නො වන බව ද මිනිස්‌ හැසිරීම සිදු වන්නේ හේතු ගණනාවක්‌ නිසා විය හැකි බව ද නවීන විද්‍යාව හෙළි කරමින් සිටියි. මේ නිසා නවීන නියතිවාදය ප්‍රයත්න දරන්නේ ස්‌වභාවධර්මය සහ සම්භෘතිය යන දෙක ම පිළිබඳව අනාවැකි පළ කළ හැකි බව පෙන්වා දීමට ය. මෙලෙස නවීන විද්‍යාව එක හේතුව යන සංකල්පයෙන් මිදී හේතු ගණනාවක්‌ දෙසට හැරෙන්නේ කුමක්‌ නිසා ද? බුදු දහමේ බලපෑම නිසා ද? බුදුදහමට අනුව මිනිස්‌ හැසිරීම නිගමනය වන්නේ ප්‍රත්‍යයන් (conditions) ගණනාවකට අනුව බව පෙර ලිපිවල දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. පැරැණි ඉන්දියාවේ ද එක හේතුව යන සංකල්පය පැවතිණි. දෙවියන් හෝ කර්මය හෝ ස්‌වභාවධර්මය හෝ පරිසරය හෝ වෙන වෙන ම මිනිස්‌ හැසිරීමට හේතුව විය හැකි බව එම ධර්මයන් පැවසුවේ ය. මෙය වෙනස්‌ කරන ලද්දේ බුදුන් විසිනි. මේ හේතු ප්‍රත්‍යයන් ලෙස පහදා දී මිනිස්‌ ක්‍රියාකාරීත්වය සිදු වන්නේ කෙසේ දැයි බුදුන් පහදා දී ඇත. (මහකම්මවිභංග සුත්ත).

එක්‌ හේතුව යන සංකල්පය මත පදනම් වූ නියතිවාද කිහිපයක්‌ පිළිබඳව පසුගිය ලිපියේ සාකච්ඡා කළෙමු. එසේ ම තවත් එවැනි මතවාද බොහෝමයක්‌ ඇත. මනෝමය නියතිවාදය පවසන්නේ මිනිසා හැසිරෙන්නේ තර්ක බුද්ධියට අනුව බව ය. භාෂාත්ම නියතිවාදය පවසන්නේ භාෂාවේ රීති විසින් මිනිසා හසුරුවනු ලබන බව ය. තාක්‌ෂණික නියතිවාදයට අනුව සමාජයේ පවතින තාක්‌ෂණය විසින් මිනිස්‌ සංස්‌කෘතිය හසුරුවනු ලැබේ. එසේ ම ආර්ථික නියතිවාදයට අනුව මිනිස්‌ ඉතිභාසය වර්ධනය වී ඇත්තේ දේශපාලනයට වඩා ආර්ථික කරුණු හේතු කොටගෙන ය. මේ අදහස්‌ කාල් මාර්ක්‌ස්‌ ගේ දයලක්‌තික භෞතිකවාදයට (Dialectical Materialism) නෑකම් කියයි.

අප ගේ මතවාදය වන මිනිස්‌ ජීවිතයේ අරුත ගැබ් වී ඇත්තේ විශ්වයේ අවශ්‍යතාවක්‌ වන DNA, RNA සහ ප්‍රොaටීන් නිෂ්පාදනය තුළ ය යන්න පිළිබඳව නියතිවාදය ඉතා ම වැදගත් වන හෙයින් මේ ගැන ඉදිරියේ දී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් - Seattle (1854)

පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත අත්දැකීමක්!