වකුගඩු රෝගයට ප්‍රතිආස්‍රැතිය විසඳුමක්‌ ද?

වකුගඩු රෝගයට ප්‍රතිආස්‍රැතිය විසඳුමක්‌ ද?


දශක දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ මාරාන්තික වකුගඩු රෝගය රජරට ජනතාව බිල්ලට ගනිමින් සිටී. තවමත් මේ රෝගය සෑදෙන නිශ්චිත හේතුවක්‌ ප්‍රකාශයට පත් කරගැනීමට නොහැකි ව පර්යේෂකයන් ද, වෛද්‍යවරුන් ද බොහෝ සාකච්ඡාවල යෙදී සිටින බව අපට පෙනී යයි. විවිධ පර්යේෂකයන් හේතු සදහා ඉදිරිපත් කරන්නා වූ විවිධ මතිමතාන්තර ඔප්පු කරනු වස්‌ විවිධ සාක්‌ෂ්‍ය ගෙනහැර පානා නමුත් සියල්ලන් එකග වන්නා වූ පැහැදිලි කිරීමක්‌ මේ වන තෙක්‌ ඉදිරිපත් වී නොමැති බව පැහැදිලි කරුණකි. එසේ වුව ද බොහෝ දෙනා එකඟ වන්නා වූ එක්‌ කරුණක්‌ වෙයි. ඒ මේ රෝගය ඇති වන්නේ බීමට ගන්නා ජලය මූලික කරගෙන බව යන්නයි.

ශ්‍රී ලාංකේය ජල සම්පත දූෂණය වීම පසුගිය දශක කිහිපය තිස්‌සේ ඉතා ශීඝ්‍ර ව සිදු වන බව පර්යේෂණාත්මකව ද ඔප්පු වී ඇති කරුණකි. ඒ සදහා බොහෝ මානව ක්‍රියාකාරකම් හේතු වන අතර ඉන් ප්‍රධාන ම වන්නේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් සිදු වන අස්‌ථානීය (non point pollution) දූෂණයයි. එලෙස හැඳින්වුව ද එහි මුඛ්‍ය අර්ථය වන්නේ ඉතා විශාල ප්‍රදේශයක්‌ හරහා එක වර දූෂකයන් පොළොවට එක්‌ වී ජල නිධි දූෂණය වන බවයි. කෘෂිකාර්මික කටයුතුවල දී විවිධ රසායනික ද්‍රව්‍ය වගාවට එක්‌ කරන අතර ඒවා බොහොමයක්‌ එක්‌ කරන්නේ ජලීය ද්‍රdවණ ලෙස ය. එසේ හෙයින් ඉතා වේගයෙන් පස ද ජලය ද දූෂණය වීම වැළැක්‌විය නොහැකි වී ඇත.

පසට එක්‌ වන ජලීය රසායනික ද්‍රdවණයන් පස තුළට කාන්දු වීමේ වේගය පසේ ස්‌වභාවය මත රඳා පවතී. කල්පිටිය ප්‍රදේශය වැනි සම්පූර්ණයෙන් ම වැලිවලින් පමණක්‌ සුසැදි පාංශු ස්‌ථර පවතින ප්‍රදේශවල කාන්දු වීමේ වේගය ඉතා අධික ය. එනිසා ඉතා පහසුවෙන් අභ්‍යන්තර ජල නිධි දූෂණය වේ. එහෙත් මැටි සාන්ද්‍රණය වැඩි පසක කාන්දු වීමේ වේගය ඉතා අඩු ය. එක්‌ කරන රසායනික ද්‍රව්‍ය මතුපිට ස්‌ථරයේ වැඩි කාලයක්‌ රැඳෙන අතර එනිසා ඉතා පහසුවෙන් වර්ෂා කාලයේ දී මතුපිට ජල නිධිවලට එකතු වීමේ හැකියාව ඇත.

වර්ෂාව අධික තෙත් කලාපයේ මෙලෙස එකතු කරන රසායනික ද්‍රව්‍ය පසෙහි සාන්ද්‍රගත වන්නේ ඉතා අඩුවෙනි. වැඩි ප්‍රමාණයක්‌ වර්ෂා කාලයේ දී ඇති වන ගලා යන ජලය සමග සේදී යන අතර ක්‍රමයෙන් ඇළ, දොළ, ගංගා වැනි ජල මූලාශ්‍රවලට එකතු වේ. එහෙත් වියළි කලාපයේ තත්ත්වය මෙයට හාත්පසින් ම වෙනස්‌ ය. වසරේ වැඩි කාලයක්‌ නියඟය පැවතීම හේතුවෙන් ඇති වන අධික වාෂ්පීකරණය ජලයේ දිය වූ ද්‍රව්‍යමය සාන්ද්‍රගත කිරීමට හේතු වේ. ඒ හේතු කොටගෙන මේ ප්‍රදේශවල විශේෂයන් ම පසෙහි මතුපිට ස්‌ථරවල අධික ලවණතාවක්‌ පවතී. වියළි කලාපයේ පසෙහි දක්‌නට ලැබෙන "කිවුල් කැට", මේ ලවණ සාන්ද්‍රගත වීමේ ප්‍රතිඵලයකි. එමෙන් ම අභ්‍යන්තර ජල නිධිවල ද ලවණතාව අධික ය. එහෙත් අප කළ නිරීක්‌ෂණවලින් පැහැදිලි වන්නේ වැව් වැනි මතුපිට පවත්නා ජල මූලාශ්‍රවල මේ තත්ත්වය නොමැති බවයි.

වර්ෂා ජලය පස තුළින් කාන්දු වීමේ දී එහි රසායනික සංයුතිය වෙනස්‌ වේ. ජලයේ දිය වන ඛනිජ ලවණ එකතු කරගනිමින් පසෙහි පහළට රූරා යන ජලය අභ්‍යන්තර (භූගත) ජල නිධි පෝෂණය කරයි. මේ ජල නිධි පසෙහි මෙන්ම එයට යටින් වූ පාෂාණ ස්‌ථරයේ ද හමු වේ. භූගත ජල නිධි ප්‍රධාන ආකාර දෙකක්‌ වන අතර ඉන් එකක්‌ වන්නේ "අනවහිර ජල නිධි" ය. (unconfined aquifer). මේවාට ඉතා පහසුවෙන් මතුපිට ජලය කාන්දු විය හැකි නිසා දූෂණයට ලක්‌ වීමේ ඉඩකඩ වැඩි ය. "අවහිර ජල නිධි" (confined aquifer) පොළොව අභ්‍යන්තරයේ සිර වී පවතින ජල නිධි වේ. පොළොව මතුපිට හා සම්බන්ධයක්‌ නොමැති මේ ජල නිධි පහසුවෙන් දූෂණයට ලක්‌ නො වේ. කෙසේ වෙතත් මේ සැම නිධියක ම පවතින ජලය එහි වූ පාෂාණ හෝ පස හෝ සමග ගැටෙමින් පවතී. මෙය එම ජලයට විවිධ ඛනිජ ලවණ එක්‌ කිරීමටත් එයින් ඉවත් කිරීමටත් හේතු වේ. එම ජලයෙහි හෝ එම ජලය පවත්නා භූ පරිසරයේ ආම්ලික භාෂ්මිකතාව අනුව ද, පවතින ඔක්‌සිජන් ප්‍රමාණය අනුව ද, ජලයෙහි උෂ්ණත්වය අනුව ද එහි වෙසෙන ක්‍ෂුද්‍ර ජීවී ගහනය අනුව ද ජලයට එකතු වන හෝ එයින් ඉවත් වන හෝ ඛනිජ ලවණවල සාන්ද්‍රණය තීරණය වේ. එපමණක්‌ නො ව මේ එක්‌ එක්‌ ලවණ ජලයේ දිය වන්නේ එක්‌තරා උපරිමයකට පමණි. මේ උපරිම සාන්ද්‍රණය ලවණයෙන් ලවණයට වෙනස්‌ වේ.

විපරිත පාෂාණවලින් සමන්විත වන ශ්‍රී ලාංකේය භූ තලයේ විවිධ ඛනිජවලින් හෙබි පාෂාණ හමු වේ. එප්පාවල ප්‍රදේශයේ හමු වන සුප්‍රසිද්ධ පොස්‌පේට්‌ නිධිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජලයට ෆ්ලෝරයිඩ අයන එකතු වේ. එනිසා රජරට ප්‍රදේශයේ ජලයෙහි අනෙකුත් ප්‍රදේශවල ඇති සාමාන්‍ය සාන්ද්‍රණයට වඩා වැඩි ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණයක්‌ පෙන්වයි. එමෙන් ම කිරිගරුඬ නම් වූ කාබනේට පාෂාණය පවතින ප්‍රදේශවල ජලයට කැල්සියම් හා මැග්නීසියම් කාබනේට රසායනයන් එකතු වීමෙන් කාබනේට සාන්ද්‍රණය වැඩි වී ජලයෙහි කඨ§නතාව ඉහළ නංවයි. එමෙන් ම කබොක්‌ වැනි ද්විතීයික ඛනිජ නිධිවල පවතින යකඩ සහ මැන්ගනීස්‌ අයන ජලයට එකතු වී තිත්ත බවක්‌ ඇති කරයි.

කඳුකර ප්‍රදේශවල පවතින ජල නිධිවල ජලය තැනිතලා ප්‍රදේශවලට අභ්‍යන්තරව හෝ මතුපිටින් හෝ සංසරණය වන අතර බෑවුමෙහි ආනතිය සහ පසෙහි හෝ පාෂාණයේ හෝ සවිවරතාව අනුව එහි වේගය තීරණය වේ. කෙසේ වෙතත් වර්ෂා කාලයේ දී මධ්‍යම කඳුකරයේ පස්‌ සහ පාෂාණ තුළින් කාන්දු වන මේ ජලය කිලෝමීටර සිය ගණනක්‌ ඈතට ගමන් කරන අතර පාෂාණවල සවිවරතාව අනුව ඒ සදහා ගත වන කාලය වෙනස්‌ වේ. මධ්‍යම කඳුකරයේ පවතින ස්‌ඵටිකරූපී පාෂාණ සමූහය ඉතා අධිකව කුස්‌තූර සහ පැලුම් රටාවලින් යුක්‌ත වන හෙයින් සැලකිය යුතු මට්‌ටමේ සවිවරතාවක්‌ පවතී. ඒකරේ‚යව පිහිටි මෙවැනි කුස්‌තූර රටාවන් ජලය භූ අභ්‍යන්තරයෙන් ඈතින් ඈතට රැගෙන යැමට හේතු වේ. තැනිතලා ප්‍රදේශවල දී සංසරණ වේගය අඩාළ වන මුත් විශේෂයෙන් ම "අවහිර ජල නිධි"වල ජලය අධික තෙරපුමක්‌ යටතේ පවතී. එනිසා ස්‌වාභාවික උල්පත්වලින් ද භූගත ජලය ලබාගැනීම උදෙසා සකස්‌ කළ සමහර නළ ළිංවල ජලය නිදහසේ මතුපිටට විහිදේ. මේ භූගත ජල මූලාශ්‍ර පවතින භූ පරිසරය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදිය හැකි ය. ඒවා නම්,

01. ස්‌ඵටිකරූපී පාෂාණවල පවතින භූගත ජල නිධි

02. මයෝසීන හුනුගලෙහි පවතින භූගත ජල නිධි

03. චාතුර්ථ අවධියේ බිහි වූ අවසාදිතයන්හි පවතින අනවහිර භූ ගත ජලය

එනිසා ශ්‍රී ලාංකේය භූමි භාගයේ පවත්නා භූගත ජල නිධිවල රසායනික ස්‌වරූපය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉතා පැහැදිලිව වෙනස්‌ වන අවස්‌ථා බහුල ය. සමහර විටෙක එක ළඟ පිහිටි ළිං දෙකක වුව ද එවැනි තත්ත්වයන් නිරීක්‌ෂණය කළ අවස්‌ථා ද ඇත. මෙයින් පෙනී යන මූලික කරුණ වන්නේ භූ පරිසරයේ පවතින පාෂාණ සහ පාංශු ස්‌ථරවල රසායනික ස්‌වරූපය භූගත ජලයෙහි ගුණාත්මක බව තීරණය කිරීමට බෙහෙවින් බලපාන බවයි.

ජලයෙහි ගුණාත්මක බවෙහි වෙනස අතීත මුතුන් මිත්තන් ඉතා හොඳින් දැනගෙන සිටි බව ද, හොඳින් අධ්‍යයනය කර ඇති බව ද ඔවුන් ගේ පැරැණි යෙදීම් අධ්‍යයනය කරන විට අපට මනාව පැහැදිලි වේ. තෙත් කලාපයේ භූගත ජලයෙහි සහ මතුපිට ජලයෙහි ගුණාත්මක බවෙහි විශාල වෙනසක්‌ නො පැවති බැවින් ළිංවලින් ලබාගන්නා ජලය ද ඇළ, දොළ, ගංගාවලින් ලබාගන්නා ජලය ද ඔවුහු එක සේ පානය කළ හ. එහෙත් වියළි කලාපයට යන විට තත්ත්වය වෙනස්‌ වේ. භූගත ජලයෙහි අධික ලවණ සාන්ද්‍රණය බිමට පමණක්‌ නො ව වගාවට ද නුසුදුසු බව ඔවුහු දැන සිටියෝ ය. එනිසා ඔවුහු වර්ෂා ජලයෙහි ගුණාත්මක බව වඩා හොඳ නිසා භාවිතය සඳහා එක්‌රැස්‌ කරගැනීමේ ක්‍රමවේද ඉතා හොඳින් නිර්මාණය කළ හ. ඒ අප කවුරුත් දන්නා පුරාණ වාරි කර්මාන්තයයි.

නවීන කෘෂිකාර්මික ක්‍රමවේද රට තුළට ආගමනයත් සමග රසායනික ද්‍රව්‍ය භාවිතය ආරම්භ විය. පලවිපාක පිළිsබඳ නිසි ඇගැයීමක්‌ නො කොට වරින් වර මතු වූ විවිධ වර්ගයේ ක්‍රමවේද ද රසායනික භාවිතය ද නිසා පස සහ ජලය දූෂණය වන බව තේරුම් ගියේ පසු කාලීන ව ය. එනිසා වාරි සංස්‌කෘතියෙන් යෑපුණු රජරට ජනතාව ක්‍රමයෙන් භූගත ජලය කෙරෙහි යොමු වූ බව පැහැදිලි ය. අධික ලවණතාවෙන් යුක්‌ත වූ මේ ජලය කාලයක්‌ තිස්‌සේ දිගින් දිගට ම පානීය අවශ්‍යවතාවට භාවිත කිරීම ඔවුන් ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ කරන්නට හේතුවක්‌ වන්නට ඇති බව අප ගේ විශ්වාසයයි.

රජරට ප්‍රදේශයේ අප කළ සංචාරයක දී විවිධ පුද්ගලයන් සහ රෝගීන් සමග ද කතාබස්‌ කිරීමට අවස්‌ථාව ලැබිණි. රෝගය සෑදී පසුව යථා තත්ත්වයට පත් වූ එක්‌ කාන්තාවක කියා සිටියේ ඖෂධ ලබාගන්නා අතර ම සම්පූර්ණයෙන් ම බෝතල් කළ ජලය පානය කළ බවයි. මාස හයක පමණ කාලයක දී රෝගය සුව අතට හැරුණ නමුත් බෝතල් ජලය පානය අත් නො හළ බව ඇය කීවා ය. අප හා කතා කරන විට ඇගේ රෝගය සුව වී වසරක්‌ පමණ ගත වී තිබිණි. මෙයින් පෙනී යන එක්‌ කරුණක්‌ වන්නේ පිරිසිදු ජලය (ලවණතාව සහ කඨ§නතාව අඩු සාමාන්‍ය ජලය } තෙත් කලාපයේ ජලය) පානය කිරීම රෝගය සුව වීමට කිසියම් හෝ ලෙසකින් උපකාර වන බවයි.

වැව් මූලාශ්‍ර කරගත් ජලය බෙදාහැරීමක්‌ ජල සම්පත් මණ්‌ඩලය විසින් සිදු කෙරෙන නමුත් එහි දී මිශ්‍රිත රසායනික දූෂක (හෝ සරලව කෘෂි රසායන) ඉවත් කිරීම (එම සාමාන්‍ය ක්‍රමයේ දී) සිදු වන්නේ නැත. කෙසේ නමුත් වකුගඩු රෝගයෙන් පෙළෙන ප්‍රදේශවල ජනතාව සඳහා දැනට සැක කරන දූෂක ද්‍රව්‍ය ජලයෙන් ඉවත් කළ හැකි ක්‍රමවේදයක්‌ හදුන්වා දී ඇත. එම ක්‍රමවේදය "ප්‍රති ආස්‍රැති ජල පිරිපහදුව (Reverse Osmosis (RO)
Water Purification) ලෙස හදුන්වන අතර එමගින් වඩාත් පිරිසිදු නමුත් අඩු ලවණ ජලය ජනතාවට ලබා දීමට හැකියාව ලැබී ඇත.

කුමක්‌ ද මේ "ප්‍රති ආස්‍රැති ජල පිරිපහදුව?

ඉතා සරලව හැඳින්වුව හොත් මෙය එක්‌තරා ආකාරයක ජලය පිරිසිදු කරන ක්‍රමවේදයක්‌ ලෙස හදුන්වා දිය හැකි ය. මෙහි දී ජලයේ දිය වී ඇති බොහොමයක්‌ අණු සහ අයන ඉවත් කිරීම සිදු වන අතර ආස්‍රැත ජලයට ආසන්න අයන සාන්ද්‍රණයක්‌ ඇති සුපිරිසිදු ජලය නිපදවේ.

විසරණ (diffussion) ක්‍රියාවලියේ දී අප කවුරුත් හොඳින් දන්නා පරිදි සිදු වන්නේ කිසියම් ද්‍රdවණයක (solution) ද්‍රව්‍ය (solute) අංශු (අයන හෝ අණු) සාන්ද්‍රණය වැඩි ස්‌ථානයක සිට අඩු ස්‌ථානයක්‌ දක්‌වා ද්‍රdවකයේ (solvent) අංශු අතරින් සංසරණය වීමයි. එහෙත් ආස්‍රැති (osmosis) ක්‍රියාවලියේ දී සිදු වන්නේ එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි. ඒ සදහා හේතු වන්නේ ද්‍රdවකයේ අංශු (ජලය) අධි සාන්ද්‍ර ද්‍රව්‍ය අංශු ද්‍රdවණය වූ පැත්තට අර්ධ පාරගම්‍ය පටලයක්‌ (semipermeable membrane) හරහා ගලා යැමයි. (රූපසටහන 01). අර්ධ පාරගම්‍ය පටලයේ කාර්යභාරය වන්නේ තෝරාගත් ද්‍රdවණයේ (ද්‍රdවකය) අණු හෝ අයනවලට එක්‌ පැත්තකට පමණක්‌ ගමන් කිරීමට සැලැස්‌වීමයි. ජලීය ද්‍රdවණයක නම් ජල අණුවලට මෙනිසා ද්‍රdවණය සාන්ද්‍රණය අඩු පැත්තේ සිට වැඩි පැත්තට ගමන් කිරීමට ඉඩ සැලසේ. මෙහි දී කාලයත් සමග දෙපස සමතුලිත වන අතර ඒ බව තීරණය කරන්නේ දෙපස ඇත්තා වූ ද්‍රව්‍ය අංශුවල මවුලික සාන්ද්‍රණය (molar concentration) මත ය. මේ අවස්‌ථාවේ ඇති වන පීඩනය නැත හොත් දෙපස සමතුලිත කිරීමට අවශ්‍ය වන අවම පීඩනය, ආස්‍රැතික පීඩනය (osmotic pressure) ලෙස හැඳින්වේ. (රූපසටහන 02).






මේ ක්‍රියාවලිය පහත ලෙස ද සරලව ඔබට තේරුම්ගත හැකි ය. අපගේ ශරීරයේ සෛලවල සෛල පටලය ක්‍රියාත්මක වන්නේ අර්ධ පාරගම්‍ය පටලයක්‌ ලෙස ය. එවැනි සෛලයක්‌ පිරිසිදු ජලයෙහි ගිල්වුව හොත් සෛලය තුළට ජලය ඇතුළු වන අතර සාන්ද්‍රණය වැඩි ලුණු ද්‍රdවණයක ගිල්වුව හොත් වන්නේ සෛලයේ ඇති ජලය පිටතට පැමිණීමයි.

ප්‍රති ආස්‍රැති ක්‍රියාවලියේ දී සිදු වන්නේ ජලයේ දිය වී ඇති විශාල අයන හෝ අණු හෝ අර්ධ පාරගම්‍ය පටලයක්‌ භාවිතයෙන් ඉවත් කිරීමයි. මෙහි දී ආස්‍රැති පීඩනය පරයන පීඩනයක්‌ පිටතින් ලබා දී ආස්‍රැති ක්‍රියාවලිය කණපිට පෙරළා ද්‍රdවණයේ වූ ද්‍රව්‍ය අංශු පෙරා දමනු ලබයි. එමගින් ජලය පිරිසිදු, අඩු ලවණතාවකින් යුක්‌ත ජලය බවට පත් වේ. වර්තමානයේ සාගර ජලය මේ ක්‍රියාවලිය මගින් පිරිසිදු බීමට ගත හැකි ජලය බවට පත් කරනු ලැබේ.

මේ ප්‍රති ආස්‍රැති පිරිපහදු ක්‍රියාවලියේ දී අර්ධ පාරගම්‍ය පටලය ලෙස භාවිත කරන්නේ බොහෝ විට පොලිඒමයිඩ්වලින් (poliamide) (සෙලියුලෝස්‌වලින් සාදන ලද අර්ධ පාරගම්‍ය පටල ද ඇත) කෘත්‍රිම ව සකස්‌ කරන ලද ඉතා සියුම් සංගත පටලයකි (thin film composite membrane). එතුළින් ගමන් කළ හැක්‌කේ ජල අණු වැනි ඉතා කුඩා අණුවලට පමණකි. සාමාන්‍ය ජලයේ විවිධ ද්‍රව්‍ය ද්‍රdවණය වී ඇත. අවලම්බිත ඝන ද්‍රව්‍ය (මැටි වැනි), බැක්‌ටීරියා, වෛරස, බහුආරෝපිත අයන සහ ඒකාරෝපිත අයන මේ අතර වෙයි. පහත දක්‌වා ඇත්තේ එලෙස ජලයේ දිය වූ ද්‍රව්‍යවල විශාලත්වයයි (වගුව 1).



මේ අපූරු ක්‍රියාවලිය ලොවට හෙළි කරන ලද්දේ 1748 දී ප්‍රංශ ජාතික ජීන් ඇන්ටෝනි නොලේට්‌ (Jean-Antoine Nollet) විසින් වුව ද වසර 200ක පමණ කාලයක්‌ එය පර්යේෂණාගාරවලට පමණක්‌ සීමා විය. එහෙත් ඇමෙරිකාවේ කැලිෆොaනියා විශ්වවිද්‍යාලය විසින් මෙමගින් සාගර ජලයෙහි ලවණතාව ඉවත් කර පිරිසිදු ජලය බවට පත් කළ හැකි බව 1948 දී ලොවට පෙන්වන ලදී. මුල් අවස්‌ථාවේ දී නිෂ්පාදනය කරන ලද පිරිපහදු ජලය ප්‍රමාණිකව අඩු වුවත් පසුකාලීනව වූ තාක්‌ෂණික දියුණුවත් සමග හොදින් ක්‍රියා කළ හැකි "ප්‍රති ආස්‍රැති ජල පිරිපහදු යන්ත්‍ර" නිපදවන ලදී. 1977 දී ඇමෙරිකාවේ කේප් කොරල් නගරය විශාල වශයෙන් ප්‍රති ආස්‍රැත ජලය භාවිත කරන ප්‍රථම නගරය බවට පත් වූ අතර එහි වූ යන්ත්‍රයෙන් දිනක දී ජල ගැලුම් මිලියනයක්‌ පමණ නිෂ්පාදනය කරන ලදී. 2001 වසරේ අවසාන භාගය වන විට ලොව මේ යන්ත්‍ර 15200ක්‌ පමණ කරදිය පිරිසිදු කිරීමෙන් බීමට ගත හැකි ජලය නිෂ්පාදනයට යොදවා තිබිණි.

ප්‍රති ආස්‍රැති පිරිපහදු යාන්ත්‍රණය සිදු වන්නේ කෙසේ ද?

ප්‍රති ආස්‍රැති පිරිපහදු යන්ත්‍රයේ පෙරීමේ ක්‍රියාවලිය අනුව ප්‍රධාන අවස්‌ථා පහකි. මුලින් ම පීඩනයක්‌ යටතේ ලබාගන්නා ජලයේ වූ මයික්‍රොමීටර 1ට වඩා වැඩි මැටි අංශු වැනි අවලම්බිත ද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ (particle filtration). ඉන් පසු ක්‍ෂුද්‍ර-පෙරණ (micro filtration) ක්‍රියාවලියෙන් නැනෝමීටර 50ට වඩා වැඩි අණු හෝ අයන ඉවත් කරනු ලැබේ. එහි දී තවදුරටත් ක්‌ෂුද්‍ර-අවලම්බිත අංශු සහ බැක්‌ටීරියා ඉවත් කරයි. එසේ පෙරන ජලය නැවතත් අති ක්‍ෂුද්‍ර-පෙරණයකින් (ultra filtration) පෙරෙන අතර ඒ සදහා භාවිත වන්නේ අර්ධ පාරගම්‍ය පටලයකි. එහි දී නැනෝ මීටර 3ට වඩා වැඩි අණු සහ අයන ඉවත් වන අතර ප්‍රධාන වශයෙන් එනිසා වයිරස්‌, බැක්‌ටීරියා සහ ක්‍ෂුද්‍ර අවලම්බිත අංශු ඉවත් වේ. නිනිති පෙරණය ද (nano filtration) සමන්විත වන්නේ අර්ධ පාරගම්‍ය පටලයකිනි. එමගින් නැනෝ මීටර 1ට වඩා වැඩි බහු ආරෝපිත අයන පෙරා දමනු ලැබේ. අවසානයේ දී පෙරීමේ ක්‍රියාවලිය අවසන් වන්නේ නැනෝ මීටර 0.1ට වඩා වැඩි ඒකාරෝපිත අංශුන් ද ජලයෙන් ඉවත් කරමිනි. (hypher filtration).

අවසාන පෙරීමේ ක්‍රියාවලි තුන ම අර්ධ පාරගම්‍ය පටලය හරහා සිදු වන ප්‍රති ආස්‍රැතියට ලක්‌ වන නිසා එයට පෙර ජලය තවදුරටත් මෘදු කරනු ලබයි. ඒ සදහා ජලයෙහි දිය වී ඇති කැල්සියම් සහ මැග්නීසියම් අයන ඉවත් කරයි. මේ ක්‍රියාවලියට රසායනික මෘදුකයන් (softner) භාවිත කරනු ලැබේ. එමගින් මේ අර්ධ පාරගම්‍ය පටල ඇහිරීම වළක්‌වාලයි. කිසියම් ආකාරයකට අර්ධ පාරගම්‍ය පටල ඇහිරී ඇත්නම් Ñප්‍රති සේදීමක්‌ (backwash) මගින් පටල පිරිසිදු කළ හැකි ය.

ප්‍රති ආස්‍රැතියෙන් නිපදවෙන ජලයෙහි තව දුරටත් ක්‍ෂුද්‍ර ජීවීන් ඇත්නම් හරණය සදහා පාරජම්බුල කිරණ යොදාගනී. ප්‍රති ආස්‍රැති පිරිපහදු පද්ධතියට ජලය ලබා දෙන්නේ පීඩනයක්‌ යටතේ බැවින් ඒ සදහා පීඩක පොම්පයක්‌ යොදාගනී. (රූපසටහන). කිවුල් ජලයෙන් පිsරිසිදු වතුර ලබාගැනීමේ දී බාර් 2-17ක පමණ පීඩනයක්‌ ලබා දීමට අවශ්‍ය වන අතර කරදිය භාවිත කරන විට මේ පීඩනය බාර් 40-82ක්‌ පමණ වූ අගයක පවත්වාගනී.

පෙරීමෙන් පසු ඇති වන අති සාන්ද්‍රගත ජලය බොහෝ අවස්‌ථාවල දී ජල ප්‍රතිකාරකයක්‌ (treatment plant) මගින් පරිසරයට එක්‌ කළ හැකි ප්‍රශස්‌ත මට්‌ටමට ගෙනැවිත් පරිසරයට නිදහස්‌ කරනු ලැබේ.

මේ යාන්ත්‍රණය භාවිත වන විශාල පරිමාණයේ ජල පිරිපහදු යන්ත්‍ර මගින් විශාල ජනතාවකට පිරිසිදු ජලය ලබා දිය හැකි අතර තම නිවහනේ සාමාජිකයන්ට පමණක්‌ ප්‍රමාණවත් ලෙස ජලය ලබා දිය හැකි කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර ද මේ වන විට ලොව පුරා භාවිත වේ.

ප්‍රති ආස්‍රැතියෙන් නිපදවෙන ජලයෙහි සියලු ම ක්‍ෂුද්‍ර ජීවීන් ද, සියලු ම අවලම්බිත අංශුන් ද, විශේෂයෙන් ම ආසනික්‌ කැඩ්මියම් වැනි බැර ලෝහ ද එමෙන් ම බොහොමයක්‌ ඛනිජ ලවණ ද ඉවත් කෙරේ. එනිසා ම ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ ද අහිමි වන අතර ප්‍රති ආස්‍රැති පිරිපහදුවෙන් නිපදවෙන ජලය පානය කිරීම සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතු විය හැකි බව විද්‍යාඥයෝ සැක පළ කරති. එවැනි සිදුවීම් ද මේ වන විට සෞඛ්‍යය ක්‍ෂෙත්‍රයේ වාර්තා වී ඇත.

ජලයේ දිය වී ඇති ලවණ ප්‍රමාණය මනිනු ලබන්නේ ජලයේ දිය වී ඇති ඝන ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණ ද ලෙසිනි. එය "සර්ව ද්‍රdව්‍ය ඝන (TDS) ලෙස හැඳින්විය හැකි අතර එම අගය අඩු නම් ජලයේ දිය වූ ලවණ ප්‍රමාණය අඩු ය. ප්‍රති ආස්‍රැත පිරිපහදු යන්ත්‍රයෙන් නිපදවෙන ජලයේ සර් ද්‍රdව්‍ය ඝන ප්‍රමාණය අඩු අගයක්‌ ගනියි.

ප්‍රති ආස්‍රැති පිරිපහදුවේ අහිතකර පැත්ත

බොහොමයක්‌ ඛනිජ ලවණ ප්‍රති ආස්‍රැතියෙන් ඉවත් වීම (low TDS water) හේතුවෙන් ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ ද අහිමි වීම මෙහි ඇති ප්‍රධාන ම දුර්වලතාවයි. සාමාන්‍යයෙන් පානය කරන ජලය මගින් දිනෙක අවශ්‍යතාවෙන් 6% සිට 30% පමණ දක්‌වා වූ ප්‍රමාණයක්‌ ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ ලබාගැනේ. එනිසා අත්‍යවශ්‍ය ඛනිජ ලවණ අහිමි වීම දිගුකාලීනව ශරීරයට සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි නිසා දිගුකාලීන භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

සමහර පර්යේෂණ වාර්තා පවසන පරිදි ප්‍රධාන කොට ම මේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ නො ලැබීම නිසා ඇති විය හැකි සංකූලතා මොනවා ද යන්න අප විමසා බලමු. සාමාන්‍ය තත්ත්වයේ ජලයේ තිබිය යුතු, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන කැල්සියම් සහ මැග්නීසියම් මට්‌ටම වන්නේ ලීටරයට මිලිග්රෑම් 20 සහ 10කි. මෙනිසා ප්‍රති ආස්‍රැති පිරිපහදු ජලයේ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ හිඟ වීම ශරීරයේ මාංශ පේශි ක්‍රියාකාරීත්වයට Rජු ව ම බලපාන අතර හෘද රෝග සදහා ද බලපෑ හැකි බව පෙන්වා දෙයි. එමෙන් ම පර්යේෂණවලින් ලද තොරතුරු අනුව පැහැදිලි වන්නේ මහන්සිය සහ මාංශ පේශිවල කෙණ්‌ඩා පෙරළීම වැනි තත්ත්ව ඉතා කෙටිකාලීන භාවිතයෙන් පවා ඇති විය හැකි බවයි.

ප්‍රති ආස්‍රැති පිරිපහදු ජලය භාවිතය පිළිබඳ වූ තවත් මතයක්‌ වන්නේ මේ අඩු සාන්ද්‍ර ජලය පානය කිරීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඛනිජ ලවණ මේ ජලයට ඇද ගැනීමට ඉඩ ඇති බවයි. එම නිසා ශරීරයේ ලවණ මේ ජලය පානයෙන් මුත්‍රා පද්ධතිය ඔස්‌සේ ඉවත් වීමෙන් ශරීරගත ලවණ සාන්ද්‍රණය අඩු වීමක්‌ විය හැකි බවයි. එය ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ප්‍රබලව බලපෑ හැකි බව ද ශරීරයේ සුවිශේෂී ඉන්ද්‍රියවලට හානි ගෙන දිය හැකි බවද බටහිර වෛද්‍යවරු පෙන්වා දෙති.

එමෙන් ම ප්‍රති ආස්‍රැති පිරිපහදු ජලය භාවිත කර ඉවුම් පිහුම් කටයුතුවල යෙදීම, විශේෂයෙන් ම එළවළු සහ පලතුරුවලින් ඛනිජ ලවණ ඉවත් වීමට හේතු වන බව කියවේ. එය ද වක්‍ර ව ශරීරයට අවශ්‍ය වන ඛනිජ ලවණ නො ලැබී යැමට හේතු වේ.

අනෙක්‌ දුර්වලතාව වන්නේ මේ ජලය නළ හරහා බෙදා හැරීමේ අපහසුතාවයි. එයට හේතුව ද වන්නේ අඩු ලවණ සාන්ද්‍රණය හේතුවෙන් නාළවලට හානි පැමිණීමයි.

අප ගේ සැලකිල්ලට ගත යුතු තවත් කරුණක්‌ වන්නේ ඉහත සඳහන් මතයට විරුද්ධ මතවාද දැනට ලෝකයේ පළ වී තිබීමයි.

කෙසේ නමුත් ප්‍රති ආස්‍රැති පිරිපහදු ජලය දිගුකාලීන භාවිතය කොහෙත් ම අනුමත කළ නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග ඒ සදහා භාවිත කළ හැකි කෙටිකාලීන හොඳ ම විකල්පය වන්නේ ප්‍රති ආස්‍රැති පිරිපහදු ජලය වේ.

ප්‍රති ඛනිජකරණය

මේ තත්ත්වය සමනය කර ප්‍රති ආස්‍රැති පිරිපහදු ජලයේ ඛනිජ ලවණ සාන්ද්‍රණය වැඩි කිරීමට පිටතින් ඛනිජ ලවණ එකතු කිරීම බොහොමයක්‌ පර්යේෂකයන් යෝජනා කරන අතර ප්‍රති ආස්‍රැති පිරිපහදුවට පිටතින් අත්‍යවශ්‍ය ම ඛනිජ ලබා දෙන ස්‌වාභාවික ඛනිජ අඩංගු උපාංගයක්‌ මේ සදහා සවි කරනු ලැබේ. කෙසේ වෙතත් ප්‍රායෝගිකව මෙය තරමක්‌ අසීරු කාර්යයක්‌ වන්නේ නිරන්තර සොයා බැලීම අවශ්‍ය නිසා ය. එනිසා ඉතා පහසුවෙන් විශාල යන්ත්‍රවල දී මේ ජලයේ ගුණාත්මක බව පරීක්‌ෂා කළ හැකි වුවත් නිවහනේ භාවිත වන යන්ත්‍ර සදහා නිසි යාන්ත්‍රයක්‌ සකස්‌ වී නොමැත.

වර්තමානයේ අප හමුවේ ඇති අභියෝග

කෙටිකාලීනව ප්‍රති ආස්‍රැති පිරිපහදු ජලය භාවිත කරන අතර දිගුකාලීනව භාවිත කළ හැකි ජල පිරිපහදු ක්‍රමවේදයක්‌ සොයාගැනීම ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සතු වර්තමාන අභියෝගයයි. කෙටිකාලීන භාවිතයෙන් හෝ කිසියම් සෞඛ්‍ය ගැටලුවක්‌ ඇති වේ සැයි බැලීම සඳහා ශ්‍රී ලාංකික වෛද්‍ය පර්යේෂකයන් තම පර්යේෂණ දියත් කිරීම වහා සිදු කළ යුතු ය. එයට අමතරව ක්‍රමවත් ජල කළමනාකරණ ක්‍රියාදාමයක්‌ දියත් කිරීම ද, රටෙහි ජල මූලාශ්‍ර සංරක්‌ෂණය කිරීමේ ව්‍යාපෘතියක්‌ දියත් කිරීම ද කළ යුතු වුවත් එය ද එක්‌තරා ආකාරයකට රට හමුවේ ඇති අභියෝගයකි. විශේෂයන් ම අප භාවිත කරන කෘෂි රසායන ඇතුළු කෘත්‍රිම රසායනයන් ගේ ප්‍රමිතිය ද භාවිතයෙන් පසුව ඇති වන ප්‍රතිවිපාක පිළිබඳව ද අධ්‍යයනය කරමින් ජල මූලාශ්‍රවල ගුණාත්මක බව ආරක්‌ෂා කළ යුතු වේ.

විද්‍යා තාක්‌ෂණ සහ නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයයේ ව්‍යාපෘති අධ්‍යක්‌ෂ මහාචාර්ය අජිත් ද අල්විස්‌ මහතාට, එහි නියෝජ්‍ය කළමනාකාර භාග්‍ය හේරත් මහත්මියට සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතාට ලිපිය සකස්‌ කිරීමේ දී ලබා දුන් සහයෝගයට විශේෂ ස්‌තුතිය පිරිනැමෙයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

සියැටෙල් ගෙන් ඇමෙරිකානු ජනපතිට ලිපියක් - Seattle (1854)

පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත අත්දැකීමක්!